Aruni Kalupahana's Blog, page 2
July 11, 2017
හිත අස්සේ පොදි ගැහෙන නෙක හීන ගෙත්තම්
හිත අස්සේ පොදි ගැහෙන
නෙක හීන ගෙත්තම්
කොදුරමින් මට කියන්නෙම
ලියන්න ලියන්න ඔබ ගැන
හිතුමතේ මමත් ඔහේ
ලියනකොට එහෙම
ඔබ අහන්නේම මගෙන්
ඇයි ලියන්නේ මම ගැන
ඔබ ඔය තරම් ආදරේ ද මට
ආදරේ කවියක් වගේ
ලේසියට ලියන්නේ කොහොම
එලිසමය වගේ සිරුවට
ඉතින් රැකගන්නේ කොහොම
මන් ප්‍රශ්න වලින් පනින්නේ එහෙම
දුරකතනයෙන් එබෙන සද
ඔබ දන්නවාද මා ආදරෙයි ඔබට
හිතන්නවත් බැරි තරමට
කවියක් අමුනා විසිකරන්නට
ආදරේ කර කුමට ද අප දෙදෙන
ආදරය කල යුතුයි දවසක
සියවස් ගණනක් සෙල් ලිපිවල
මැකි නොයා ලියවෙන තරමට
ඒකට ඔබ සාලිය විය යුතුයි
නොවි තවත් කස්සප රජෙකු
ඒ නිසයි මම තවමත් නිහඩ..
#අරුණි
නෙක හීන ගෙත්තම්
කොදුරමින් මට කියන්නෙම
ලියන්න ලියන්න ඔබ ගැන
හිතුමතේ මමත් ඔහේ
ලියනකොට එහෙම
ඔබ අහන්නේම මගෙන්
ඇයි ලියන්නේ මම ගැන
ඔබ ඔය තරම් ආදරේ ද මට
ආදරේ කවියක් වගේ
ලේසියට ලියන්නේ කොහොම
එලිසමය වගේ සිරුවට
ඉතින් රැකගන්නේ කොහොම
මන් ප්‍රශ්න වලින් පනින්නේ එහෙම
දුරකතනයෙන් එබෙන සද
ඔබ දන්නවාද මා ආදරෙයි ඔබට
හිතන්නවත් බැරි තරමට
කවියක් අමුනා විසිකරන්නට
ආදරේ කර කුමට ද අප දෙදෙන
ආදරය කල යුතුයි දවසක
සියවස් ගණනක් සෙල් ලිපිවල
මැකි නොයා ලියවෙන තරමට
ඒකට ඔබ සාලිය විය යුතුයි
නොවි තවත් කස්සප රජෙකු
ඒ නිසයි මම තවමත් නිහඩ..
#අරුණි
Published on July 11, 2017 22:37
July 8, 2017
මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ?
හැම හමුවීමකටම අරුතක් තියෙනවා. මානවී කියන්නේ එහෙම. මානවි එහෙම කිව්වට විශ්වගෙයි මගෙයි තියෙන හමුවීමේ අරුත මොකක්ද කියලා මන් තාම හිතනවා. විශ්ව කියන්නේ හරිම ලස්සන කටහඩක් තියෙන කෙනෙක්. ඔහුට කෙටියෙන් ගායකයෙක් කියලා කොටු කරලා දාන්න මට හිතෙන්නේ නැහැ. විශ්වගේ කටහඩ ඇහෙද්දී ස්වර්ගයේ දොරටු විවෘත වෙලා දේවදුතයෝ එබිලා බලන් ඉන්නවා ඇති කියලයි මානවි නම් විහිලුවට කියන්නේ. මට නම් ඇත්තටම එහෙම හිතෙනවා. එයා ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියද්දී සමනලයෙක් වගේ වටෙටම පියඹලා නටන්නමයි මට හිතෙන්නේ..
