Aruni Kalupahana's Blog, page 5
January 3, 2017
හීන ඇහිදින හුළග
මාධ්‍යවේදී ජිවිතයට අව්ව, වැස්ස, රජයේ නිවාඩු, නත්තල්, අවුරුදු කියලා වෙනසක් නැහැ, කොහේ හිටියත් හැමදාම ඊලග දවසේ පත්තරේ කරන්න අපි කන්තෝරුවට එනවා.
ජනවාරි මාසේ පළමුවෙනිදා කියන්නේ ඉරිදා දවසක් වුණත් පුරුදු විදියට " මව්බිම " ට එද්දී බස් එක දෙමටගොඩ බෝ ගහ ගාව නැවතුනේ කලර් ලයිට් එක තව තත්පර 54ක් නැවතිලා ඉන්න කියලා සංඥා කරපු හින්දා. තත්පර 54ක් උනත් කාලය නාස්ති වෙනවනේ හැගීමෙන් මම ජනේලයෙන් එළිය බැලුවා.
ජනවාරි පළවෙනිදා නිසාද මන්දා පාරේ යාචකයන් දැක්කේ හරිම අඩුවෙන්. බෝ ගහ ගාව පාරේ අනිත් පැත්තේ සිගමන් යදින පුද්ගලයෙක් උන්නා. බොහොම වයසක තත්තා කෙනෙක්.
ඉරි ගිය සරමට, ප්‍රමාණයටත් වැඩි ලොකු කමිසය ඒ වයසක පුද්ගලයාට ගෙනාවේ තවත් අසරණ පෙනුමක්. පාරේ යන එන අයගෙන් අත පාලා කිය කිය හරි ඉල්ලපු ඔහු කළු ඉටි බෑග් එක දරා ගත්තු අනිත් අතින් දෑසෙන් කඩා හැලුණු කඳුළු පිස දැම්මේ ලෝකෙටම රහසින්. ඔහු රහසේ පිස දැම්ම කඳුළු විතරක් නෙවෙයි, වෙවුලන දෑතින් ඔහු සිගමන් ඉල්ලු වගවත් සමහරුන්ගේ ඇහැ ගැටුනේ නැහැ.
තමන්ගේ එදිනෙදා රාජකාරි අතරේ කාර්යබහුල මිනිසුන්ට ඔහුව නොපෙනීමේ ඒ හැටි පුදුමයකුත් නැහැ. නමුත් සමහර ඇස් ඔහුව මග හැරියේ වුවමනාවෙන් මයි. පාරේ සිටින සිගමන බිස්නස් එකක් කරගත්තු ව්‍යාජ යාචකයන් නිසාවෙන්. දැන් කාලේ කවුරුවත් විශ්වාස කරන්න බැරි බව ඇත්ත. නමුත් එවන් ජිවිත අතරේ කරකියා ගන්න දෙයක් නැතිකමට, දෑතේ වැඩක්වත් වෙහෙසී කරන්නට වාරුවක් නැතිකමට, එහෙමත් නැති නම් තමන් ආදරෙන් උස්මහත් කරපු දරුවන් පාරට ඇදලා දැම්මා නිසාවට කුස පුරවා ගන්නා කියක් හරි ඉල්ලා ගන්න හිතාගෙන පාරට බහින ජිවිත අපි නොදැක්කාට මහා පාරේ ඉන්නවා.
රුපියල් විස්ස, තිහ දාලා දවස හරියන්න කියලා දෙවියන්ට පාගා දෙනවට වැඩියෙන් යාචකයෙක්ට ඒ කිය හරි දෙන්න පුළුවන් නම් ඒක පිනක්. දුන්නයින් එහාට කවදාවත් හිතන්න එපා. ඒ සල්ලිවලින් ඔවුන් මොනවා කෑවත් බිව්වත් ඒ ඔවුන්ගේ රුචිකත්වය. ඔවුන්ගේ ආසාව.
සමහර විටෙක ඔබ නොදැනුවත්ව ඔබ අසරණ පවුලක කුසගිනි නිවාවී. රෝගියෙක් සුවපත් කරාවි. එහෙමති නැතිනම් නොදන්නා පුංචි දරුවෙකුට පාට පැන්සල් පෙට්ටියක් ගැනීමේ හීනේ සැබෑ කරාවි.
