Aruni Kalupahana's Blog, page 6
September 12, 2016
ආගන්තුක හිතක්..
කවියක් ලියන්න හිතුනට
ආගන්තුක නුඹ ගැන
ලියන්නත් බැහැ එහෙමට
කවි උල්පත හිදිලා
බෝ කලකට පෙර
ඒක පරණ කතාවක්
නුඹ දන්නේ නැතිවට
අදුරේ වහින වැසි ගැන
සිතල මුහුවුනු මිදුම් සිතල ගැන
ගුරු පාරට හිත අද්දන
දුහුවිලි සුවද ගැන
කවි ලිව්වා මම කාලෙක
බිදී ගිය කවි හිතක්
කොහොම ලියන්නද
ආයෙත් හද ගස්සන
ආගන්තුක ප්‍රේමයක් ගැන
මියැදෙන්න ලංවුණු
පරණ ප්‍රේමයක් ලග පිච්චුනු
අසරණ කවි හිතකට
පණ පොවන්න බැහැ ආයෙම
මද රස්නෙට දුම් දමන
උණුහුම් කෝපි බදුනකට වුව
- අරුණි කළුපහන -
ආගන්තුක නුඹ ගැන
ලියන්නත් බැහැ එහෙමට
කවි උල්පත හිදිලා
බෝ කලකට පෙර
ඒක පරණ කතාවක්
නුඹ දන්නේ නැතිවට
අදුරේ වහින වැසි ගැන
සිතල මුහුවුනු මිදුම් සිතල ගැන
ගුරු පාරට හිත අද්දන
දුහුවිලි සුවද ගැන
කවි ලිව්වා මම කාලෙක
බිදී ගිය කවි හිතක්
කොහොම ලියන්නද
ආයෙත් හද ගස්සන
ආගන්තුක ප්‍රේමයක් ගැන
මියැදෙන්න ලංවුණු
පරණ ප්‍රේමයක් ලග පිච්චුනු
අසරණ කවි හිතකට
පණ පොවන්න බැහැ ආයෙම
මද රස්නෙට දුම් දමන
උණුහුම් කෝපි බදුනකට වුව

- අරුණි කළුපහන -
Published on September 12, 2016 12:11
දුවගේ කොල්ලා හොයන අම්මලා වෙතයි..
කසාද ගැන කතා කරද්දි නැන්දම්මා ලේලි වලි නම් අද කාලේ අනන්තය. අප්‍රමානය.. බෙලි ගස් වල ඔය හැටි ලාටු හැදෙන්නෙම ඔය නැන්දම්මා ලේලි වලි වල තරම කියන්නය කියලා අපේ අත්තාලා මුත්තලා කතාවට කියන්නේ ද කට කහනවාට නොවේය.
නැන්දම්මලා ලේලිලා වලි ගැන ඇහුනාට අම්මලා දුලාගේ වලි ගැන නම් අඩුය කියලා කට්ටිය ඔහේ කියෙව්වා ට ඒවා ඉතින් එහෙමමත් නෙවේය
ලජ්ජා බයක් නැති කෙල්ලට ඊයේ පෙරේදා දවසක පරණ හිතවතියක් සෙට් උනාය. ඒ කෙලිගේ මේ ටික දොහේම ජිවන සටන් පාඨය වෙලා තියෙන්නේ " අනේ අම්මේ මට ඕනේ එයාවමයි " කියන එකය.
හේතු කාරණා හොයාගෙන හොයාගෙන යද්දී අම්මලා දුලාගේ රණ්ඩුවක්ය. වෙන මොකටවත් නෙවේය. විරිදු තාලයක් දාලා කරලා ගත්තා නම්
“ මන් කැමතී කොල්ලාට
අම්මා කැමති නෑනේ...
අම්මා කැමැති කොල්ලාට
කරගහන්න මට බෑනේ ... “
වගේ සීන් එකක් ය.
අම්මලා ඉතින් කොල්ලාගෙ රස්සාව, තරාතිරම, පරම්පාරාව, ජාතකේ හොයලා පරස්තාව කතා කරාට දුවලාට ඔව්වා අදාල නැති ය. හිත ගිය තැන මාලිගාව ය.. මාලිගාව ගොඩ නැගුවයින් පස්සෙ දුවලා කවුරුත් ජාතකේ හෙව්වට ඒකත් ඉතින් ඕනාකමටම නොවේය. කොල්ලගේ ජාතකේ ගෙදරට ඉදිරිපත් කරන්න ඕනාවට ය.
කෙල්ල හොයා ගන්න කොල්ලාගේ ක්ලාස් එක අම්මට මදි වෙන්නේ ඔතනදීය. කොහෙන් හෝ ලකුනු කපන එක කපනවාය. අම්මලාට දොසක් කිය්නනත් බැරිය. අම්මලා ලෝකේ දකින ලෙන්ස් එක දෝනියන්දෑට සැපවත් පික්චර් වල පෙන්වන තාලයේ ජිවිතයක් උරුම කර දීමය.
නමුත් දෝනියන්දලා හොයන්නේ හැන්ඩ්සම් ආදරේ උතුරපු කොල්ලෙක්ය. සල්ලි නැතත් ආදරේ මල්ලක් පිරෙන්න දිය හැකි කොල්ලා අගේය. එහෙම නොවන සල්ලි තියෙන පොස් කොල්ලෙක් හොයන දෝනියන්ද ලා ද නැතිවාම නොවේ.
ලැජ්ජා බයක් නැති කෙල්ලගේ ලෙන්ස් එකට පේන විදියට නම් ලෝකේ කෙල්ලෝ වර්ග තුනකි.
එක වර්ගයක් නම් සල්ලි නැතත් කොල්ලාගෙ මුහුනත් තහඩුව කොහොම උනත් ආදරේ ඉස්මුරුත්තාවට දෙනවා නම් හිත එතැන නවත්තන කෙල්ලෝය.
දෙවෙනි වර්ගයට නම් ඉතින් කොල්ලා අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට බදුන් කල හැකි තරමෙ හැන්ඩියෙක් විය යුතුය. කෙල්ලව ඇදුම් සාප්පු , පොෂ් පාට අවන්හල් දිගේ රවුම් දෙක තුනක් එක්කන් යන්නට තරම් සල්ලි තිබිය යුතු කොල්ලෙක් විය යුතුය. කොටින්ම කිව්වොත් කොල්ලා හැන්ඩ්සම්, බර අත්තක් විය යුතුය.
මේ දෙකටම අයිති නොවෙන තුන්වන පන්තියේ කෙල්ලන් නම් මීක් ගෑවත් හිස නොඋස්සන පුටුවක් අල්ලන් කියුටස් ගගා නොඉද ගෙදර දොරේ වැඩපල සියල්ල කරන වචනයේ නියමාර්තයෙනම අම්මාගේ හොද දුලා ය. අඩුම තරමේ අම්මාගේ වචනෙට පිටින් පුටුවකින් ඉදගන්නවත් ඔවුන් අකැමතිය.
ඒ කෙල්ලන්ය. අම්මලා ද වර්ග දෙකකි.
පලවෙනි වර්ගය බෑණා පොඩ්ඩ තමන් කැමති ජාතියේ කොල්ලෙක් විය යුතුයි කියලා හිතන අම්මලාය. කොල්ලගේ පෙනුම, පරම්පරාව, ගුණ යහපත්කම, සල්ලි බාගේ සේරම තරාදියට දාලා කිරලා මැනලා සුදුසුකම් සපුරන කොල්ලාට දෝණියන්දා තෑගී කරන අම්මලා ය.
දෙවැනි වර්ගය නම් ආදරයට ආදරය කරන අම්මලා ය. කෙල්ල හොයා ගත්තු කොල්ලා කෙල්ලට හොද නම් කෙල්ලට ආදරේ නම් අම්මටත් කේස් එකක් නැතිය. ඒ අම්මලා කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට ඕනා උනොත් බොක්කෙන්ම සපෝර්ට් කරන්න උනත් ලෑස්තිය .
ඔය අම්මලා දෙවර්ගයයි කෙල්ලෝ තෙවර්ගයි ගැන හිතුවාම ලජ්ජා බයක් නැති කෙල්ලට හිතෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා ය.
ඒත් ඉතින් පරහකට තියෙන්නේ ඔය කෙල්ලගේ ලව් එකට බකට් දාන අම්මලා කසාද බැන්දයින් පස්සේ දිග කන්නත් කෙල්ලත් එක්ක එනවද කියන එක උඩය. මගුල හොයන්නේ කරලා දෙන්නේ අම්මාය. ඒත් ඒ හොයන බෑණා කළු සුදු නෙවේ අළු චරිතයක් උනත් දිග කන්න වෙන්නේ කඹුරන්න වෙන්නේ දුවට ය. මිනිසුන්ගේ උපන් ගති ටික දිගහැරන්නේ දීගේ කෙරුනායින් පස්සේ කියන්නේ ද නිකමට නොවේය. එහෙව් එකේ අම්මා හොයලා දෙන බෑණා එක්ක දිග කන දුවට දෙයියන්ගේම පිහිටය.
කොල්ලා හොද උනොත් නම් ඉතින් හොදය. එහෙම නොවුනොත් ඉතින් විවාහය ගැන කතා කිරීමෙන් පලක් නැතිය. බටහිට සංස්කෘතිය හැඩ ගැහුණු කොල්ලෝ කෙල්ලෝ නම් කසාද පොතට හිර වී සිටිනවාට වැඩිය වෙනත් සංස්කෘතියක් අනුගමනය කරනවය.
ඒ ලිවින් ටු ගෙදර් සංස්කෘතිය ය.
ලෝකෙට පේන්න කසාදයක් කර ආයෙත් රට්ටුන්ගේ අවලාද මැද කසාදෙ කටු ගානවට වැඩිය දෙන්නෙක් කලක් ආශ්‍රය කරන්නට එක වහලයක් යටට වෙන එක හොදය. ඔවුන් කියන්නේ එහෙමය. ඉන් අනතුරුව එක්කෝ දීගේ කෙරෙනවාය. නැත්තම් දෙන්නා දෙපැත්තකට වෙනවා ය.