මානවිගේ ජිවිතේ ගෙවෙන්නේ කැමරාව එක්ක. මානවි එක්ක නුවර වීදී දිගේ ෆොටෝ ගහන්න ඇවිදනකොට ඇද හැලුන තුනී මල් වැස්ස එක පාර කැට වැස්සක් වෙලා පහර දෙන්න ගත්තු නිසාම අපි දුවගෙන ගියේ ලග තිබුණු කොෆි අවන්හලට. විශ්ව හිටියේ එතන. පෙනුමට ඔහු එම අවන්හලට නිතර යන එන කෙනෙක් වගේ පෙනුනා. මොකද සේවකයෝ එක්ක සුහද කතාබහක හිටපු නිසා. අපි හැරුණු අවන්හලේ හිටියේ විශ්වයි සේවකයිනුයි විතරයි. ආ තව විශ්ව ලගම ගිටාර් එකකුත් තිබ්බා. දුම් දමන කොෆි බදුන් එක්ක මමයි මානවියි කැමරාවේ ෆොටෝස් බල බලා ඉද්දි එකවර ඇහුනේ මට කවදාවත් අමතක නොවෙන ඒ තාලයක් මුමුණපු කටහඩ.. munbe vaa.. ඒක තමා සින්දුව. හිටපු විදියටම ටිකක් වෙලා ඇහුන්කම් දීගෙන හිටපු මමයි මානවියි ඊළගට පුදුමයෙන් එකවරම හැරිලා බැලුවේ ඔහු දිහාවේ.
හීනි දිගටි ඇස් කැරලි කොන්ඩේ එක්ක තලෙළු මුහුණ.. කටහඩ වගේ ඔහුගේ පෙනුමත් කඩවසම්.. අපි බලන් ඉන්නවා දැක්ක ද නොදැක්කා වගේ හිටියා ද අනේ මන්දා. ඇස් දෙකත් වහගෙන ගීතයටම සම වැදිලා හිටපු විශ්වගේ ඇගිලි ගිටාරයේ තත් පුරා දිව්වේ වගේ වගක් නැතිව අකීකරුව. මගේ අයිෆෝන් කැමරාවෙන් ගත්තු ඒ පලවෙනි ලස්සන මතක සටහන ඒ වීඩියෝව මගේ ෆෝන් එක තාම දාරාගෙන ඉන්නවා. හැම තැනම සමනල්ලු මට ඒ වෙලේ නම් හිතුනෙම එහෙම.
මානවි නම් ගීතය අවසානයේ නැගිටලා අත්පුඩි ගැහුවා විතරක් නෙවෙයි ලගට ගිහින් සුභ පැතුවා. එයා විශ්ව කියලත් මට කිව්වේ මානවි. හැබැයි මට පුළුවන් හිටපු විදියටම ගල් වෙලා සමනල්ලු ගැන හිත හිතා ඉන්න විතරයි. හිනාවෙන්න තියා කම්මුලක් ලාවට හොලවන්නත් බැරි විදියට මාව ගල් වෙලා තිබුනා. ඒ වීඩියෝ එක බලන හැම වෙලාවේම ඒ හැගීම තවමත් එහෙමයි.
සතියක් ගෙවෙන්න ඇති දෙකක් නැති නම්... දවසක් මගේ දුරකථන ඇමතුමක් ලැබුනා. හෙලෝ කියන්න විතරයි හම්බුනේ.. එහා කෙලවරින් ආයෙත් munbe vaa ගීතය. දෙවියනේ.. ඒ කටහඩ. එදත් මම පුදුම වෙලා බලන් අහන් හිටියා.
“ තවමත් මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ? හිනා වෙන්න අමතකද රධ්‍යා.. “
ඔහු ඇහුවේ එහෙම. මානවි තමා සේරම කරන්නේ. ඉතින් අපි කතා කරා. දවස් ගෙවනකම් මැදියම් රැයවල් පාන්දර ජාමේ ගෙවනකම් අපි කතා කරා. තාමත් එහෙමයි. ඒක නිමක් නොවෙන සංවාදයක්. ඒ වගේම ඔහු මට තාල මිමිණුවා. මටම අලුත් වචන එක්ක තාල හැදුවා. හැබැයි තාමත් munbe vaa කියද්දී මට දැනෙන හැගීම එහෙමයි.
