Aruni Kalupahana's Blog, page 9
October 29, 2014
ඇත්ත !!!
ලියලා ඉවර වෙච්ච
ලියන
ලියන්න ඉන්න
හැම කතාවකම
කවියකම
හැම අකුරකම
හැංගිච්ච කතන්දරයක්
තියෙනවා..
කවුරුත් ම නොදන්න..
සමහර වෙලාවට
දෙතුන් දෙනෙක් විතරක්
දන්න..
Published on October 29, 2014 06:55
September 22, 2014
කියවලා ඉවර නම් අපිට දෙන්න..

මේ ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි.
මොහොතකට හෝ සිත මදක් හෝ නිවාගෙන සොදුරු ලෝකයක සරන්නට කව්රුන් ද අකමැති??
නමුත් පොතක් ඇසුරු කරන්නට තබා පොතක සුවද විදින්නටවත් හැකියාවක් නැති දරිද්‍රතාවයේ අදුරුම පතුලක එදා වේල වත් හරියකට නොලැබෙන අසරණ පුංචි ජිවිත රැසක් හුස්ම ගන්නා බැව් කිව යුතුය.. ඒ කොළඹින් බෝ දුර දුෂ්කර යැයි සම්මත ලෝකයක ය.
එවන් අසරණ දරුවන් හොයා ඔවුනට නිබදව සහය වන සමාජ සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික සංවිධානය ( IMCD ) දුෂ්කරතා සහිත දරුවන්ට අවශ්‍ය පුස්තකාල පොත් සේම අධ්‍යාපනික උපකරණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ද ලබා දෙමින් ඔවුන්ගේ ජිවිත වලට ආලෝකයක් ලබා දෙන්නට වෙහෙසෙන වැඩසටනකි.
Needy Readers ව්‍යාපෘතිය යනු දුෂ්කර පළාත් වල සිටින අඩු පහසුකම් සහිත දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනයටත් කියවීමට ඉතා ආසාවෙන් සිටින මුත් පොත් නැති දරුවන්ටත් සහය වන ඔවුන්ට අවැසි පොත් ලබා ව්‍යාපෘතියකි.
මේ වන විට ඔවුන් පොත් 34,100කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා තලය පුරාම විහිදුනු 69කට අධික ස්ථාන රැසක් කරා යොමු කර තිබීම විශේෂත්වයකි. ඒම ස්ථාන අතර පාසල් , ළමා නිවාස සේම හමුදා කදවුරු සිර කදවුරු තිබීම ද සදහන් කල යුත්තකි.
“ උනන්දුවත් හොද දක්ෂතවයකුත් තිබෙන දරුවකුගේ/ දැරියකුගේ අනාගතය තමන්ගේ පාසලේ හෝ තමාගේ නිවසේ තිබෙන පහසුකම් අඩු බව නිසා අකාලයේ මියැදෙනවා කියනනේ ඉතා විශාල පාඩුවක් හා දුකක්. එවන් දරුවන්ට ඔවුන්ගේ සිහින කරා ගමන් කරන්නට පුංචි හෝ උදවුවක් කරන්නම් පුළුවන් නම් එය ඉතා මහගු සත්කාරයක්. ඒ නිසාමයි අපි මේ විදියට IMCD සංවිධානය ආරම්භ කලේ.. එහි තවත් එක පියවරක් තමා Needy Readers ව්‍යාපෘතිය.
එසේම කියවීමට හුරු වීම තුලින් පුංචි දරුවන්ට විශාල මග පෙන්වීමක් ලැබෙනවා ඔවුන්ගේ අනාගත ජිවිතය සාර්ථකව හැඩ ගස්වා ගැනීම උදෙසා.. එත් බොහෝ වෙලාවට දුෂ්කර පලාතක දරුවෙක්ට කියවීමට පොතක් මිල දී ගන්නටවත් වත් කමක් නැහැ.. ඉතින් ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය පොත් පත් ලබා දී සහය විමයි අපේ අරමුණ..
ඔබ ගාව කියවලා අවසන් වුනු ඔබට අවශ්‍ය නැති පොත් , ඔබ ලග වැඩි පුර ඇති පොත් හෝ මේ දරුවන් වෙනුවෙන් සිහිවටන විදියට අලුත් පොත් කිහිපයක් හෝ ලබා දෙන්න පුළුවන් නම් එය ඔවුන්ට විශාල ශක්තියක්.. “ IMCD සංවිධානයේ සභාපති උපුල් සේනානායක ඒ විදියට කිවේ ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින්.
සැබෑවටම ඔවුන් කරනා ඒ කටයුත්ත අගේ කල යුතුයි.. ඉතින් එන්න අපිත් අපිට ඇති හැකි අයුරින් දසත විහිදී සිටින පුංචි දරුවන්ට අපේ අනාගත පරපුරට උදවු කරමු..
පොතක් දී ජිවිතයක් එළිය කරමු..
ඔවුනට ඔබත් උදව් කරන්නට තව දුරටත් විස්තර දැන ගන්න කැමති නම් 071 666 3282 – upul , 077 982 91 91 – Lahiru අමතන්න.. එහෙමත් නැතිනම් http://imcds.org/වෙබ් අඩවියට පිවිසෙන්න..
- අරුණි කළුපහන -
Published on September 22, 2014 04:42
September 5, 2014
_ ගිලිහුණ හීන මතින්_
හිතක් ලග නතර ව
කවක් ගෙතු හින්දා
දුකක් ඇත මුහු ව
අහිමි තාරුණය ගැනද මන්දා
රන් හුයෙන් දැහැගිලි බන්දා
පෝරු මස්තක මත නංවා
ජය මංගලම් කියූ හින්දා
නලවමින කවි ගී කියමින් බිලින්දා
බෝතලයත් තුරුළු කරන්
ගෙට ගොඩ වෙන නිරින්දා
වළං පිගන් අහසේ පා කරනා
මදි හරියට ඇයවත් තලු මරනා
හිතේ හැටියට ගොරවා ගොරවා
රැයක් හිමිහිට පහන් කරනා
කිරි සුදු කමිසෙට
ටයි පටියත් ගෙලලා
උදේම කලඑළි බසින්නා
නිවන් යන්නට පෙරුම් පුරන ලෙසා
ඔහුමය ඇය හිමි වුණු රජින්දා
රැයක් තිස්සේ දගලා ඔට්ටු වෙනා
මදි හරියට ගුටි බැටත් ලැබෙනා
ඉදහිට හඩන බිලිදුටත් තන පුඩු පොවනා
ආයෙමත් රාස්සිටත් කලියෙන් සුමේ කරන්නා
ඇයමය දුක දරන යශෝදරා
එක එක වැඩ ඉවරයක් නැතිවා
හැඩ වැඩ කරන්න කාලයක් නැතිවා
ගිලිහුණු කාලය ගැන හිතන්න බැරිවා
යෙහෙලියන් වා සිටි දොරටු තුලින්
ඉගිලෙනු දැක සුසුමක් හෙලනා
ඇයම මේ සියලු දුක් දරනා
- අරුණි කළුපහන -
කවක් ගෙතු හින්දා
දුකක් ඇත මුහු ව
අහිමි තාරුණය ගැනද මන්දා
රන් හුයෙන් දැහැගිලි බන්දා
පෝරු මස්තක මත නංවා
ජය මංගලම් කියූ හින්දා
නලවමින කවි ගී කියමින් බිලින්දා
