Aruni Kalupahana's Blog, page 4
February 25, 2017
රිදුම් දෙන මතක
හිත රිදෙන තැන් බෝමයි
ඒ හැම රිදුමක්ම
ආයෙත් කියෙව්වෝතින්
නුඹ පවා මැරි මැරී උපදිනවා
සත්තයි
ගෙවී ගිය දවස් වල
ආදරණිය මතක විතරක්
මිටකට ගුලි කරාන
මම හුස්ම ගන්නවා
තවම හෙමිහිට
උල් කිණිසි තුඩක්ව
නුඹ ගෙන දුන් රිදුම් ද
තවමත් කොනිති ගහනවා
හිත හඩවමින් තදටම
කිවිදියකට පෙම් කිරිමම
අමුතු රහක් වුනත් නුඹට
තැනින් තැන රැදෙන හිතකට
පෙම් කිරිමම දැන් සාපයක් මට
ඔබ දන්නවා ද ඒ වග..
#Aruni
ඒ හැම රිදුමක්ම
ආයෙත් කියෙව්වෝතින්
නුඹ පවා මැරි මැරී උපදිනවා
සත්තයි
ගෙවී ගිය දවස් වල
ආදරණිය මතක විතරක්
මිටකට ගුලි කරාන
මම හුස්ම ගන්නවා
තවම හෙමිහිට
උල් කිණිසි තුඩක්ව
නුඹ ගෙන දුන් රිදුම් ද
තවමත් කොනිති ගහනවා
හිත හඩවමින් තදටම
කිවිදියකට පෙම් කිරිමම
අමුතු රහක් වුනත් නුඹට
තැනින් තැන රැදෙන හිතකට
පෙම් කිරිමම දැන් සාපයක් මට
ඔබ දන්නවා ද ඒ වග..
#Aruni

Published on February 25, 2017 11:04
February 22, 2017
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 6
“ සින්ඩිගේ ඇත්තම නම ද සින්ඩරෙල්ලා “
මගෙන් ඕම ඇහුවේ වෙන කවුරුත් නෙවෙයි ඕ0 ශාස්ත්‍රීගේ අම්මා ගෙනාව ටියුෂන් මහත්තයා. මම ඒක එහෙමයි කියන්න ඔලුව වනලා සද්ද නැතිව උන්නා.
“ ලස්සන නමක් නේ. කවුද සින්ඩිට නම දාලා තියෙන්නේ.. මමී ද “
මේ මහත්තයා ටියුෂන් දෙන්න ආව මහත්තයෙක් ද නැතිනම් පත්තරේ මහත්තයෙක් ද මන්දා.
“ සින්ඩිගේ වයස කිය ද ? “
හිතුවා හරි.. ටියුෂන් දෙන්න ආව මහත්තයාට ඕනි නැති දෙයක් නැහැ. මහා ඕපාදුප කරත්තයක්.. මාග්‍රට් නැන්දා හොදයි තව.
“ ඇයි අහන්නේ.. “
මමත් ඇහුවේ ඉදලා ඉදලා බැරිම තැන. ඇයි අෆ්ෆා උගන්නන්න ආවා නම් ඒක නොකර මොන එහෙකට ද ජාතකේ හොයන්නේ.
“ සින්ඩිට හරියට තරහා යනවා වගේ නේද.. “
යන්තමින් හිනාවක් මුණට ඇදලා ගන්න ගමන් ඒ මහත්තයා කිව්වා. තරහා යනවා නෙවෙයි ඇවිත් තියෙන්නේ කියලා කියන්න හිතුනත් මං ඔන්න ඔහේ සද්ද නැතිවම උන්නා. අදුරගත්ත පලවෙනි ම දාසේ කාට වුනත් පාර්ට් දාන එක හරි නැහැ නොවෑ. මහා ආඩම්බරකාර පෙනුමක් තිබ්බ හින්දා නම් මන් නන් හිතුවෙම මේ මහත්තයා වැදගත් විදියට ඕපාදුප හොයන්නේ නැතිව ඉදිවී කියලා. ඒත් ඉතින් මේ ගෙදරට එන මිනිස්සු ඔක්කොටම තියෙන පුරස්න ටික මේ මහත්තයාටත් තිබ්බ එකනේ වැඩේ. අර ශාස්ත්‍රී කිව්ව විදියට අපරාදේ කියන්න බැහැ ලස්සන නම් අඩුවක් නැතිව තියෙනවා.