කවුරුත් තියෙන නිසාවෙන් සිගමන් යදින්න එන්නේ නැහැ. තමන්ගේ තියෙන දුප්පත්කමට පාරට බහිනවා මිසක්. ඔබට පුළුවන් නම් හැමදාම නෙවෙයි. ඒත් පුළුවන් විදියට ඒ ජිවිත ගැනත් හිතන්න.
ඒ වගේම දුන්නු දේ ට ඒ අය මොනවා කරාවි ද කියලා මහා හුගක් හිතන්න එපා. දුන් දේ සුවදයි කියනවනේ. පුළුවන් හැටියට තවත් කෙනෙක්ට උදව් කරලා අසරණ ජිවිත ආලෝකවත් කරන්න හයියක් වෙන්න. ආත්ම තෘප්තිය විතරක් තියාගෙන ජීවිතය ඉස්සරහට අරන් යමු.
හිතේ සතුට මුතු මැණික් රත්රන් වලට වඩා බොහොම වටිනවා.
සුබ නව වසරක් වේවා.

Published on January 03, 2017 08:37
December 23, 2016
රධ්‍යා
ඔහු ගැන කොතරම් දේවල් ලිවුව ද කිසි දිනක ඔහු වෙනුවෙන් හඩන්නේ නැතැයි මා දැඩි තීරණයක උන්නෙමි.
නොසිතු වෙලාවක ඔහුගෙන් ලැබෙන පනිවිඩ හමුවේ හදවත මහා දැවිල්ලකින් ඇවිලී ගිය ද ඒ වේදනාව තත්පරයක් පාසා මා වේදනාවෙන් මුසපත් කල ද කිසි දිනක නොහඩමි යැයි මා සිත දැඩි කරගත්තේ දෑසෙන් උතුරන්න ලං වුනු කඳුළු දෑස් අස්සෙම අමාරුවෙන් රදවා ගනිමින්..
ඒත් ඒ කඳුළු තවත් මට හිමි නැතයි මට දැනෙන්නේ දෑස් මහා වේදනාවෙන් කකියද්දි.. හිත අස්සේ ඉකි ගසනා හැගීම්, කඳුළු එලියට විසි කර දමන්න යැයි අරගල කරද්දී..
ආදරේ නොහදුනන මිනිසෙකුට ආදරේ කිරීම ම තරම් ලොවේ කිසිවක් වේදනා දෙන්නේ නැතිව ඇති. සමහර වෙලාවට මට එහෙම හිතුනේ ඔහු ගැන ඇති වෙන දැඩි කෝපයත් සමගින්.. නමුත් ඔහුට මා වෛර කරන්නේ කොහොමද ? හිත පුරා උතුරපු ආදරේ ඔහුගේ නමට ම ලියවීලා තියෙද්දී.
සමහර දවස් වල ඔහුගේ හැසිරීම් එක්ක මා ඔහුට කෙතරම් ආදරේ කරන්න ඇති දැයි ඔහු දැන ඉන්න ඇතැයි මට සිතුනා. සමහර විට ඔහු නොදැන ඉන්නත් ඇති. එහෙමත් නැති නම් මා ඔහු ට පයට පෑගෙන දුහුවිල්ලකටවත් නොවටින්න ටත් ඇති.
නමුත් ආදරේ කරන්න අත්තිවාරම් දැම්මේ මම නෙවෙයි ඔහු. මම එහෙම කියද්දී ඔහු දවසක මෙය කියෙව්වොත් කියාවි තනි අතකින් මට අත්පුඩි ගහන්න බැහැ කියලා ඔයා හොදටම දන්නවා නංගි කියලා..
ඔහු කොහොම කිව්වත් අයිති නැති ආදරයක් ගැන අරගල කරන්න ගිය ඔහුත් හොදටෝම වැරදි. ඔහු යි හැමදෙයක් ම අවුල් කරලා දැම්මේ.. මං නෙවෙයි. මන් එහෙම කියලා හිත හදා ගන්න වාර අනන්තයි.
