Aruni Kalupahana's Blog, page 7
October 24, 2015
අහේතුක කවියක්
මහා වැසි වැටුණු රැක
මං තනියම උන්නු ඉසව්වක
කවියක් ලිව්වා නිකමට
කරුමෙක මහත
එයත් ලියවුනේ නුඹේ නමටම
අතීතයේ සුවද තවමත් ඉතුරුව ඇති හින්දා
නුඹ ඇවිදින් ගිය අහුමුලු වල
තවමත් හිත දුර ගමන් යනවා
හිතුමතේට සිත රිද්ද රිද්දා
හිත පුරා නුඹටම පෙම් කල හින්දා
කරුමෙට මම තවමත් විදවනවා
නුඹ ගිහින් වෙන මලක් එක්ක
ආදරයේ පියවර පේලි තනනවා
මා ලියු දුක්බරම කවිය නුඹ හින්ද
තවමත් නුඹේ නමටම කවි ලියවෙනවා
අලුත්ම කවියකට මුලකුරු තැනුවට
හුරුපුරුදු කවියම ලියවෙන්නේ ඒ මොකද මන්දා !!!

Published on October 24, 2015 09:09
August 29, 2015
පුංචිම පුංචි කතාවක්...
( කාලෙකට පස්සේ පුංචි කතාවක්.. කෙටි කතාවක් නම් නෙවෙයි.. සින්දුවක් අස්සේ හිර වෙලා ඉන්නකොට හිතට ආපු සිතුවිලි අකුරු කරා විතරයි කතාව ලියන්න පසුබිම් උන සින්දුව “ අවසාන ප්‍රේමයයි මාගේ.. “ කැමති නම් එකත් අහලාම කියවන්න https://www.youtube.com/watch?v=yFyItnqmreE )
මෙච්චර දවසක් හැදී වැඩුණු රටින් සමුගෙන යන්න තරිදුට තිබුනේ තව සුළු මොහොතක්. . ජිවිතේ හෙම්බත් වෙච්ච කාලෙකට පස්සේ ලංකාව අතහැරලා දාලා යන්න තීරණය කරපු එක ගැන තරිදුට දැනුනේ සතුටක්. දකින දකින තැන තිබුනේ සේනි එක්ක ආගිය තැන් වල මතක සටහන්.. කොච්චර උත්සාහ කරත් ඒ මතකයන් අමතක කරන්න තරිඳුට පුළුවන් උනේ නැහැ. ටික කාලෙකින් සේනි තමන්ට ලං වෙච්ච විදිය තරිඳුට මතක් උනා.
ගුවන් යානයට ගොඩ වෙන්න තවත් පැයක් විතර කාලයක් ඉතුරු වෙලා තිබුණ නිසාවෙන් තරිඳු තමන්ට හිටිය හොදම මිතුරෙක් වෙච්ච කල්පට කතා කරේ සමුගන්න හිතාගෙන..
හීන අස්සේ නොමැරී මැරිලා
හිතට වෙහෙසයි දුකම විදලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයේ රැවටෙන්න බෑ
දුරකථන ඇමතුම ගද්දි පසුබිමෙන් ඇහෙන්නට වූ ගීතය තරිඳුගේ හිත මොහොතකට නතර කළා.
“ හලෝ... තරිඳු.... මචන් !!! “
කල්පගේ හඩ ඇහෙද්දී කතා කරන්න ඕනේ උනත් කටහඩ අවදි කරගන්න පුළුවන් උනේ මොහොතකට පස්සේ.. වචන ටික තරිඳුගේ හිතයි හඩයි දෙකම මොහොතකට ගොළු කරලා තිබුනා.
“ හ.. හලෝ.. “
“ උඹ කොහෙද බන් දැන්.. එයාර්පෝට් යන්නේ නැති ද බන් “
“ කටුනායක දැන්.. “
“ මොකද බන් වොයිස් එක.. අඩන්න වගේ... තරිඳු.. ???? “
“ ම්.. “
“ උඹ අඩනවා ද බන්... “
“ නෑ බන්.. චුට්ටක් අවුල් ගියා රිඟින් ටෝන් එකට.. “
“ හීන අස්සේ නොමැරී මැරිලා
හිතට වෙහෙසයි දුකම විදලා.. නිසා ද ?? “
“ හ්ම්ම්ම්... ඒ වචන තමා.. එත් මට ගැලපෙන එක ඒක නෙවේ බන්.. “
“ එහෙනම් ??? “
ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරී මැරිලා
හදුනන්නේ නෑ ආයේ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා..
තරිඳු වචන පද ටික හෙමි හෙමින් මුමුණ ගත්තේ තමන්ටමයි.. වචනයක් ගානේ ඇස් දෙක අස්සෙන් ගලන් එන කදුළු නිසාවට තරිඳු ඇගිලි තුඩු වලින් දෑස් මිරිකා ගත්තේ වේදනාවෙන්..
“ මොකද බන් මේ, උඹම නේද කිව්වේ ටික දවසකට කලින් සේනි එපා !! අර ගෙදරින් කතා කරපු එකී බැදලා රට යනවා කියලා.. කෝ දැන් නිම්නා ?? "
“ මට බෑ බන්.. මට බෑ... මං යනවා බන් මෙහෙන් යන්න.. “
“ තරිඳු , මචං , මොකද උනේ?? කියපං ?? උඹ පහුගිය ටිකේ මට කතා නොකරන කොට මන් හිතුවා උඹ නිම්නා බැදලා රට යන්න ඇති කියලා.. මොකද උනේ කියපන් බන්.. “
“ කියන්න දෙයක් නෑ බන්.. සේනි ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්න මට බෑ බන්.. නිම්නාට මගේ ලෝකේ ඉඩක් දෙන්න බෑ බන්.. සේනි ගියා !! ඒක හරි.. එකී යන්න ගියේ මාව මරලා දාලා.. එකී ඒකිගේ ලෝකේ සතුටින් ඇති... එත් මං ?? ඒත් මන් තාම පිච්චෙනවා බන්.. “
“ සේනිව අමතක කරලා දාපන් බන්.. තවත් බැනලා තේරුමක් නෑ.. “
“ සේනිව අමතක කරන්න ඕනි නිසා තමා මන් යන්නේ බන්.. හැබැයි එහෙමයි කියලා ඒකි ගැන මගේ හිතේ තියෙන වෛරය නැති වෙන්නේ නැහැ.. එකී මාව නැත්තටම නැති කරලා යන්න ගියේ.. ආයේ හුස්ම ගන්නේ කොහොමද කියලාවත් මට කියන්නේ නැතිව.. ඕකිවත් මරාගෙන මැරෙන්න පුළුවන් වුනා නම් මිට වඩා සැනසීමයි.. “
හිතේ තිබ්බ වේදනාව, තරහා, ආදරය සේරම එකට කැටි කරලා හිතට වද දුන්නු වචන ටික කල්පට කියලා දැම්මා.. විනාඩි ගානක් යනකම් කල්ප කතා කරේ නැහැ ඒත්..
“ කල්ප.. උඹ අහගෙන ද ඉන්නේ ?? කල්ප ?? “
“ හ්ම්ම්ම්.. ඔව් බන්.. තේරෙන්නේ නැහැ මොකක් කියන්න ද කියලා.. “
“ හ්ම්ම්ම්.. “
“ සේනිත් එක්ක උඹ තරහා උන දවසින් පස්සේ උඹ සේනි ගැන හෙව්වා ද ?? “
“ නැහැ.. මොකට ද ?? එයත් මාව හෙව්වේ නැහැ.. අඩු තරමේ ඊට දවස් දෙක තුනකට පස්සේ තිබ්බ මගේ උපන්දිනේවත් එයාට මතක් උනේ නැහැ.. “
“ උඹව හම්බෙන්න මිලින්ද ආව ද ? මොනවත් කිව්වේ නැද්ද ?? “
“ මං මොකට මිලින්දව හම්බවෙන්න ද ? මට ඌ ත් එක්ක කිසි කතාවක් නැහැ.. “
“ හ්ම්ම්ම්... “
කල්ප ආයේ නිහඩව ඉද්දි තරිඳුට දැනුනේ තරහාවක්..
“ මොකද බන් වෙලා තියෙන්නේ.. උඹට මන් කතා කරන කරදරයක් ද ?? මං කතා කරේ උඹට යනවා කියන්න// උඹට කතා කරන්න ඕනි නැත්තම් ඒකත් කියපං.. “
“ තරිදු !!!! යකෝ !!!! “
“ මොකද “
“ මං සද්ද නැතිව උන්නේ උඹව කරදරයක් කියලා නෙවේ යකෝ !!! මට උඹට කතා කරන්න ඕනි.. උඹ පිස්සෙක් වගේ සේනිට වෛර කරනවා දකිද්දී මට මේක උඹට නොකියා ඉන්න බෑ බන්.. “
“ මොකක්ද උඹ කියන්න යන්නේ ඒ පාර ?? “
“ උඹ හිතන් ඉන්නේ සේනි යන්න ගියේ මිලින්දයා බදින්න කියලා නේ.. “
“ ඉතින්.. “
“ ඉතින් කියන්නේ ඇත්ත ඒක නෙවේ, කෙටියෙන්ම කිව්වොත් තොට කියන්න තියෙන්නේ ඒක එහෙම නෙවේ කියලා.. සේනි ගියා තමා.. උඹට කිව්වේ ඒකිගේ මස්සිනා වෙච්ච මිලින්දයාව බදින්න ඕනි නිසා සම්බන්ධෙ නවත්තනවා කියලා නේ.. උඹ ඒක විශ්වාස කරලා මෙතන ඩෙගා නැටුවා.. “
“ මං වෙන මොනවා කරන්න කියලා ද උඹ කියන්නේ.. මං ඒකිට ආදරේ කරේ පිස්සෙක් වගේ.. මගේ ජිවිතේ වෙලා උන්නේ සේනි.. උඹලා ඒක දන්නවා.. මිලින්දයා දන්නවා.. ඌ මගේ හොදම යාළුවා වෙලා හිටියා දන්න දා ඉදලාම.. එහෙව් එකා මාවම නැති කරා.. මං වෙන මොනවා කරන්න ද යකෝ... වෙන.. වෙන එකෙක් නම් ඔවුන් දෙන්නාව මරලා දානවා.. මං මොනවා කරන්න ද බන්.. මං මිලින්දයාවයි සේනිවයි මරන්නේ කොහොමද බන්.. මං උන් දෙන්නටම ආදරේ කරා.. “
අන්තිම ටික කියාගෙන යද්දී තරිඳු ඇස් වලින් කඩා වැටෙන කදුළු නතර කරගන්න තරිඳුටවත් බැරි උනා..