දොරේ ඔලුව හැප්පෙන තරමට උස.. හීනි දිග ඇස්.. හිනා වෙද්දී වළ ගැහෙන කම්මුල්. කොට කොට රැවුල් කොට වැවිච්ච කම්මුල්.. කුරු කුරු කොන්ඩේ.. ආඅ ඒ විතරක් ද වංගු ගැහිච්ච උගුරයි ගාම්භීර කටහඩයි. අපරාදේ කියන්න බැහැ යශෝදරා නෝනා යි ශාස්ත්‍රීයි දොර රෙදි අස්සෙන් එබිලා බලන්න තරං ඒ මහත්තයගේ රූපෙන් නම් අඩුවක් තිබ්බේ නැහැ. ඒත් අෆ්ෆා රූපෙ කන්න යෑ චිත්ත අදින ගෑනු වගේ විස්තර හාර අවුස්සන ගත්තම.
“ සින්ඩි සින්ඩිගේ විස්තර කියන්න අකැමති නම් මන් කියන්නම්කෝ මම ගැන. මම අනුරාධ, අනුරාධ මිගස්තැන්න. අද ඉදන් සින්ඩිගේ සර් මම. මම ගැන විස්තර දැනටමත් සින්ඩි දන්නවා ඇති නේ.. “
අනුරාධ මහත්තයා එහෙම කියද්දී මම හිමිහිට දන්නවා කියන්ට ඔලුව වැනුවා. ශාස්ත්‍රී නම් අනුරාධ මහත්තයට සර් කියන්නේ නැහැ. එයා කියන්නේ “ අනුරාධයියා “ කියලා. ඒකත් චුට්ටක් විතර අමුතුම ලතාවකට. එක අතකින් සර් කියන එක හොදයි. එතකොට උන්දාට උනත් පුළුවන් නේ මගේ ජාතකේ හොයන්නේ නැතිව ඈතින් ඉන්න.
“ මිස්ටර් මිගස්තැන්න.. “
“ මිසිස් සේනානායක.. “
එහෙම කියාගෙන අනුරාධ සර් පුටුවෙන් නැගිට්ටේ සුභද්‍රා නෝනා ආව හින්දයි. හැබැයි අනුරාධ සර් ඉස්සරදී නම් සුභද්‍රා නෝනාට නෝනා කියන්නේ නැතිව මමී කියන්න කියලයි මාග්‍රට් නැන්දා අද උදේම මගේ කිරි කොෆි කෝප්පේ හදලා අතට දෙද්දී මට කිවේ.
“ හා හා නැගිටින්න ඕනි නැහැ වාඩි වෙන්න.. “
අනුරාධ සර්ටත් ආපහු වාඩිවෙන්න කියලා අතිනුත් පෙන්නන ගමන් සුභද්‍රා නෝනාත් අපි හිටපු මේසේ ම පැත්තකින් වාඩි උනා. ඒක නම් ඒ වෙලේ හැටියට මගේ හිතට හරි හයියක්. නැතිනම් ඉතින් මේ හොතබු මහත්තයා එක්ක මන් තනියම නොවැ. අයි අයියෝ සින්ඩි.. මගේ සිත මටම කන්ට්‍රෝල් නැහැ.. අර දෙන්නා හිටියේ නැතිනම් මට මටම ටොක්කක් ඇන ගන්න තිබ්බා.
