හිත අස්සේ පොදි ගැහෙන
නෙක හීන ගෙත්තම්
කොදුරමින් මට කියන්නෙම
ලියන්න ලියන්න ඔබ ගැන
හිතුමතේ මමත් ඔහේ
ලියනකොට එහෙම
ඔබ අහන්නේම මගෙන්
ඇයි ලියන්නේ මම ගැන
ඔබ ඔය තරම් ආදරේ ද මට
ආදරේ කවියක් වගේ
ලේසියට ලියන්නේ කොහොම
එලිසමය වගේ සිරුවට
ඉතින් රැකගන්නේ කොහොම
මන් ප්‍රශ්න වලින් පනින්නේ එහෙම
දුරකතනයෙන් එබෙන සද
ඔබ දන්නවාද මා ආදරෙයි ඔබට
හිතන්නවත් බැරි තරමට
කවියක් අමුනා විසිකරන්නට
ආදරේ කර කුමට ද අප දෙදෙන
ආදරය කල යුතුයි දවසක
සියවස් ගණනක් සෙල් ලිපිවල
මැකි නොයා ලියවෙන තරමට
ඒකට ඔබ සාලිය විය යුතුයි
නොවි තවත් කස්සප රජෙකු
ඒ නිසයි මම තවමත් නිහඩ..
#අරුණි
Published on July 11, 2017 22:37