බෝතලයත් තුරුළු කරන්
ගෙට ගොඩ වෙන නිරින්දා
වළං පිගන් අහසේ පා කරනා
මදි හරියට ඇයවත් තලු මරනා
හිතේ හැටියට ගොරවා ගොරවා
රැයක් හිමිහිට පහන් කරනා
කිරි සුදු කමිසෙට
ටයි පටියත් ගෙලලා
උදේම කලඑළි බසින්නා
නිවන් යන්නට පෙරුම් පුරන ලෙසා
ඔහුමය ඇය හිමි වුණු රජින්දා
රැයක් තිස්සේ දගලා ඔට්ටු වෙනා
මදි හරියට ගුටි බැටත් ලැබෙනා
ඉදහිට හඩන බිලිදුටත් තන පුඩු පොවනා
ආයෙමත් රාස්සිටත් කලියෙන් සුමේ කරන්නා
ඇයමය දුක දරන යශෝදරා
එක එක වැඩ ඉවරයක් නැතිවා
හැඩ වැඩ කරන්න කාලයක් නැතිවා
ගිලිහුණු කාලය ගැන හිතන්න බැරිවා
යෙහෙලියන් වා සිටි දොරටු තුලින්
ඉගිලෙනු දැක සුසුමක් හෙලනා
ඇයම මේ සියලු දුක් දරනා
- අරුණි කළුපහන -
Published on September 05, 2014 10:50
August 18, 2014
-___ -
ඉස්සරම ඉස්සර
හිටියා මට
හොදම හොද මිතුරෙක්
දුක සතුට බෙදාගෙන
එකම මගක පියවර මැන්න
කාලයක් යනකොට
වුනා ඔහු
මිතුරෙකුටත් වැඩිය
හොද පෙම්වතෙකු
ආදරේ දෝතින් රැගෙන ආව
හිතට දැනෙන
තනිකම් මකාලන්න
අවැසි මොහොතක
පැයක් දෙකක් නොව
කල්පයක් වුව
දොඩමලු වන්නට
කාලය තිබුණා
ආදරය තිබුණා
නිදහස තිබුණා
දුරකථනයත් තිබුණා
කාලයක් ගෙවුනා
හෙමිහිට අපි
මුහුකුරා වැඩුණා
පාසල් විය ඉක්මන්
ගමනින් ගෙවුණා
එතකොටම
හැමදේම උදුරා ගත්ත
රැකියාව
දොරකඩ ලගටම
ලං වුනා
ඉතින් කාලය නැතිලු
ආදරය තියේලු
නිදහසක් නැති ලු
දුරකතනයත් බිසී ලු
දුක බෙදාගත් මිතුරා
ආදරේ දුන් පෙම්වතා
මග කියාදුන් පෙර ගමන්කරුවා
අතුරු දහන් කරවූ
මා දුටු අපායේ
යම පල්ලා
ඔහුගේ ඔපීසියේ
ලොක්කා
ඉවරයක් නැති වැඩ
දිගට හරහට දෙමින
රැයක් දවාලක් නැතිව
ඔපිසියක් කරවන
මහා රෑටත් සල්ලි කදු
ගොඩ ගහන්න
උසට උසේ තව තව
බිල්ඩින් හදන්න
සේවකයා නොමරා මරන
හැගීම් දැනීම් නැති
මහා දානපතියා
ගොරවා ගොරවා නිදිය
අසරණයෙකු
ලේ දහදිය කදුළු වගුරන
යාමෙක
මිතුරැ වෙසින්
හතුරුකම් කොරන
රටක් ලග හිනා කටක්
රජ කරවන
රටට පේන්න
සල්ලි කදු විසිරුවා
සමාජ සේවේ කරන
ඔපීසියේ ලොක්කා වූ
අපායේ අධිපතියා
මනුසත් ලොව අතැර
ආයෙම අපායට
වඩින තුරු
ඇගිලි ගනිමින මම
මගේ ආදරණිය මිතුරා
යලිත් මා ලොවට
ගෙන්වා ගන්න !!!
හිටියා මට
හොදම හොද මිතුරෙක්
දුක සතුට බෙදාගෙන
එකම මගක පියවර මැන්න
කාලයක් යනකොට
වුනා ඔහු
මිතුරෙකුටත් වැඩිය
හොද පෙම්වතෙකු
ආදරේ දෝතින් රැගෙන ආව
හිතට දැනෙන
තනිකම් මකාලන්න
අවැසි මොහොතක
පැයක් දෙකක් නොව
කල්පයක් වුව
දොඩමලු වන්නට
කාලය තිබුණා
ආදරය තිබුණා
නිදහස තිබුණා
දුරකථනයත් තිබුණා
කාලයක් ගෙවුනා
හෙමිහිට අපි
මුහුකුරා වැඩුණා
පාසල් විය ඉක්මන්
ගමනින් ගෙවුණා
එතකොටම
හැමදේම උදුරා ගත්ත
රැකියාව
දොරකඩ ලගටම
ලං වුනා
ඉතින් කාලය නැතිලු
ආදරය තියේලු
නිදහසක් නැති ලු
දුරකතනයත් බිසී ලු
දුක බෙදාගත් මිතුරා
ආදරේ දුන් පෙම්වතා
මග කියාදුන් පෙර ගමන්කරුවා
අතුරු දහන් කරවූ
මා දුටු අපායේ
යම පල්ලා
ඔහුගේ ඔපීසියේ
ලොක්කා
ඉවරයක් නැති වැඩ
දිගට හරහට දෙමින
රැයක් දවාලක් නැතිව
ඔපිසියක් කරවන
මහා රෑටත් සල්ලි කදු
ගොඩ ගහන්න
උසට උසේ තව තව
බිල්ඩින් හදන්න
සේවකයා නොමරා මරන
හැගීම් දැනීම් නැති
මහා දානපතියා
ගොරවා ගොරවා නිදිය
අසරණයෙකු
ලේ දහදිය කදුළු වගුරන
යාමෙක
මිතුරැ වෙසින්
හතුරුකම් කොරන
රටක් ලග හිනා කටක්
රජ කරවන
රටට පේන්න
සල්ලි කදු විසිරුවා
සමාජ සේවේ කරන
ඔපීසියේ ලොක්කා වූ
අපායේ අධිපතියා
මනුසත් ලොව අතැර
ආයෙම අපායට
වඩින තුරු
ඇගිලි ගනිමින මම
මගේ ආදරණිය මිතුරා
යලිත් මා ලොවට
ගෙන්වා ගන්න !!!
Published on August 18, 2014 22:06
August 16, 2014
වෙඩි තියමු !!! හැබැයි ඒ පැනෙන් ද ?? පැනටද ?? ( පලවෙනි කොටස )
" හිතේ හැමදෙයක්ම තද කරගෙන විදවන්නේ නැතිව ගහකට ගලකට හරි කියලා හිත හෑල්ලු කර ගනින් සරා.."
ගහකට ගලකට නෙවේ වැලි කැටයකට හරි මං මොනා කියලා කියන්නද.. හේතුවක් දිනයක් නැතිව කසුන් යන්න ගිහින් කියන්න ද... අවුරුදු හතරක් ආදරේ කරලත් කසුන්ගේ ගෙයක් දොරක් තියෙන දිහාවක් මං දන්නේ නෑ කියන්නද..
කසුන් හිතට එබිච්ච දවසේ ඉදන් ආදරේ කරායි තැන් තැන් වල රස්තියාදු ගැහුව්වයි අධ්‍යාත්මික ප්‍රේමයයි සාහිත්‍ය ප්‍රේමයයි නිර්වචනය කරා මිසක් කසුන්ගේ උප්පැන්න සහතිකයි චරිත සහතිකයි මං හොයන්න ගිය නැති එක හැබෑව වුනත් මං ගහකට ගලකට හරි මොනා ද කියන්නේ..
මිනිස්සු මට හිනා වේවි.. සමහර විට ගලුත් ගහාවී. පත්තර වල පොත් වල උඹ ලිව්ව මහා ලොකු කතන්දර කොහෙද කියලා අහාවී.. මං ලියන කතා කවි එළියේ ලෝකේ ඉන්න එවුන් තලු මර මරා රසවිදින බව හැබෑව.. ඒත් උන් දන්නේ නැහැ ඒ හැම කතාවකින්ම කියවෙන්නේ සතුටටයි දුකටයි දෙකටම මගේ ඇස් වලින් හේදිච්ච ලුණු රහ විත්තිය.. ඒවා දැනගෙන මිනිස්සුන්ට වැඩකුත් නැහැ..
