මිනිසුන්ගේ කතන්දර ගැන
ඔබ හිතනවා ද මා තරම් ම
ඔබට වුව අදුරු අතීතයක්
ඇති වග ඔවුන් ලියා ඇත
පැරණි කැටපත් පවුරු මත
අතීතයෙන් ජීවිතය ඉගෙන
හෙටක් ඇරඹිය යුතු මුත්
ප්‍රේමය සරදමක් නොවෙයි
අනංගයෙකුගේ පියාපත් මතින්
තබා නිදහස් කල යුතු වන
කවියකට අකුරු ගලපා
තාලයක රග මුහු කරවා
ලියන්න ලේසියි ප්‍රේමය ගැන
හිත රැදුන තැන නතර කරවා
නමුත් ජීවිතය නෙවෙයි එහෙම
සීරුවට ගොඩ නැගිය යුතුමයි
හෙමිහිට පෙති දිග හැර
ලොව දකින සියපතක් වාගේම
නොගැලපීම් ඇති තැනක
ගැලපීමක් සොයා කුමට ද
තරු පිරුණු රෑ අහසින්
ඉරබටු තරුවක පහස විතරක් ගෙන
අනග සිතක් පිරි යාවි ද
#AK
Published on November 27, 2016 23:22