ඕක ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට දිරවන්නේම නැති වීම ම වෙනම කතාවකි. ඒත් ඉතින් ඒ කාලෙත් අපේ ඔය කියන මහා ප්රෞඩ ඉතිහාසය තුල ලිවින් ටුගෙදර් සංස්කෘතියම තිබුනේ ය. ඒ කාලේ එහෙම නමක් භාවිතා නොකලාට හිත ගිය කෙල්ලව අරන් පැදුරු පෑගුවයින් පස්සේ එක පැලක් අටවාගෙන දරු මල්ලෝ හදන්නේ ද ඉතින් ඔය කියන කසාද පොතක තියා කඩදහි කොලයකවත් සලකුණු නොකරය. ඕවාත් ලිවින් ටුගෙදර් මය.
මෑත කාලින ඉතිහාසයේ නම් කසාද ගෑනි ගෙදර ඉද්දි වෙන වෙන ඈයෝත් එක්ක වෙනම ලිවින් ටුගෙදර වෙන්න දිගින් දරු මල්ලොත් හදපු උදවිය ඈත ගම් වල විතරක් නොවේය. ප්‍රසිද්ධ වේදිකාවේ පවා ඉන්නවා ය. අදටත් ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්නේ මව්පියන් අවිවාහකය.
පෙරදිග උදවියට ඕවා මැජික් උනාට බටහිර සංස්කෘතියට නම් ඕවා සිම්පල් කතාය. ඕවා කැපිටල් කරගන්නට යන්නේ ද ඉතින් අපේ උදවිය විහින්මය. බටහිර ලෝකේ සුද්දා අනුන්ගේ කුණු තමන්ගේ ඔලුව උඩින් තියා නොගත්තාට අපේ උදවිය අනෙකාගේ කුණු බැරල් පිටින් ඔලුව උඩ තියාගන්න එක ඔය සේරටම මුලය.
මයි කාර් නම්, මයි පාකින් නම්, කොහෙන් පෙට්‍රල් ගැහුවාත් කාටවත් මොකද කියලා කවුරු කවුරුත් හිතුවා නම් ඔය ප්‍රශ්න සේරම නතින් ය.

Published on September 12, 2016 11:30
තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??
ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.
අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.
ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.
දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.
තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.
පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.
ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.
ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.
ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.
ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.
අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.
නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.
එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.
අරුණි කළුපහණ

Published on September 12, 2016 10:08
කෙල්ලන්ට වෙන්න තියෙන දේවලුත් බොහෝය
පසුගිය දවසක මාලඹේ පැත්තේ Bmw එකකින් ගිය අක්කා කෙනකු පොලිසියේ රාලහාමිලා කට්ටියක් එක්ක හොඳ ජල්ලියක් ඇල්ලුවාය. පොලිසියේ රාලහාමිලා දෙන්නකුට කන් දෙක පිරෙන්නට ඒ අක්කා දෙසා බෑවාය. කවුරුන් හරි වුවද වැරැදි වුවද ඒ මොහොතේ ඒ අවට සිටිය වුන් එකකුවත් ඒ කාන්තාව වෙනුවෙන් වචනයක් කියන්නට නම් ඉදිරියට ආවේ නැතිය.
එල්ලිලා මළත් බේරා ගැනීම පසෙකලා වීඩියෝ කරන යුගයක හිඳින බව පසක් කරමින් නම් අයියා කෙනකු සිද්ධිය වීඩියෝ කර යූටියුබ් දාන හැටි නම් කැමරාව පිටිපසුන් හිඳ ප්ලෑන් කළේය.
ඒ වීඩියෝව බලන්න ඇවිත් කට්ටිය දක්වා තිබුණු ප්‍රතිචාර ටිකක් බලන්න ආසය. ඒ තරම් අපූරුය. සමහරු වත්මන් සමහර පොලිස් මාමලා ගැන සිතා අක්කට හොඳ කියා තිබුණේය. තවත් සමහරු නම් ගෑනුන් කටේ සද්දේ ගැන කියා අකුරුවලින් සද්දයක්ද දමා ගිහින් තිබුණේය.
කටේ සද්දය කෙසේ වෙතත් සමහර පොලිස් රාලහාමිලා ගැන හිතන විට නම් කිව්ව සමහර දේවල් නම් ඇත්තය. සමහර පොලිස් රාලහාමිලා එසේ වුවද හැමෝම එහෙම නැතිය. රාජකාරිය අකුරටම ඉටුකරන හොඳ පොලිස් රාලහාමිලාද ඕනෑ තරම් ය.
හැබැයි ඉතින් ඔය කවුරු කාට බනින්න ගියත් විරුද්ධ වන්නට ගියත් අන්තිමට තමන්ට තමන් විතරය. වීඩියෝව බලලා ප්‍රතිචාර දක්වන අයවත් කාන්තාවන්ගේ අසාධාරණය වෙනුවෙන් අපි එනවා කියන කාන්තා සංවිධානවත් කිසිවකු අන්තිමට නැතිය. කූඩුවට නඟින්නට වෙන්නේත් දඬුවම් විඳින්නට වෙන්නෙත් තමන්ට විතරමය.
ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වුණු දීපිකා පදුකෝන්ද ඔහොම කාන්තා අයිතිවාසිකම් ගැන වීඩියෝවකින් කතා කරන්නට ගිහින් ලෝකේ වටින්ම හොඳ හැටි බැනුම් අහගත්තාය. ර්ර ජඩධඪජඥ ලෙසින් කාන්තා අයිතීන් ගැන වීඩියෝවක් කරනා විට ඇය වෙනුවෙන් හඬක් නඟන්නට නම් කවුරුවත්ම සිටියේ නැතිය. සිටිය එකා දෙන්නාද බනින අය හා එක්ව බැනවැදුණා පමණි. නමුත් පසුගිය දිනෙක මැලේසියාවේ තිබුණු Iifa ඉන්දීය සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙසින් සම්මාන ලබාගන්නා විටදී ඇය හා එක්ව සම්මානයේ කීර්තිය ලබා ගන්නට නම් දහසකුත් දෙනා සිටියහ. එයද ඉතින් ලෝකෙ කොතැනක වුවද හැටිය.
සම්ප්‍රදායික මතිමතාන්තරවලින් හිස් පුම්බාගත් මිනිසුන් සිටිනා ලොවක කාන්තාව යනු කුස්සිය මුල්ලක සිටිය යුතු චරිතයක් මිසක අසාධාරණයක් වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ යුතු චරිතයක් නම් නොවේය. කාන්තාවක එසේ සිය ඉල්ලීම් තීරණ වෙනුවෙන් හඬක් නැඟුවහොත් ඇයව කනෙන් ඇදගෙන ගොස් ආයෙම කුස්සි මුල්ලක සිර කරන්නටත් සමහරු හරි කැමැතිය.
වර්තමානයේ වුවද කාන්තාවන් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන තැන තැන හන්දිවල, පත්තර කඩදහි මත මුණු මුණු ගාන අවස්ථානම් ඕනේ තරම්ය. නමුත් ක්‍රියාකාරී වන්නට නම් කිසිවකුත් නැතිය. ක්‍රියාකාරී වන කාන්තාවන් දෙතුන් දෙනාම උපන් ගෙයිම මරලා දාන්නට වෙර දරන්නෝ බොහෝය. ක්‍රියාකාරී කාන්තාවන් හෙළා නොදැක ධනාත්මක ලෙසින් සිතා බැලිය හැකි නම් අගනේය.
හැම දුකක් කරදරයක්ම හැඬූ කඳුළින් දරා නොගෙන ඒ වෙනුවෙන් වචනයක් හෝදාඩන්නට කාන්තාවට ශක්තියක් තිබුණා නම් තවත් ගැහැනියකට සිදු වූ බොහෝ දේ සිදු නොවන්නට තිබිණි. විනාශ වූ සහ අසරණ වූ ජීවිත රැකෙන්නට ශක්තිමත් වන්නට තිබිණි. තවත් ගැහැනියකට විරුද්ධ විය යුතු දෑ සඳහා විරුද්ධ වන්නට නිර්භය වන්නට සිතෙන්නට තිබිණි. ලෝකයේ පැවැත්ම දරන්නට ගැහැනියකට හැකිනම් ඇයගේ හඬට කෙතරම් දේ කරන්නට හැකි විය යුතුද? නමුත් ලෝකයේ සියලු කාන්තාවන් කරනා දේ සඳහා එකඟ විය යුතු යැයි අපි නොකියමු. විරුද්ධ විය යුතු හෙළා දැකිය යුතු කාන්තාවන් ඕනෑ තරම්ය.
දීපිකා පදුකෝන්ලා වැනි කාන්තාවෝ වෙනුවට අසල්වැසි ඉන්දියාවම ගත්කල පූනම් පාන්ඩේ, සනි ලියෝන් වැනි අය හෙළා දැකිය යුතු චරිත සඳහා හොඳම උදාහරණය. අපේ පුංචි ලංකාවේත් එවන් අය නැතිවා නම් නොවේය. ඔවුන් විසින් කරන කාම උද්දීපන වීඩියෝ ගැන විරුද්ධව වචනයක් කියන්නකු සොයා ගන්නට නම් වත්මන් ලෝකේ අසීරුය.
තවමත් අවුරුදු 24ක චාරයක් නැති කෙල්ලකු වූ පූනම් පාන්ඩේ නිරුවතින් මහමඟ ඩෙඟා නැටුවද එයද රස කර කර විඳිනවා මිසක කිසිවකුත් අතක් ඔසවන්නේ නම් නැතිය. නමුත් තමන්ට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් සාමාන්‍ය ගැහැනියක එක වචනෙක හඬක් නැඟුවහොත් කඩු මුගුරු අරන් පෝලිමේ එන්නට කට්ටිය ඉන්නවාය.