උන්ම නිරීක්ෂණය කරලා උන්ම නිගමනය කරලා උන්ම නඩු තීන්දුවත් දේවි.. හරියට උසාවිය වගේ.. කවදාවත් හේතු අහන්නේ නැහැ..
සාරදී සරත්සේකර , එහෙම නැත්තම් සාරනාත් සරත්සේකරගේ දුව.. සාරනාත් සරත්සේකර , ඒ මගේ තාත්තා.. පින්සලයි සායම් තැටියයි අතර හැංගිච්ච තාත්තගේ ජිවිතේ වැඩි ඉඩක් වෙන් වුනේ තාත්තා කියන පදවියට වැඩිය සේකර කියන මහා චිත්‍ර ශිල්පියාගේ භූමිකාවට පණ දෙන්න..
ගොඩක් අය හිතුවේ පින්සලයි සායමුයි මැද්දේ උස් මහත් වෙච්ච මමත් තාත්තාගේ අඩිපාරේ යයි කියලා ඒත් මට ඕනා වුනේ වෙන දෙයක්.. ඒ පත්තරකාරියක් වෙන්න.. කවි ලියන්න.. කතා ලියන්න.. හැබෑ ලෝකෙදි හම්බ වෙච්ච නැති හීන හොයන් යන්න..
මම මගේ පලවෙනි කතා පොත එලි දක්වනකොට මට අවුරුදු දහසයයි.. ඒ කියන්නේ මිට අවරුදු 4කට කලින්.. කසුන් මගේ ජිවිතේට එබුනේ එදා.. පුස්තකාල ශ්‍රවණාගාරයේ තිබුණු එළිදැක්වීමට කසුන් ඇවිත් තිබුනේ ජනක එක්ක.. ජනක පත්තර කාරයෙක් මගේ යාලුවෙක්.. කසුන් ඒ වෙලේ මට විශේෂයක් නොවුනත් සමරු පොතේ ලියලා තිබුණු පද පේලි වල විශේෂයක් තිබුනා..
කවියක් කතාවක් එක්ක
අතිනත පටලා ගෙන
බෝ දුර යන්නට
කාලය සදිසිය
අහම්බයක් වුව
නොවේ අවසානය
පෑනට වෙඩි තියන්න නොව
පැනෙන් වෙඩි තියන්න
ඉතින් ,
එනවාද නුඹ
කවි හිතක් එක්ක පැහෙන්න !!
- කසුන් සේනාධි තිලකරත්න -
( වෙඩි තියමු !!! හැබැයි ඒ පැනෙන් ද ?? පැනටද ?? කෘතිය එලි දැක්වීමේදී )
ප.ලි - සාරදී , නුඹට ජය
හීන ගොතන්නට
විතරක් නෙවේ
සැබෑ කරගන්නටත්
- කසුන් -
_________________________________________________
" මිනිස්සු හීන දකිනවා.. සමහරු ඒවා සැබෑ කර ගන්නවා.. ඒත් ඒ හීන සැබෑ කර ගන්න අවස්ථා හොයා හොයා ඉවක් බවක් නැතිව ජිවිත කාලෙම දුවනවා.. හීන පස්සේ දුවලා හති වැටෙද්දී තමන්ට මග හැරුණේ මොනාද කියලා හිතනවා.. හොයනවා.. තමන්ට ජිවිතේ මග ඇරුනා කියලා දැනෙද්දී දකිද්දී ආපහු හැරෙන්න කල් මදි.. ඉතින් ඕක තමා ජිවිතේ කියලා හිත හදාගෙන ඉස්සරහට යනවා.. ඕක නේ සාමාන්‍ය සිස්ටම් එක.. ඒත් සාරදී ඒක එහෙමයි කියලා හිත හදාගෙන ඉස්සරහට යන්න මං සුදානම් නැහැ.. "
ඒ කසුන්..
" මට මග ඇරුනේ මොනාද කියලා දැක්කොත් ආපහු ගිහින් එක හදාගෙන මිසක් මං ඉස්සරහට යන්නේ නැහැ.. ඒ මගේ හැටි.. "
සමහර වෙලාවට කසුන් කියන කතා මට තේරුනේ නැහැ.. අගක් මුලක් නැති කතා.. සමහර ඒවා නීරස යි.. අහන් ඉන්න කම්මැලි.. ඒත් මං අහන් උන්නා.. ඒ ආදරේ නිසා.. ඊටත් වැඩිය එයාගේ කටහඩ අහන ඉන්න මං ආස වුන නිසා..
පොත එළිදැක්වීමෙන් පස්සේ කසුන්ව මට හම්බුනා ඒ නිදහස් චතුරසය ගාවදි.. ඒ අහම්බෙන්.. හැබැයි අපි කතා කරා ගොඩක් දේවල්..
" කසුන්ට හීනයක් තියෙනවද ?? "
" ඔව්.. "
" මොකක්ද ?? "
" ඒක මෙහෙම වචනෙකින් දෙහෙකින් කියන්න පුළුවන් එකක් නෙවේ සාරදී.. "
" එහෙනම්.. "
ඒ අපේ , ඒ කියන්නේ කසුන්ගෙයි මගෙයි කතාවේ දෙවෙනි මතකය.. "
_________________________________________________
කසුන් කවදාවත් මට වචනෙකින් ආදරේ කිව්වේ නැහැ.. ඒත් හම්බ වුන දෙවෙනි දවසේ ඉදන් මං කසුන්ට ආදරේ කරා.. ඒ කසුන් කියන සාමාන්‍ය මනුස්සයටත් වැඩිය කසුන් කියන කවියාට.. රස්තියාදුකාර හිතුවක්කාර ආඩම්බර අරගලකරුවා ට..
කසුන්ගේයි මගෙයි ආදරේ ඇතුලේ විනාඩි පහෙන් පහට ටික් ටික් ගැන කෙටි පණිවිඩ , පැය ගණන් ගෙවෙන දුරකථන ඇමතුම් තිබුණේ නැහැ..
හම්බෙන්න ඕනේ වුනොත් තැනයි වෙලාවයි විතරක් සදහන් වුන නමක් ගමක් නැති කෙටි පණිවිඩයක් එනවා.. යනවා..
ඒ වගේම කලාතුරකින් අහම්බෙන් අපි ගැන ලියපු නිසදැසක් ඇවිත් යනවා..
දුරකථනයත් පාඩුවේ නිස්කාන්සුවේ ඔහේ බලන් උන්නා.. හරියට මං වගේ.. කසුන් ගුප්ත චරිතයක්.. ඒත් ඒ ගුප්ත චරිතේට ආදරේ නොකර ඉන්න මට බැරි වුනා..
Published on August 16, 2014 01:30
August 1, 2014
වුහැ යෙහැ ව්හ් යෙහ් යා.. - කරාටේ !!!
2009 දෙසැම්බර් 23 !!!
එදා තමා එදා -_- හම්මේ මතක් වෙද්දී සර්වාංගයාම හිරි වැටෙනවා..
එතකොට මට අවුරුදු 15 යි මාස 2යි දවස් කීපයයි හරියටම .. :3
නත්තලට හරියටම දවස් දෙකයි තිබුනේ.. ඔන්න ඉතින් උදේ පාන්දරම අපේ අම්මා වැඩම කරා මගේ ඇද පාමුලට !!
උදේ පාන්දර කිව්වට පාන්දරමත් නෙවේ ඉතින්.. සාමානයෙන් මොනරිට පාන්දර වෙන්නනේ උදේ 11 ට විතර.. එක වෙනම කතාවක්.. :D
" බබෝ , 12.30ට විතර ගමනක් යන්න තියෙනවා ලැස්ති වෙන්න !!! "
ඒ තමා පලවෙනි නියෝගය..
ස්ථිරේටම ඔය යන්නේ නත්තල් ෂොපින් පාරක් තමා කියලා හිතපු මාත් හ්ම්ම් කියලා අනිත් පැත්තට හැරිලා ආයෙම නිදා ගත්තා..
ඇයි යකෝ කවුරුත් දන්න දේනේ ෂොපින් කිරීමම කොච්චර පරාලයක්ද කියලා..