“ රධ්‍යා මට ආදරේ ද ? රධ්‍යා අපි අපේ කවුද ? රධ්‍යා අපි හොදම යාළුවො ද ? රධ්‍යා තවමත් අපි ආගන්තුකයෝ ද ? “
ඔහු කවදාවත් මගෙන් එහෙම ඇහුවේ නැහැ. මමත් නැහැ. හැබැයි ඒ වචන තාල නම් ආදරේ පිරිලා තිබුනා කියලා මට හොදටම දැනුනා. තාමත් දැනෙනවා. එක දවසක් විශ්වට මට කතා කරන්න බැරි වුනොත් ඒ නිසාම වෙන්න ඇති මගේ මුළු ලෝකෙම හිස් වෙලා එපාම වෙලා තියෙන්නේ. වම් උරහිසේ ගිටාරයක් එල්ලගෙන උරහිසට දික් වුන කැරලි කොන්ඩේ එක්ක හිනි දිගටි ඇස් වලින් මන් දිහාවේ බලාගෙන දකුණු අතින් මගේ අත තදට අල්ලගෙන ඔහේ නුවර විදි දිගේ ඇවිදගෙන යන රූපයක් මගේ හිතේ හැමදාම හොල්මන් කරනවා. කොෆි ෂොප් එකේ දෙපැත්තෙන් ඉදගෙන මුහුණට මුහුණ බලාගෙන ආදරණිය තාල මුමුණන රූපෙකුත් ඒ ලගින්ම තියෙනවා. විශ්ව දන්නේ නැතිවාට. හැබයි මන් හැරෙනකොට මොකද කරන්නේ කියන විශ්ව ඒක නොදැන ඉන්න විදියකුත් නැහැ.
කොහොම වුනත් අපි අපේ කවුද අපේ හමුවීමේ අරුත මොකද කියලා නොදැන හිටියාට මේ හමුවීම නම් කවදාවත් වෙන් නොවෙන හමුවීමක් කියලා මට දැනෙනවා. ඒ හැගීම මට ඇති. ස්වර්ගයෙන් පාවෙලා එන සමනලුන්ටත් වැඩිය. හැම හමුවීමක් ම ආදරෙයි කියලා ආදරේ කරලා නැවතුමක් හොයාගෙන ඕනි ද ? ආදරයයි ආගන්තුකමයි අතර අවකාශයේ හැගීමක අපිට ජිවත් වෙන්නම බැරි ද ? හැම බැදීමටම හැගීමට නමක් දීලා සීල් කරන්න ඕනි ද ? ආදරේ කියලා කටින් කිව්වේ නැති නම් ආදරේ දැනෙන්නේ නැති ද ?? සංගීතයේ සප්ත හඬ ස්වර එක්ක අකීකරු ගිටාරයේ මුරණ්ඩු තාල කියන්නෙම ආදරේ ගැන නෙවේ ද ? ඒවා තමයි මගේ හිතේ හැම තිස්සෙම දැවෙන ප්‍රශ්න.. හැබැයි කොෆි කප් එකයි ගිටාර් එකයි අර හිතුවක්කාර කැරලි කොන්ඩේයි ඒ කටහඩයි මට ඇහෙන දැනෙන මානේ ඉන්නවා නම් හැමදාම මට සංසාරේ කොච්චර දුර වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර ඕනි නැහැ. ඒ ස්වර්ගීය හැඟීම ඒ සමනල්ලු ඒ දැනෙන ආදරණිය සිතුවිලි මට ඇති. ඉතින් හැම හමුවීමකට අරුතක් තිබුනාට ඒවාට නම් වර්ණ ගන්වලා පැත්තකින් තියන්න මට නම් ඕනි නැහැ. මට ඕනි හැමදාම මේ විදියට ඒ මොහොතට ආදරෙන් සදහටම ඒ හැගීම් එක්ක ජිවත් වෙන්න.