අවශ්‍ය මොහොතේදී නිහඬව බලා සිටි සමාජයකුත් අනවශ්‍ය තැන්හි බෙරිහන් දී ඩෙඟා නැටූ මිනිසුන් සමූහයකුත් මේ ධරණී තලයේ වුන් හෙයින් ඉන්දියාවේ නිර්භයාටත් ලංකාවේ විද්‍යාටත් නිකරුණේ ජීවිත හැර යන්නට සිදුවිය. ඔවුන් ඇතුළු දහසකුත් කාන්තා ජීවිත අසරණ කර විනාශ කළ නරුමයන් රැසක් තවමත් නිදැල්ලේ ජය ගොස නඟමින් ඇස් පනාපිටම රැඟුම් පානා නිසාවෙන් තවත් අහිංසක කාන්තා ජීවිත කිහිපයකට මෙලොවින් සමුගන්නට වේද කියාද අපි නොදනිමු.
ඒ සියල්ලටම හේතුව අවශ්‍ය තැන්හිදී මුනිවත රැකි ඔබ වන්නටද පුළුවන.
මඳකට ඔබ අසලම සිටින මිනිසාගේ මුහුණ බලන්න. හොඳින් විමසිල්ලෙන් බලන්න. සමහර විට ඒ අනාගතයේ දිනක ඒ ඔබේ මව, නැඟණිය, දියණිය, පෙම්වතිය, බිරිය අමු අමුවේ විනාශ කර දමන ඇයගේ ශක්තිය උරා බී ගෙල සිර කර ඇය මරා දමන නරුම මිනිසා වන්නට පුළුවනි.
අනාගතයේ සිදුවන කිසිවක් පිළිබඳ ඔබටවත් මටවත් සහතික විය නොහැකිය. නමුත් ඔබ අවශ්‍ය තැන්හිදී ඔබේ හඬ නැඟුවහොත් සාධාරණයක් වෙනුවෙන් ක්‍රියාත්මක වුවහොත් හෙට දවස ආලෝකවත් කරන ඒ අපූරු මිනිසා වන්නට නිසැකවම ඔබට පුළුවන.
- අරුණි කළුපහන -

Published on September 12, 2016 10:00
මක්ක වෙනවාද වැඩේ කෙරෙනවා නම්...
මේ දවස්වල අවමඟුල් ගෙදරකට වුණත් පාන්දර ජාමේ තනි පංගලමේ ගිහින් එන්නට නම් බය වෙන්නට ඕනෑ නැතිය. හැම පාරකම ලයිට් කණුවක් කණුවක් ගාණේ තාප්පයක් තාප්පයක් ගාණේ සිරියාවන්ත මුහුණු ටිකක් මුර සේවයේ යෙදෙනවාය. පුංචි එකෙක් නම් මේ කට්ටියව දැකලා දත් බෙහෙත් ඇඩ් එකක්ද අම්මේ කියලා ඇහුවත් ඉතින් සිනා වෙන්නට කාරි නැතිය. ඕනෙ කෙනෙක්ට එහෙම හිතෙනවාය. ඒ කෙසේ වෙතත් ඒ මූණු ටික දැක්ක ගමන් හොල්මන් නම් රෑ දෙගොඩ හරියේ එළියට බහින්නට නිකමටවත් හිතන්නේ නැතිය.
මහ රෑ විතරක් නොවේය. දවසේ පැය 24 පුරාම මේ ඇත්තෝ පාර දිගට මුර සේවයේ යෙදෙනවාය. ඒ ද තනිවම නම් නොවේය. පවුල් පිටින්ම ඇවිදින්ය. නෝනලා, මහත්තයලා, තාත්තා, දුවලා, පුතාලා විතරක් නොවේය. එකම පවුලේ හතර පස් දෙනාම එක තැනකය. මේ සිරියාවන්ත සිනාවන් ටික දැක්කත් සමහරුන්ගෙ බඩ කට පිරෙනවාය. තවත් සමහරු නම් මේ මුර සේවයේ යෙදෙන්නන්ගේ අම්මාගේ අප්පාගේ ඉඳන් පරම්පරාව මතක් කරන්නේ අනවසරයෙන් ඇවිත් ගෙදර තාප්පේ ඉඩ අල්ල ගත්තු එකටය.
හැබැයි ඉතින් ඔය දෝස් මුර නම් තඹ සතේකට ගණන් ගන්නේ ඔය ඇත්තෝ නම් නොවේය. ඊටත් වැඩිය රාජකාරිය උතුම්ය.
"තාප්පයක බලෙන් සිටියාට මක්ක වෙනවාද වැඩේ කෙරෙනවා නම්."
"අනෙක ඉතින් එහෙන් මෙහෙන් කඩා ගත්තු සල්ලිවලින් ගහගත්තු මූණු ටික තාප්පෙක අලෝගන්නේ නැතිව කුස්සිය මුල්ලේ ගහගත්තාය කියලා කවුරු බලන්නද"
ඔය වගේ කතා එහෙන් මෙහෙන් හීනියට මාරු වෙනවා අපිටත් වෙලාවකට ඇහෙනවාය.
ඔය සේරම සේවය හෙට අනිද්දාට ඇවිදින් යන්නට එන දියවන්නා තරණය නිසාවෙනි. ඇතුළෙම හිටපු ඇත්තෝ එළියට ඇවිදින් කඩදාහි කොළ ටිකකුත් එයාලම ලකුණු කරගෙන ආයෙම දියවන්නාව තරණය කරන් ඇතුළට යන්න යනවාය. ඊටත් පස්සේ ආයේ ඒ ඇත්තන්ව හැබැහින් දැක ගන්න නම් තව අවුරුදු පහ හයක් බලන් ඉන්නට වෙනවාය. ඒවා ඉතින් එහෙමය. ශාරුක් ඛාන් ඇවිදින් කොළඹ කොටුව මැද්දෙන් පයින් ඇවිදින් ගියත් මුර සේවේ කරන අර ඇත්තන්ව නම් දැල් දාලවත් අල්ලන්නට හිතන එකත් අපරාදේය. ඒ තරම් දුර්ලභය. හැම තැනම හැමදාම නැතිය. මේ නිසාවෙන් මේ දවස්වල පික්චර් එකක් බලනවටත් වැඩිය ආසාවකින් ලංකාවේ ඇත්තෝ මේ නාඩගම් ටික බලාගන්නට හොඳ විපරමෙන් ඉන්නවා ය.
ඔය සේරම අස්සේ මේ දවස්වල හතර අතේ කැලෑ පත්තරය. පෙට්ටගම් අස්සේ හංගලා අගුල් දාපු සමහර කතන්දරත් මේ කාලෙට එළියට ඇදෙනවාය. මඩ නාගත් කල රජකමටත් සුදුසුය කියලා ඉතින් ඉස්සර කාලේ ඇත්තෝ කීවේ නිකමට නම් නෙවේ බව පැහැදිලිය. වැඩියෙන්ම මඩ ටික නාගත්ත එහෙමත් නැතිනම් හොඳම කතා ටික හදා ගත්තු කෙනා ඉහළින්ම දියවන්නාව තරණය කරනවාය. ඒක ඉතින් මේ සිස්ටම් එකේ හැටිය.
සමහරු ඉතින් ඔය මඩ, උපේක්ෂාවෙන් විඳ දරා ගෙන සිටියද සමහරු නම් දුම්මල වරම ගත්ත කට්ට¾ඩියන්ටත් හපන්ය. වේදිකාවල මහමඟ විතරක් නොවේය, මාධ්‍ය හරහාද කෙහෙවලු පටලා ගන්නවාය. ඕවා ඉතින් ඔහොමය. දියවන්නාවට යන්නට නම් ලැජ්ජා, බය කියන නහර දෙක කපාගෙන සිටීමද අමතර සුදුසුකමක්ය.
සාමාන්‍යයෙන් රටක වෙසෙස් අවධානයක් යෙදෙන කරුණක් වෙච්ච පාසල් අධ්‍යාපනය පවා මේ දියවන්නා තරණයට දෙවැනිය. ඒ නිසාවෙන් මෙදා කපේ අවුරුදු 13ක් පාසල් ගිහින් ඉගෙන ගත්තු ළමයින්ගේ ජීවිතය තීරණය කරන උසස් පෙළ විභාගයත් දෙකටම කඩලාය. මඩ නාපු කට්ටියට මේවා වගේ වගක් නැති වුණාට මෙයින් තැළෙන්නේ විභාගෙට ඉන්න අසරණ ළමයින් ටිකය. විභාගයක් අස්සේ මනාප පොරයක් තියලා ඩෙගා නටන රටක් වේ නම් දැන් ලෝකෙට අපූරු උදාහරණ තියෙනවාය.
ඕවා ඔහොම වුණාට සමහරුන්ට නම් මේ දවස්වල ගෙදරට එන ඥාති සමූහයා නිසා ඔය සේරම අමතකය. අමතකමත් නොවේය. අමතක කරලාය. බක් මහේ නෑගම් යනවාටත් වැඩිය ආදරෙන් ගෙදරට ගොඩ වෙන ලේ ඥාතීන් නොවන ඥාති සමූහයාගේ ආදරය දැක්ක ගමන් සමහරුන්ට ඕවා අමතක වෙන එකයි අමතක කරනව කියන එකයි හරි සිම්පල්ය. බක් මහේ අවුරුද්දට ගෙදරට එන ලේ ඥාතීන් අරන් එන චීත්ත කෑලි දෙක තුනටයි බිස්කට් පෙට්ටි ටිකටයි වැඩිය ඉතින් මහා ගල් පර්වත කඳුවලින් වට වෙච්ච ගම්වල වරායවල් හදන හීනේ හරි ඉහළය.
දැන් කාලේ ඉබ්බාගෙන් පිහාටු ගන්නවාටත් වැඩිය ගල් පර්වත හිල් කරලා මුහුදෙන් වතුර ටිකක් කඳු මැද්දට අද්ද ගන්න එක නම් හරිම ලේසිය. අනෙක ඉතින් කවුරුත් මොනවා කිව්වත් අවුරුදු හය හතකට සැරයක් තමන්ව බලන්නට එන ලේ ඥාතීන් නොවන ඥාති සමූහයාව පිළිගන්න එක මහා ඉහළින්ම කළ යුතුය.