අර රෙදි මේ රෙදි, අර කේක් ඒකට බඩු මේ කේක් ඒකට බඩු.. රසකැවිලි !!! එතකොට බැලුම් බෝල, නත්තල් සැරසිලි.. අපොයි ඒ මදිවට.. අර කස කසා උස්සන් එන්න ඕනේ කස අතු.. ඔය සේරටම හපන් ඇදුම් ගන්න ගියාම :3 තෝරනවා තෝරනවා ඉවරයක් නැහැ :/

ඒත් ඉතින් යන්න බැහැ කියලා මැරෙන්න යා.. අම්මාගේ තීරණේ අවසන් තීරණේ නොවැ..
ඇද පැළද ගෙන ඉතින් මොනරිත් අම්මාත් එක්කම පාරට බැස්සා..
හැබැයි ඉතින් ගමන ටිකක් අමුතුයි.. ෂොපින් කිරීමේ අරමුණ තියෙන්නේ මිගමුවේ වුනත් අම්මා ගමනාන්තය අතර මග නතර කරලා අමුතු පෙනුම තියෙන බිල්ඩිමක් ඉස්සරහ නතර කරන්න කියලා අම්මා ඩ්‍රයිවර් අන්කල්ට කිව්වා එක නම් මොනරිගේ මීටරේට එච්චර ඇල්ලුවේ නැහැ.. -_-
ලග ලගම එන විපතක් ඉව වැටිච්ච නිසාම දෙයියෝ බුදුන් සිහි කොර ගෙනම අම්මාගේ පස්සෙන් නැග්ගා අර බිල්ඩිමේ දාර දාර පඩිපෙළ..
වුහැ යෙහැ ව්හ් යෙහ් යා..
වුහැ යෙහැ ව්හ් යෙහ් යා..
වුහැ යෙහැ ව්හ් යෙහ් යා..
වුහැ යෙහැ ව්හ් යෙහ් යා..
ඔන්න ඉතින් ඇහෙනවා නේද ඇතුලින් කවුද මන්දා සෙට් එකක් ගහා මරා ගන්නවා.. ගහන්න ආවොත් කරන්න තියෙන එක එකම දේ දුවන එක විතරයි !! ඇයි යකෝ ගහ ගන්න පුළුවන් එකක් යෑ මේ මට :3
අර මොකාද කිව්වා වගේ , දවසේ කරදර දවසට සෑහේ කිව්වා ලු..
කොයිකටත් එක්ක සුදානම් කකුල් පිට එක කකුලක් එළියෙන් තියාගෙන බෙල්ල දාලා බැලුවා දොරෙන් ඇතුලට..
අම්මට සිරි !!!! කරාටේ පන්තියක් !!!!!

ඊටත් හපන් එක කෙල්ලයි කොල්ලෝ ගොඩයි.. :3
ඒත් අපේ අම්මා මක්කැයි මාවත් කුදලන් මේකට ආවේ.. ??? o.O
හිතුවා හරි.. ආයේ දෙකක් නැහැ.. මරාලයක්ම තමා.. :3
මාව කරාටේ පන්තියට දාලා !!!!
ගුරුතුමා හෙවත් සෙන්සේ තුමාට අපේ අම්මා මෙන්න කරුණු කාරණා පැහැදිලි කරා.. කොහොම හරි මොනරිට කාට හරි දෙකක් ඈන ගන්න පුළුවන් මට්ටමට කරාටේ පොවන්න තමා මෙයාලගේ සුදානම..
ඕක ඔහොම වෙද්දී මට මරන්න හිතුනේ වෙන මොකෙක් වත් නෙවේ.. ඊට සතියට කලින් පාරේ යද්දී මාව කුදලං යන්න ගිය රස්තියාදු කාර හිකනලයෝ දෙතුන් දෙනාව :/
උන් නැත්තම් අදත් මං දෙයියනේ කියලා ගෙදරට වෙලා ඉන්නවා මේ කරාටේ ක්ලාස් එකක් අස්සේ රිංගන්නේ නැතිව..
උන් දෙතුන් දෙනාගේ අන්ධ භාවයට මං පලිය නැනේ යකු..
ඒ කොහොම වුනත් මොන කරාටේ ඉගෙන ගත්තාත් වැඩක් නැහැ.. ඔය වගේ හදිසි අවස්ථා වලට හැටට හැටේ දුවන්න පිහිට වෙන්න ඉන්නේ දයාබර කකුල් දෙක විතරයි..
ඕඕ යේස්.. අත්දැකීමෙන් කියන්නේ ඕන් !!! :3
අලුත්ම තැන් වලට ගොඩ බැස්සම මොනරි පොඩ්ඩක් සලිත වෙනවා.. අපේ සයන්ස් උගන්නපු ගාමිණි සර් නම් ඕකට කියන්නේ අන්ද මන්ද දුපතේ ඉදන් බෝල ගහනවා වගෙයි මේකි ඉන්නේ කියලා !!!
හිත පොඩ්ඩක් සිසිල් කර ගන්න හිතා ගෙන වටපිට බැලුවට මොකෝ එහෙම සැනසීමක් පේන්නවත් නැහැ..
හතර පැත්තෙන්ම මරා ගන්න වගේ ගහ ගන්නවා.. අතරින් පතර ඇහැ පොඩ්ඩක් දාලා කරකෝලා බලද්දී අම්මට සිරි පොඩි කාලේ ඉදන් ඒකට පන්ති ගිය දැනුත් මං එක්කම ටියුෂන් වන්දනාවේ වැඩම කරන කොලු කුරුට්ටෝ සෙට් එකක් එතැන..
අපොයි.. අර දාර දාර බිල්ඩිම හාරාගෙන පහලට බහින්න හිතුනා ලජ්ජාවටම :/
" මොනරි !!! "
අහ ඒ සෙන්සේ තුමා..
" අපි පටන් ගමු නේද ?? පලවෙනි පැය දෙක ටිකක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.. හරි ද ?? "
" හ්ම්ම්.. :( "
" තුන් වෙනි පැයේ ඉදන් අපි පටන් ගමු.. "
" හ්ම්ම් >_< "
ඕන්න ඔහොම..
පලවෙනි පැය දෙක ගෙවුනා.. මං තුමියත් බලන් උන්නා.. හැබැයි කරාටේ ගහන දිහා නම් නෙවේ, පාරේ යන වාහන දිහා :3
හ්ම්ම්.. තුන්වෙනි පැය ඊළගට ආවා..
පළවෙනියට මුල පොතේ ඉදන් මැදට වෙනකම් නීති රීති කියා දුන්නා.. පන්තිය වටේ දුව දුව තියෙන සබ්බ සකලමනා එක්සසයිස් ටිකත් කොරා..
ඒ දවස් වල මං තුමිය කණ්ණාඩි කුට්ටමක් එහෙම පැළද ගෙන උන්නේ.. මගේ බුද්ධිමත් භාවය එහෙම ප්‍රකාශ කිරීමට :D
ඉතින් ඔය සියලු ගහ මරා ගැනීමේ මුලධර්ම අත්හදා බලද්දී කණ්නාඩි කුට්ටම ලග පත මේසයක් උඩ තියලයි වැඩේට බැස්සේ.. :3 ඒ දවස් වල ඕක ඉතින් රාජකීය භාණ්ඩයක් වගේ තමා.. මොකද අරගෙනත් වැඩි දවස් නැහැ.. අලුත් පිට නේ.. පරිස්සම් කිරිල්ල අති ස්තරම් විදියටම කොරා..

ගහගෙන මරාගෙන එහෙම ඉවර වෙලා පරණ යාළුවො සෙට් එකයි අර හිටපු එකම ගෑනු දැරිවි වෙච්ච අක්කයි ඇවිල්ලා කදේ ට වැටුනා..
අපරාදේ කියන්න බැහැ කට්ටියම හරි හොදයි..