“ මිස්ටර් මිගස්තැන්න.. මිසිස් තේනුවර වැඩි විස්තර කියන්න ඇති නේද ? “
“ කරදරයක් නැති නම් මට අනුරාධ කියන්න මිසිස් සේනානායක.. එහෙම ලේසියි. ඔව් කිව්වා.. මිසිස් සේනානායකගේ කසින් ඩෝටර්ට තමයි මට ටීච් කරන්න වෙන්නේ කියල කිව්වා.. “ මිසිස් තේනුවර කියන්නේ නම් ශාස්ත්‍රීගේ අම්මා.. ඒත් මොකක් කිව්වා මම කොහොමද සුභද්‍රා නෝනාගේ ඥාති වෙන්නේ.. හෑ.
“ ඔව්. අනුරාධ.. සින්ඩරෙල්ලා මගේ කසින් ඩෝටර්.. පුංචි කාලේ ඉදන් මෙයා හැදුනේ අපේ වත්තේ බන්ග්ලෝ එකේ හුරතලේ ට. වත්තේ ළමයි එක්ක වැටි වැටි සෙල්ලම් කර කර උන්නා මිසක් එහෙම මෙයාගේ එඩියුකේෂන් සයීඩ් එක ගැන කවුරුත් මහා ලොකුවට හිතුවේ නැහැ. අනික ඉතින් ඒ පැතිවල ඉගෙන ගන්නය කියලා හොද කොන්වන්ට් එකක් එහෙම තිබුනෙත් නැහැ. හැබැයි දැන් දැන් පිළිවලකට හැමදේම ඉගෙන ගන්න ඕනි වයස හින්දා මම මෙයාව මෙහෙට ගෙන්න ගත්තා. අපේ සින්ඩි පොඩි කාලේ ඔය වතු වල ළමයි එක්ක හැදුනු හින්දා එයාගේ කතා කරන භාෂාව නම් ටිකක් අමුතුයි. පොඩි ළමයින්ගේ ඔලු වලට ඔය උස් පහත් කම් දාන්න ඕනි නැති හින්දා අපිත් මොකුත් කියන්න ගියේ නැහැ ඒ දවස් වල.. “
“ ඒක හරි මිසිස් සේනානායක.. පුංචි දරුවෝ ඕවා ගැන හිතන්නේ නැහැ නේ. “
“ හ්ම්ම්.. මට මෙයාට මුල ඉදන් හැමදේම උගන්නන ඕනි අනුරාධ. ඊට පස්සේ මම හිතං ඉන්නේ මෙයාව ඇක්වයිනාස් කොලේජ් එකට එහෙම යවලා තව උගන්වන්න.. “
“ මට පුළුවන් මිසිස් සේනානායක.. සින්ඩිට උගන්වන්න එක මට සතුටක්.. “
සුභද්‍රා නෝනා එනකොට ඔලුව බිමට නමාගෙන පොතේ කවරේ දිහාවේ බලාගෙන උන්නු මම ඒ වෙලාවේ නම් උන්නේ කටත් ඇරගෙන ඒ දෙන්නා දිහාවේ බලාගෙන. අපේ අෆ්ෆේ මොකක්ද ඒ අත හැරපු ගජ බින්න. සුභද්‍රා නෝනා හිතුවට වැඩිය දියුණුයි නොවෑ.. මිනිසුන්ට පුළුවන් ද ඔහොම දිවේ කටේ නොගෑවී බොරු කියන්න.. අඩේ මුර්ගා.. සුභද්‍රා නෝනේ ට තිබ්බේ සමාජේ සේවේ කරන්න නෙවෙයි නවකතාවක් ලියන්න. සුභද්‍රා නෝනාත් මේම නම් මාග්‍රට් නැන්දා ගැන කවර කතා ද අෆ්ෆා.. වෙලාවට තඩි පුසීට කතා කරන්න බැරි උනේ. නැති නම් වසලා හමාරයි. ඒ ඔක්කොමත් හරි ශාස්ත්‍රීගේ අම්මා.. තකට තක. දැන් ඉතින් මං එපැයි මෙයාලා කියන මේ ටොම් පච මේන්ටේන් කොරන්න..