ඕවා ඔහොම වෙද්දි එක රෝස්පාන් කාල දෙකට කඩන් කාලා එකට වැඩ ටික කරන් හිටපු අපේ එවුන් මුහුණට මුහුණවත් නොබලා ෆේස්බුක් හරහා මරා ගන්න හැටි දැක්කාම කලකිරෙනවාය.
දියවන්නා තරණය කරන ඇත්තෝ දියවන්නාවත් තරණය කරගෙන ඕනේ තැනකට යන්න යාවිය. ආයේ උන්දැලා එගොඩ කරවන්න බෙරිහන් දුන්න මිනිසුන් දිහා ඇහැක් ඇරලා බලන්නට හිතන්නෙවත් නැතිය. ඒ කාලෙට ඒ ඇත්තන්ට ගෙදර බේබිලා ටිකගේ අනාගතය හදන්න තියෙනවාය. මේ දිහාවේ ඇවිදින් යන්නටවත් එන්න වෙලාවක් නැතිය.
ඉතින් මොකට අපේ එවුන් ඒ ඇත්තෝ වෙනුවෙන් මරා ගන්නවාද කියා නම් බලන් ඉන්න අපිට හිතෙනවාය. ඉන්න කාලේ එකා වගේ හොඳින් ඉන්නවා මිසක කොහෙවත් ඉන්න මිනිසුන්ගේ බෙදීම් නිසාවට කියවිලි නිසාවට මේ වල ඉන්න මිනිසුන් ඇන කොටා ගැනීමත් විහිළුවක්ය.
අන්තිමට දියවන්නාවෙන් එහා පැත්තට ගිය දවසට මේ පැත්තේ මරා ගත්ත ඒ ඇත්තෝ එකට කති බොති තුරුල් කරන් නටති. උන් නිසාවෙන් ඇනකොටා ගත් අපේ එවුන් සදාකාලිකව හතුරන්ව කල් ගෙවති.
හොඳටම අන්දන්නා සහ හොඳටම ඇන්දෙන්නා තෝරන මේ කාලයේදී ඔය පලඳනා දෙකෙන් එකක්වත් දා ගත නොහැකිව සිටිය හැකි නම් ඉතින් හරි අගනේය.
අරුණි කළුපහන

Published on September 12, 2016 10:00
June 21, 2016
හර්ද සුත්‍රය සොයා ගියෙමි
ආදරය ගැන වෙනස් හැගීමක්වත් කියවීමක්වත් තිබුන කෙනෙක් නෙවෙයි මම. ආදරය ආදරයමයි. මට හිතුනේ එහෙමයි. නමුත් මේක ලියන මොහොතේ සුනේත්‍රාගේ හර්ද සුත්‍රය කියවන මට ආදරය දැනුනේ වෙනස් විදියට, වෙනස්ම කෝනේකින්. දෙයක් කියවන්න හිතුනොත් හොයාගෙන ගිහින් අරගෙන හරි පිස්සෙක් වගේ කියෝන මට දෙයක් ලියන්න හිතුනත් එය නිදිවරාගෙන ලියලා මිසක් නැගිටින්න හිතක් පුරුදු පුහුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් එහෙම හික්මීමක් නැති හිතක් තියෙන පුන්සරා වගේම පොත් ගුල්ලියක් වෙච්ච මම සුනේත්‍රාගෙයි සමන්ගෙයි එකතුවෙන් ලිව්ව මුදිතගෙයි පුන්සරාගෙයි ආදරයේ මට දැනුනු දේවල් දේවල් සටහනක් තියන්න හිතුවේ මෙහෙම. හැබැයි එකක් මට සුනේත්‍රා සමන්ගේ හර්ද සුත්‍රය ගැන විචාරයක් ලියන්න නම් කොහොමත් ලැස්තිනැහැ. මම ලියන්නේ මගේ හිතට කා වැදුණු සමහර තැන් වලිනුත් කොටසක් පමණයි කියලා කියන්නම ඕනි.
හර්ද සුත්‍රයේ මහා ගැඹුරින් සමන් අතාවුදහෙට්ටි එක්ක ආදරය ගැන විවිධ කතාන්දර ඔස්සේ කියාපාන සුනේත්‍රා තවත් තැනක සරලව මෙහෙම කියනවා. හැබැයි ඒ ඉස්සර වෙලා වගේ වචන හරඹ වලින් නම් නෙවෙයි. ආදරය උතුරපු කවියකින් මෙහෙම,
“ මම හරි දඟයි හොඳ මිනිහෙක් නෙවෙයි ඔබ හරි අහිංසකයි හාදුවකින්වත් රිදවන්න දුකයි ඔබ මල් පෙතිවල කවි ලියයි කෑලෑ වළා පෙළක ඉසුරුමුණිය දකියි මුදු රළ වැලක ගීයක් සොයයි නල සසල මල් අතර තනුවක් ඇහිදියි
මම හරි දඟයි...
ඔබ මුදු සඳ එළිය වගෙයි සමන් මලක පිවිතුරු සුවද දැනෙයි ඔබ අසල මා පොඩි එකෙක් වෙයි පුජනිය ආදරේ මට දැන් දැන් දැනෙයි
මම හරි දඟයි... “
හර්ද සුත්‍රයේ මුදිතගේ ආදරය හිමි වුන පුන්සරා මම නොවුනත් මුදිතගේ චරිතය පණ දුන්නු වචන වලින් මගේ කම්මුල් ලැජ්ජාවෙන් රත් උනේ ඇයි කියලවත් හදවත මොහොතකට නතර වෙලා ඩබ් ඩබ් හඩින් දෙදරුම් දෙන්න පටන් ගත්තේ මම ඒ තරම්ම හර්ද සුත්‍රය ඇතුලේ ජිවත් වුන නිසාවත් ද කියලා මට කියන්න අමාරුයි. නමුත් කොයි තරම් ගෑනු පස්සේ ගියත් පනස් එක් වෙනි පෙම්වතියට සමුදීලා ආවත් මුදිත කියන චරිතය ගැන අහිතක් නොහිතා ආදරය කරන්න පුළුවන් විදියට සුනේත්‍රායි සමනුයි හර්ද සුත්‍රයට පණ පොවලා තිබුනා.
මුදිත වගේම පුද්ගලයෙක් කාලෙක මම දැන උන්නු ලෝකෙකත් ජිවත් උනා. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් නෙවෙයි. ඔහු මුදිත වගේම නොවුනත් යම් තාක් දුරට මුරණ්ඩු සල්ලාල පිරිමියෙක්. ඒ වගේම ඔහු මුදිත තරම්ම ආදරණියයි. වචනත් හරිම ලෙන්ගතුයි. නමුත් ඔහුත් මුදිත වගේම ගෑනුන්ට බයයි. ගෑණියෙක් ඔහුගේ සීමාවන් අසලට ලං වෙනකොට පැනලා දුවන්න තරම් ඔහු බයගුල්ලෙක්. තැනින් තැනට යන ස්ථිර නැවතුමක් නැති අයෙක්. හර්ද සුත්‍රය විදිද්දී මට මතක් උනේ ඔහුව.
හර්ද සුත්‍රය මම කියවන්න මට ගත්තේ මරදානෙන් කෝච්චියට නගින කොට නමුත් පැය පහ හයක් තිස්සේ මේ වචන ටික ලියද්දිත් මම හර්ද සුත්‍රය කියවමින් උන්නා. කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් මේ නවත්තපු හතර වෙනි පාර. ඒ කම්මැලිකමකට නෙවෙයි. රිදුම් දෙන්න ගත්තු හිතක් හින්දායි එහෙම නැවතුනේ, සුනේත්‍රා සමන් අමුණපු ජිවිතයට සමීප සමහර තැන් උඩින් යද්දී දැනුනේ හදවතට යවුලකින් අනින්නා වගෙයි. මෙසේ පැත්තකින් තිබුන පාස්තා පිගානේ උඩින්ම තිබ්බ කීල්ස් කෑලි වලට මම ගෑරප්පුවෙන් ඇනගෙන ඇනගෙන ගියේ කාලයක් රිද්දන්න බැරි උන පිරිමියෙක්ගෙන් පලිගන්නවා වගෙයි. ඒ තරම්ම දැනෙන්න සුනේත්‍රා සමන් අනුන්ගේ ජිවිත තමන්ගේ අකුරු වලින් කඩදහියකට අරන් තිබුනා. වෙලාවකට සුනේත්‍රායි සමනුයි හිත්වල තියෙන රහස් හොරකම් කරන බුතයෝ දෙන්නෙක් ද කියලත් මට සැකයි. හරියට රේන්ද ගෙදර හොල්මන් කරන පුන්සරාගේ අම්මාගේ පොඩි බාප්පා වගෙයි.
අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක මගේ යාලුවෙක්ගේ ගෑනු ළමයයි මමයි BMICH එකේ පොත් ප්‍රදර්ශනයට ගිය වෙලෙත් සුනේත්‍රා සමන්ගේ පොත පොත් රාක්ක වල දිලිසි දිලිසි තියෙනවා දැක දැකත් ගන්න බැරි උනේ නම් මගේම කරුමෙකට කියලා මට දැන් හිතෙනවා. සමහර විටක අවුරුදු දෙකකට විතර උඩදී හර්ද සුත්‍රය කියවලා තිබුනා නම් සමහර දේවල් වෙනස් වෙන්න තිබුනා කියලා හැගීමකුත් දැන් දැන් හිත ඇතුලේ හෙමිහිට කොදුරනවා.