" හිටපන්කෝ ක්ලාස් ගියාම කියන්න කට්ටියට කියන්න දැන් බ්‍රයිටා දැන් කරාටේ ගහනවා කියලා :D "
" හිටපන් උබලගේ ස්කොලේ ගාවදි උඹව දැක්කාම අපි කෑ ගහන්නම් කරාටේ කියලා :D "
ඔන්න ඉතින් ආදරණිය දාමරික ටියුෂන් සගයෝ ටික පලවෙනි තර්ජන ටික පටන් ගත්තේ එහෙම..
" ඇයි වෙන වැඩක් නැතිවද ?? "
එහෙම අහනකොටම එකපාරටම කොහෙන්ද මං ද ටක්ස් ගාලා සද්දයක් ආවා..
" අඩේ මොකක් උඩ ද මං මේ ඉදගෙන උන්නේ.. අම්මට සිරි.. කණ්ණාඩි කුට්ටමක් කුඩු.. කාගේ ද ?? "
එහෙම කියාගෙන අපි පන්තියෙක් කොලුවෙක් බෙරිහන් දුන්නා..
කාගේද ?? වෙන කාගේද ඉතින් ?? මොණරිගේ මිසක්.. :3
ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නට හපන් වැඩක් සිද්ද වෙලා තිබුනේ.. :/
කණ්ණාඩි කුට්ටම ගන්න දෙයක් නැහැ.. කුඩේ කුඩු.. -_-
ඒක උඩ ඉද ගත්ත කොලුවා දහ අතේ පින්සන්ඩු වෙනවා.. ඒත් මොනරි නෙවේ එදා ඉදන් එකා දිහා අහක් ඇරලා බැලුවේ..
ඒ මොණරිගේ කරාටේ ජිවිතේ පලවෙනි දවස.. හැබැයි අන්තිම දවස නම් නෙවේ ඕo..
ඕන්න ඔහොමය තමයි ආයුබෝවන්ඩ , පියතුමන්ගේ නියෝගය මවුතුමිය ඉටු කිරීමේ ප්‍රතිපලයක් ලෙස මොනරි කරාටේ පන්ති ගිහින් පලවෙනි දවසේම කණ්ණාඩි කුට්ටමත් කඩාගෙන ගෙදර ආවේ..

Published on August 01, 2014 03:54
July 21, 2014
එන්න යන්න අපිත් එක්ක , අසරණ මල් කැකුළු වලට පාර කියන්න..
මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට යන පාර කියන දේව දුතයන් වගේ..
ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක් ඔබට මතකද ?? ඔබේ තරහාව දුක ඔබට අමතක වුනා නේද ඔවුන් ඉදිරියේ.. ඔබේ හිතට සැනසුමක් දෙන්න ඒ පුංචි හිත් වලට පුළුවන් වුනා නේද.. මේ විශ්වයේම සතුට සැනසුම රැදිලා තියෙන්නේ පුංචි දරුවන් අතේ යි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි..
හැබැයි හෙට දිනයේ පිපෙන ඉන්න මේ ලපටි මල් කැකුළු වලට හයියක් ඕනේ මයි.. ඒ ඔවුන් මහා ගසක් තරම් ශක්තිමත් නොවෙන නිසාවෙන්.. අනාගතයේදී දවසක ඔවුන් මහා වෘක්ෂයන් ලෙසින් මේ මහා පොලව මතම කලඑළි බසිවී.. ඒත් ඒ දවස එනකම් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද ??? එතකොට කෙනෙක් කියාවි.. ඒකට තමා අම්මයි තාත්තයි ඉන්නේ කියලා..
ඔව් ඒක ඇත්ත.. අම්මයි තාත්තයි අපට උණුහුම දීලා අපි ශක්තිමත්ව අපේ දෙපයින් හිට ගන්න පුළුවන් වෙනකම් අපිට හවුහරණක් වුනා තමයි.. ඒත් අම්මා තාත්තා නැතිව ලෝකේ අසරණ වුන දරුවන්ට ඒ විදියට අත දෙන්න කවුද ඉන්නේ ??? ඔවුන් සාමාන්‍ය විදියට මවුපියන් එක්ක හැදෙන දරුවෙක්ට වරප්‍රසාද හම්බෙන්නෙත් නැහැ.. ඒත් ඒ අහිංසක පුංචි දරුවන්ටත් හයියක් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නේද???
අන්න ඒ නිසයි IMCD , Amuzed Team එකේ අපි ඔබවත් එකතු කරගෙන ඒ වගේ අහිංසක පුංචි දරුවන්ට හයියක් වෙන්න හිතුවේ.. ඉතින් ඒ වගේ අසරණ අහිංසක පුංචි ලපටි මල් කැකුළු හොයාගෙන අපි ඊළගට පියවර තියන්නේ රත්මාලන , මාලිගාව පාරේ . අංක 98 දරණ ස්ථානයේ පිහිටි පුංචි පිරිමි දරුවන් රැසකගෙන් සමන්විත නිවසකටයි..
ඒ ජුලි මාසේ 29 වෙනිදයි.. එදා දවස ( ප.ව 2.30 ඉදන් 9.00 වෙනකම් ) ඔවුන් එක්ක ගත කරලා ඔවුන් ව සතුටින් තියන්නයි අපේ වෑයම... හැබැයි අපි ඔවුන්ව බලන්න යන්නේ හිස් අතින් නම් නෙවේ.. ඔවුන්ට අවශ්‍යම කරන දැනට අඩු පාඩු ලෙසින් පවතින දේවල් රැසක් අරගෙන යි..
ඉතින් මේ සියලු දේට පුංචි දරුවන්ට ආදරේ කරන ඔයාලටත් දායක වෙන්න පුළුවන්.. ඒ මෙන්න මේ විදියටයි..
ඔයාලත් ඒ අසරණ පුංචි ළමයින් එක්ක කතා කරන්න එයාලාට ශක්තියක් වෙන්න , එයාලා එක්ක දවස ගත කරන්න අපිත් එක්ක එන්න කැමති නම් මෙන්න මෙතනින් ඒ විස්තර අරගෙන සම්බන්ද වෙන්න පුළුවන්..
එහෙම නැත්තම් ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පරිත්‍යාග ලබා දෙන්න කැමති නම් මෙන්න මේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කරන්න පුළුවන්...
International Movement for Community Development
People's Bank
First City Branch
Savings Account
046-2-001-9-0004462
Or
International Movement for Community Development
Sampath Bank
City Office
Savings Account
100 161 000 380
ඒ වගේම facebook event එකට එකතු වෙන්න මෙතනින් එන්න..
" එන්න යන්න අපිත් එක්ක , අසරණ මල් කැකුළු වලට පාර කියන්න.. "
ප.ලි - මිට අමතරව වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් Zulaikha 072 787 2322 / Upul 077 251 7512 හරි එහෙම නැත්තම් IMCD , Amuzed Team එකේ අපි කාගෙන් හරි ඔබට වැඩි විස්තර දැන ගන්න පුළුවන්..

Published on July 21, 2014 02:27
July 16, 2014
ඉබාගාතේ යමු.. ඒත් හරි හැටි දැන.. හරි තැනට....
සුලගක් වගේ වෙන්න තිබුණා නම්.. ගම් දනව් සිසාරා ඇවිද යන්නට තිබුණා නම් ලෝකේ අපුර්ව තැන් වල කරක් ගසන්නට තිබුණා නම් කියලා හීනයක් ඉස්සර මටත් තිබුණා..
ලෝකේ අරුම පුදුම තැන් වලට යන්න , කැම්ප් එකක් ගහන්න.. කන්දක් උඩට ගිහිල්ලා ගිනි මැලයක් ගහන්න රෑ එලි වෙනකම් සින්දු කියන්න, නටන්න.. ඒ දකින දේවල් අරගෙන පොත් ලියන්න.. අලුත් අත්දැකීම් හොයන් යන්න.. කදු නගින්න ඔය වගේ ගොඩාක් දේවල්.. කරන්න හීන තිබුණා.. ඒවා සැබෑ කර ගන්න හිතුවා.. සමහර ඒවා සැබෑ කර ගත්තා.. සමහර ඒවා බැරි වුනා..