අරුණි කළුපහන

Published on July 08, 2017 08:42
July 7, 2017
නික්ම ගිය සද
තනිකම හිත යට
තනියම හඩන කොට
නුඹ උන්නා නම් හිතුණු දවස්
මහා හුගක් තිබුණා
මැදියම් රැයේ හිත ඇහැරී
පසෙකින් නුඹ නැති වග දැනී
ඉකිබිදුමත් මහා වැස්සක් වුණු
දින සති දිගටම ගෙවුණා
ආයෙත් ආයෙත් ඔබ ඒවි ද
පෙර දවසක වාගේ හිනැහීගෙනම
හිත හෙමිහිට අහනවාත්
මොහොතකට මට දැනුණා
ඇය හා නුඹ ගිය දවසේම
නුඹේ මලගම මම සිදුකල වග
සිතටත් අමතකව ඇති බව දැනී
ආයේ ආයේම මට මන් ගැනම
හොදටෝම දුක හිතුණා
අරුණි
Published on July 07, 2017 08:02
දුරකථන මුහුණතේ අයිතිකරු වූ ඔබට
ගිනියම් මද්දහනක පියවර මැද
සිතට සිසිලස දුන් මගේ සද ඔබ
දෑසින් දෑස අල්ලා රහසක් කියා
සිත හොරකම් කල දෑසමන් මල ඔබ
ඇහි පියන් රිදුම් දී
කදුලක් හිනැහෙන විට
මුවගින් සිනා මල් ගෙන
පින්තාරුවක් විලසින්
දුරකතනයෙන් එබෙන සද
රෑ මැදියමේ හදිසියෙන් එබී බලා
හෙමිහිට නික්මෙන සෙත් කවිය ඔබ
ලොවක් ලියන නෙක කවි මැද
මට ලියන්නට ඕනා එකම සිත ඔබ
සින්නකරව ලියු නෙක කවි අතර
ඔබ විතරක් නොමැති වුනොත් මට
මේ කවිකම් දරා කුමට ද
ඒ තරම් ඔබ වටිනවා මට
#Aruni
Published on July 07, 2017 08:00
July 4, 2017
ඔබට
ඉදහිට ලියවෙන කවියක
ලග රැදී තාලය
ඔබ නොවන වග
ඔහොමට පුන පුනා
ඔබ කියන්නේ කොහොම
සිරුවට එකතුවන වචන අස්සෙන්
සොදුරු රහසක් කියවෙනා අපුරුව
මම කියන්නටම ඕනි ද ඔබට
කවියකින් සාස්තර බලන හැඩ
ඔබ දන්නවා කවියක් උපදින විට
වේදනාවන් පවා මිහිරි වන වග
ඒ මතක හිත යට තියාන
විදවනා කවි සිත ඉතින් තව කුමට ද
කවියකින් සිත සුළගට ලියා තියා
විදවීම පවා මිහිරිව විදිනවා මිසක
- අරුණි
ලග රැදී තාලය
ඔබ නොවන වග
ඔහොමට පුන පුනා
ඔබ කියන්නේ කොහොම
සිරුවට එකතුවන වචන අස්සෙන්
සොදුරු රහසක් කියවෙනා අපුරුව
මම කියන්නටම ඕනි ද ඔබට
කවියකින් සාස්තර බලන හැඩ
ඔබ දන්නවා කවියක් උපදින විට
වේදනාවන් පවා මිහිරි වන වග
ඒ මතක හිත යට තියාන
විදවනා කවි සිත ඉතින් තව කුමට ද
කවියකින් සිත සුළගට ලියා තියා
විදවීම පවා මිහිරිව විදිනවා මිසක
- අරුණි
Published on July 04, 2017 06:47
July 3, 2017
,,,,,,
රළ නගන සයුර ඇවිත් නිතර
වෙරළ කොනේ ගල් පිළිමෙට
මුදු හාදුවක් දී යනෙනා හැඩ
සොදුරු දසුනක්ලු කවියෝ දකින
මායාකාරියකගේ සාපයෙන් ගල්ව
ඔහේ බලා හිදින්නට වුනත් අද
ඇයත් කුමරියකි පෙර දවසක
කුමරෙකුගේ දෑතට තුරුලුව
මේ රළ අතරේම පිය මැන්න
එදවස දෑස් අයා ප්‍රේමය අයදපු
දෑත් විහිදා තුරුලට යන්නට හදපු
ඇය ද සාපලත් ගැහැණියකි අද
අකාලයේ පෙම්බරා අහිමි වු
මායාවේ වෙසගන ඔහු සගවනු
නිහඩව බලා හිදන්නට සිදුවුණු
වෙරළේ රළ අතර ඔහු
තවම හුස්ම හොයනවා ඇති
ගල් පිලිමයේ මලානික දෑස් මතින්
ඇයද රළ දෙස බලා හිදිනවා ඇති
හිස් බැල්මට හිස් බැල්මක් හමුව
එක්වන්නට බැරි සිතකින්
සෝ සුසුම් හෙලනවා ඇති
හැපි හැපී හඩන රළ අතරේ
ඔහේ හඩ හඩා තවම ඇවිදිනවාත් ඇති
වෙරළ කොනේ ගල් පිළිමෙට
මුදු හාදුවක් දී යනෙනා හැඩ
සොදුරු දසුනක්ලු කවියෝ දකින