“ අඩපන්.. තව අඩපන්.. මචන්.. උඹ විතරක් නෙවෙයි... අපිත් ඇඩුවා.. උඹයි සේනි නිසා.. තාම අඩනවා.. උඹ දන්නේ නෑ.. මිලින්දයව එකතු කරන් සේනි උඹට කිව්වේ බොරුවක් කියලා.. උඹ දන්නේ නැහැ.. සේනිට ලේ පිළිකාවක් තිබ්බා කියලා.. එයාගේ අම්මට වගේ.. උඹ දන්නේ නෑ.. යකෝ උඹ දන්නේ නෑ.. උඹට කියන්න අපිට දුන්නේ නැහැ ඒකි.. උඹ දන්නේ නෑ මචං.. සේනි උබේ උපන්දිනේ වෙද්දී ජිවත් වෙලා උන්නේ නෑ තරිඳුවෝ.. සේනිගේ ජිවිතේ කැන්සර් එක අරන් ගියා.. උඹ දන්නේ නෑ මචං.. උඹට කියන්න දුන්නේ නැහැ උඹලගේ ගෙදරයි සේනියි එකතු වෙලා.. අපි වෙන මොනවා කරන්න ද බන්.. “
කල්ප අඩ අඩා කෑ ගගහා ඒවා තරිඳුගේ හිත අස්සේ දෝංකාර දෙන්න පටන් ගත්තා... මොකක් කියන්න ද මොනවා කරන්න ද නිනව් නැතිව තරිඳු බලන් උන්නේ ඇස් වලින් වැක්කෙරෙන කදුළු අතරින්..
කල්ප එක්ක කතා කර කර උන්නු දුරකථනය සිතල පොලව මත වැටිලා ඔහේ තිබුනා.. කදුළු වලින් බර වුනු ඇහි පිහාටු තද කරන් බිත්තියේ ඔලුව ගහගත්තු තරිඳුට මතක් උනේ අන්තිම කතා කරපු දවසේ රෑ සේනි එවලා තිබුණු කෙටි පණිවිඩය..
අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුළු දෙනෙතේ
මාව හැර දාලා ඔයත් යන්නට ගියා “
- අරුණි කළුපහන -
Published on August 29, 2015 00:59
July 30, 2015
කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය !!!!
කවීන්ට එහෙමත් නැතිනම් ලියන්නන්ට ආදරේ කරන එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් වෙලාය. ඉස්සර නළු නිළියන්ට ආදරේ කරපු කෙල්ලෝ කොල්ලෝ දැන් ආදරේ කරන්නේ කවි කතන්දර ලියන්නන්ටය. ඔවුන්ගේ අකුරුවලටය. තමන් ආස කවියකුගේ කවි පද දෙක තුනක් අරගෙන බිත්තියේ අලවා ගන්න එහෙමත් නැත්නම් ෆේස්බුක් එකේ ඉඩචපඥ කර ගන්න කට්ටිය මාර ආසය. බොහෝ දෙනකු කවි කතන්දර ලියන්නන් අමුණන ලෝකවල ඇති ෆැන්ටසියට ආදරේ කරන්නෝය. අනේ ඉතින් අනතුරුව ජීවිතය දෙන්නට තරම් ඔවුහු කවීන්ට පෙම් බඳින්නෝය. ඒත් බොහෝ කවි කතන්දර ලියන්නෝ අමුණන්නේ සැබෑ ජීවිතය නොවන බව දන්නෝ සිටී නම් ඒ අතළොස්සකි.
ඔය නිසාවෙන් තියෙන දුක හිතෙනම සිද්ධිය වෙලා තියෙන්නේ අද කාලේ අකුරු දෙකක් ගළපන්න බැරි එවුන් ඇවිත් ෆේස්බුක්වලයි බ්ලොග්වලයි කවි කියලා හිතාගෙන එක එක විකාර කොටන එකය. ඒ කවි කතන්දර ලියන්නෝ අනුකරණය කරන්නටය. නැති නම් කවියෝ වෙන්න සිතාගෙනය.
සමහරු ආදරේට කවි ලියති. කෙල්ල තරහා වුණත් කවි ලියති. වෙන එකක් තියා නිදා ගත්තු කෙල්ල නැඟිටින්නට පරක්කු වුණත් කවියක් ලියන්නට තරම් කවි ලිවීමේ උණ හැදිලාය. හැබැයි ඉතින් ලියන කට්ටිය ඒවා කවි කියලා හිතාගෙන ලිව්වාට කියවන අපිට නම් වෙලාවකට ඒවා කවි නොවේය. මළ විකාරය. ඒ තරම් අවුල්ය. ඉවසා දරා ගත නොහැකිම කාරණය කවි කියලා හිතන් සමහරු ලියන වැල්වටාරම් ටික පොතක් විදියටත් මුද්‍රණය කරලා සමාජගත කරන එකය. සැබෑ කවීන් අවුරුද්දට දෙකකට එක පොතක් පිට කරද්දී කවීන් කියලා හිතන් ඉන්න පිරිස මාස තුනෙන් තුනට කවි පොත් ලියන්නෝය. පොත් සාප්පු පිරිලා ඇත්තේ දැන් ඒවායිනි.
මහගම සේකරලා, වික්‍රමසිංහලා රැකගෙන ආව කවි කතන්දරවලට අද වෙලා තියෙන්නේ ඕකය. ලියන එක ඉතින් හොඳය. සමහරු කියනවා වගේ මොකුත්ම නොලියා ඉන්නවාට වැඩිය අකුරු දෙකක් හරි අමුණන එක අගය කළ යුතුය. ඒත් ඉතින් වැදගැම්මකට ඇති දෙයක් ලියන්නේ නම් පමණය. හරවත් යමක් ලියනවා මිසක ෙදාට්ට පිළට යන ගමන් පඳුරු අස්සේ රිංගන ගමන් කියවෙන වැල්වටාරම් කවි කතන්දර ලෙසින් අමුණා පිට කළ යුතු නැත.
අනිත් එක මල් කතාන්දරය. කෙල්ලයි කොල්ලයි රැයක් ගෙවනකම් ෆෝන් බිල් එක ගෙවාගෙන කඩන මල් ටිකයි ආයෙත් කම්මැළිකමට ගහන කෙටි පණිවිඩ ටිකයි එහෙම පිටින්ම පොතකට කොපි කරනවාය. ඕවා කියවන එවුන්ට ඉතින් දෙවි පිහිටය. උණුත් ඒවා අනුකරණය කරන්නට පටන් ගනිති. එහෙම මල් කඩති. පොත් ලියති. විකුණති. ඒ මුදල්වලින් ආයෙත් මල් කඩති. සමහරු එහෙම ලියන පොත්වලට ගෙඩි පිටින් සම්මානත් දෙති. අනේ කාලේ වනේ වාසේය. ඔව්වා ඔහොම වෙනකොට සිද්ධ වෙන්නේ නුදුරු අනාගතයේ දිනක අපට අපේ සාහිත්‍යය යැයි කියා ගන්නට තරම්වත් දෙයක් නැති වෙන එකය.
දවසක අපේ දරුවන් නියම කවියකට කතන්දරයකට උදාහරණ ඉල්ලුවොතින් අපට ද ඉතින් වැලේ වැල් නැති වෙනවා සැකයක් නැත. කවි කතන්දරකාරයෝ කියා ගන්නෝ ඩෙඟා නටද්දී අපි ඇස්පියා සිටියා කියා කෙසේ කියන්නද?
ළඟ ළඟ එන පොත් මාසය නිසාවෙන් මේ දවස්වල තමන් ලියූ කවි කතන්දර කඩදාසි ටික කිහිලි ගහන් ප්‍රකාශන ආයතන මුද්‍රණ ආයතන දිහාවේ රවුම් ගහන්නෝය. සල්ලි දෙනවා නම් ඕනා පොතක් මුද්‍රණය වෙන කාලෙක සාහිත්‍ය මාසෙත් එක්ක එළියට එන සංකර පොත් ටික ගැන කතා කළ යුතු නැත. ලියන්නා කෙසේ වෙතත් කියවන්නා සිහි බුද්ධියෙන් පොත් තෝරා ගත යුතුයැයි පමණක් කියන්නට කැමැත්තෙමි.
ලියන්නෝ සමහරක් ඔහොම වෙද්දී සැබෑ ලියන්නෝ හෙවත් දක්‍ෂ කවි කතන්දරකරුවෝ ද නැතිවා නොවේය. නමුත් ඔවුන් අගය කෙරෙනවා අඩුය. ඔවුන්ගේ පොත් විකිණෙනවාය. විකිණෙනවා නොව විකුණන් කනවාය. ඒ ප්‍රකාශන ආයතන විසිනි. තඹ ෙදායිතුවක් පොත ලිව්ව කෙනාට නොදී පොත් ප්‍රකාශනකරුවෝ පොත් ටිකයි කවියයි හම්බ කරන් කනවාය. ඉතින් හැම පැත්තෙන්ම තැළෙන්නේ අසරණ කවියාය.
ඕවා නොදැන කවීන්ට කතන්දර ලියන්නට ආදරය කළ ඇත්තෝ තිත්ත ඇත්ත දැන ගත් දවසට කවියාට ලියන්නාට බූට් එක තියනවාය. එතැනින් තැළෙන්නේ ද කවියාමය. නමුත් කවීන් යනු අපූර්ව මිනිසුන් යැයි කියන්නේ නිකම්ම නොවේ. ඔවුන්ට ප්‍රේමයේ මළගමද කවියකට කතාවකට අපූරු නිමිත්තකි.