අවුරුදු 8 ඉදන් මං මගේ සංචාරක ජිවිතයේ අත්පොත් තිබ්බා.. ඒ අම්මා එක්ක.. පලවෙනි සංචාරය නුවරඑළිය..
අම්මා අම්මගේ තරුණ කාලේදී ජායාරුප ශිල්පිනියක්.. ගම් දනව් විතරක් නෙවේ රට රට වල සංචාරය කරපු.. අත්දැකීම් ලබපු.. ජායාරුපකරණය හදාරපු.. අම්මට ඕනා වුනේ මං අම්මටත් වඩා ඉහලින් තියන්න.. අම්මට කරන්න බැරි වුන දේවල් කරන්න උගන්නන්න..
ඉතින් අම්මා අම්මගේ ජිවිතෙන් මට ගොඩක් දේවල් ඉගැන්වුවා.. ජායාරුපකරණයේ මුල අකුරු කියා දුන්නා.. සංචාරය කරන්න, සංචාරක සටහන් එකතු කරලා ඒවා එක්ක තමන්ගේ හීන වලට යන්න ශක්තියක් වෙන්න..
ජීවිතය කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවේ.. ඒ වගේම කාලය, අපි ආවා නැතා කාලය ගමන් කරනවා.. දවසින් දවස දුරස් වෙනවා.. ඒ දිහා බලන් ඉන්නේ නැතිව හැම තප්පරයකම ජීවිතය විදින්න ඕනේ.. අපි ජිවත් වෙන්නේ කාලයෙන් වැලි කැටයක් තරම් දුරක්.. ඉතින් ඇයි එක තැනකට වෙලා ඔහේ බලන් ඉන්නේ.. ජිවත් වෙලා ඉන්න කාලේ ජිවිතේ විදින්න.. හැම තැනකම ගිහිල්ලා මේ ලෝකේ බලන්න.. මැරෙන්න මොහොතක් තියලා සතුටු වෙන්න පුළුවන් තරමේ සතුටක් ජිවිත කාලේදී ලබා ගන්න.. - ඒ මං මගේ අම්මා එක්ක එක්ක ඉගෙන ගත්තු ජිවිත දැක්ම..

සංචාරකයෙක් ජිවිතේ ලොකු ලොකු අහස අල්ලන්න තරම් බලාපොරොත්තු නැහැ.. තියෙන්නේ සැබෑ කර ගන්න පුළුවන් අරමුණු විතරයි.. ඒ ජිවිතේ සරලයි.. විනෝදජනකයි.. හැබැයි තමන්ගේ අරමුණු වලට යන්න ජිවිතේ සමහර වටිනා දේවල් මග හැර ගන්න වෙනවා.. දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙනවා වගේ.. අම්මා , තාත්තා , යාළුවො , ගෙදර , හුරුපුරුදු පරිසරය වගේ ගොඩක් දේවල් මග හැර කර ගෙන සංචාරකයෙකුට සංචාරකයෙකුගේ ගමන යන්න වෙනවා..

එක පාරක් මට අවුරුදු 16දී මගේ යාලුවෙක් එව්ව මැසේජ් එකක මෙහෙම තිබුණා..
පැරිසියට ගිහින් අයිපල් කුලුන පේන මානෙන්
කොෆි ෂොප් එකක් හොයන් කොෆි එකක් බිබී
පැරිස් අහසේ වලාකුළු අල්ලන්න
පෙම් හීන හොයන පෙම්වතුන්ට හුවක් තියන්න..
ජපානේ ගිහින් හනමිචියට යන පාර දිගේ
සකුරා මල් බකට් ගණන් අහුල ගන්න..
ස්ටෝන්හෙජ් ගල් අස්සෙන් ගිහින්
හැංගි මුත්තන් සෙල්ලම් කරන්න..
ඇලවෙච්ච පීසා කුලුන කෙලින්
කරන්න සපෝර්ට් කරන්න..
ලෝකේ වටේ සවාරියකට
අපි දෙන්නත් මංගච්චමුද බන්
මේ අ.පො.ස සාපෙන් ඔලුව ගලෝ ගන්න..
ඒ සාමන්‍ය පෙළ ට පාඩම් කරන කාලේ.. ජිවිත කාලේ හම්බුනු තවත් එක විභාග බරක් ඔලුව උඩින් තියන් උන්නු කාලේ... ඒ කාලේ විභාගේ පස්සේ දුවනවා මිසක් මොන සංචාර ද.. ශිශයත්වෙන් පස්සේ සාපෙ ඊට පස්සේ උපේ.. ඔය සේරම ඉවර වෙද්දී අවුරුදු 20ක් 25ක්වත් වෙනවා.. ජිවිතෙන් 4න් 1ක් ඉවරයි..
අවුරුදු 20ක් වෙද්දී ඔහොම නම් තව කොච්චර කාලයක් හීන පස්සේ දුවන්න වෙයි ද දන්නේ නැහැ.. ඊළගට කසාද බදින්න වෙනවා.. ඊලගට පරපුර ගෙනියන්න දරුවෝ හදන්න වඩන්න ඕනේ.. ඊට පස්සේ ගෙදරට වෙලා බත් තම්බන්න වෙනවා තව අවුරුදු 50ක් විතර.. ඊට පස්සේ පොලවට බරක් වෙලා දුක් විදලා ටික දවසකින් දුවිලි වෙලා පොලවට එකතු වෙනවා.. ඕක තමා ජිවිතේ.. එතකොට අවුරුදු 20ක් වෙනකම් ඉගෙන ගෙන ටිකෙන් ටික ගොඩ නගපු හීන වලට මොකද වෙන්නේ.. ඒ සේරම එතනින් ඉවර ද ??? ඒ හැම හීනයක්ම එතැනින්දී බොද වෙන්න දීලා බලන් ඉන්න ඕනේ ද ??
අවුරුදු 20 තමා ජිවිතේ හැරවුම් ලක්ෂය.. එහෙම නැත්තම් ජිවිතේ හම්බෙන හතර මං හන්දිය.. මෙච්චර කල් ආපු පාරේම යනවා ද ?? නැත්තම් දෙපැත්තේ පාරවල් වලින් හැරෙනවා ද ?? අභියෝගය තියෙන්නේ එතැන.. හීනය ද නැත්තම් සම්ප්‍රදායික ජිවිතේ ද ??
මටත් දැන් අවුරුදු 20ක්.. මං පෙර පාසල් යන්න ගත්තේ අවුරුදු 4 දී.. මං ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 16 දී.. එතකොට අම්මා තාත්තා ලග හුරතල් වේවි අවුරුදු 4ක් ඉදලා.. ඉතුරු අවුරුදු 16 අධ්‍යාපනයට වෙන් කරලා.. ඒ අතරම අවුරුදු 4ක් ආදරේ කරලා.. ඊළගට මං කොතැනට ද යන්න ඕනේ ?? සමාජය කියන විදියට විවාහයට ද නැත්තම් මගේ හීන වලට ද ??

අවශ්‍යම කරන දේවල් ටිකක් දා ගත්තු ටිකක් දා ගත්තු බෑග් එක කරේ එල්ලන් කැමරාව හිත මිතුරා කරගෙන මට මගේ ගමන යන්න කාලේ හරි.. පලවෙනි අභියෝගය තමා පටන් ගැන්ම.. හීන ජිවත් කරන්න ඕනේ නම් කොහෙන් හරි පටන් ගන්නම වෙනවා.. මගේ තේරීම මගේ හීන.. ඒවා කොයි කවුරුත් කියන විදියට වෙනස් කරන්න බැහැ..
අර කිව්වත් වගේ පැරිස් ගිහින් ආදරේ නගරේ සැරිසරන්න.. ජපන් සකුරා මල් වල අසිරිය විදින්න.. ඇලවෙච්ච පීසා කුලුන කෙලින් කරන්න නෙවේ ලගින් ඉදන් සිරි නරඹන්න.. මහා රෑ ටත් සීතලේ පාරවල් දිගේ ඇවිද යන්න.. හිම වැටෙන නත්තලේ හිම බෝල එක්ක සෙල්ලන් කරන්න.. අහසට උසට නැගුනු කදු තරණය කරන්න.. මහා රෑට ඇහැරගෙන ගිනි මැලයක් ලග ඉදන් අහසේ තරු රටා ගනින්න.. මේ තමා හොදම කාලේ.. තාරුණ්‍යට අරුතක් දෙන්න..