මායාකාරියකගේ සාපයෙන් ගල්ව
ඔහේ බලා හිදින්නට වුනත් අද
ඇයත් කුමරියකි පෙර දවසක
කුමරෙකුගේ දෑතට තුරුලුව
මේ රළ අතරේම පිය මැන්න
එදවස දෑස් අයා ප්‍රේමය අයදපු
දෑත් විහිදා තුරුලට යන්නට හදපු
ඇය ද සාපලත් ගැහැණියකි අද
අකාලයේ පෙම්බරා අහිමි වු
මායාවේ වෙසගන ඔහු සගවනු
නිහඩව බලා හිදන්නට සිදුවුණු
වෙරළේ රළ අතර ඔහු
තවම හුස්ම හොයනවා ඇති
ගල් පිලිමයේ මලානික දෑස් මතින්
ඇයද රළ දෙස බලා හිදිනවා ඇති
හිස් බැල්මට හිස් බැල්මක් හමුව
එක්වන්නට බැරි සිතකින්
සෝ සුසුම් හෙලනවා ඇති
හැපි හැපී හඩන රළ අතරේ
ඔහේ හඩ හඩා තවම ඇවිදිනවාත් ඇති
Published on July 03, 2017 06:00
June 20, 2017
ආදරයට කරන්න බැරි දෙයක් නැහැ
ඒ 2013 අවුරුද්දයි. වෙලාව රාත්‍රී දෙක වෙලා මොහොතක් ගත වුනා පමණයි. තද නින්දකට වැටි සිටි බොන් ජෝවී තිගැස්සී ඇහැරුනේ දිගින් දිගටම නාද වූ දුරකථනය නිසාවෙන්. දුරකථනයට පිළිතුරු දුන් ඔහුට අත්විදින්නට වුනේ ජිවිතයේ වේදනාකාරිම අත්දැකීම යැයි ඔහු පසුකලෙක පුවත්පතකට ද පැවසුවා. එදා දුරකතනයේ අනිත් කෙලවරින් ඇය දිගින් දිගටම කෑ ගසා හැඩුවා. තමන් මෙලොව වඩාත් ආදරය කරන වේදනාවෙන් පිරිණු ඒ කටහඩ ඇසුණු බොන් ජෝවීගේ හදවත මොහොතකට නතර වෙන්න ඇති. ඉහලට ගත්තු හුස්ම පහතට හෙලා ගන්න බැරිව හිර වෙන්න ඇති.
“ මම හොදින්.. මම හොදින් තාත්තා.. “ එසේ කියමින් වුව ද ඇය තව තවත් හඩා වැටුනා. අවසානයේ සිදු වූ සියල්ල ඇය හඩා වැටෙමින් ම පැවසුවා. ඒ 19 වියැති ස්ටෙෆනි රෝස්, බොන් ජෝවීගේ පණ හා සම වූ එකම දියණිය. අධි මාත්‍රවෙන් හෙරොයින් ශරීර ගත වීම නිසාවෙන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ කාමරයක් මත සිහි මුර්ජා වෙලා වැටිලා හිටපු ස්ටෙෆ්නි ව මිතුරු මිතුරියන් රෝහල් ගත කරලා තිබුනා.
එතනින් එළඹුණේ ස්ටෙෆනිගේ ජිවිතයේ අදුරුතම කාලය. මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම, මත් ද්‍රව්‍ය භාවිතය, සහ කෙටි කලක් තුල අධික ප්‍රමාණයක් පෙම් සබදතාවන් හි පැටලීම වැනි කරුණු කාරනා නිසාවෙන් ස්ටෙෆනි දෙසට මුළු ලෝකයම ඇගිල්ල දිගු කරා. ලෝ ප්‍රකට ගායක බොන් ජෝවීගේ දියණිය වූ නිසාවෙන් ම ඇයට අනවශ්‍ය අවධානයක් ද යොමු වුනේ තත්වය තවත් නරක පැත්තට හරවමින්.
සෑම දියණියකගේම වීරයා ඇයගේ පියා. ඒ වගේම බොහෝ පියවරුන්ගේ ප්‍රාණය සම වෙන්නේ තමන්ගේ දියණියයි. ඒ ලෝක ධර්මතාවය බොන් ජෝවීටත් ස්ටෙෆනි රෝස්ටත් වෙනස් වුනේ නැහැ. කෙතරම් ලෝ ප්‍රකට වුව ද කොයිතරම් නම් කාර්ය බහුල වුව ද බොන් ජෝවී පෙරටත් වඩා එතැන් පටන් ස්ටෙෆනිට වෙනුවෙන් සිය ජීවිතය වෙන් කළා. හැම මොහොතකම ඇය අසල රැදෙමින් ඇයට මග පෙන්නුවා. ලෝකයක් ඇගිල්ල දිගු කල ද බොන් ජෝවී සිය දියණියට ඇගිල්ල දිගු කරේ නැහැ. බොහෝ මව්පියන්ට මුහුණ දෙන්නට වෙන තවත් එක සිදුවීමක් ලෙසින් එම සිදුවීම බැහැර කල ඔහු ස්ටෙෆනි වෙනුවෙන් ලෝකය ඉදිරියේ හඩ අවදි කරා. වචනයේ නියාර්ථයෙන් ඔහු පියෙකුගේ වගකීම නිසි ලෙසින් ඉටු කලා. ඒ මිට වසර හතරකට පමණ පෙරයි.