සැබෑ කවීන් කිසි දිනක කුසගින්දර හමුවේවත් අකුරු විකුණන් කන්නේ නැත. තත්පරෙන් තත්පරය ෆේස්බුක් එකේ ලියන්නේ නැතිය. සාහිත්‍ය රැක ගන්නට වෙර දරති. සම්මාන පස්සේ දුවන්නේ නැතිය. සම්මාන දුන්නද නොදුන්නද නොලියා ඉන්නෙත් නැතිය. ගල් මුල් හමුවේ සැලෙන්නේ නැතිය. කොටින්ම කිව්වොතින් සැබෑ ලියන්නෝ දුකවේදනාව වුවද සුන්දරව අත්විඳින මිනිසුන්ය. නමුත් සැබෑ ලියන්නෝ නොවෙන අය එසේ නොවෙති. ඔවුන් හැඟීම් මාර්කට් කරමින් කහවණු සොයති. සම්මාන ඉල්ලති. සාහිත්‍ය සහමුලින්ම අනුභව කරති. වෙනකක් තබා හැම අකුරක්ම වෙළෙඳ වටිනාකමකින් බලති. වෙනස ඇත්තේ එතැනය.
පොත් කියවීමේ මාසය ළඟ එනවාය. ඊටත් කලියෙන් පොත් විකිණීමේ මාසය එනවාය. ඉතින් කවුරු කවුරුත් ඕර්ධ්ඛ්ඩ් එක පැත්තේ පොත් සොයා යන්නට දැන් ඉඳන්ම පෙරුම් පුරනවාය. පොත් කියවිය යුතුය. මිලදී ගත යුතුය. එය සාහිත්‍යයේ උන්නතියට අවැසිමය. නමුත් පොත් මිලදී ගන්නට මත්තෙන් පොතේ අන්තර්ගතය ගැන හිතා බලනවා නම් හොඳය. සාරවත් පොතක් කියවන්නට මිසක අසාර පොතක් සමඟ ජීවත් වෙන්නට කවුරුත් අකැමැතිය. සංකර කුණුහරුප පොත් ලියන්නෝ බිහිවන්නේ ඔවුන්ගේ පොත් මාර්කට් වෙන තරමටය. මන්ද ඔවුන්ගේ පරමාර්ථය වෙළෙදාම් කිරීමය.
පොතක් මිලදී ගන්නට මත්තෙන් පොතේ පසුබිම පිළිබඳ සිතා බැලිය හැකි නම් අගනේය. සාහිත්‍යමය අගයක් විමසා බැලීම වටිනේය. මන්ද ඇස් කන් පියා සිටිනවාට වඩා රටක සාහිත්‍ය රැක ගැනීම අප සතු වගකීමය. නැවතත් කියන්නට කැමැත්තෙමි. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුමය... ඉතින් තීරණය ඔබ සතුය.
අරුණි කළුපහන

Published on July 30, 2015 04:10
July 20, 2015
දේදුන පාටයි මුහුණ ඔබේ..
මේ දිනවලට ෆේස්බුක් එකට දේදුනු වසන්තය ඇවිදින්ය. සමහරු දේදුනු පැහැයෙන් තම තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූර වර්ණ ගන්වාගෙන තමන් සමරිසිත්වයට සහාය පළ කරන බව කියාපාන්නට උත්සාහ කරනවාය. ඒ නිසාවෙන්ම මේ දිනවල බොහෝ දෙනකු අතර කතාබහට වාද විවාදයන්ට මෙම දේදුනු පැහැති ඡායාරූ භාජන වී ඇති බව නොකියා බැරිය.
පසුගියදා අමෙරිකාවේ සමරිසි විවාහයන් නීතිගත කිරීමත් සමඟම මාර්ක් සකර්බර්ග් හඳුන්වා දුන් Celebrate Pride ටූල් එක මේ සේරටම හේතුව වෙලාය. හැබැයි ඉතින් සකර්බර්ග් ඕක හඳුන්වා දුන්නේ සමරිසිත්වයට සහාය පළකරන්නේ නම් ඒ අයට යොදාගන්නට මිසක කොල්ලටයි බල්ලටයි හැමෝටම දේදුනු වර්ණ ගන්වාගන්නට නොවන බවත් කිව යුතුමය.
නිකම් දෙනවා නම් දෙන ඕනෙම දෙයක් දෝතින් බදාගෙන අනුභව කරන අපේ ඇත්තෝ හැමෝම කරන පළියට දේදුනු පැහැති මුහුණු යොදාගෙන ඇති බව නම් පේනවාය. ළඟ ළඟ එන ඇමෙරිකානු ජනාධිපතිවරණය නිසාවෙන් ඔබාමා සමරිසි විවාහයන් නීති ගතකළාවත්දෝ එහෙම නැත්නම් සමරිසි ආදරේ පිළිබඳව සැබෑ හැඟීමකින් සමරිසි විවාහයන් නීතිගත කළාදෝ කියා දන්නේ නම් ඉතින් උඩ ඉන්න දෙවි දේවතාවුන්ම විතරය. එහෙම නැතිනම් පසුගිය දවස්වල ඇමෙරිකාවේ සිදුවන්නට ගිය කළු ජාතික සංහාරයේ ආරම්භය නවතාලන්නට ජනතාවගේ අවධානය කඩාගන්නට ඔබාමා යෙදූ පොලිටිකල් ටි්‍රක් එකක් වෙන්නත් බැරි නැත. කවුද දන්නේ ඔබාමාත් ලංකාවේ සිස්ටම් එක කොපි කරන්නට හිතාගත්තාද කියලා.
කොහොමින් කොහොම හරි ඇමෙරිකාවේදී 1950 වසරේ ඉඳන් සමරිසි විවාහයන්ට පුංචි ඉඩක් තිබුණද පසුගියදා ප්‍රාන්ත 50ටම සමරිසි විවාහයන් අනුමත කිරීමේ සතුට සමරන්නට ධවල මන්දිරයන් දේදුනු වර්ණ සමරිසි ධජවලින් හැඩගැන්වුණා. ඒ නිසාවෙන් ෆේස්බුක් තුළිනුත් සිය රට හා එක්ව එම සතුට සමරන්නට මාර්ක් සකර්බර්ග් තීරණය කරන්නටත් ඇති.
හැබැයි දැන් කොයි කාටත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒක නම් නෙවෙයි. ඇමෙරිකාවේ දේ අපිටත් කියලා ළඟ එන මැතිවරණ සමයේ වාසි ගන්නට අපේ කට්ටිය ලංකාවේත් සමරිසි විවාහයන් අනුමත කරාවිදෝ කියලායි.
සමරිසි විවාහයන් නීතිගත කළාට නම් කමක් නැහැ. ඒත් ඉතින් වළලු දාපු අතකින් බත් ටිකක් උයාගන්නට ලේලි පොඩ්ඩක් ගෙදරට ගේනකම් හීන මවපු නැන්දම්මලා මාමණ්ඩිලාගේ හීන ටික නම් බොඳ වෙනවාය. ඒ තමන්ගේ පුතණ්ඩියා වළලු දාන බෑනා කෙනකු ගෙදරට ගෙන ආව දවසටය.
කොහොම වෙතත් ගෙදර කෙල්ල ගිහින් කෙල්ලකු කැන්දන් ආවොතින් නම් එය ලේලියකු නැති වීමේ සාංකාවෙන් පෙළුණු නැන්දම්මලාට නම් ෂෝක්ය. ඒත් ඉතින් සාම්ප්‍රදායික මතිමතාන්තරවලින් ඔළු පිරවුණු අපේ රටේ එවැනි කසාදයක් කරගෙන ගෙට ගොඩවුණොතින් කොසු මිටකින් ගුටිකෑමේ සම්භාවිතාවන් වැඩි බව නම් කිව යුතුමය.
ලංකාවේ පමණක් නොව බොහෝ රටවල් තවමත් සමරිසි ආදරය දෙස යහපත් ඇසකින් බලන්නට සූදානමක් නැතිය. ඒ නිසාවෙන්ම ඔවුන් සමරිසින් හට සලකන්නේ වෙනමම හැන්දකිනි. වෙනකක් තබා අසල්වැසි ඉන්දියාවේ මුල්බැසගෙන ඇති ආගමික සංස්කෘතික හේතුන් නිසාවෙන් සමරිසි ආදරයක විවාහකයක පැටලීම මැරුම් කන්නට තරම් වරදක් වන්නටද බැරි නැත. ආසියාවේ පමණක් නොව සමහර යුරෝපීය රටවල්ද එසේමය. ඒ නිසාවෙන්ද කොහෙදෝ පසුගියදා රුසියාවේ තරුණ තරුණියන් පිරිසක් සමරිසි අයිතීන් ඉල්ලා පෙළපාළි යන්නට ගොසින් අම්බානෙකට ගුටි කෑවෝය.
නමුත් සියලුම රටවල් මෙසේ නොවේ. 2001 වසරේ ඉඳන් දකුණු අප්‍රිකාව, බෙල්ජියම වගේ රටවල් සහ දෙවැනි එළිසබෙත් මහරැජනගේ රාජධානිය වුණු එංගලන්තය 2005 වසරේ පටනුත් මෙම සමරිසි විවාහයන්ට සහාය පළ කරනවාය.
මේ සියල්ලටම හේතුව එක එක්කෙනා ලෝකය දකින කණ්ණාඩිවල ප්‍රමාණයන්ය. අපට ඉතින් ඒවා වෙනස් කරන්නටද බැරිය. නමුත් සමරිසින් දෙස අමුතුවට බැලීම නොකළ යුත්තක් ලෙසින් කියන්නට කැමැතිය.