ඒ සංචාරය කරන හැම තැනක්ම පුළු පුළුවන් හැටියට සටහන් තියන්නයි මගේ සුදානම.. ඉතින් මොනරිත් එක්ක ඒ සංචාරක සටහන් කියවන්න ඔයාලටත් එන්න පුළුවනි ඉස්සරහට...
Published on July 16, 2014 19:30
July 3, 2014
ගිම්හානය, නුඹ නෑවිත් ඉන්න..
" මම ආදරෙයි ඔයාට.. "
" එපා.. "
" ඇයි ඒ ?? ඇයි එපා ?? "
" මට ඔයාට ආදරේ කරන්න බෑ සස්මිත.. "
" ඇයි බැරි.. "
" බැරි නිසා.. "
" මම අහන්නේ ඒක තමා.. ඇයි එපා කියන්නේ... ඇයි මට ආදරේ කරන්න බෑ කියන්නේ ??
" දන්නේ නැහැ.. "
" නිම්නා.. මාව පිස්සු වට්ටන්න එපා දෙයියනේ.. "
යුවතිය 174 බස් රථයේ ජනේලයෙන් එහා පැත්තේ එක සීරුවට වැටෙන වැස්ස දිහා බලාගෙන කල්පනාවක..
අර තරුණයා තාමත් යුවතියගේ මුහුණ දිහා බලාගෙන පිළිතුරක් හොයනවා..
" නිම්නා.. "
ඒත් යුවතිය නිහඩයි..
" ඔයාට මාව අවිශ්වාස ද ?? "
ආයෙත් නිහැඩියාවක්...
" නිම්නා කියන්න.. ඔයාට මාව වදයක් ද ?? "
යුවතිය තාමත් ජනේලයෙන් පිටත බලාගෙන.. මුවින් කතා නොකෙරුවත් යුවතියගේ ඈස් හරි හරියට කතා කරන්න පටන් අරන් දැන් ගොඩක් වෙලා.. ඒත් ඒ තරුණයාට නොදැනෙන්න..
පිටත කඩා වැටෙන මොර සුරන වැස්සටත් වැඩිය ඉක්මනින් කඩා වැටෙන ඒ කදුළු බිදු වලින් බොහෝ දේ කියා පානවා..
" ඔයා අඩනවා ද ?? ඇයි මේ.. ?? "
යුවතියගේ ඇහි දාර දිගේ ඇවිත් කහ පාට ගවුමේ ලමැද හරියට වෙන්න වැටිලා තිබුණ වියැකී යන කදුළු බින්දුව ඔහු දැකලා වගේ..
යුවතිය තමාත් නිහඩයි.. ඒත් තරුණයාගේ මුහුණ දැක්කාම නම් තව එක මොහොතකින් ඔහුත් ඈස් වලින් හුගක් දේ කියන්න පටන් ගන්න බව නියතයි..
" මම යනවා.. "
මෙච්චර වෙලා ගහක් ගලක් වගේ නිහඩව උන්නේ ඇය පොත් ටිකත් අරන් නැගිටලා හිතන්නත් කලින්..
තරුණයාත් ඇය පසුපස බස් රථයෙන් බැස ගන්න දිව ගියා..
ඔවුන් හොයා යන්න හිත බලකරපු නිසාම මමත් 174 බසයට සමු දීලා ඔවුන් ගිය මග හෙව්වා.
මහා වැස්සට තෙමෙන යුවතිය අතින් ඇද ගෙන තරුණයා ටැක්සියට ගොඩ වෙනු පෙනුනා..
ගමනාන්තය - අහස උසට තාප්ප බැදුණු සුවිසල් මැදුරක් ලග..
අපත් හිමිහිට ඔවුන් පසුපස ඇදෙමු..
අපුරුයි.. සුවිසල් මැදුරක්ම නෙවේ කලාගාරයක්..
හැම තැනක්ම නිහඩයි, සොදුරුයි , අපුරුයි.
අපුරු පරිසරයක් මැද ගොඩ නැගුනු සොබාදහම් සුන්දරත්වයේ සංකේතයක්..
කළුවර ලියෙන් ඉහලට තැනුණු පඩිපෙළ පාමුල බිම හිදගත් යුවතිය හිමිහිට හිස එසෙව්වා..
" සස්මිත.. "
" ම්ම්ම්.. "
තරුණයත් ඊට ටිකක් විතර මෙහායින් යුවතිය ලගම ටයිල් පොලවේ බිම වාඩිගෙන..
" මේ කොහේද ??? "
" කතා කරන්න පුළුවන් නිදහස් තැනක්.. "
" හ්ම්ම්.. "
" ඔයාට බය ද ?? "
" මොකටද.. ?? "
" මං එක්ක තනියම ඉන්න.. "
" නැහැ.. "
තරුණයාගේ මුහුණට යම් අස්වැසිල්ලක සේයාවක් ඇවිත් ගියා වගේ..
" එහෙනම් ඇයි අරහෙම කිව්වේ.. ?? "
" කොහොමද.. ?? "
" මාව එපා කියලා.. "
තත්පරයක්.. දෙකක්... තත්පර 120ක් ගියත් ඇය තාමත් නිහඩය..
" නිම්නා.. "
" ඇයි ඔයා මට අද ආදරේ කරේ සස්මිත.. "
" දන්නේ නැහැ.. ඒත් ඔයාව දැක්ක දා ඉදන් මට ඔයාව ඕනා වුනා..ඔයාට ආදරේ කරන්න , ලගින් ඉන්න ඕනා වුනා.. "
" මම ගැන මොකුත් දන්නේ නැතිව !! "
" මම ආදරේ කරේ ඔයාට නේ දරුවෝ.. ඔයා කවුරු වුනත් කොහොම වුනත් මට ඕනා වුනේ ඔයාව විතරයි.. "
" හ්ම්ම්.. "
" නිම්නා.. මම දෙයක් අහන්නම්.. මට ඇත්තම කියනවා ද ?? "
ඇය ආයෙත් නිහඩය..
" නිම්නා, ඇයි මට ආදරේ කරන්න බැරි.. ?? ඔයාට මාව ඒ තරම්ම කාලකන්නියෙක් ද නිම්නා.. "
ඒත් ඇය තාමත් නිහඩය..
සබද , ඉලන්දරියෙකු ජිවිතයේ හැඩිය යුතු අයෙකු නොවේ.. නමුත් සංවේදී විය යුතු තැන සංවේදී වන්නේ නිරායාසයෙනි.. එය බොලද කමක් ලෙස ගත යුතු නොවේ..
බරැති කදුලැල් දෙකක් තරුණයාගේ රැවුල් කොට අතරින් ගලා ගියේ ඉක්මන් ගමනිනි..
ඒ සමගම තරුණයා නැගිට උඩුමහලට දිවෙන පිය ගැට පෙළ තරණය කර ඉවත ගියේය..
. ගල් පිළිමයක් සදිසිව ඇය තාමත් එතන.. ඔහු ලුහු බැද යන්නට වඩා යුවතිය අසල රැදෙන්නට සිත දුන් නිසාම රැදුනෙමි.. එහෙත් ඇය සනසන්නට අපට නොහැකිය.. කල හැක්කේ බලා හිදිම පමණි.. හෝරාවක්.. නැහැ දෙකක් යන්නට ඇති.. ඇය හිස එසෙව්වේ එතකොට..
මුහුණේ ලවණ ගතියයි. ඉදිමුණු ඇසුයි.. ඇය හැඩු බවට සාක්ෂි..
හුන් තැනින් නැගී සිටි ඈ හිමිහිට ඔහු ගිය මග යන්න ට විය..