සමහරු ගැහැණු ඉන්නවා මෙහෙම කියන,
“ මගේ මිනිහා ගෑනු සියක් එක්ක බුදියලා හරි මාව හොයාගෙන එන එක මට ආඩම්බරයක්. ඒ ගෑනු සියත් හරි, ඊටත් වඩා මාව වටින හින්දානේ මට ආදරේ හින්දානේ ඒ මිනිහා මොන ගුබ්බෑයමේ බුදියලා හරි ආයෙම මයේ ගෙදරට එන්නේ. “
පුන්සරාත් ඒ වගේ. මට හිතුනේ එහෙම. නැත්තම් ගෑණියෙක්ට පුළුවන් ද ඔහොම මිනිහා නිදි වැදලා එන ගේෂාවෝ ගැනයි මිනිහා එක්ක කෑම කන්න එලියට ගිය ගෑනු ගැනයි කතන්දර අහන් ඉන්න.. අහන් ඉදලා මෙහෙමත් කියන්න,
“ මං ආසයි ඒ කතා කෙටි කතාවකට ලියන්න.. “
මුදිත දැන දැනත් වැරදි කරපු පිරිමියෙක්. රටේ ලෝකේ ඉන්න දහසක් ගෑනු ගැන කියෙව්වාට මුදිත කවදාවත් පුන්සරාව කියවන්න උත්සාහ කරේ නැහැ. ඒක තේරුම් ගත්ත මුදිත අවුරුදු 25කට පස්සේ කාලෙක මෙහෙම කියනවා.
“ මම පුන්සරාව එක්කන් ගිහින් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයට බැන්දෙව්වා. එදා එයා ගෙදර ඇවිත් මගේ අත් දෙක අල්ලාගෙන කදුළු වැගුරුවා.
‘ ඔයාට තේරෙන්නේ නෑ මේක මට කොච්චර වටිනවා ද කියලා.. ‘
පුන්සරා කිව්වේ මොකක්ද කියලා මට තේරුණේ නෑ. සුවපත්වීම ( හැම අතීතයක්ම එකතු කරලා පුන්සරා ලිව්ව පොත ) කියෙව්වාට පස්සේ තමයි එදා එච්චර කදුළු වැගිරෙව්වේ ඇයි කියන එක හිතාගන්නවත් පුළුවන් උනේ. එක ගෙදර හිටියත් කෙනෙක්ගේ හිනාවකට කඳුළකට යටින් තියෙන හැබෑ හේතු දැන ගන්න කොච්චර අමාරුද ? “
සුනේත්‍රායි සමනුයි ගැන මට දැනුනේ තද ඉරිසියාවක්. ඒක හරිම පුදුම ඉරිසියාවක්. හර්ද සුත්‍රය මට ලියන්න තිබුනා නම් කියලමයි මට හිතුනේ.
නමුත් කවුරු ලිව්වත් හර්ද සුත්‍රය පුරාවටම මුදිතට ආදරය කරපු ගැහැණු අතරට මමත් එකතු වුනේ මමත් හර්ද සුත්‍රය පුරාවට මුදිත ආදරය කරපු හින්දයි. හැබැයි මම මුදිතගේ පනස් දෙවෙනි ගෑනු ළමයා වුන චීන ජාතික ඩේසිගෙන් පස්සේ ආව 53 වෙනියෙක් නම් නෙවෙයි. ජිවිත කාලේ පුරාවටම මුදිතට ආකර්ෂණ උන අසීමිත ගෑනුන්ගෙන් කෙනෙක්.
ඉස්සර මටත් හීනයක් තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පිණියක් වෙන්න. පස්සෙන් පහු කාලෙක ඒ හීනේ තවත් දිග් ගැහුනා ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ආදරේ කරන්න. පස්සේ කාලෙක සිදු වුනු සමහර යෝජිත සිදුවීම් එක්ක හැම දෙයක්ම කාලයත් එක්ක යටපත් උනා. ඒවා අතීත කතා. නමුත් ඒ අතීත කතා වල සැගවුණු මතක හර්ද සුත්‍රයේ හැංගිලා තිබුනා නේද කියලා වෙලාවකට මට හිතුනා.
එක තැනක මුදිතගේ ආදරයට හර්ද සුත්‍රයේ පුන්සරා මෙහෙම පිළිතුරක් ලියනවා.
“ ඔබේ ආදරයට මම ආදරෙයි ඒත් මට හිටි ගමන් ඒ ආදරේත් ප්‍රෙහේලිකාවක් වගෙයි මල් පෙතිවල කවි ලිව්වත් මා ඔබේ බිරිදයි ඉසුරුමුණියේ ඉන්නෙත් අඹු සැමියන් විය යුතුයි
කඳුළක් ප්‍රශ්නයක් ආවත් නෑ හිතේ අමනාපයක් ඔබත් හරි සංවේදියි නල සසල වෙන තතක් බඳුයි
ඔබේ ආදරේට මම ආදරෙයි...
සඳ එළියෙන් කොද මල් පිපෙයි සඳුත් සුවදෙන් සිතක් පූදියි මා ගී තනුවක් නොවෙයි නෙළුමක් පුජිතත් නොවෙයි
මගේ ආදරේ පුජනියයි ඇත්තයි ඒත් මා දැරියක් නෙවෙයි දුක සැප බෙදා ගන්නට රිසියි මා ඔබේ සහධම්මාචාරිනියයි
ඔබේ ආදරේට මම ආදරෙයි “
කොහොම නමුත් හර්ද සුත්‍රයෙන් ආදරයයි රාගයයි කියන්නේ ලා සඳ එළියේ පිපෙන සුවද සේපාලිකා මලක් සහ ගිනියම් අව්වේ පණ පොවන සුරියකාන්ත මලකයි වෙනස කියලා සුනේත්‍රා සමන් නොකියා කියනවා. මට හිතුනේ එහෙම.
මුදිතගේ පුන්සරාගෙයි අතීත මතකයි පුන්සරාගේ ජිවිතේයි ගැන දුර ගමන් යවන සුනේත්‍රා සමන් තැනක මෙහෙම ඇත්තකුත් කියනවා.
“ හැම ලේඛිකාවකගේම පෙම්වතුන් ජිවත් වෙන්නේ සිත ඇතුලේ හංගාගත්තු බයක් එක්ක. ඒ බය තමයි ඒ ලේඛිකාවගේ පොතක චරිතයක් අස්සේ උපදින්න තමන්ට සිද්ධ වෙයි කියන බය.. “
හර්ද සුත්‍රය පුරාවටම ඔය වගේ හිත නැවතුනු තැන් ගොඩක් තිබුනා. කෙටියෙන්ම කියන්න තියෙන්නේ සමන් අතාවුදහෙට්ටිගේ ආදර අංකුර වලටත් වැඩිය සුනේත්‍රාගේ හැම පොතකටමත් වැඩිය මම හර්ද සුත්‍රය සමීපයි. මුදිත කියන්නේ විශ්වයක්. නැහැ, පුන්සරා ජිවිත කාලෙම අම්මගෙන් ඉල්ලපු මුදිතගේ තාත්තාගෙන් තෑගි හම්බ වුනු ශබ්දකෝෂටත් වැඩිය විසල් තේරුම් ගන්න අමාරු ශබ්ද කෝෂයක්. මුදිත ගැනයි පුන්සරා ගැනයි රැයක් ගෙවෙනකම් කතා කරන්න දේවල් නම් බහුලයි. ඒත් ඒ සේරම ලියන්න බැහැ. නමුත් සිතට දැනුනු තැන් ගොඩක් අස්සේ හුස්ම නතර කරන් බලන් හිටපු තැනකින් මේ සටහන අවසන් කරන්න මට හිතුනා. හැබැයි කොච්චර හුස්ම හිරකරන් බලන් උන්නත් මුදිතවත් පුන්සරාවත් තවම උත්තරයක් නම් දුන්නේ නැහැ.
“ ප්‍රංශයේ ලුඩ්ස් දේවස්ථානයේ ශුද්ධ වූ ජලය බෝතලයකට බුද්ධ ගයාවේ පිරිත් පැන් එකතු කරන්න අපිට බැරිද... අනේ සරා මට හිතා ගන්න බෑ.. ව්‍යායාම කරලා එහෙ මෙහෙ ඇවිද්දා ඇති. ඉක්මනට එන්න.. එතකොට මම ඔයාගෙන් මෙහෙම අහන්නම්..
‘ පුන්සරා මුළු ලෝකෙටම ආදරේ කරන්න කලින් අපි අපිටවත් ආදරේ කරන්න පුළුවන් ද බලමු.. එහෙම බැරි නම් ඔයා කොහොමද ඊට වඩා විශාල පරමාදර්ශී හීන හැබෑ කරගන්නේ... ? ‘
එතකොට එයා මොනවා කියාවි ද ?
‘ පෞද්ගලික ආදර කතා වලින් මිදෙනවා කියන්නේ ලෝකෙටම ආදරේ කරන්න පුළුවන් වෙනවා කියන එකයි.. ‘ කියලා එයා කිව්වොත් මං මොනවද කියන්නේ...
‘ පෞද්ගලික සබදතාවලදී ආඩම්බරයක්, අහංකාරයක්, මමංකාරයක් නැතිනම් විතරනේ ජාතික ප්‍රශ්නයක් විසදගන්නත් සුත්‍රයක් හදාගන්න පුළුවන් වෙන්නේ. පරණ තුවාල නැත්තේ කාට ද... ? කොයි රටට ද... ? “

- Aruni Kalupahana -
Published on June 21, 2016 13:06
June 4, 2016
හිරණ්‍යදා - 01
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත් මගේ විජිතේ අහිමි වී මට දැන් ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා මැවූ සුන්දර සිහින මතකය මිසක්
සිහින රැකගෙන දිව ආවේ ආදරෙන් ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින් අපට අප නැති හෙට දිනක දුර අරන් හඬා කුමට ද නොදරුවන් සේ ඉතින්
රාත්‍රිය වෙලාගෙන ඇති හුදකලා නිහඬ බව බිඳගෙන නැඟෙන හිරණ්‍යදාගේ හඬ නදීකව කල්පනාවෙන් මිදෙව්වා. රැගෙන ආ දා පටන් දවසින් වැඩි හරියක්ම මුනිවත රකින හිරණ්‍යදා, දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක් හෙමි හෙමින් මුමුණනු ඇසීම පවා නදීකට ගෙන ආවේ සැනසීමක්. හඬා කුමට ද නොදරුවන් සේ ඉතින් කියා මිමිණුව ද ඇයව රැගෙන ආ දා පටන් ඇය දවසින් වැඩි හරියක්ම ගත කලේ හඬා වැටෙන්නට පමණක් බව මේ නිවැසියන්ට රහසක් නොවෙයි. මියුරු මුත් ඇගේ දුක්බර හඬ නදීකට ගෙන ආවේ තමන් ගැනම කලකිරීමක්. නමුත් මේ සියල්ල එසේ සිදු වී හෝ අද ඇය තමන්ට හිමි වී තිබීම නදීකට ගෙන ආවේ තමන් ගැනම සතුටක්. එදා තමන් ඇයව රැගෙන නොආවා නම් අද ඇය අන්සතු බිරිදක්.