බහුතරයක් විසින් සමරිස්සන් යනු මානසික රෝගීන් පිරිසක් ලෙසින් හැඳින්වුවද එය එසේ නොවේ. වෛද්‍යවරුන් පවා පවසන පරිදි එය කිසිසේත්ම මානසික රෝගයක් නොවේය. ඉතින් කායික අවශ්‍යතාවන් වෙනස් වූ නිසාවට ඔවුන් මානසික රෝගීන් ලෙස හංවඩු ගැසීම නොකළ යුත්තකි. සමරිසි වුවද ඔවුහු ආදරය කරති. සමරිසිත්වය කායික කරුණු මත පමණක් නොව ආධ්‍යාත්මික හැඟීම් මත ගොඩනැඟුණු සාමාන්‍ය ආදරය පරිද්දෙන්ම වූවක් බව අප කවුරු කවුරුත් සිහිතබාගන්නේ නම් අපූරුය. ඔවුන්ටද අප ලෙසින් මේ ලෝකයේ කැමැති ලෙසකින් ජීවත් විය හැකිය. එය අප කියන්නක් නොව ඔවුන්ගේ අයිතියකි. සමරිසි ආදරය පිළිබඳ ලෝකයේ බොහෝදෙනකු කතා කරන්නට විතරක් නොව සමරිසි ආදරය පිළිබඳ දැන් දැන් අපූරු සිනමා නිර්මාණද බිහිවෙනවාය.
පසුගියදා ලාංකිකයකු වන විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණය කළ Frangipani සිනමා කෘතියද එක් උදාහරණයකි. නමුත් සමරිසි ආදරයට සේම සමරිසි ආදරය පිළිබඳ කියැවෙන සිනමා කෘතීන්ටද කුඩම්මාගේ සැලකිලි හිමි වෙනවාය. ඒ ඉතින් හැටිය. ඔය සේරම අස්සේ සමහරුන් අපූරු තර්ක ගොඩනඟනවාය. ස්වභාවධර්මය අසමතුලිත වෙනවාය. ලෝකයේ ජනගහනය අඩුවෙලා යනවාය. ලෝකයේ මිනිසුන් වඳවෙලා යන්න එයම හේතුවක් වෙනවාය කියලා. නමුත් ඕවාට ඉතින් අපිට මොකුත් කියන්නට බැරිය. ඒත් ඉතින් වර්ගයා වඳ වීමේ අවදානමක් පවතින්නේ නම් වර්ගයා රැකගන්නට වැඩිවර්ධනය කරන්නටයි. දැන් තියාම දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ටිකක් හොයාගත්තොත් නම් ඉතින් පංකාදුය.
කවුරුන් කොහොම කොයි ලෙසට කීවද ලෝකයේ ගමන් රටාව අපට වෙනස් කළ නොහැකිය. කළ හැක්කේ ලෝකයාට අනුකූලව එක්ව ගමන් කිරීම පමණකි. මේ ලොව ජීවිතය සදාකාලික වූවක් නොවන්නා සේම ලෝකය යනුද එක් නවාතැන්පළක් පමණි. ඉතින් මේ කෙටි කාලයේදී රිස්සන්ට රිසිසේ ජීවත් වන්නට ඉඩ හළ හැකි නම් අගනේය. හැබැයි ඉතින් ඒ කියන්නේ අප සැවොම දේදුනු පැහැයෙන් වර්ණ ගැන්විය යුතු යැයි කියා නොවේය. සියල්ල දෙසම මධ්‍යස්ත ඇසකින් විමසා බැලීම ඔබ සතුය. අපි කිසිවක් නොකියමු. සියල්ලම අයිති කාලයට නිසාවෙන් අනාගතය තීරණය කරනුයේද ඉතින් කාලයමය.
අනාගතයේ දිනෙක ලෝකය පුරාවට දේදුනු වර්ණ විසිරුණහොත් ඒ පිළිබඳව පුදුම වන්නට කාරණාවක්ද නැතිය. මන්ද ඒ ලෝකයේ හැටිය.
අරුණි කළුපහන

Published on July 20, 2015 00:39
July 11, 2015
එකම අරමුණ කතා බෙදා හැරීම පමණි !!
මිනිසුන් කටකතා හදන්නේ හරියට හතු පිපෙනවා වගේ එක පොදියට. එක ඕපදූප කතන්දරයක උණුහුම පෑළෙදාරට ළං වන්නටත් කලියෙන්ම කොහෙන් හෝ තවත් කතන්දරයක් ගොතා ෙදාරකඩ තියන්නට සමහර එවුන් හරි හපනුන්ය. පළපුරුදු නවකතාකරුවකුටත් වඩා හරි ඉක්මනින් ඔවුහු කතන්දර නිර්මාණය කරන්නෝය. ඊටත් වඩා හරි ඉක්මනින් ඔවුන් ඒවා බෙදාහරින්නටද සමත්ය.
ඒ තරම් කැපවීම, උත්සාහය විතරක් නොවේය. කතන්දර ගොතන්නට ඇති උනන්දුවද අතිමහත්ය. කටකතා නිර්මාණය කිරීමත් සමාජයට මුදාහැරීමත් එය වගා කර දැමීමත් හැරෙන්නට එතැනින් එහාට ඒ කටකතාවලට බඳුන් වූ චරිතවලට කුමක් සිදුවේදෝ කියා නම් ඔවුන්ට වගේ වගක් නැත. වැටවල් ගාණේ අනුන්ගේ රෙදි හෝද හෝදා යන අයට අපේ අත්තම්මලාගේ කාලේ නම් කිව්වේ රෙදි නැන්දලා එනවා කියලාය. වත්මනේ නම් ඉතින් රෙදි නැන්දලා විතරක් නොවේ රෙදි මාමලාත් ඉන්නවාය. මා මේ කියන්නේ ලොන්ඩරි එකේ අහිංසක ලෙස රැකියාව කර එදා වේල හොයාන්නා මාමලා නැන්දලා ගැනනම් නොවේ. අහුමුලුවල වෙන පුංචි පුංචි කතා හොරෙන් අහගෙන මහා ලොකු කතන්දර ගොතන අපේ කාලේ අනුන්ගේ රෙදි අපුල්ලන අයවලුන් ගැනය.
පාසලේ, කැම්පස් එකේ, රැකියා ස්ථානයේ විතරක් නොවේ පොළොවේ පය ගසා සිටින හැම අහුමුල්ලකම මේ රෙදි නැන්දලා මාමාලා ඕනෑ තරම් ඉන්නවාය. කාට හෝ කටකතාවක් හැදුවේ නැතිනම් ඔවුන්ට වේල් තුන හතරකින් නොකෑවා සේය. ඒ තරම් ආදරේය. අනෙකා ගැන හිතනවාය. ප්‍රසිද්ධ පුද්ගලයකු නම් ඉතින් ෙදාට්ට පිළට ගියද වර්තමානයේ එයද සමහරුන්ට මාර ගොසිප් එකකි. අනුන්ගේ කුණු හොය හොයා තලු මර මරා රස විඳින පුද්ගලයන් සිටින නිසාවෙන් අපුල්ලන රෙදිවල සජීවී දර්ශන දෙන්නටත් ඉතින් එක එක අඩවි තියෙනවාය. අඩවි කිව්වේ දේව අඩවි, බහිරව අඩවි නම් නොවේය. ඊටත් වඩා ඉහළ වෙබ් ගණයේ අඩවිය. ඒ වෙබ් ගණයේ සමහර අඩවි නම් අනුන්ගේ කතන්දර හොයා දෙනවාටත් ඇති පදම් ගෙවනවාය. එක අතකින් දැන් කාලයේ අනෙක් අයගේ රෙදි හේදීම එක රැයකින් පෝසතෙක් වෙන්න නම් කියාපුම මඟකි.
ජස්ටින් බීබර් සෙලීනා එක්ක කඩේකට ගියත් ෂාරුක් ඛාන් ගෙදර ජනේලයකින් එබුණත් නයන්තරාගේ ගවුම අඟල් භාගයකින් කොට වුණත් ඉතින් එයත් මාර දෙයකි. ඒවාද අද කාලේ සමහරුන්ට වවාගෙන කෑ හැකිය. සමහරු රෙදි නැන්දලා මාමලා දැක්කාම පණ එපා කියලා දුවන්නේ මේ නිසාමද කොහෙද.
ලංකාවේ විතරක් නෙවේ ඕපාදූප හෙවීමේ කෙරුවාව ලෝකෙ කොයි තැනක කාට කාටත් පොදු වූ ධර්මතාවකි. කට කතා ද නැති තැනක් නැත. නමුත් ලංකාවේ වෙන සමහර දේවල් බැලූ කල හොලිවුඩ් බොලිවුඩ් හොඳ යැයි කියා සිතෙනා මොහොතවල්ද නැත්තේද නොවේය. හැබැයි ඉතින් මුළු ලෝකෙන්ම හොඳම රෙදි මාමලා නැන්දලා ඉන්නේ අපේ ලංකාවේ කියන එක අද අමතක නොකළ යුතු තරම් වටිනා කරුණකි. වෙන කතා ඕනේ නැත. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු ගෑනු ළමයකු සමඟින් හිතවත්කමට කතා කළද අපේ රෙදි නැන්දලා මාමලා නතර වෙන්නේ ඒ පුද්ගලයාගේ වයස කීයක් වුවද අර පුංචි ගෑනු ළමයට ඒ කෙනාව කසාද බන්දලා දීලා
ළමයින් දෙතුන් දෙනකුත් එක්ක එක ගෙදරකට කොටුකළා සේ මහා කතන්දර ගොතා නොමිලේ බෙදාහැරීමෙන් අනතුරුවය. ඒ තරම් ආදරේය. අනෙකා ගැන හිතනවාය.
අවාසනාවට ඔවුන්ගේ එකම අරමුණ කතා ගෙතීමත් බෙදාහැරීමත් විතරය. හානියට පත්වන ජීවිත ගැන නම් ඉතින් වග කියන්නට හාල්මැස්සකු නැතිය. ඒ ඉතින් අපේ අසිරිමත් පුංචි ලංකාවේ හැටිය. ලංකාවේ නෙවෙයි මේකේ ඉන්නා අයගේ හැටිය.