නමුත් බොන් ජෝවී ස්ටෙෆනි කෙරෙහි තමන් ආදරය ලෝකයට මුලින්ම කියන්නේ ඇයට වයස අවුරුදු 5ක් එළඹෙද්දී. 1993 දී ලොව එලිය දකින ස්ටෙෆනි බොන් ජෝවීගේ සහ ඔහුගේ පාසල් කාලයේ පටන් වසර 27ක ප්‍රේමයේ උරුමකාරිය වුනු ඩොරතිගේත් දියණියයි. දියණිය සමගින් තමන්ගේ ජීවිතය වෙනස් වන අයුරු කියවෙන I Got The Girl ගීතය ඔහු ලියන්නේ ස්ටෙෆනිටයි. ඇය මගේ ජිවිතේ ඔටුන්න හිමි කුමාරියි. මගේ ලෝකේ රැජිනයි. දවසක කවුරුන් හරි ඇවිදින් ඇය ව රැගෙන යාවි. ඔහුගේ ජිවිතේට. මුලින්ම හිටපු මගේ පුංචි කෙල්ල, උස් මහත් වේවි, බිරිදක් වේවි. අම්මා කෙනෙක් වේවි. හැබැයි ඇය හැමදාමත් මගේ හදවතේ අයිතිකාරි. බොන් ජෝවී ඒ ගීතය ගැන කිව්වේ එහෙම. ස්ටෙෆනිට වසර 7ක් වෙද්දී පුංචි ඇය තමන්ගේ ආදරණිය තාත්තා එක්ක එකම වේදිකාව ඒ ගිය ගයන්න ට එක් වෙනවා.
සුවිශේෂිම මොහොත එළඹෙන්නේ පසුගිය දවසකයි. ස්ටෙෆනිගේ අදුරුතම කාලයද ගෙවා නිම කර දමමින් ඇය පසු ගියදා ලෝකය ඉස්සරහට පය තියෙනවා. තමන්ට නානාවිධ කතා කියමින් තමන්ට බැන වැදුණු ලෝකයට ඇය හරි අපුරුවට උත්තර දෙන්නේ සිය පියාගේ ප්‍රසංගයක් අතරතුර එකවර කවුරුත් නොසිතපු විදියට වේදිකාවට දුවගෙන ඇවිත්. බොන් ජෝවී හැමදාමත් වගේ තමන්ගේ ගිටාරය වයමින් I Got The Girl ගීතය ගායනා කරමින් හිදින්නේ දහස් ගණන් ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ. අවුරුදු 7 දී සිදු වූවා සේම එයට වසර 16කට පසුව ස්ටේපනි පසුගිය දා ආයෙත් වේදිකාවට ගොඩ වදින්නේ අතීතය අලුතින් ලියන්න. තමන්ගේ ආදරණිය තාත්තාගේ නොවෙනස් ආදරයේ උරුමක්කාරි තමන් බව නොකියා කියමින්,
තාත්තෙකුගේ කියා නිම කල නොහැකි ආදරයට කල නොහැකි කිසිවක් නොමැති බව කියමින්, තාත්තාගේ පුංචි දියණිය ලෙසින්ම ඇය වේදිකාවට ඇවිදින් තමන් ගැන කියවෙන ගීතයට නර්තනයක යෙදෙනවා. ඒ මොහොතේ බොන් ජෝවීගේ මුහුණ දකිනා ඕනෑම අයෙකුට ඔහු එකවරම සතුටින් මුසපත් ව වූ අයුරු පෙනී යන්නා සේම ඔහු තමන්ගේ පුංචි කෙල්ල සමගින් නර්තනයේ යෙදෙන්නේ මුළු ලෝකය අමතක කර බව අමුතුවෙන් කියන්නට ඕනි නැහැ.