" නොඑනා මිනිහෙක් වෙනුවෙන් අඩන්න එපා දෝණි.. "" ගෑනු අඩන්නේ නැහැ සුදු නෝනා.. ගෑනු හරිම ශක්තිමත්.. "
" එයා ඔයාට අයිති කෙනෙක් නෙවෙයි නංගි.. " " අයිති නැති මිනිහෙක්ට ආදරේ කරන්න ගිය උබයි හොදටෝම වැරදි රධ්‍යා. මේ අහප්ම් මචන් ඒ මනුස්සයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ සිද්ධි දැන ගත්තු දවසක උබට කොච්චර සාප කරාවි ද ? " " අයියාගේ හැටි දැන දැනමයි ඔයා එයාට ආදරේ කරේ අක්කේ.. ඒ මිනිහා අච්චර සල්ලාලයෙක් බේබද්දෙක් කියලා දැන දැනත් ආදරේ කරා නම් ඔයා ඔය වැටි වැටි අඩන එකේ තේරුම මොකක් ද අක්කේ.. "
" පුංචි කාලේ ඔයා බෝනික්කෝ ඉල්ලලා අඩද්දී අපි ඔයාට ඒවා ගෙනවිත් දුන්නට ඔයා දැන් ඔය ඉල්ලලා අඩන බෝනික්කා ඔයාට කවදාවත් අයිති නැති කෙනෙක් චුටි නංගි.. "
මගේ වටේ ඉන්න අය ඔය වගේ ගොඩාක් දේවල් කියලා හිත හදපු වාර අනන්තයි. ඒත් මගේ හිත ආයේ හැරෙන්න බැරි තරම් දුරක නතර වෙලා එයාලට මන් කොහොම කියන්න ද?
නෙළුම් පොකුණ අයිනෙන් ඇවිදින් විහාර මහා දේවි එක අයිනේ පාරේ පුස්තකාලේට යන පාරක් පාසා මට මතක් උනේ ඔහුව. පාර දිගට විකුණන්න තියලා චිත්‍ර අස්සෙනුත් මම හෙව්වේ ඔහුගේ රුව. පුස්තකාලේ පොත් රාක්ක අස්සේ ඉදන් සරච්චන්ද්‍රගේ නාට්‍ය ශාස්ත්‍රය පොත් පෙරලද්දී උනත් පොත අස්සේ එලියට ආවේ ඔහු මිසක් වෙන කවුරුත් නෙවෙයි. කොටින් ම කිව්වොත් මගේ සිතුවිලි හැම එකක්ම අස්සේ රිංගගෙන උන්නේ ඔහු. ඒක මගේ වැරැදක් ද?
මුළු විහාර මහා දෙවි එකම මිනිස් පුළුටක් නැති වෙන තරම් පාලු වෙලා ගියෝතින්.. හැම තැනකම බිම වැටිලා තියෙන ගස් වලින් වැටුණු කොළ මහා හුලගක් ඇවිදින් අවකාශයේ වේගයෙන් පාවෙන්න ගත්තොතින් මටත් පුළුවන් ඇති තරම් කෑ ගහලා අඩන්න.. ලතා මණ්ඩපය ගාව බිම වැටිලා ඉකි ගගහා අඩන්න..
ඇයි මගේ හිතට අයිති නැති සිතුවිල්ලක් වෙලා ඇවිල්ලා මාව මෙච්චර අසරණ කලේ ඇයි කියලා මුළු ලෝකෙටම ඇහෙන්න ඔහුගෙන් අහන්න.. මගේ කඳුළු සමහර වෙලාවට ඒ තද හුළගේ ගිහින් ඔහුගේ ෂර්ට් කොලර් වලින් අදිවී. ඇයි ඔයා රධ්යාට එහෙම කරන්නේ කියලා මන් වෙනුවෙන් සුළග ඔහු එක්ක ගැටෙවී..
සමහර වෙලාවට මහා වැස්සකුත් කළු වලාකුළු එක්ක ඇවිදින් අඩන්න එපා රධ්‍යා කියලා මාව තුරුලට ගනීවි. මන් එක්කම ඉකි ගගහා අඩාවී. ඒත් වැහි වතුර දුවගෙන ආවත් කවදාවත් එහෙම කියන්නවත් ඔහු එවි ද ??
අඩන්න එපා රධ්‍යා කියන්න විතරක් නෙවෙයි මට සමාවෙන්න නංගි කියන්නවත් ඔහුට පුළුවන් වෙන එකක් නැහැ කවදාවත් ම.. ඉතින් ඔහු එන එකකුත් නැහැ.