එක්තරා අහිංසක පුංචි ගැහැනු ළමයෙක් උන්නාය. ඇයගේ මිතුරු ගොන්නේ සිටි එක්තරා රෙදි මාමා කෙනෙක් ඇය ඇයගේ මිතුරකු හා අනවශ්‍ය සම්බන්ධතාවක් ඇතැයි පෙන්වමින් හරි අපූරු කතාවක් ගෙතුවා විතරක් නොවේ හතර අතේ බෙදාහරින්නට වෙහෙසිණි. අවසන් ප්‍රතිඵලය වූයේ රටට මූණදෙන්නට නොහැකිව ඇය ඇගේ ජීවිතයෙන් සමුගන්නට තීරණය කිරීමය. තමන් ෙදාඩන හිස් වචනවලින් තවත් කෙනකුට ජීවිතයම වුව අහිමි විය හැකි බව අපේ රෙදි නැන්දලා මාමලා තේරුම් නොගන්නාතාක් තවත් අනන්ත එවන් මල් කැකුළු නොසෑහෙන්න මේ දෙරණින් පරව යන්නට ඕනෑ තරම් ඉඩ තියේය.
ඒත් ඉතින් මොන ධර්ම දේශනාව දුන්නද ඔය රෙදි නැන්දලා මාමලාගේ පුරුද්ද නවතින්නේ නම් නැතිය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියන්නෙත් ඉතින් නිකමට නොවේනේ. කටට ආවට ඔහේ කියවනවා විතරය. අනෙක් එකා එල්ලිලා මළාද, එයද වීඩියෝ කර යූටියුබ් දානා යුගයක ඉතින් කවර කතාද. අපි කිව්වට ඉතින් ලෝකය හැදෙන්නේ නැතිය. රෙදි නැන්දලා මාමලා වෙනස් කරන්නට බැරිය. හැබැයි ඉතින් අපිට රිදෙන්නට ලිවිය හැකිය. තමන් හැදෙනවාද නැද්ද කියන එක ඉතින් තම තමන්ගේ දෙයකි. ඒ විතරක් නොවේය. කවුරු කොහොම මොනවා කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසා සිටිය යුතුයි කියන පැරැණි වටිනා කියමනත් ඉතින් අපි මතක් කරන්නට කැමැත්තෙමු.
සමහරු ගොතන කතන්දරවලට ඉතින් සඳ ගෙනැවිත් මිදුලෙන් තියන්නට පුළුවන්ය. අතාත්වික දෑ තාත්වික ලෙස මවන්නට සමහරු හරි දක්‍ෂය.
ඒත් ඉතින් ඔය කියන කරුණු කාරණා මොනවා වුවද සිහි බුද්ධියෙන් තම තමන් අනුන්ගේ කතා අසා සිටිනා තාක් කාට කාටත් ඕනෑ හැටියට ජීවිත අසරණ කළ නොහැකි බව වටහාගත යුතුය.
දවල් හීන කවදාවත් සැබෑ වෙන්නේ නැති බව කවුරු කවුරුත් දැනගත යුතුය. එය තේරුම් නොගන්නා තාක් ඉතින් හීනවලම ගිලී සිටිය හැකිය.

Published on July 11, 2015 21:08
July 3, 2015
දැක්ක ගමන් හිත බැඳුණා
සාමාන්‍යයෙන් දැන් කාලේ ක්‍රෂ් එකක් නොතිබ්බ කෙල්ලෙක් කොල්ලෙක් හොයා ගැනීම කළුනික හොයා ගැනීමටත් වැඩිය අමාරුය. එක්කෝ මම එයාට ක්‍රෂ්ය, නැත්නම් එයා මට ක්‍රෂ්ය. මීට අවුරුදු හය හතකට කලින් නම් තමන්ගේ ක්‍රෂ් එකේ ෆොටෝ කෑල්ලක් හොයාගෙන බලන ගමන් හීන මව මවා උන්නේය. ක්‍රෂ් එක ප්‍රසිද්ධ චරිතයක් නම් පුවත්පත්වල පළවෙන ලිපි කප කපා පොත් හදන්නට තරම් ක්‍රෂ් එක කෙරෙහි ප්‍රේමය බලවත්ය.
ඊට අවුරුදු දෙක තුනකට පස්සේ සකර්බර්ග් කොළුවා ෆේස්බුක් ගෙන ආවේය. ඇඳ ඉස්සරහ බිත්තියේ රජ කළ ක්‍රෂ් එකේ ෆොටෝව මුහුණු පොතට ආවේ ඉන් අනතුරුවය. මුහුණු පොත හෙවත් ෆේස්බුක් පීර පීරා ක්‍රෂ් එක සොයාගෙන ටඡ රික්වෙස්ට් එකක් යවා ගන්නකම් සමහරුන්ට නින්ද යන්නේ නම් නැත. ඊට දෙතුන් දිනකට පස්සේ ක්‍රෂ් එක සමඟින් චැට් කරන්නටද කලාතුරකින් පින පෑදෙනවාය. එතැනින් එහාට නම් ඉතින් කොළඹ ඉඳන් යාපනේට ගියත් තත්පරෙන් තත්පරේට ක්‍රෂ් එක දැනුවත් කරන්නට තරම් ක්‍රෂ් ප්‍රේමය බලවත්ය.
අපිද ඔය අවධිය එක් කලෙක පසු කළෙමු. එකල අපේ ක්‍රෂ් එක වෙලා වුන් පත්තරවල ලස්සන ලස්සන කවි සින්දු ලියන්නෝ අද අපිට අල්ලපු මේසයේම ඉද්දි ඉතින් වෙලාවකට අපිටම හිනාය. හැබැයි ඔය මොන ක්‍රෂ් එක තිබ්බත් ඔය ක්‍රෂ් සෙනෙහසේ පැවැත්ම බත් මුට්ටිය ඉදෙන්න යන කාලයටත් අඩුය සහ අලුත් ක්‍රෂ් එකක් හමුවෙනතුරු පමණය. ඒක ඉතින් ඒවායේ හැටිය. ඉඳලා හිටලා තමන්ගේ ක්‍රෂ් එකක් සමඟින් පෝරු මස්තකයට නඟින්නෝද නැතුවා නොවේ.
මේ දිනවල අන්තර්ජාලය හරහා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයන්ගේ අපූරු නිර්වචන ටිකක් සහිත වීඩියෝ වගයක් හුවමාරු වෙනවාය. ඔවුන්ගේ මාතෘකාවට භාජන වී ඇත්තේ "දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්න පුළුවන්ද?" කියලාය. ඒ අෑයින්ගේ සමහරුන් නම් එකහෙලාම කියන්නේ දැක්ක ගමන් ඇතිවෙන ආදරයක් නෑය. ඇතිවෙන්නේ ක්‍රෂ් එකක් විතරයි කියාය. තවත් අයෙක් නම් පළමු හමුවීමෙන් ඇතිවන ක්‍රෂ් ප්‍රේමයන්හි සුන්දරත්වයද සිහිපත් කරමින් තමන්ට ක්‍රෂ් එකකින් ගොඩයා හැකි ආදරයක් නොලැබීම ගැන දුක් වෙනවාය. ඒ අතරේ තවත් ප්‍රසිද්ධ ගෑනු දරුවෙක් මෙහෙමත් කීවාය.
"මට කෙනෙක් ගැන ක්‍රෂ් එකක් ඇති වුණොතින් මං ගිහින් ඒ කෙනාට කියනවා, මම ඔයාට ආදරෙයි කියලා. ඕනේ උත්තරයක් භාර ගන්නවා. ගිහින් කියලා ප්‍රතික්ෂේප වුණත් කමක් නැහැ. හිතේ තියාගෙන දුක් විඳිනවට වැඩිය..."
කතා නම් මසුරන්ය. ඒත් ඉතින් අපේ පුංචි ලංකාවේ කෙල්ලෝ කොල්ලෙක්ගෙන් ආදරේ ඉල්ලන්නට යෑමද එතරම් ප්‍රායෝගික නැත. හැබැයි ඉතින් මුලින්ම කොල්ලාගෙන් ගිහින් අහන කෙල්ලෝද ලංකාවේ නැතිවා නොවේ. ඒ වගේ වෙලාවට එක්කෝ කොල්ලා තක්බීර් වෙච්ච රන්බීර් වගේ බලාගෙන ඉඳලා සමහර විට පැනලා දුවන්නත් ඉඩ තියෙනවාය. සමහර විටක නම් කොල්ලා කට කනේ තියාගෙන හා කියලා ප්‍රේම වසන්තයකටත් මුල පුරනවාය. හැබැයි ඒ කෙල්ල කසාද බඳින්න නම් කොලුවාගේ ඔළුවේ හීනයකවත් අදහසක් නැතිවාට සැකයක් නැත.
අයි-ෆෝන් යුගයක ජීවත් වුණද අපේ රටේ කොල්ලෝ තාමත් ඔළුවලින් සිහින දකින්නේ එක්දහස් නවසිය බර ගණන්වල හිඳය. ඔවුන් පාර දිගේ අතින් අල්ලන් යන්න, පඳුරු අස්සේ පෙම් කරන්නට සොයනා කෙල්ල රැගෙන විවාහයකට යන්නේ නැතිය. වර්තමානයේ සිටිනුයේ චරිතවත් ගුණවත් තමන්ගේ දරුවන්ට අම්මා විය හැකි කෙල්ලක සොයනා බහුතරයකි. ඉතින් තමන්ගේ පියවර සහ කට ඉස්සර කරගන්නේ නැතිව කොල්ලගේ හිතේ ඔය කියනා ප්‍රේමය ඇති වන තුරු බලා හිඳීම හොඳම තීරණය වනවාට නිසැකය. නැත්නම් ඉතින් කොහේ හෝ තැනකදී කෙල්ලට "ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්" කියන කාර්ඩ් එක වැදෙන්නට බැරි නැත. සමහරු නම් ඉතින් ලෝකයාට පෙන්න ක්‍රෂ් කියන්නේ මැජික් වගේ පෙන්නගෙන ඉන්නවාය. ඒ අෑයින්ටත් ඉතින් පුංචි පරිමාණයේ ක්‍රෂ් හෝ තිබී ඇතුවාට සැක නැත.