නමුත් 21 හැවිරිදි යුවතියක බලෙන් රැගෙන විත් විවාහ කර ගැනීම වසර ගණනාවක් යකඩ කුරු ගනින්නට වන වරදක් බව නදීක නොදන්නවා නොවෙයි. නදීකගේ පියා ප්‍රබල නීතිඥවරයෙකු වූ නිසාවෙන් නිතීය නදීකට අමුතුවෙන් කියා දිය යුක්තක් ද නොවෙයි. නමුත් ඒ කෙසේ වුව ද කල සියල්ල ක්ෂණිකයෙන් වෙනස් වී යා හැකි හෙට දිනය තීරණාත්මකයි. තෙමසකට කලියෙන් බලහත්කාරයෙන් රැගෙන ආ ඇයත් රැගෙන තමන් හෙට දිනයේ කොළඹ මහාධිකරණය වෙත යා යුතු මතක් වෙන වාරයක් පාසා නදීකට ගෙන ආවේ වේදනාවක්.
තරුණ මාධ්‍යවේදිනියක වූ තමන්ගේ එකම දියණිය සේවා කාලය ඇතුලතදී හදිසියේ අතුරුදහන් වීම පිළිබදව චෝදනා කර හිරණ්‍යදාගේ මව්පියන් නදීකට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ විතරක් ද නොවෙයි නදීකගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ සනුහරේටම එරෙහිව පුවත්පත් ලිපි ලියවුනේ ද හිරණ්‍යදා පැහැරගැනීමට අදාළ CCTV දර්ශන නිසාවෙන් ඔහු ස්ථිරවම වරදකරුවා බව හෙළි වුනේ ද වැඩි කාලයක් යන්නට මත්තෙන්.
ප්‍රකට නීතිඥ නිශ්ශංක විජේබණ්ඩාරගේ පුතුණුවන් කියනවටත් වඩා නදීක වසර දෙකක් තිස්සේ ජායාරූප ශිල්පියෙකු ලෙසින් නමක් හදාගෙන තිබුනේ තමන්ටම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමිනි. නමුත් නදීක ඔහු ගොඩ නගා ගත් කිර්ති නාමය පමණක් නොව සිය පියා ඇතුළු සනුහරේම කිර්ති නාමය ක්ෂණිකයෙන් පහතට ඇද දැමු නිසාවෙන් ලේසියෙන් නඩු පෙරලා දමන්නට දක්ෂ යැයි සම්මත ඔහුගේ පියා වුව ද හෙට දිනයේදී ඔහු වෙනුවෙන් උසාවි භුමියේ දී පෙනී නොසිටින බව නදීකට විශ්වාසය.
පැය විසි හතරකට ගැහැණු විසි හතරක් අරන් යන්නට දක්ෂයි කියා මිනිසුන් නම් කරන ලද විජේබණ්ඩාරලාගේ බාල පුරුක මෙහෙම එක පොඩි කෙල්ලෙක් අයිති කරගන්නට උසාවි අස්සෙත් රිංගාවී යැයි මහා විජේබණ්ඩාරලා කෙදිනකවත් හීනෙකින්වත් නොසිතන්නට ඇත. නිශ්ශංක විජේබණ්ඩාර වුව ද තම පුතුණුවන්ට උපදෙස් දුන්නේ නිදි වැදපන් අමතක කරපන් නැති නම් ගානක් දීලා ගැලවියන් කියාය. ගැලවෙන්නටම බැරිම උනොත් සොයා ගන්නටම බැරි වෙන්නට ඉවරයක්ම කර දමනවා මිසක යශෝදරාවකගේ ආදරය ඉල්ලා කෙල්ලක සිරකරගන්නට කියා නොවේය. නමුත් දෙවසරකට ඉහත දී ඇය ඇස ගැටුණු මොහොතේ පටන් නදීක විජේබණ්ඩාරට පරම්පරාවෙන් ඉගෙන ගත් ගති පැවතුම් පුරුදු සියල්ල මොහොතකට අමතකව ගියේ ය.
තමන්ගේ පළමු ජායාරූප ප්‍රදර්ශනය නරඹන්නට විද්‍යාත් පබසරිත් සමගින් ඈ ආ හැටි ඔහුට තවමත් මතකය. ඒ කාලයේ ඇය පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා මාධ්‍ය ජිවිතයට පා තැබූ අලුතය. හිසේ කෙස් ගානට ගැහැණුන් ඇසුරු කර තිබුන ද ඇය දුටු මොහොතේ පවා ඇය කෙරෙහි යම් විශේෂත්වයක් සිතෙහි ඇති වූ බව නදීකට මතකය.
ඉතින් එහෙම ලේසියෙන් දැන් ඇය අමතක කරන්නට නදීකට නොහැකිය. රැයවල් ගත කරන්නට පමණක් උන් දහසකුත් ගැහැණුන් අතරේ තමන් හා නවතාගන්නට නදීක තෝරා ගත් එකම ගැහැණිය ද හිරණ්‍යදාය. නමුත් හෙට අධිකරණයට ගියෝතින් වන්නේ ද ඇය අතහැර දමා තනිව ආපහු හැරෙන්නට ය. දැනටමත් තමන් ඇයව බලහත්කාරයෙන් රැගෙන ආ බවට සාක්ෂි බොහෝමයක් උසාවිය සතුව පමණක් නොව මුළු රටක්ම හමුවේ ම ප්‍රසිද්ධව ඇත.
තුන් මාසෙකට කලියෙන් ඇයත් රැගෙන සැගවී ගියා සේ නැවත සැගවෙන්නට ද නැතහොත් හෙට දිනයේ දී අධිකරණය හමුවේ පෙනී හිද හිරණ්‍යදා බලෙන් පැහැරගෙන ගොස් සගවා තබා ගැනීම පිළිබද වරදකරුවා විය යුතු දැයි නදීකට තවමත් සිතා ගත නොහැකිය.

Published on June 04, 2016 11:01
April 17, 2016
අහම්බෙන් ලියවුනු කවියක්
කවි ලිව්වෙත් ඉස්සර
කතා ගෙතුවෙත් ඉස්සර
නුඹ හිටියෙත් ඉස්සර
මං දැන් ලියන්නෙත් නෑ මොකුත්ම
නුඹ නැති හින්දාම
හැමදේම අතීතයට අයිති නේද
අපි උන්නෙත් ඉස්සරෝම මතකෙක නේද
හෙට මනාලිය වී මම යන්නත් ඕනා නේද
ඉතින් පරණ පෙම් කතා අවුස්සා අවුස්සා
ආයෙත් ලියන්නේ කොහොමද
ඊයේ හවසත් නුගේගොඩ හන්දියේ
නුඹ උන්නාලු ඉස්සර වගේම
නිල් කොටු කමිසෙට ඩෙනිමක් ගහගෙන
පරණ විදියටම පොතකුත් අතකින් උස්සාන
තාමත් කියවන්නේ එමා බොවාරි ද නුඹ
පරණ පුරුද්දටම
මගේ මගුලට රෙදි ගන්න ගිය
නංගි ඇවිත් කිව්වේ නුඹ ගැන
" අක්කේ අරයා තාමත් පරණ පෙනුමයි
බ්‍රාහ්මණ ලුක් එක නම් තාමත් එහෙමයි
කොන්ඩේ කපලා කරාබු ගැලෙව්වාට මොකද
අක්කේ ඒ මිනිහා තාමත් සල්ලාල පාටයි "
දුක් විදින ගැහැණුන් ගැන
ටවුන් හෝල් හන්දියේ මොර ගෑවට නුඹ
මගේ දුක විතරක් නොපෙනුනේ මන්ද
එමා බොවාරිවත් කියවපු නුඹට
මං ඉද්දිම හොයා ගත්තු එයා හින්දා
තුන් අවුරුදු ප්‍රේමේ හැරදා
පැදුරට නොකියා නුඹත් මාරු උනා
බැම්මෙන් මිදෙන්න නුඹත්
කටු සටහන් පෙලක අන්තිම අකුරත්
කුරුටු ගා එව්වා
" අපි ගැලපුනේ නෑ කවදාවත්ම
අපිට අපි ගැලපෙන්නේ නැති නම්
තව ඉදලා මොකට ද
ඔයා අම්මලා කියන කෙනෙක් බදින්න
මමත් හිත හදා ගන්නවා
අහස පොලොව එකතු නොකර අපි ඉමු මෙහෙම
ප්‍රේමය කියලා දෙයක් නෑ ලෝකේ
බැදීම් කියන්නෙත් බොරුවක් නේ
දැන්වත් ඒක තේරුම් අරගනින් නගේ "
එහෙම ලියපු ඒ උඹම නේද
දෙසතියක් යන්නත් කලින්ම
ඇයත් එක්කම විහාර මහා දේවි එකේ
ලතා මණ්ඩපය ලග
පෙම් බස් කෙදිරුවේ හෙමිහිට
ප්‍රේමය කියලා දෙයක් නැති හින්දා ද
නුඹ ඈ එක්කත් කොදුර කොදුර
කඩ කාමර අස්සේ හැංගිමුත්තන් සෙල්ලමේ ගියේ
නුඹ තාමත් ඈ එක්ක ද
නැතිනම් මම වගේම එයත්
නුඹ හින්දා දැන් අඩනවා ද
ලපටි දරු ගැබ මේ සැරේත් නුඹ
හොර වෙදා ලව්වා නැති කරා ද