ඒ තාත්තාගේ ආදරය ලෝකයට කියාපාන එක් සිද්ධියක් පමණයි. තාරුණ්‍යයේ දී මුරණ්ඩු නොදැනුවත් ව අයාලේ ගිය සිතක් දෙමව්පිය සහ සහෝදරයින් තිදෙනාගේ ආදරය නිසාවෙන් වෙනස් කරන්නට පුළුවන් වූ වගට පෙන්වා දිය හැකි හොදම නිදසුන ස්ටේෆනි රෝස්. අපි අතරත් ඕනි තරම් ස්ටෙෆනි රෝස් ලා ඉන්නවා. අවශ්‍ය වෙන්නේ බොන් ජෝවීලා සහ ඩොරතිලා පමණයි. ආදරයට කල නොහැකි දෙයක් නැහැ. ආදරය අලුතින් මේ ලෝකයට ජිවිත බිහි කරන්නා සේම ජීවිතයට හුස්ම දෙන්නේ ද ආදරයයි. ලෝකයේ පදනම ආදරයයි. ආදරයට කල නොහැකි දෙයක් නැහැ. ඉතින් ආදරයට තව තවත් ආදරය කල හැකි නම් ලෝකය කොයි තරම් නම් වෙනස් වේවි ද ? කෙතරම් නම් ස්ටේෆනි රෝස් ලා බොන් ජෝවී ලා සතුටින් හුස්ම ගනීවි ද ?

Published on June 20, 2017 22:44
June 9, 2017
නික්මුණ වස්සාන සදට
මන්දාරම් අදුර මැදින්
පිස එන සීතල සුළග
බිදු එකිනෙක ගෙන
ලග ලග එන වැහි කෝඩය
ගෙනෙන්නේම ඔබ ගැන මතක
සිත් වලින් බැදුණු දුර අතීතයක
අපි අපේ වෙන්න හීන ගෙතුවා
මතකද මේ වගේම වැහි දවසක
ඔබ දැන් නොදන්නවා වගේ උන්නාට
මව්පිය සිත් රවටා
පෙම්වත් සිත් රන්දා
හොරැහින් දොඩමලු වූ
ඒ රාත්‍රීන් ලග ඔබට මතකද
මේ වැහි බිදුත් රග දුන්නා
හෙමිහිට හැපී හැපී වැදෙන
පතිනි සළඹක තාලය ගෙන
කෝවිලක් ලග හිමිහිට
දැවටෙනු සීනු නාදෙට
පන්සලක් ලග රැව් දුන්
සෙත් පිරිත් කවියක් ලග
පෙම්වත් හිත් දැහැන් ගත කර
මතක ද අපිත් පාරමී දම් පිරුවා
මාලති මල් පුසුඹ දැනෙන හවසක
වැහි පොද ඇවිත් පිසදා යන්නේ
රටා වියැකී යන ඒ වේදනා මතක
ඇහි දාර හෙමිහිට කියන්නෙත්
වැහි අදුරේ ඒ මතක පා කල යුතු වග
හෙමිහිට වැස්සක් ව ඇවිදින්
චණ්ඩ මාරුතේ ලෙසින් දුව පැන
වලාකුළු අස්සේ සැගව ගිය සද
ඉතින් මේ එළඹෙන්නේ ඔබ
නොකියා කියූ ඒ කටුක ගිම්හානය ද

Published on June 09, 2017 06:22
May 29, 2017
විසල් ට
පුරපෝය සද මැද මිදුලේ තනියම
නුඹ කොහිද අහනවා හෙමිහිට
වෙනදට තනි රකින ගැටපිච්ච මල් පදුර
මලානික වෙලා අද නම් හොදටෝම
නුඹ දන්නේ නැහැ විසල්
නෝක්කාඩුකම් හැම තැනම
රෑ සේපාලිකා මල් පුසුඹ එක්ක
එහෙ මෙහෙ දුවන හිතුවක්කාර සුළග
නුඹටත් දැනෙනවා ද මට කියන්න
ආදරේ කවියකින් ලියා එව්වෝතින්
සුළග ගෙනවිත් දේවිද අහලා බලන්න
දේව අඩවියේ තේ වතු අස්සෙන්
දෑ සමන් පිච්ච මල් පිපෙනවා තවම
එපා මගේ විසල් දෑස් හැර බලන්න
තේ බංගලා හෙවණේ හැදෙන
හැම ලෙච්චමීම එක වගේ නැහැ ඔන්න
කෝවිලේ සීනුව වදිනකොට
නළලතේ සින්දුර් තිලක තියන්න