ලංකාවේ පමණක් නොව ලෝකයේ ද ක්‍රෂ් නිසා ඇතිවූ ප්‍රේම කතා බහුලය. සමහරක් ප්‍රසිද්ධ චරිත ගොඩ යන්නේ ඔය ක්‍රෂ් නිසා ඇති වන පෙම් පලහිලව්වලින්ය.
ලෝකයේ බහුතරයක් පවුල් කැඩෙන්නට හේතුව පිටුපස ඇත්තේ ඉතින් ඔය ක්‍රෂ් එකක් නිසා ඇති වෙච්ච ප්‍රේම කතාන්දරය. හොලිවුඩයට බොලිවුඩයට පමණක් නොව කොයි කාටත් ඕවා පොදුය. මටත් ඉතින් එක්තරා ක්‍රෂ් ඉතිහාසයක් තිබුණේය. ඒ ක්‍රෂ් පුරාණය ඇරැඹෙන්නේ ශිෂ්‍යත්වයට ලියනා කාලයටත් කලින්ය. ඒ කාලයේ එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයා වෙන්න හිටිය විලියම් ගැන තිබ්බ ක්‍රෂ් ප්‍රේමය නිසාවටම පිටු 400 පොත් හතරක් පහක්ම පිරෙව්වේ ආදරණීය විලියම් නමිනි. ඒ ප්‍රේමය විලියම්-කේට් එක්ක පලහිලව්වක් පටන් ගන්නා තුරුම තිබ්බේය. ඒක එතැනින් ඉවරයි. වත්මන් ක්‍රෂ් එක ගැන නම් පත්තරේකට ලියන්නට බැරිය. ලිව්වොතින් සමාජයට මුහුණ දෙන්නට වෙන්නෙත් නැත. අන්තිමට ඒ ක්‍රෂ් එක විවාහ කර ගන්නට සිදු වුණොතින් වෙන්නේ සිය දිවි නසා ගන්නටය. ඒ කොහොම වුණත් ඔය ක්‍රෂ් ප්‍රේම කතන්දර කොයි තරම් කල් පවතීද යන්න නම් දන්නේ දෙවියෝ ම පමණකි. ඕවා ඉතින් සුන්දර සිහින ලෝකවලට පමණක් සීමා වූ ක්‍රෂ්ය.
ඉතින් ක්‍රෂ් විවිධාකාරය. තමන්ට ක්‍රෂ් වූ අයෙක් සිටීම හෝ කා ගැන හෝ ක්‍රෂ් එකක් ඇති වීම මහා ලොකු දෙයක් නොවෙයි. ක්‍රෂ් එකක් සිටීම ලැජ්ජා බයක් නැති වීමකුත් නොවේය. කෙල්ලෝ ක්‍රෂ් වුණාට කමක් නැත. ක්‍රෂ් හමුවන්නට යෑම නරකය. ක්‍රෂ්වලට මුලින්ම ආදරය ප්‍රකාශ කරන්නට යෑමද නුවණට හුරු නැත. ක්‍රෂ් එක සදාකාලික වුවද නොවුවද ක්‍රෂ් එකට පාඩුවේ සිටින්නට ඉඩදී කාලය එනතුරු බලා සිටිය යුතුය.
ක්‍රෂ් එක හමුවෙන්නට යෑම නම් ක්‍රෂ්, ක්‍රෑෂ් වීමට මඟකි. කෙල්ලනි, ක්‍රෂ් බලන්නට යෑම එක පියවරක් පමණි. එතැනින් එහාට පියවර ගනින්නට ගියොතින් නම් ඉතින් ඒ ගැන කතා නොකරන තරමට හොඳය.
අරුණි කළුපහන

Published on July 03, 2015 06:37
June 29, 2015
කෙල්ලෙක් මලක් සේම ගලක්ද විය යුතුය
ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්... ඒ කියන්නේ අමුතු වර්ෂන් එකක්ද?? ඊයේ පෙරේදා දවසක රාත්‍රියේ ඇවිත් තිබුණ හරි අපූරු චෝදනාවක් !!!! ඒ මෙන්න මෙහෙම,
"මම ඔයාව මුලදී දැක්කේ හුරතල් නංගියෙක් විදියට... අහිංසකකමට හැදුණ ලැජ්ජාව බය තියෙන චුටි නංගියෙක් විදියට... එදා එහෙම වුණාට ඉතින් දවස් ගාණක් බලාගෙන ඉද්දි හිතපු තරම් පොඩිත් නැහැ. ලජ්ජා බයත් නැහැ කියලා තේරුණා..."
මං හිතන්නේ මගේ ජීවිතේ මාව වැඩියෙන්ම කම්පනයට සහ දුකට පත් කරපු වචන පේළිය තමයි ඒක.
ලැජ්ජාව සහ බය!! ඔව් මං පිළිගන්නවා කෙල්ලෙක් වුණාම ඔය දෙකම අඩු වැඩි වශයෙන් තිබිය යුතුමැයි කියලා. නමුත් සෑම මොහොතකම ඔය කියන ලැජ්ජාව සහ බය කියන දෙක දෝතින් අරගෙන ජීවත් වන සාම්ප්‍රදායික ගැහැනියක වීමෙන් මේ 21 සියවසේ ජීවත් විය හැකිද යන්න මට නම් විශාල ගැටලුවක්. විරුද්ධ විය යුතු තැන දී විරුද්ධ වන්නටත් කෙළින් කිව යුතු දෑ කිව යුතු තැන් හිදී කියන්නටත් ගැහැනියකට හැකියාවක් තිබිය යුතුමයි. හිත හොඳ ගෑනි හැමදාම බඩින් යැයි පුරාණ ගැමියා කීවේ කට කහනවට නෙවේ යැයි මම විශ්වාස කරමි.
කෙල්ලෙක් මලක් විය යුතු අවස්ථා සේම ගලක් විය යුතු අවස්ථාද එමට ඇත. මලක් විය යුතු අවස්ථාවක මලක් ලෙසද ගලක් විය යුතු අවස්ථාවක ගලක් ද විය යුතුය. ඔව්. අවස්ථා දෙක මාරුකර ගන්නට ගියෝතින් නම් ජීවිතය වරදින්නටත් වැඩි ෙදාහක් යන්නේ නැත. ඒවාට උදාහරණ ද නැතිවා නොවේ. කෙල්ලෙක් විප්ලවකාරියක වූ කල සමාජයේ ඉන්න වුන් ඇයට විවිධ අර්ථකථන දෙන්නට වෙහෙසෙති. ඊටත් වඩා ඇය තම මතයක් රැගෙන සමාජයට යන්නට පළමු පියවර තබන විටම එකී සමාජයම ඇයට ගල් මුල් සොය සොයා පහර දෙති.
මතක ද නිර්භයාව??
නිර්භයාගේ ජීවිතය උදුරාගත් මුකේෂ් සිං නමැති පාපතරයා අවසන කීවේ රාත්‍රි නවයෙන් පසුව මහමඟ ගමන් ගන්නා සියලු කාන්තාවන් දූෂණයට ලක්කොට මරා දැමිය යුතුයි කියාය. ඔහුගේ වචන වලින්ම කීවොතින්.
"වැදගත් ගැහැනු ළමයෙක් රාත්‍රි 9ට මේ විදියට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියකදී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට... ගෙදර වැඩ ආදිය ගැහැනුු ළමයින්ට අයිති වැඩ. මිනිසුන් විසින් මහමඟ රාත්‍රියේ ඇවිද යන කාන්තාවන්ට පාඩමක් ඉගැන්විය යුතුයි"
"දූෂණයට ලක්වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනෑ. එහෙම කළා නම් ඔවුන් "වැඩේ ඉවර කරලා" ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි,"
ඔවුන් ඇයගේ ජීවිතේ උතුරගත්තා පමණක් නොව ඇයගේ මරණයට ඇයව වරදකරුවා කරන්නට වෙර දරන්නේය. මහමඟ රාත්‍රියේ පිරිමියකු සමඟින් යෑම ජීවිතය නැති වීමට තරම් කාරණයක්ද??
විය නොවිය යුතු දේ සිද්ධ වෙන තැන් හි විරුද්ධ වීම වැරැද්දක්ද??
ඒ අසල්වැසි ඉන්දියාවේ ඝාතකයාගේ චෝදනාය. ඊටත් වඩා අපූරු චෝදනා අපේ සමාජයේ අෑයෝ සතුය. දන්නා හඳුනන පිරිමි මිතුරකු සමඟින් රාත්‍රියේ අවශ්‍යතාවකට දුරකතනයෙන් කතා කළහොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්?? රාජකාරිමය අවශ්‍යතාවකට දුරකතනයෙන් වැඩි වෙලාවක් කලාවක් නැතිව කතා කළහොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්? පිරිමි මිතුරකු සමගින් අවශ්‍යතාවකට මහා පාරක ගමනක් ගියොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්?? සමාන්‍ය විහිළුවක් කර උස් හ¾ඩින් හිනා වුවහොත් හෝ පිරිමි මිතුරකු සමඟින් ගිරවියක සේ කියෙව්වොත් ඇය ලැජ්ජා බය නැති කෙල්ලෙක්???
මේ අපේ අෑයින්ගේ චෝදනාවලින් ඉතාම ස්වල්පයකි.
මෙකී කාරණා කෙල්ලකගේ ලැජ්ජාව සහ බය නැති කරන කාරණා කියා මම විශ්වාස නොකරමි. නමුත් සමහරු එසේ සිතති. තමන් කවුරුන්දැයි තමන් දන්නේ නම් තමන් කරනා දෙයහි හොඳ නරක තමන්ට වැටහීමක් තියේ නම් කැළලක් ඇති නොවන ආකාරයට කටයුතු කළ හැකි නම් බිය විය යුතු නැත.