යේක හරියන වැඩක් නෙවෙයි මුරුගා.. මේකෙන් වෙන්නේ එක්කෝ මං ගස්, නැතිනම් සුභද්‍රා නෝනේ ගස්.. අනුරාධ මහත්තයට නම් අපේ මොකෝ.. උන්දා ඉදිවී ගහමුලට වෙලා තේක්ක ගහත් කොස් ගහක් කිව්වොත් එහෙයි කියාගෙන.. අෆ්ෆා මොන ජිවිත ද මෙව්වා..
- අරුණි කළුපහන -
Published on February 22, 2017 10:54
February 16, 2017
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 5
අනුරාධ මිගස්තැන්න.. ඒ තමයි සුභද්‍රා නෝනා මට පාඩම් දෙන්න ගෙනාපු මහත්තයා. ඒකට කියන්නේ හෝම් ස්කුලින් ද මොකක් දෝ ලු. අනේ මන්දා ඒවා නම්. කොහොම හරි ඒ මහත්තයා ගෙදරට ඇවිල්ලා මට උගන්නවා කියලා තමයි සුභද්‍රා නෝනා කිවේ.
අනුරාධ මහත්තයව හොයාගෙන මෙහෙට උස්සන් ආවේ ශාස්ත්‍රීගේ අම්මා. ශාස්ත්‍රීටත් කාලයක් අනුරාධ මහත්තයා ඉගැන්නුවාලු ගෙදරට ඇවිදින්.
“ ඔන්න සින්ඩි අපේ අම්මා ඔයාට හැන්ඩ්සම් කොල්ලෙක් ගෙනවිත් දෙන්න යන්නේ.. “
ශාස්ත්‍රී ඇවිදින් එකපාර එහෙම කිව්වාම මන් බය උන තරමක්.. වික්ටෝරියා ප්ලේස් එකට වෙලා මගේ පාඩුවේ ඉන්න මට හදිසියේ කොල්ලෙක් මොකට ය කියලා හිතෙනෝ නේ කාට වුනත්.
“ මොන කොල්ලෙක් “
“ ඔව් ඔව් කොල්ලෙක්.. තාම නම් අවුරුදු 28, 29ක් විතර වයස.. නම අනුරාධ.. ගමේ කොල්ලෙක් නම් නෙවෙයි කොළඹ කොල්ලෙක්. ගෙදරට ඇවිදින් ටියුෂන් දෙන ෂෝක් කොල්ලෙක්.. “
“ ටියුෂන් ?? “
සුභද්‍රා නෝනාගේ තනියට ගෙදරට වෙලා ඉන්න මට අහවල් දේ කට ද ටියුෂන්..
“ අයියෝ ශාස්ත්‍රී ඔයා අපේ සින්ඩි ව බය කරනවා බොරුවට.. මේ අහන්නකො සින්ඩි.. ඔයාට ස්කොලේ යන්න බැරි නිසා ගෙදරට ගුරුවරයෙක් ගෙන්නලා උගන්නමු කියලා සුභද්‍රා ඇන්ටි තීරණය කරලා තියෙනවා. ඉතින් අනුරාධ සර් ඔයාට ගෙදරට ඇවිල්ලා උගන්නලා යාවි. ඔයාට අකැමති වෙන්නත් බය වෙන්නවත් හේතුවක් නැහැ දරුවෝ.. “
ඒ වෙලාවේ වෙලාවට යශෝදරා නෝනා එතැනට ඇවිදින් කරුණු කාරණා පැහැදිලි කරත්.. ඒත් මොන එහෙකට ද මට ටියුෂන්.. අනික මං ටියුෂන් අරගෙන දොස්තර විභාගේ පාස් කරන්න යෑ. ගෙදරට වෙලා තනි නොතනියට ඉන්නැයි වත්තේ පිටියේ වැඩක් කරන්නයි මොකට ද ටියුෂන්..