ඉතින් ඇයි මේ තරම් එයා මේ තරම් වේදනා විදින්නේ... කවදාහරි රධ්‍යා ඇත්ත තේරුම් ගනීවි ලතා මඩුලු හෙමිහිට තමන් අතර රහස් කියාගනිවී.. තමන්ගේ දෙපා මුල වැටි අඩන රධ්‍යා දිහාවේ අනුකම්පාවෙන් බලාවි.
මගේ හීන ලෝක අස්සේ ඔය වගේ දේවල් ඕනා තරම් සැරිසැරුවා. මම දන්නවා.. සමහරු කියනවා වගේ මගේ හැම සිතුවිල්ලකින් ම හැම අකුරකින්ම විතරක් නෙවෙයි හැම වචනෙකින්ම එලියට ආවේ මගේ ජීවිතය. ඒක ඔහුට තේරුම් ගන්න බැරි උනත් ලෝකෙම තේරුම් ගත්තු දෙයක්. මගේ අකුරු අස්සේන් මන් ලියන දේවල් අස්සේන් තමන් ව හොයපු මිනිස්සු ඕනේ තරම් උන්නා. හැබැයි ඒ කවුරුත් මට දුවිල්ල්ලකට වටින්නේ නැති උනත් සමහර වෙලාවට ඔහුට මගේ අකුරු අස්සෙන් මේ ඉන්නේ තමන් මයි නේද කියලවත් හොයා ගන්නවත් බැරි උනා.
ඒක මගේ වැරද්දක් ද ?
කෙලින් කියා ගන්න බැරි දේවල් සමහර ලස්සන වචන වලින් ඇස් වලට පෙන්න ලියලා තියෙන්න මන් ආසයි. නමුත් මම එහෙම ලියන දේවල් කියවන්න තියා තේරුම් ගන්නවත් ඔහු ආසයි ද මන් දන්නේ නැහැ..
මන් හැම දෙයක් ම මම දන්නේ නැහැ කියන්න, කියන්න කවුරු හරි මගෙන් අහන්නත් ඉඩ තියෙනවා ඔයා මොනවද දන්නේ රධ්‍යා කියලා.
එතකොට දවසක මම මෙහෙම කියාවි.
“ එයා මට ආදරේ කරා කියලා මම දන්නවා.. ඒ ආදරේ එයාට විහිළුවක් උනත් ඒ විහිළුව ඇතුලේ එයා ගොඩක් ආදරණිය කෙනෙක් උනා කියලා මම දන්නවා. සමහර තැන් වලදී එයා මට ආපහු හැරෙන්න බැරි වෙන්න අතින් ඇදලා ඒ තැන් වල හිර කරා කියලා මම දන්නවා. ආදරේ කරමු කිව්වේ එයායි... හේතුවක් නොකියම හෙමි හෙමින් නොකියාම ගියෙත් එයායි. ඉතින් සරච්චන්ද්‍ර ලියපු විදියට මනමේ කුමාරි කවදාවත් චපල උනෙ නැහැ මන් දන්නවා. දෙවොන්දරා වගේ ගල් හිතකට වන්දනා මාන කරන්න තරම් නොරිකෝ ආදරෙන් උමතු උනෙත් ඇයි කියලා මම දන්නවා.. ඒ විතරක් නෙවෙයි සිංහයා කොයි තරම් නපුරු විශ්වාස කරන්න බැරි තරම් සතෙක් උනත් රජ සැපසම්පත් අත හැරලා සුප්පා දේවි සිංහයා එක්ක පැනලා ගියේ ඇයි කියලාත් මම දන්නවා.. ඒ මදි ද ? “
ඒත් මන් එහෙම කියද්දී මට තියෙන එකම බය ඔහු ඇවිත් මෙහෙම කියාවි කියලා.
