විටින් විට අප'තර
යුද්ධ කල වචන මැද
හෙමිහිට ඔබ මට කියූ
ඒ ආදරණිය කතන්දර
හොරැහින් ගෙන මම
ගුලි කෙරුවට කඩදහි අස්සට
කෙදිනක හෝ ඔය හිත
අමනාප වේවිද
මාත් එක්ක..
" හිත අස්සේ තියා ගෙන ඔබ
ඇයි කිව්වේ නැත්තේ මට
ඔබ මට ආදරේ කල වග
ඔබ මහා වංචාකාරියක් මට "
යැයි මුමුනාවී ද ඔබ
දවසක මට
" ආදරේ ගැන ඔබත් දැන උන්නා
යුද්ධ කල වචන අස්සේ
මහා හුගක් ආදරේ තිබුනා
නොදන්නවා වගේ ඈතින් හිද
හිත රවට්ට ගත්ත වංචාකාරයා
මම නෙවෙයි ඒ ඔබ "
යැයි කියන්නට
මට පුළුවන් වේවි ද එදා ට
#AK
Published on November 27, 2016 09:49