නැතිනම් ඒ කිරිකැටියාටවත්
හුස්ම ගන්න නුඹ ඉඩ දුන්නා ද
හෙට උදේ 9ට පෝරු සිරිතෙන්
මමත් කුලගෙට යනවා
හිසතින් කුලගෙට ගියත්
කිරි කළ හතකින් මම ඒ මග නාවනවා
පරණ පිය සටහන් එකීනෙක සෝදා හරිනවා
අන්තිම කවියත් ඉතින් මෙහෙම ලියලා
මතකෙන් විසි කර දමනවා
- අරුණි කළුපහන -
කතා ගෙතුවෙත් ඉස්සර
නුඹ හිටියෙත් ඉස්සර
මං දැන් ලියන්නෙත් නෑ මොකුත්ම
නුඹ නැති හින්දාම
හැමදේම අතීතයට අයිති නේද
අපි උන්නෙත් ඉස්සරෝම මතකෙක නේද
හෙට මනාලිය වී මම යන්නත් ඕනා නේද
ඉතින් පරණ පෙම් කතා අවුස්සා අවුස්සා
ආයෙත් ලියන්නේ කොහොමද
ඊයේ හවසත් නුගේගොඩ හන්දියේ
නුඹ උන්නාලු ඉස්සර වගේම
නිල් කොටු කමිසෙට ඩෙනිමක් ගහගෙන
පරණ විදියටම පොතකුත් අතකින් උස්සාන
තාමත් කියවන්නේ එමා බොවාරි ද නුඹ
පරණ පුරුද්දටම
මගේ මගුලට රෙදි ගන්න ගිය
නංගි ඇවිත් කිව්වේ නුඹ ගැන
" අක්කේ අරයා තාමත් පරණ පෙනුමයි
බ්‍රාහ්මණ ලුක් එක නම් තාමත් එහෙමයි
කොන්ඩේ කපලා කරාබු ගැලෙව්වාට මොකද
අක්කේ ඒ මිනිහා තාමත් සල්ලාල පාටයි "
දුක් විදින ගැහැණුන් ගැන
ටවුන් හෝල් හන්දියේ මොර ගෑවට නුඹ
මගේ දුක විතරක් නොපෙනුනේ මන්ද
එමා බොවාරිවත් කියවපු නුඹට
මං ඉද්දිම හොයා ගත්තු එයා හින්දා
තුන් අවුරුදු ප්‍රේමේ හැරදා
පැදුරට නොකියා නුඹත් මාරු උනා
බැම්මෙන් මිදෙන්න නුඹත්
කටු සටහන් පෙලක අන්තිම අකුරත්
කුරුටු ගා එව්වා
" අපි ගැලපුනේ නෑ කවදාවත්ම
අපිට අපි ගැලපෙන්නේ නැති නම්
තව ඉදලා මොකට ද
ඔයා අම්මලා කියන කෙනෙක් බදින්න
මමත් හිත හදා ගන්නවා
අහස පොලොව එකතු නොකර අපි ඉමු මෙහෙම
ප්‍රේමය කියලා දෙයක් නෑ ලෝකේ
බැදීම් කියන්නෙත් බොරුවක් නේ
දැන්වත් ඒක තේරුම් අරගනින් නගේ "
එහෙම ලියපු ඒ උඹම නේද
දෙසතියක් යන්නත් කලින්ම
ඇයත් එක්කම විහාර මහා දේවි එකේ
ලතා මණ්ඩපය ලග
පෙම් බස් කෙදිරුවේ හෙමිහිට
ප්‍රේමය කියලා දෙයක් නැති හින්දා ද
නුඹ ඈ එක්කත් කොදුර කොදුර
කඩ කාමර අස්සේ හැංගිමුත්තන් සෙල්ලමේ ගියේ
නුඹ තාමත් ඈ එක්ක ද
නැතිනම් මම වගේම එයත්
නුඹ හින්දා දැන් අඩනවා ද
ලපටි දරු ගැබ මේ සැරේත් නුඹ
හොර වෙදා ලව්වා නැති කරා ද
නැතිනම් ඒ කිරිකැටියාටවත්
හුස්ම ගන්න නුඹ ඉඩ දුන්නා ද
හෙට උදේ 9ට පෝරු සිරිතෙන්
මමත් කුලගෙට යනවා
හිසතින් කුලගෙට ගියත්
කිරි කළ හතකින් මම ඒ මග නාවනවා
පරණ පිය සටහන් එකීනෙක සෝදා හරිනවා
අන්තිම කවියත් ඉතින් මෙහෙම ලියලා
මතකෙන් විසි කර දමනවා
- අරුණි කළුපහන -

Published on April 17, 2016 12:30
February 21, 2016
ආදරණීය ආදම්..
* ඊවා ඊඩ්න් උයනේදි සිය දිවි හානි කර ගනි. * - පුවතක්
* මෘත ශරිරය තවමත් සිද්ඩිය වු ඇපල් ගස පාමුල * - පොලිසිය
* මැරෙන්න කලින් ආදම්ට සාප කරලා ලියමනක් ලියලා තියලාලු * - සාමනය ගම් වැසියෙක්
( ඊවාගෙ අවසන් ලිපිය පුවත් මගින් ප්‍රකාශයට පත් කෙරෙ. මරණය සිත් තැවුලක් හෙතුවෙන් වස පානය කිරිමෙන් සිදු වු සිය දිවි නසා ගැනිමක් බව මරණ පරික්ශක කියයි )
ආඩම් නුඹටත් නුඹේ පව්කාර පරපුරටත් ලියමි,
කලකට ඉහතදී මම ආදරය ගැන ලිව්වෙමි. ආදරය කලෙමි. ආදරයෙන් මුසපත්ව සිටියෙමි. නමුත් දැන් ඒ සියල්ල අහවරය. මා දැන් ආදරයට වෛර කරමි. නුඹට නුඹේ ඥාතින්ට නුඹව හසුරවන්නන්ට වෛර කරමි.
ඔවුන් කිනම් වයසක වුව ද එය මට අදාළ නැත. දෙතුන් වසරැති අත දරුවෙක් වුව ද ජිවිතේ අවසාන බාගය ගෙවා යන මහල්ලෙකු වුව ද මට කම් නැත. වයස් සිමා මගේ වෛරය ගණනකට ගන්නේ නැතිය.
නුඹ සේම ඔවුන් ද දැන ගත යුතුව තිබිණි. නුඹ අයිති ඔවුන්ට පමණක් නොව මට නුඹේ අයිතියක් තිබුණු වග. නමුත් ඔවුන් කෙදිනකවත් නුඹේත් මගෙත් ආදරය ගැන සතුට ගැන සිතුවා යැයි මම නොසිතමි. ඔවුන්ට එක සේවකයෙකුට දහ දොළොස් සේවකයින් ගන්න තරම් මුදල් ඇති වග මම දනිමි.
නමුත් නිවස අසල කඩයකට යන්න, ඔවුන්ගේ වෙනත් පෞද්ගලික ගමන්, විනෝද චාරිකා යන්න පමණකුදු නොව ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ ඕනා එපා කම් ඉටු කරන්නට ද ලෝකයේ එහා කෙලවර සිට හෝ ඔවුන් නිතරම මා අසල උන් ඔබව ගෙන් වූ බව ඔබත් මමත් දෙදෙනාම දනිමු. අපි අපේ වී ගත කරන්නට තිබු කාලය ඔවුන් කෙමෙන් කෙමෙන් උදුරා ගන්නා අයුරු මම නිහඩව බලා උන්නෙමි. කෑ ගසා දොස් නගන්නට බැරි කම නිසා නොවේ. නුඹේ ඥාතින්ට බැන වැදී නුඹේ සිත රිදවන්න බැරි නිසාවටය.
නමුත් එක දෙයක් තවමත් නුඹට අමතක වී නැතයි මම සිතමි. අපේ ප්‍රේම සම්බන්ධය දැන ගත් වහා මගේ ඥාතින් නුඹ ප්‍රතික්ෂේප කර මට දොස් නගන්නට නගන්නට මම නුඹ වෙනුවෙන් කතා කලෙමි. නුඹව ඉල්ලා රණ්ඩු කලෙමි. අවසන නුඹව මට හිමි විය. නමුත් මගේ ඥාතින් කාලයක් ගත වනතුරුත් මා ඥාතිත්වයෙන් අතහැර දමා තිබු වග නුඹට අමතක නැතයි මම සිතමි. මුළු ලොවම මට නැති වුවත් කම් නැතයි සිතා මම නුඹ සමග සිටියෙමි.
නුඹේ අයගේ ජිවිත සරු කරන්නට සිතා ඔවුන්ගේ ඉල්ලීමට නුඹ දුරු රටකට පියාසර කරනකොට නොයන්න යැයි මා හඩා වැටි ආයාචනා කලෙමි. රෝගීව අසරණ වුනෙමි. නමුත් නුඹ මා වෙනුවෙන් නතර නොවුනි. නමුත් මා නුඹ දුරු රටකට කල් ගෙව් හැම තත්පරයකම නුඹට තනි රැක්කෙමි. නුඹේ කදුළු හා එක්ක හඩා වැටුනෙමි. එදාත් නුඹට මව්බිමට නැවත එන්න ඕනි යැයි නුඹේ ඥාතින්ට නුඹ ආයාචනා කරන්න කරන්නට ඔවුන් නුඹව ඒ කන්තාරයේම හිර කල හැටි නුඹට අමතක වුවාට මට අමතක වන්නේ නැතිය. නමුත් මා හැම දුකක්ම නුඹ වෙනුවෙන් ඉවසා සිටියා මිසක ඔවුන්ට චෝදනා නගන්නවත් බැන වදින්නටවත් නොගියෙමි.