“ මනමේ කුමාරයාට ආදරේ හින්දා මැරෙන්න උනා නංගි.. මනමේ කුමාරයා මැරුවා කියලා වැදී රජාට මොනවා ද ලැබුනේ.. දෙවොන්දරාට නොරිකෝ හම්බුනා කියලා බැදීම් ගැන තව තවත් කලකිරුණා මිසක් දෙවොන්දරා කියන්නේ සතුටින් උන්නු මිනිහෙක් නෙවෙයි නංගි. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඔය කියන සිංහයාව මැරුවෙත් ඔය කියන සුප්පා දේවි එක්ක සිංහයා හදපු පුතා ම නේද නංගි.. එතකොට සුප්පා දේවි කොහෙද උන්නේ ? ඇත්ත කතාව ආදරේ කියන්නේ බොරුවක්.. ආදරේ කියන්නේ ලයිෆ් එක සක්සස් කරගන්න කරන බිස්නස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි නංගි.. ඔයා අන්ධ වෙලා.. “
ඔහු එහෙම කිව්වොත් මම මෙහෙම කියනවා අන්තිම පාරට.. සිය පාරක් හරි අන්තිම පාර කියලා මම මෙහෙම කියනවා.
“ ඔව් මම අන්ධ වෙලා , ඒ ඔයාගේ ආදරෙන්.. ඉතින් මන් අන්ධ උන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඒ ගැන ප්‍රශ්නයක් කර ගන්නත් එපා ඉතින්.. “
- AK -

Published on December 23, 2016 08:56
November 28, 2016
....
කවි සිතුවිලි තියෙනවා
මහා හුගක් හිත යට
ඒත් ඇයි ලියන්නේ මම
ඔබ ගැන තව දිගට
ඔබ මහා වදයක් හිතට
කෙළවරක් නැති සිතුවිලි ලග
ඇයි ඔබ ඔහොම නැවතී
බලා හිදින්නේ තවම
ඔබ යා යුතු හිතක් මිස
නැවතිය යුතු හිතක් නොව
එක මොහොතකට වුව
අන්සතු මල් ලග
නැවතිය යුතු නොවන බව
අන්සතු මලකට
පෙම් නොකළ යුතු වග
කවුරුත් කියා දුන්නේ නැද්ද
තවම ඔබට
#AK
මහා හුගක් හිත යට
ඒත් ඇයි ලියන්නේ මම
ඔබ ගැන තව දිගට
ඔබ මහා වදයක් හිතට
කෙළවරක් නැති සිතුවිලි ලග
ඇයි ඔබ ඔහොම නැවතී
බලා හිදින්නේ තවම
ඔබ යා යුතු හිතක් මිස
නැවතිය යුතු හිතක් නොව
එක මොහොතකට වුව
අන්සතු මල් ලග
නැවතිය යුතු නොවන බව
අන්සතු මලකට
පෙම් නොකළ යුතු වග
කවුරුත් කියා දුන්නේ නැද්ද
තවම ඔබට
#AK
Published on November 28, 2016 10:51
...
මම අහන ප්‍රශ්න වලට ඔබ උත්තර දෙන්නේ කොහොමද මටවත් උත්තර නැති කොට
ජිවිතයත් ඒ වගෙයි අපි එකතු උනොත් දවසක
ප්‍රශ්න වලින් පිරි ගිය උත්තර නැති වුන යුධ බිමක් වේවි අද වාගේම
ඔබ කැමති ද එය ට ?
ජිවිතයත් ඒ වගෙයි අපි එකතු උනොත් දවසක
ප්‍රශ්න වලින් පිරි ගිය උත්තර නැති වුන යුධ බිමක් වේවි අද වාගේම
ඔබ කැමති ද එය ට ?
Published on November 28, 2016 03:58
November 27, 2016
....
මිනිසුන්ගේ කතන්දර ගැන
ඔබ හිතනවා ද මා තරම් ම
ඔබට වුව අදුරු අතීතයක්
ඇති වග ඔවුන් ලියා ඇත
පැරණි කැටපත් පවුරු මත
අතීතයෙන් ජීවිතය ඉගෙන
හෙටක් ඇරඹිය යුතු මුත්
ප්‍රේමය සරදමක් නොවෙයි
අනංගයෙකුගේ පියාපත් මතින්
තබා නිදහස් කල යුතු වන
කවියකට අකුරු ගලපා
තාලයක රග මුහු කරවා
ලියන්න ලේසියි ප්‍රේමය ගැන
හිත රැදුන තැන නතර කරවා
නමුත් ජීවිතය නෙවෙයි එහෙම
සීරුවට ගොඩ නැගිය යුතුමයි
හෙමිහිට පෙති දිග හැර
ලොව දකින සියපතක් වාගේම
නොගැලපීම් ඇති තැනක
ගැලපීමක් සොයා කුමට ද
තරු පිරුණු රෑ අහසින්
ඉරබටු තරුවක පහස විතරක් ගෙන
අනග සිතක් පිරි යාවි ද
#AK
Published on November 27, 2016 23:22
වංචාකාරී
විටින් විට අප'තර
යුද්ධ කල වචන මැද
හෙමිහිට ඔබ මට කියූ
ඒ ආදරණිය කතන්දර
හොරැහින් ගෙන මම
ගුලි කෙරුවට කඩදහි අස්සට
කෙදිනක හෝ ඔය හිත
අමනාප වේවිද
මාත් එක්ක..