" සස්මිත.. "
ඇසෙන නැසෙන හඩින් ඇය ඔහු ඇමතුවාය..
" ම්ම්ම්ම්.. "
හඩ නැගුනේ උඩුමහලේ තැනකිනි..
උඩුමහල් සාලයේ සෝපාවක් මත දිග ඇදී දෑස් පියා ගත් ඔහු...
ඇය හිමිහිට ගොස් ඔහු පාමුල පොලව මත අසුන් ගත්තාය..
" සස්මිත.. "
" ම්.. "
" හා.. "
" මොකක්ද ?? "
" ඔයා අහපු දේට.. "
" නිම්නා... !!!! "
සෝපාව මත හුන් ඔහු දුන්නක් මෙන් කෙලින් විය..
රටක් රාජ්ජයක් දිනු සතුටකින් ඔහු..
" ඒත්.. "
ආයෙමත් ඇය හඩ නැගුවා..
" මම හැමදාමත් ඔයා ලගින් ඉන්නේ නැහැ.. ඉක්මනටම යනවා.. සමහර විට අද හෙටම.. ඒකයි මෙච්චර කල් ඔයාට උත්තරයක් නොදුන්නේ.. "
ඇය හෙමි හෙමින් වචන ඇහිදින්නිය..
" නිම්නා !! මට තේරෙන්නේ නැහැ.. ඔයා මො..කක් ගැනද කියන්නේ.."
බිය , සැක , කුතුහලය දරාගෙන ඔහු..
" ආච්චි අම්මයි.. අම්මයි වගේම මටත් යන්න වෙනවා සස්මිත.. දන්න දා ඉදන් ආදරේ කරාට නොකිව්වේ ඔයාට බරක් වෙන්නවත් දුකක් දෙන්නවත් කැමති නැති නිසා.. "
" ආච්චි අම්මයි !! අම්මයි !! ඒ කියන්නේ ?? "
" බ්ලඩ් කැන්සර් එකක්.. "
" නිම්නා.. !!! "
ඔහු වේදනාවෙනි...
ඇය හැගීම් දැනීම් විරහිත ගල් රුවක් සදිසිය.. නිහඩය..
ආයෙත් අපිට ඔවුන් වේදනා දරන තෙක් නිහඩව බලා හිදින්නට වෙනවා ය..
තත්පර කටුව විනාඩි කටුව නිහඩතාවය බිදිමින් හඩ දෙයි..
මොහොතකට පසු ඔහු සෝපාවෙන් නැගිට ඇය හිද වුන් සීතල පොලව මත ඇයට ලංව හිද ගත්තේය..
" නිම්නා.. "
ඔහුගේ තැන්පත් , ස්ථිරාසාර , ගැඹුරු කටහඩ..
" ආදරේ කරේ ඔයාව නැති කර ගන්නවත් ඔයාට එහෙම යන්න දෙන්නවත් නෙවේ.. මගේ ජිවිතේ අන්තිම ලේ බින්දුව වෙනකම් හරි මම ඔයාව රැක ගන්නවා නිම්නා.. "
ඇය නිහඩව තාමත් ටයිල් පොලවේ රටා ගනිනවාය..
" නිම්නා.. මේ ගෙදර ඉදන් මම හීන මැවුවේ ඔයාව එක්ක මේ ගෙදර සතුටින් ඉන්න.. මං මේ ගෙදර හැදුවේ ඔයා වෙනුවෙන්.. අපි බදිමු අදම... ඊට පස්සේ මේ ගෙදර ඉදන් හීන හැබෑ කර ගමු.. කවදාහරි යන්න වුනොත් තනියම නෙවේ අපි දෙන්නම එකටම යමු.. නිම්නා , මේ ජිවිතේ කවදාහරි හරි නවතීවි.. එත් අපේ ආදරේ කවදාවත් නවතින්නේ නැහැ.. "
" මම ඔයාට ආදරෙයි.. මටත් වැඩිය.. ඔයාට කලිනුත් කිව්වා වගේම ඔයා කොහොම වුනත් කවුරු වුනත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්.. මං ආදරේ කරේ ඔයාව නැති කර ගන්න නෙවේ නිම්නා.. අයිති කර ගන්න මටම.. හැමදාටම.. "
කියන්න තිබු සියල්ල කියා දැමු තරුණයා ඇයගේ දකුණත තම සුරතින් අර ගත්තේය..
ඇය තාමත් නිහඩව බිම බලාගත් ගමන්..ඒත් ඇය පාමුල ටයිල් කට මත දිලිසෙන කදුළු බිදු ඇය හිතින් දොඩමලු වෙනවාට නිදසුන්ය...
මොහොතක් ඇය දෙස බලා හුන් ඔහු ඊලග තත්පරයේ දී ඇයව ඇද තදින් තම ලයට තද කර ගත්තේ ය..
ඉතින් , ඔවුන්ට පාඩුවේ හඩා සිත් සදා ගන්නට ඉඩ දී ආපසු එන්නට හැරුනෙමි..
" සස්මිත.. "
ඉකිගැසුම් මැදින් ඔවුන් දොඩමලු වෙනවා පිය ගැට පෙළ බැස යන මගේ සවනත වැකුණි..
" මට දාලා යන්න බැහැ සස්මිත.. මට.. මට මැරෙන්න බැහැ.. "
" මම යන්න දෙන්නෙත් නැහැ නිම්නා.. කවදාවත් මම නැතිව යන්න දෙන්නේ නැහැ.. "

- නිමි -
ප . ලි - මේ මං ලිව්වා දෙවෙනි කෙටි කතාව ද කොහේදෝ ය.. ( මේකට කෙටි කතාවක් කියන්න පුළුවන් ද මන්ද ) පළවෙනි කෙටිකතාව ලිව්වේ 10 වසරේදී ය..
මොන හේතුවකට ද මන්දා කවි ලිව්වත් මගේ අතින් කෙටි කතා ලියවෙන්නේ නැති තරම්.. ලියවුණොත් ඒ අහම්බෙන්..
මේ දවස් වල නිදි මරාගෙන උසස් පෙල විභාගේට පාඩම් කරනකොට කම්මැලි කම යන්නත් එක්ක කටු වැඩ කොළ වල එහෙම අහම්බෙන් ලිව්වා කෙටි කතාව තමා මේ.. :D
අඩු පාඩුත් නැති වෙන්න බැහැ.. කියවලා එහෙම විචාරයක් දෙන්නකෝ එහෙනම්...
Published on July 03, 2014 13:30
July 1, 2014
- විනිවිද -
ලෝකය අදුරුය
සවන් පෙති විවරය
ජිවිත මං පෙතේ
තරණය කෙරුමට
රගහල අදුරේය
සංවේදනා සොදුරුය
මියුරු ගී නාදයෙන්
වශීකෘත වූ මනසට
රතු ද කොළ ද කහ ද
නෙක වර්ණ ද
කියා නොහදුනමි
සුදු කළු හැරුණු කල
නුඹ පියවි ඇසින් බලා
හැදිනගත් සමනල
ලෝකයට වඩා
ගනදුරේ සෙවනැල්ලෙන්
පිරි ඉතිරි ගිය ද
මගේ විනිවිද ලෝකය
සොදුරු ය සරල ය
නුඹේ ලොවේ
රුදුරු බවට වඩා
සවන් පෙති විවරය
ජිවිත මං පෙතේ
තරණය කෙරුමට
රගහල අදුරේය
සංවේදනා සොදුරුය
මියුරු ගී නාදයෙන්
වශීකෘත වූ මනසට
රතු ද කොළ ද කහ ද
නෙක වර්ණ ද
කියා නොහදුනමි
සුදු කළු හැරුණු කල
නුඹ පියවි ඇසින් බලා
හැදිනගත් සමනල
ලෝකයට වඩා
ගනදුරේ සෙවනැල්ලෙන්
පිරි ඉතිරි ගිය ද
මගේ විනිවිද ලෝකය
සොදුරු ය සරල ය
නුඹේ ලොවේ
රුදුරු බවට වඩා
Published on July 01, 2014 09:30