නික්මුණ වස්සාන සදට


මන්දාරම් අදුර මැදින්
පිස එන සීතල සුළග
බිදු එකිනෙක ගෙන
ලග ලග එන වැහි කෝඩය
ගෙනෙන්නේම ඔබ ගැන මතක

සිත් වලින් බැදුණු දුර අතීතයක
අපි අපේ වෙන්න හීන ගෙතුවා
මතකද මේ වගේම වැහි දවසක
ඔබ දැන් නොදන්නවා වගේ උන්නාට

මව්පිය සිත් රවටා
පෙම්වත් සිත් රන්දා
හොරැහින් දොඩමලු වූ
ඒ රාත්‍රීන් ලග ඔබට මතකද
මේ වැහි බිදුත් රග දුන්නා
හෙමිහිට හැපී හැපී වැදෙන
පතිනි සළඹක තාලය ගෙන

කෝවිලක් ලග හිමිහිට
දැවටෙනු සීනු නාදෙට
පන්සලක් ලග රැව් දුන්
සෙත් පිරිත් කවියක් ලග
පෙම්වත් හිත් දැහැන් ගත කර
මතක ද අපිත් පාරමී දම් පිරුවා
මාලති මල් පුසුඹ දැනෙන හවසක

වැහි පොද ඇවිත් පිසදා යන්නේ
රටා වියැකී යන ඒ වේදනා මතක
ඇහි දාර හෙමිහිට කියන්නෙත්
වැහි අදුරේ ඒ මතක පා කල යුතු වග

හෙමිහිට වැස්සක් ව ඇවිදින්
චණ්ඩ මාරුතේ ලෙසින් දුව පැන
වලාකුළු අස්සේ සැගව ගිය සද
ඉතින් මේ එළඹෙන්නේ ඔබ
නොකියා කියූ ඒ කටුක ගිම්හානය ද


 •  0 comments  •  flag
Share on Twitter
Published on June 09, 2017 06:22
No comments have been added yet.