" හිත අස්සේ තියා ගෙන ඔබ
ඇයි කිව්වේ නැත්තේ මට
ඔබ මට ආදරේ කල වග
ඔබ මහා වංචාකාරියක් මට "
යැයි මුමුනාවී ද ඔබ
දවසක මට
" ආදරේ ගැන ඔබත් දැන උන්නා
යුද්ධ කල වචන අස්සේ
මහා හුගක් ආදරේ තිබුනා
නොදන්නවා වගේ ඈතින් හිද
හිත රවට්ට ගත්ත වංචාකාරයා
මම නෙවෙයි ඒ ඔබ "
යැයි කියන්නට
මට පුළුවන් වේවි ද එදා ට
#AK
යුද්ධ කල වචන මැද
හෙමිහිට ඔබ මට කියූ
ඒ ආදරණිය කතන්දර
හොරැහින් ගෙන මම
ගුලි කෙරුවට කඩදහි අස්සට
කෙදිනක හෝ ඔය හිත
අමනාප වේවිද
මාත් එක්ක..
" හිත අස්සේ තියා ගෙන ඔබ
ඇයි කිව්වේ නැත්තේ මට
ඔබ මට ආදරේ කල වග
ඔබ මහා වංචාකාරියක් මට "
යැයි මුමුනාවී ද ඔබ
දවසක මට
" ආදරේ ගැන ඔබත් දැන උන්නා
යුද්ධ කල වචන අස්සේ
මහා හුගක් ආදරේ තිබුනා
නොදන්නවා වගේ ඈතින් හිද
හිත රවට්ට ගත්ත වංචාකාරයා
මම නෙවෙයි ඒ ඔබ "
යැයි කියන්නට
මට පුළුවන් වේවි ද එදා ට
#AK
Published on November 27, 2016 09:49
October 21, 2016
...................
නුඹ පුර හඳක් වුන හින්දා
තරු කැටයක් ලග
මම කවි පදයක් ලිව්වා
ඒ කව නුඹටයි නුඹ දැන ගත් දා
තරු කැටයත් පිනි බිඳුවක් කර
මහා පොලවට විසි කරදා
නුඹ අභිනික්මන් කෙරුවා

Published on October 21, 2016 23:35
September 15, 2016
ප්‍රේමය ඔබ මහා විකාරයක්
රිදුම් දෙන සිතුවිල්ලක් ලග
හිත තවමත් අසරණව හිදියි
අකාලයේ උපන් හැගුමක්
වරින් වර විත් සිත රිදවා යයි
ප්‍රේමය නුඹ මහා කටු ඔටුන්නක්
එය දෝතින් ගෙන ආ
ඔහුත් දැන් හිතට හරි වදයක්
ප්‍රේමය නුඹ හැමදාම ඔහොමයි
හිතුවක්කාර හිත
නොසිතිය යුතු තැන් වලම
නවත්තයි
සැරින් සැරේ හිත මත්තට
ඇවිදින් දැන් ඔහු
ප්‍රේමය නුඹ වෙනුවෙන්
මගේ දවසම ඉල්ලයි
ප්‍රේමය,
නුඹ හැමදාමත් ඔහොමයි
නුඹේ හිතුවක්කාරකම් හින්දා
මං ආයෙත් විදවයි
ප්‍රේමය,
ඔබ නම් මහා විකාරයක්
දන්නවද නුඹ මට හැමදාමත්
ගෙනෙන්නෙම දුක් කරදර ගොන්නක්..