නැවත නුඹ මව්බිමට පැමිණි කල නුඹේ ඥාතීන් නුඹව යලිත් වහල් සේවයට යොදා ගත්තේය. ඔවුන්ගේ දරුවන්ගේ ජිවිත සරු කරන්න ඔවුන් දුකට පමුණුවා වැඩ ගත්තේ නුඹෙන්ය. රැයක් දහවලක් වෙලාවක් කලාවක් නොමැතිව ඔවුන් නුඹව ඔවුන්ගේ කටයුතු වලට කැදවා ගත්තේය. සියල්ල දරා ගත නොහැකිව ඇවිදින් නුඹ හඩා වැටුනේ මා සමගින් ය. අප වින්ද දුක් දන්නේ අපය. ඔවුන් කිසිදා අපේ දුක තේරුම් ගත්තේ නොවේ.
නුඹේ ඥාතින්ට නුඹ දැඩිව ආදරය කිරීමත් මා නුඹට දැඩිව ආදරය කිරීමත් නිසා අපි කීපවරක් වෙන් වුනෙමු. නමුත් නුඹ කිසිවකුත් නැතිව අසරණ වෙනු දැකිය නොහැකිවූ තැන අපට අප අහිමිව කල් ගෙවිය නොහැකි වග දැනුනු කල අපි යලිත් එකල එක් උනෙමි. නමුත් මෙකල යලිත් එක් වීමක් නොමැතිව අද අප සදාකාලයට වෙන්ව හිදිමි.
නුඹට මතකද අවසානයට අප එක්ව ඇවිදින්න ගිය දිනක්. එක වරුවකට හෝ තනි වූ මොහොතක්. නුඹට අමතක ඇති. නමුත් මා කියමි. ඒ මිට තුන් හාර මසකට කලිනි. බොහෝ පෙම්වතුන්, පෙම්වතුන්ගේ දිනය ආදරයෙන් සමරන කල නුඹේ උන්ට නුඹෙන් කරගන්නට බොහෝ වැඩ තිබිණි. ඉතින් පෙම්වතුන්ගේ දවසටවත් අපිට අප හමුවන්න ඉඩක් නොදුන්නේ ඔවුන්මය. නමුත් අද වනතුරුත් ලෝකෙට පේන්න අපි ආදරණිය පෙම්වතුන්ය.
නුඹ දන්නවා ද විවාහයකට තියෙන වටිනාකම ? පුරාණයේ පටන් දෙවිදුන් ඉදිරියේ ගිවිස ගනිමින් විවාහ වන්නේ විවාහ බැදීමක තියෙන සදාකාලික පිවිතුරු බව නිසාවෙන් යැයි මම විශ්වාස කරමි. ආදම් සහ ඒවා මැවුවෙත් ලෝකෙට බැදීම් පිළිබද වටහා දුන්නෙත් ලෝකය මැව් දෙවිදුන්ම ය. නමුත් නුඹේ එවුන් මුදල් ඉපයීමේ අරමුණින් දෙවිදුන් දුන් පිවිතුරු විවාහය මුදලක විකුණනු මා බලා සිටියෙමි. ඔවුන් ඔවුන්ගේ දරුවන් හෝ ලෝකෙම සිටීම මිනිසුන්ට මුදලට කසාද සහතික විකුණුවාට මට කම් නැත. නමුත් ඔවුන්ගේ බිල්ලක් ලෙසින් මට නුඹව දිය නොහැකිය. මා නුඹට ආදරේ කලේ මගේ යැයි හිමි කරගත්තේ නුඹ වෙනත් ගැහැණිය හා බොරු කසාද සහතිකයට විවාහ වනු දැකීමටවත් කොහේ හෝ ඇති විවාහ සහතිකයක නුඹේ නම අසලින් වෙනත් ගැහැනියකගේ නම ලියවෙනවා දකින්නවත් නොවෙන බව ඔබත් ඔබේ ඥාතීන්නුත් තේරුම් ගනු දැකීමට මා කැමැත්තෙමි.
අපට ජිවිත් වන්නට ඇත්තේ මේ කෙටි කළකි. නුඹත් මමත් කෙදිනක මෙලොවින් සමුගෙන යනු ඇත් දැයි අපවත් නොදනිමු. එය සමහර විටක තව වසරක් දෙකක් හෝ වසර විස්සක් විය හැකිය. එය තවත් වසර 50කට වැඩි නොවෙනු ඇතැයි මා සිතමි. ඉතින් මුදල් පසුපස ඔය හැටි හඹා යාමේ තේරුම කුමක් දැයි මා නොදනිමි. අප මෙලොවට පැමිණියේ දෙවිදුන් දුන් ලොවේ සතුටින් ජිවත්ව වන්නට මිසක මුදල් පසුපස හඹා ගොස් පොදී ගසන්නට නොවේය. සතුට රදා පවතින්නේ මුදල් මතත් නොවෙන බව නුඹත් ඔවුන්නුත් හොදාකාරවම දනිති යැයි මම සිතමි.
වසරක් දෙකක් නොව වසර පහක් මා සිටියෙමි.තවත් අද වනතුරුත් බලා සිටිමි. අපිට අප ලෙසින් සතුටින් ජිවත් වන්නට එක නිදහස් දවසක් හෝ ලැබෙන තුරු බලා සිටිමි. නමුත් ඒ දිනය අවිනිශ්චිත බවත් මා දනිමි. නුඹ ඉහලින් තබා සිටින නුඹේ මහා ලොකු ඥාතියාට පුතුන් සිටින වග සැවොම දනී. මොහොතකට සිතන්න. නුඹේ ඥාතියාගේ පුතුන් විවාහක වුව ද නොවුවද ඔවුන්ට ඔවුන්ගේ ආදරයන් හා සතුටින් ගමන් බිමන් යන්න කාලය ගත කරන්න ඔහු ඉඩ දෙනවා ය. නමුත් නුඹටත් මටත් එවැනි කාලයක් අහිමි කරන්නට තරම් ඔහුට ඇති වුවමනාව කුමක් දැයි මා නොදනිමි. නුඹ ඔහුට සේවකයෙක් විය හැකිය. නමුත් නුඹ ඔහුගේ පැය විසි හතරම සේවය කල යුතු වහලෙක් නොවන වගේ නුඹේ ඥාතියාට කවුරුන් හෝ මතක් කර දෙනවා නම් මා කැමතිය.
කියන්නට බෝ දේ ඇත්තෙමි. නමුත් නොකියමි. මන්ද බිරි අලින්ටත් උන්ගේ ආබාධිත පරපුරටත් විණා වැයිමෙන් පලක් නොමැති වග මා දන්නා නිසාවෙනි. නමුත් නුඹ එක මොහොතකට හරි නුඹ තේරුම් ගන්නා තුරු බලා උන් මා වෙනුවෙන් ලෝකයක් ඉදිරියේ එක තත්පරයකට හරි හඩ නැගිය හැකි පිරිමියෙකු වුවා නම් මම කැමැත්තෙමි. පාලු දුම්රිය නැවතුමක පැය ගානක් කාත් කවුරුවත් නැතිව නුඹ එනතුරුව මා බලා ඉන්නා වග පවසා නුඹ එක දවසක් හෝ මා වෙනුවෙන් ආවා නම් මා සතුටුය. නමුත් එක දවසක් නොව මා දවස් ගණන් අදුරේ අතරමන්ව නුඹ එනතුරු බලා හිද ඇත්තෙමි. නිකම්ම නොව ඒ නුඹ වහලෙකු කරගෙන නුඹට එන්න නොදෙන නුඹේ ඥාති ස්වාමියාට සාප කරමිනි. මොන කරුමයකදෝ තවමත් ඔහුට මගේ සාපයන් පලදී නැතිය. ඔවුන් වැජබෙන්නේය. ඊයෙත් අදත් තවමත් නුඹත් මාත් දුක් විදින්නෙමු.
නමුත් කවදා වෙනතුරු ද ?
නුඹව අහිමිව හුස්ම ගත නොහැකි නිසාත් නුඹ හිමිව නුඹේ ඥාතින් හා දුක් විදිය නොහැකි නිසාත් මා සිය දිවි නසා ගත්තෙමි. එය අතීත කාලයට එක් නොවුනේ මගේම කරුමෙකට යැයි මම තවමත් සිතමි. මියැදෙන්නට මොහොතක් තිබියදී මගේ උන් මා බේරා යලි මා මෙලොවට ඇද ගත්තේ ය. ඒ නිසා තවමත් මා හුස්ම ගනිමි. වේදනාවෙන් මිරිකෙමින් තවමත් අසීරුවෙන් හුස්ම ගනිමි.
ඒ හැම දෙයක්ම නුඹ නිසාය. නුඹේ ඥාතින් නිසාය. තවමත් නුඹ මට කියන්නේ නුඹේ ඥාතීන්ටත් නුඹටත් ප්‍රේම කරන්න යනුවෙන් ද ? කුමක ට ද ?
මට එවැනි අවශ්‍යතාවයක් නැතිය. මම නුඹටත් නුඹේ ඥාතීන්ටත් සදාකාලයට වෛර කරමි. මා ආයෙත් මිය යමි. ආයෙත් වැරද්දක් වන්නට ඉඩ නොතබමි. කාත් කවුරුවත් නැති තැනක මා සතුටින් මගේ අවසන් ගමන යමි. නුඹලාගේ හුස්මවත් නැති ලොවකට...
නුඹලා නුඹලාට රිසි ලෙස ඔහුගේත් මගෙත් ජිවිත උකසට අරන් එල්ලේ ගැසුවෝය. ඒ හැම පාරක්ම ඇවිදින් වැදුනේත් රිදුනෙත් අප දෙදෙනාටමය. එල්ල කල නුඹලාට දුකක් නැති වග අපි දනිමු. නමුත් කෙදිනක හෝ නුඹලාට නුඹලාගේ ජිවිතයේ දීත් විදවන්නට වන බව පමණක් කියන්න කැමැත්තෙමු.
- ඊවා -
@ඊඩ්න් උයනේ දී

Published on February 21, 2016 10:19
මා නුඹලාට ආදරය කළා සේම වෛර කරමි.