පාතීගේ මංගල තැල්ල පැළදගෙන
ඔය පපුතරේ මයේ හුස්ම හංගන්න
මංගල්ලේට වැඩි දවසක් නැහැ
නුඹට මතකයි නේද කියන්න
ආදරේ හිත පුරාවට විදගන්න
නෙක කතා කියවා නුඹ අවුස්සන්න
කැරලි කොණ්ඩේ අවුල් කර දා දුවන්න
නුඹ නැතිව පාලුයි හොදටෝම
දැන් නම් පිළිගන්න වෙනවා මට
අරුණි කළුපහන
නුඹ කොහිද අහනවා හෙමිහිට
වෙනදට තනි රකින ගැටපිච්ච මල් පදුර
මලානික වෙලා අද නම් හොදටෝම
නුඹ දන්නේ නැහැ විසල්
නෝක්කාඩුකම් හැම තැනම
රෑ සේපාලිකා මල් පුසුඹ එක්ක
එහෙ මෙහෙ දුවන හිතුවක්කාර සුළග
නුඹටත් දැනෙනවා ද මට කියන්න
ආදරේ කවියකින් ලියා එව්වෝතින්
සුළග ගෙනවිත් දේවිද අහලා බලන්න
දේව අඩවියේ තේ වතු අස්සෙන්
දෑ සමන් පිච්ච මල් පිපෙනවා තවම
එපා මගේ විසල් දෑස් හැර බලන්න
තේ බංගලා හෙවණේ හැදෙන
හැම ලෙච්චමීම එක වගේ නැහැ ඔන්න
කෝවිලේ සීනුව වදිනකොට
නළලතේ සින්දුර් තිලක තියන්න
පාතීගේ මංගල තැල්ල පැළදගෙන
ඔය පපුතරේ මයේ හුස්ම හංගන්න
මංගල්ලේට වැඩි දවසක් නැහැ
නුඹට මතකයි නේද කියන්න
ආදරේ හිත පුරාවට විදගන්න
නෙක කතා කියවා නුඹ අවුස්සන්න
කැරලි කොණ්ඩේ අවුල් කර දා දුවන්න
නුඹ නැතිව පාලුයි හොදටෝම
දැන් නම් පිළිගන්න වෙනවා මට
අරුණි කළුපහන
Published on May 29, 2017 11:06
May 11, 2017
නොලියු කවියක්
සද එබෙන විට
තරු දිලෙන විට
වැහි වැටෙන විට
හිත ගැහෙන විට
කවි ලියන පන්හිදක්
ඒ කවි කියවනා
හෙමිහිට සිතින් රසවිදිනා
ප්‍රේමයෙන් තමන්ට අමුණා ලියා කියා
නොලියු කවකට සිත රැවටෙනා
ඉතින් අයිතිවාසිකම් අහනා
හිතුවක්කාර පිරිමි හිතක් දෙකක්
හිත ගැස්සෙනා සැරයක්
පෙම විදිනා මොහොතක්
ඔහුට ලියනා සොදුරු කවක්
හෙළි නොකරනා තාක් අයිතියක්
අකුරක හිමිකරු වු ඔහුත්
අකුරුගින් මුලා වු ඔවුනුත්
පන්හිදගින් නෙක රටා මවනා ඇයත්
මෙතරම් මායාවක රැදෙනු ඇයි දැයි
විමසනා තවත් එක් හිතක් දෙකක්
#aruni
තරු දිලෙන විට
වැහි වැටෙන විට
හිත ගැහෙන විට
කවි ලියන පන්හිදක්
ඒ කවි කියවනා
හෙමිහිට සිතින් රසවිදිනා
ප්‍රේමයෙන් තමන්ට අමුණා ලියා කියා
නොලියු කවකට සිත රැවටෙනා
ඉතින් අයිතිවාසිකම් අහනා
හිතුවක්කාර පිරිමි හිතක් දෙකක්
හිත ගැස්සෙනා සැරයක්
පෙම විදිනා මොහොතක්
ඔහුට ලියනා සොදුරු කවක්
හෙළි නොකරනා තාක් අයිතියක්
අකුරක හිමිකරු වු ඔහුත්
අකුරුගින් මුලා වු ඔවුනුත්
පන්හිදගින් නෙක රටා මවනා ඇයත්
මෙතරම් මායාවක රැදෙනු ඇයි දැයි
විමසනා තවත් එක් හිතක් දෙකක්
#aruni
Published on May 11, 2017 11:26