ඔය කියනා හැටියට ලැජ්ජාව සහ බය යන සළුපිළි දෙකම පොරවාගෙන සිටිය හැකිය. නමුත් එදාට මේ සමාජයේ ජීවත් වන්නන් ගැහැනු ළමයකුව කෙතරම් අසරණ කරාවි දැයි ඔබම සිතා බැලීම වටී. සිතන්න... අද ඔබ දකිනා යුවතිය කෙදිනක හෝ මේ විශ්වතලයට දරුවකු දායාද කර මවක වනු ඇත. ඒ දරුවා අවජාතකයකු නොකරන්නට දරුවාට සුපිරිසුදු ජාතකයක් ලබා දීමේ වගකීම ඔය කියනා යුවතියම සතුය. ඒ සඳහා විරුද්ධ විය යුතු තැන්හි විරුද්ධ වීමට ශක්තියක් තිබිය යුතුය.
ලැජ්ජාව සහ බය කියන සළුපිළි දෙක පොරවාගත්ත ද වත්මන් සමාජයේ තරුණියකට රැකවරණයක් තියේවි කියා සිතන්නට පුළුවනිද?? අතීත සමාජය අනුව නම් තිබිය හැකිය. නමුත් වත්මන් දූෂිත සමාජය හමුවේ එසේ යැයි සිතීමත් විහිළුවක්ය. පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන විට වුවද තරුණියක දෙසට අසංවර ඇස් කීයක් නම් යොමුව තියේද?? මිනිබිරියන් සිටින ආච්චි අම්මා කෙනෙක් වුවත් මොකෝ කියන කටවල් කීයක් නම් මේ සිල්වත් ගුණවත් සමාජයේ තියෙනවාද??
ඉතින් වත්මන් තරුණියක ලෙසින් සිය දෙපා මතින් සිටගෙන ජීවත් වීමද නැතහොත් සාම්ප්‍රදායක ගැහැණියක වී දුක් විඳ දීග තල ගොසින් කෙනෙහෙළිකම් විඳ දරා ගනිමින් දරුවන් වදා කුස්සිය මුල්ලට කොටු වී බත් තැම්බීමද වත්මන් කෙල්ලක් කළ යුතු දැයි සියලුම දෙනා සිතා බැලීම වටී.
කිසිවකුට ඇඟිල්ල දිගු කරන්නට නොව, රිදුම් දෙන සිත් සනසා ගන්නට අප විසින් මෙය සිත්හි තබාගත යුතුය. හිත රිදුනා නම් සමාවන්න... කරන්නට දෙයක් නැත... එහෙත් කෙල්ලන්ට වන සිත් රිදුම් ඊටත් වඩා දරුණුය.

අරුණි කළුපහන
Published on June 29, 2015 21:13
June 19, 2015
බොද වුනු කවියක් !!
සද තරු නිවුනාවේ
පිපූනු මල් පරවුනාවේ
හිත ගොළුව ගියාවේ
නුඹ නෑවිදින්ම වුන්නාවේ
මහා වැහි වැටුනාවේ
මතක පවුරු හේදුනාවේ
හීන අහුරූ මැකුනාවේ
කඩදහි ඔරුවක නැගි
නුඹ යන්නටම යන්න ගියාවේ
කවි කතන්දර ඔහේ තිබුනාවේ
ඔය නම අකුරුවලින් ගිලිහුනාවේ
ලොකේටම අප අමතක වුනාවේ
කවුරුත් නොදන්නා කතාවක්
අතීතෙටම මුහු වුනාවේ !!!
- අරුණි -

Published on June 19, 2015 23:32
June 11, 2015
නෙක වර්ණ රැදී හීන
හිරු බැස යන හවසක
නුඹ හා එක්ව
අතීතයේ වල් පල් ගැන
දොඩමලු වන්නට
සිතල පහසක් රැදී
කළු ගල් බැම්මක් මතින් හිද
උණුහුම් සුව රැදී
නුඹ ගතට තුරුලුව
ගගනත පුරා සුදු පුළුන් රටා
රග දෙනයුරු නරඹන්නට
නුඹේ සුලැගිල්ලේ එල්ලී
ඝන තණනිල්ල පුරාවට සැරිසරන්නට
හිත් කොනක හැංගුණු
අහිංසක හීනයක් තියෙනවා
නුඹ නොදන්නවා වුනාට
නුඹ හා එක්ව
අතීතයේ වල් පල් ගැන
දොඩමලු වන්නට
සිතල පහසක් රැදී
කළු ගල් බැම්මක් මතින් හිද
උණුහුම් සුව රැදී
නුඹ ගතට තුරුලුව
ගගනත පුරා සුදු පුළුන් රටා
රග දෙනයුරු නරඹන්නට
නුඹේ සුලැගිල්ලේ එල්ලී
ඝන තණනිල්ල පුරාවට සැරිසරන්නට
හිත් කොනක හැංගුණු
අහිංසක හීනයක් තියෙනවා
නුඹ නොදන්නවා වුනාට

Published on June 11, 2015 21:02
June 3, 2015
හදවත ඇහිලූ මිනිසා වෙත,
මම නුඹට ආදරය කරමි. නුඹ එය දන්නවා හෝ නොදන්නවා විය හැකියි.
මම නුඹ පිළිබද සිහින දකිමි. නුඹ එයද දන්නවා හෝ නොදන්නවා විය හැකියි.
මම නුඹ හෙලා දකිමි. බැන වදිමි. නමුත් ඒ ද නුඹට ආදරය කරන නිසාවෙන් බව නුඹ නොදන්නවා හෝ දන්නවා විය හැකියි.
මේ සියල්ල නුඹ දැනගත් දිනක නුඹ මට බැන වදින බවත් මා හැර යන බවත් පමණක් මා දනිමි. ඉතින් එය එසේ නොවිය යුතු නිසාවෙන් මා සියල්ල බොහෝ ප්‍රවේසමෙන් වසන් කර සිටිමි. බොහෝ විට ජිවිත කාලය පුරාවටම..
නුඹ අයිති කර ගන්නට මට ආශාවක් නැත. නුඹ හා රැදී ලෝකයාට නුඹ මගේ යැයි කියන්න ද මට ආශාවක් නැත.
මා ආදරය කරන්නේ නුඹගේ සිතුවිලි වලට කිසිවකුත් දන්නේ ද නැත. සංසාරය සිසාරා සැරි සරනා කල අහම්බෙන් නුඹ මා හමු විනි. අනතුරුව නුඹ අගුලු ලා තිබු මා හදවත හොරකම් කර විවර කළේය.
ඉතින්, එවකට පටන් මා නුඹට පෙම් කරන්නට පටන් ගතිමි. බොහෝ අවස්ථාවල ප්‍රේමයට ඉඩ නොදෙන්නට යැයි කියා බුද්ධිය මට තරවටු කරන්නට කරන්නට මම බුද්ධිය අතහැර දැමුවෙමි. මා එසේ කලේ ඇයි දැයි විටක මට ද ගැටලුවකි.
මා නුඹට මගේ බොලද ප්‍රේමය යැයි නොකියමි. නුඹ මට බෝසත් ප්‍රේමයකි.
නුඹ හා එක්ව රන් හුයකින් දෑගිලි බදින්නට නොව නුඹ දෙස ඈතින් බලා හිද සදාකාලයටම පෙම් කරන්නට මා කැමැත්තෙමි.
නුඹගේ භොතික ලෝකය පිළිබද කැමැත්තක් මා තුල නොමැති බව නම් නුඹ දන්නවා ඇත. භෞතික දෑ නිසාවෙන් පෙම් කරන්නට මා කිසිදාක රිසි නොවීමි.
මා සොයා ගියේ අධ්‍යාත්මික ප්‍රේමයකි. ඉතින් මා එය සොයා ගත්තෙමි. ඒ නුඹ ය. නුඹවත් නොදන්නා මගේ ප්‍රේමය නුඹ බව නුඹට කෙසේ කියන්න ද ?
ඇට මිදුළු ලේ නහර සිසාරා මම නුඹට ආදරය කරමි. එය බොළද බව කවුරුන් හෝ කියාවි. එයට මට කමක් නැත. නුඹ පිළිබද සිතනා තත්පරයක් පාසා මට ගෙන එන්නේ විසල් සතුටක් නම් ඉතින් එය බොළද ප්‍රේමයක් වුව ද එසේ නොවුව ද මා ඒ පිළිබද සිතන්නේ කුමකට ද ? .
දිනක් ලෝකයාට විකාරයක් වූ මගේ සිත දැක අයෙක් මට මෙසේ කිය.