- අරුණි කළුපහන
හිත තවමත් අසරණව හිදියි
අකාලයේ උපන් හැගුමක්
වරින් වර විත් සිත රිදවා යයි
ප්‍රේමය නුඹ මහා කටු ඔටුන්නක්
එය දෝතින් ගෙන ආ
ඔහුත් දැන් හිතට හරි වදයක්
ප්‍රේමය නුඹ හැමදාම ඔහොමයි
හිතුවක්කාර හිත
නොසිතිය යුතු තැන් වලම
නවත්තයි
සැරින් සැරේ හිත මත්තට
ඇවිදින් දැන් ඔහු
ප්‍රේමය නුඹ වෙනුවෙන්
මගේ දවසම ඉල්ලයි
ප්‍රේමය,
නුඹ හැමදාමත් ඔහොමයි
නුඹේ හිතුවක්කාරකම් හින්දා
මං ආයෙත් විදවයි
ප්‍රේමය,
ඔබ නම් මහා විකාරයක්
දන්නවද නුඹ මට හැමදාමත්
ගෙනෙන්නෙම දුක් කරදර ගොන්නක්..

- අරුණි කළුපහන
Published on September 15, 2016 01:57
September 13, 2016
නමක් නොතැබූ කවියක්
හිත රිදෙව්ව වදන් අස්සෙන්
ඔබ තවමත් මදහස නගන්නේ ඇයි කිම
තැලෙන යකඩෙට වුව
සිමා මායිමක් ඇති වග
නොදන්නවාද නුබ
ප්‍රේමයත් මහා දුකක්
මතකද ඔබ කිව්වා කලෙක
මේ සා විසල් ප්‍රේමයක්
මට හරි බරක්
අද මන් කියන්නම් නුඹට
පැරණි කතන්දර කුමට ද ආයේම
හැකි තුටින් ඉන්න
ඔය රළු වදන් නොමැති තැන මට
ඔය මුවින් ගිලිහෙන වදනක් පාසා
ඇල්පෙනිති තුඩක් නම්
අනේ නුඹ මුනිවතම රකින්න..
#AK
ඔබ තවමත් මදහස නගන්නේ ඇයි කිම
තැලෙන යකඩෙට වුව
සිමා මායිමක් ඇති වග
නොදන්නවාද නුබ
ප්‍රේමයත් මහා දුකක්
මතකද ඔබ කිව්වා කලෙක
මේ සා විසල් ප්‍රේමයක්
මට හරි බරක්
අද මන් කියන්නම් නුඹට
පැරණි කතන්දර කුමට ද ආයේම
හැකි තුටින් ඉන්න
ඔය රළු වදන් නොමැති තැන මට
ඔය මුවින් ගිලිහෙන වදනක් පාසා
ඇල්පෙනිති තුඩක් නම්
අනේ නුඹ මුනිවතම රකින්න..
#AK
Published on September 13, 2016 11:51
September 12, 2016
ඔබ
රළ නගන සයුර වගෙයි ඔබ
සංයමක් ඇතිවාම නෙවෙයි
ඉලන්දාරි ඇස් දෙක අස්සේ
හංගපු දගකාරකම් හරි රළුයි
වචන අස්සේ ආදරේ තවරපු
මනමාල හිතක් ද ඔය
සියපතින් සියපතට දිවයන
තවත් එක බඹරෙක් ද ඔබ
කාලයක් අරන් හෙමිහිට
ඇවිත් ළං උනාට
සංසාර පුරුද්දක් කියා
කියන්නද යන්නේ ඔය
නුඹත් බොරුවට
හිත කැළඹීන් සැරින් සැරේ
හැගුමන් ලග දඟකාර රටා පෑවට
රළ නගන සයුර වගේමයි ඔබ
අහංකාරකමත් හරි උසයි
සංයමක් ඇතිවාම නෙවෙයි
ඉලන්දාරි ඇස් දෙක අස්සේ
හංගපු දගකාරකම් හරි රළුයි
වචන අස්සේ ආදරේ තවරපු
මනමාල හිතක් ද ඔය
සියපතින් සියපතට දිවයන
තවත් එක බඹරෙක් ද ඔබ
කාලයක් අරන් හෙමිහිට
ඇවිත් ළං උනාට
සංසාර පුරුද්දක් කියා
කියන්නද යන්නේ ඔය
නුඹත් බොරුවට
හිත කැළඹීන් සැරින් සැරේ
හැගුමන් ලග දඟකාර රටා පෑවට
රළ නගන සයුර වගේමයි ඔබ
අහංකාරකමත් හරි උසයි

Published on September 12, 2016 13:34