" උඹ ඔය අන්ධකාරේ අතපත ගාගෙන යන්න හදන්නේ අවදානම් ගමනක්.. දැන්වත් ඔය විකාරේ උඹ නතර කරොත් හොදයි.. "
" කමක් නැහැ කොච්චර අවදානම් ගමනක් වුනත් ඒක මට සතුටක්.. වෙන දෙයක් වුනාවේ.. අනාගත සතුටක් වෙනුවෙන් වර්තමානේ දුකින් ඉන්න මං කැමති නැහැ.. "
" එහෙමයි කියලා උඹට මැරීගෙන ආදරේ කරන්න හිටියේ ආදරේ කියලා කියන්නේ මොකක් ද කියලා නොදන්නා මෝඩයෙක් විතර ද ?? ඕක ඵල රහිත ප්‍රේමයක්.. "
" ඵල රහිත වුනාට මට කමක් නැහැ.. මට ඕනේ ආදරේ කරන්න විතරයි.. අයිති කරගන්න නෙවේ.. ඒ කෙනාට ඕනේ වෙලාවට එයා ලගින් ඉන්න.. එයත් එක්ක සතුටු හිතෙන වෙලාවට සතුටින් ඉන්න.. දුකින් ඉන්න වෙලාවට එයාව සතුටින් තියන්න.. හොදම යාලුවෙක් වෙන්න, ලගම නෑයෙක් වෙන්න.. ජිවිතේ බෙදා ගන්න.. එයාට දවසක යන්න ඕනි නම් යාවි.. වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් කරාවි. එදාට මම මගේ ආදරේ පැත්තකින් තියනවා.. හැබැයි යාළුකම එයා ලගින් තියනවා එයාට ඕනි නම්.. නැත්තම් ඈතට වෙලා බලන් ඉන්නවා.. හැබැයි කවදාහරි දවසක එයා තනි වුනොත් එයාගේ ජිවිතේ හිටපු අය යන්න ගියොත් මං ආයේ ආදරේ කරනවා.. එයාට එයාගේ හීන හොයා ගන්න උදව් කරනවා.. "
" උඹට පිස්සු !!! උඹ මෝඩයි !! මෝඩයාගේ ආදරය මරු කැදවයි කියන්නේ ඕකට තමා.. ඇත්ත තේරෙන දවසක උඹ හොදටෝම අඩාවී.. මැරී මැරී ජිවත් වේවි.. ජිවිතේ තනි වේවි.. උඹ විතරක් දුක් වේවි.. එයාලා සතුටින් එයාලගේ ගමන යාවි.. එහෙම වෙනවට කැමති ද ?? "
" තියේවිද කියලා නොදන්නා අනාගතේ දවසක් වෙනුවෙන් වර්තමානේ සතුට කැප කරන්න කියලා ද මට කියන්නේ.. කවදාම හරි දවසක එයා මගේ හිත කියෙව්වොත් ?? "
" එහෙම වෙන්නේ නැහැ.. ඉර හද වගේ විශ්වාසයි.. නුඹ නොදන්නවාට මුළු ලෝකෙම ඒක දන්නවා.. ඒ හදවතක් තියා හදවතක් කියලා එකක් තියෙනවා ද කියලාවත් දන්නා මිනිහෙක් නෙවේ.. සල්ලාල මිනිහෙක්ට ආදරේ කරන්න උඹට පිස්සු ද ?? "
එය එසේ ද ?? නුඹ සල්ලාලයෙක් ද ? ඒත් දිනක නුඹට හැකි වේද මගේ හදවත කියවූ මිනිසා වන්නට ?
නමුත් මෙය ලියනා මොහොතේ දීද මගේ හදවතට ඉහලින් මගේ සිතුවිලි මට බැන වදී.
" එය එසේ වන්නේ කොහොමද ?? ඔහු නුඹේ අකුරක්වත් නොකියවන මිනිසෙකු වූ කල.. ඔහු කවදාවත් මෙය නොදකින බව ස්ථිරයි.. "
ඉතින් සිතුවිලි වලට මම මෙසේ කියමි.
" ඔහු මෙය දකිනවාට මමත් සතුටු නොවෙමි. ඔහු නොකියවන බව දන්නා නිසාම මම මෙය නිදහසේ අකුරු කරමි. දිනක මෙය ඇස ගැටුනත් ඔහු මේ ලියන්නේ ඔහු පිළිබද කියා නොසිතවී.. මෙය හදුනාගත් දවසක ඔහුට මා හොයාගන්නටවත් නොහැකි වේවි. ඉතින් කුමට ද බිය වෙන්නේ ?? "
සිතුවිලි සුසුමක් හෙලා නිහඩව පසකට වෙනු මට දැනේ.
ඉතින් මා නුඹගෙන් ආයෙම අසමි.. හැකි ද මගේ හදවත කියවූ මිනිසා වන්නට.. ??? නමුත් ස්ථිරයි.. නුඹට නොහැකි වේවි.. මගේ හදවත කියවන්නට..
කමක් නැත.. නුඹ මගේ හදවත නොකියවුව ද නුඹ මගේ හදවතට සමීපතම මිනිසාය යන්න කිසිකලකත් නොවෙනස් නිසාවෙනි.
කිසි කලකත් නොවෙන්නක් වුව ද අහඹු ලෙසින් නුඹ මගේ හදවත කියවන්නට සුදානම් වුවහොත් මම නුඹට දෙපාරක් සිතන්න කියා ද අනතුරු අගවමි. ඒ නුඹ කිසිවිටකත් පසු තැවෙනු හෝ කනගාටුවෙන් සිටිනු දකින්නට මා අකමැති නිසාවෙනි.
දිනක නුඹ සිහින දකිනා අහිංසක සම්ප්‍රදායික ගැහැණිය වන්නට මට නොහැකි වේවි. ඒ
: වෙඩි තබා මරා දැමුවද මා නොනවතින මුරණ්ඩු ලියන්නියක් නිසාවෙන් නුඹට කේන්ති යාවි.
: දවසක්වත් නුඹේ එක ඇමතුමක්වත් එක වදනක්වත් නොඅසා සිටින්නටත් නොහැකි නිසාවෙන් මා රළු ව්‍යාඝ්‍ර ධේනුවක වී නුඹට ජීවිතය එපා වෙන තරමටම වද දේවි.
: හරිත වනාන්තර අස්සේ රිංගා සොබාදහමේ තුරුලේ සංචාරය කරන්නට කප්පරක් හීන දකින්නියක් නිසාවෙන් නුඹ සතා සීපාවා සොබාදහමට අකැමති අයෙකු නම් නුඹ නැතිවාට කමක් නැත.
: නුඹට ඕනෑවටත් වඩා මුදල් අවැසි නම් මා අමතක කරන්න.. කටු මැටි ගෙපැලක සුදු හාලේ බතක් සම්බෝලයක් සමගින් උයාගෙන කන්නට ගොම ගෑ සීතල බිමක සැතපෙන්නට බැරි නම්, යාචකයෙකුගේ නිවසකින් වතුර උගුරක් බොන්නට බැරි නම් නුඹ සිතිය යුතුමයි නැවත නැවත.. මා සමගින් එනවා නම් නුඹ පොළවක් මත දෙපයින් සිට ගත යුතු මයි.. ඒ මුදල් පසුපස හඹා යන මිනිසුන්ට මා වෛර කරන බැවිනි.
: නුඹේ අතීතය කවරක් වුව ද මට කමක් නැත. නමුත් මා නුඹගේ ජිවිතයට ඇතුළු වූ පසුව නුඹට වෙනත් ගැහැණියක දෙස බැලීම පවා මරු කැදවිය හැකි වරදක් විය හැකිය. ජිවිතයට ආදරේ නම් වෙනස් විය නොහැකි නම් තීරණය නුඹ සතුය. .
: මට නියමයක් තිබේ. මගේ හදවත බාර දෙන තැනත්තා සිතුවම් ශිල්පියෙකු හෝ ජායාරූප ශිල්පියෙකු හෝ විය යුතුමයි. දැන් ඉතින් නුඹ මෙය කියවනවා නම් හිනා නොවන්න.. මා එසේ කියන්නේ හේතු සහිතවයි. මන්ද ඔවුන් සියුම් දෑසක් සහ සංවේදී සොදුරු හදවත් සහිත වුවන් ය. ජිවිතේ සෑම සුන්දර මතකයක්ම අමරණිය කල හැක්කේ චිත්‍ර ශිල්පියෙකුට හෝ ජායාරූප ශිල්පියෙකුට පමණි. ඉතින් නුඹට ඒ කිසිවක්ම නොහැකි නම් නිහඩ වන්න..
: මා ලියනා අකුරු සියල්ලටම කලින් නුඹ රසවිදිනවා දකින්නට මා කැමැත්තෙමි. එහි අඩු පාඩු නුඹ දකිනවාට මා කැමැත්තෙමි. ඉතින් යමක් රසවිදීම පිළිබද හාල් ඇටයක දැනුමක් නුඹට නැති නම් නුඹ ඈත් වන්න..
: නුඹ සංගීතයට ආදරය කල යුතුමැයි. ඒ ඇයි දැයි නොඅසන්න. නමුත් මගේ ජිවිතයට හුස්ම දිය හැක්කේ සංගීතයට සංවේදී අයෙකුට බව මා විශ්වාස කරමි.
දහසක් කොන්දේසි මා කියන්නේ නැත. දෙඅතේ ඇගිලි ගණන ඉක්මවා නොයන තරම් ඉල්ලීම් පමණක් මා සතුය.
නුඹ මගේ හදවත යම් දිනක කියවන්නට හදන්නේ නම් මේ සියල්ල පිළිබද නුඹ සිතිය යුතුය.
ඒත් ඉතින් නුඹට මගේ හදවත කියවන්නට තරම් පිස්සුවක් නොමැති බව දන්නා හෙයින් මා නිදහසේ මෙසේ අකුරු කරමි.
සමහර විටක හෙට අනිද්දා දවසක අපි වෙන් වේවි. ආයෙම වෙන සංසාරේ දවසක හමු වේවි. හමු නොවී තියෙන්නට විදියක් නැතැයි මට සිතේ.. පෙර සංසාරේකත් හමු වෙලා එකතු වෙන්නට බැරි වුනා නිසා වෙන්න ඇති මේ සංසාරේත් අපි මෙලෙස හමුවෙන්නට ඇත්තේ.. හැබැයි මේ සංසාරෙන් සමු ගන්නට මත්තෙන් මට හැකි වේවි ද නුඹෙන් ඒක ඉල්ලීමක් කරන්නට..
" මේ සංසාරේත් බැරි උනාට එළඹෙන අන්තය වගේ දුර සංසාර ගමනෙන් ඒක සංසාරයක්වත් මට දෙන්න පුළුවන් වේවි ද නුඹගේ වෙන්නට ? ඒ සංසාරේදිවත් නිවන් දකින තුරු නුඹ හා ඇවිද යන්නට හැකි ද මට අවසරයක් දෙන්න.. ?? "
( මගේ අකුරු තුල ජිවත් වන චරිත සැබෑ ලෝකයේ ජිවත් වෙනවා ද කියා මමවත් නොදනිමි. ඉතින් ඔවුන් සොයා මා විමසීම ඵල රහිත බව ඔබ දත යුතුය. මේ හැම අකුරක්ම ඔබේ කරගෙන එහි ජිවත් වුවාට මට කමක් නැත. මා ඔබ නොහදුනන නිසාවෙන්... නමුත් මා ද නොදන්නා චරිත වෙනුවෙන් මා විමසා මා වෙහෙසට පත් නොකරන්නට හැකි නම් නම් අගෙයි.. )
Published on June 03, 2015 09:46