එත් ඉතින් ඒවාට මම මක් කියන්න ද සුභද්‍රා නෝනාගේ තීරණ නොවැ.. මේ පාර මාග්‍රට් නැන්දාත් මොකුත් ම කියන්නේ නැහැ.. ඔය කියන අනුරාධ සර් මහත්තයා එනකම් ම උන්දෑත් දත කට පියාගෙන ඉන්නෝ ද කොහෙද.. මාග්‍රට් නැන්දා මොකුත්ම නොකිව්වාට යශෝදරා නෝනා නම් මෙහෙම කිව්වා.
“ ඔන් සින්ඩි.. අනුරාධ මෙහෙමට ඇවිල්ලා ගිය ගමන්ම මාග්‍රට් නැන්දා මෙහෙම නොකිව්වොත් මෙන්න මගේ කණ, “ අනේ මන්දා.. මේ ඇහැට කනට පේන ගෑනු දැරිවියෝ ඉන්න ගෙයක් අස්සට ටියුෂන් දෙන්න නෙවේ මක්කට හරි අර වගේ ඉලන්දාරි ගෙන්න තරම් අපේ නෝනේට මක්ක වෙලා ද.. විකා...ර. ශාස්ත්‍රී නෝනේ ගේ අම්මාට මොලේ හොද නෑ.. අපේ නෝනේවත් රවට්ට ගන්නවා.. දැන් ඉතින් අර නැට්ටුක්කාරීත් කැරකි කැරකි ඉදිවී.. කොළඹ හතේ නෝනලාගේ මල සමයං.. “
යශෝදරා නෝනා ඒක කිව්වා විදියට මට ශාස්ත්‍රීට නම් හොදටෝම හිනා..
“ කවුද දැන් නැට්ටුක්කාරී.. “
ශාස්ත්‍රී හිනාව අස්සෙන්ම ඇහුවා..
“ වෙන කවුද ඉතින් මම මිසක්.. යශෝදරා දේවි ආරියරත්න.. “
යශෝදරා නෝනා කිව්වෙත් හිනා වේවිමයි, යශෝදරා නෝනා එච්චර ලස්සන නමක් තියෙනෝ කියලා නම් මන් දැනන් උන්නේ නැහැ මෙච්චර දාසක්.. “ යශෝදරා දේවි ආරියරත්න.. හරිම අපුරු නමක්.. “
ශාස්ත්‍රීත් කිව්වේ ආසාවෙන්..
“ අපේ අප්පච්චි තමා නම දැම්මේ,, “
“ ඒ කියන්නේ යශෝදරා අක්කිගේ අප්පච්චිට ලස්සන නම් දාන්න පුළුවන්.. නේද සින්ඩි.. “
“ හ්ම්ම්ම්.. ඔව්.. ඒක තමයි.. “
මම එහෙම කියද්දී මට මතක් උනේ අපේ අප්පා.. මයේ නම තියලා තියෙන්නේ නම් අම්මා. ඒත් ඒ අප්පා දාන්න උන්නු නමක් ය කියලයි ඒ දවස් වල පාති නම් කිවේ.. පාති කියන්නේ මයේ අම්මාගේ අම්මා.. එයායිගේ නම සෙල්ලම්මා.. සෙල්ලම්මා කවදාවත් අප්පාට බැන්නේ ම නෑ.. එයැයි කියන්නේ ම මයේ අම්මගේ වැරැද්ද කියලා.. අනේ මන්දා.. ඒ කොහොම වුනත් මට නමකුත් හිතන්න තරම් අප්පා ආදරේ උනා නම් මාව හම්බුවෙන්න ඉන්නෝ කියලා දැන ගත්තු ගමන් ඒම යාවි යෑ.
සින්ඩරෙල්ලා ඇන්ඩර්සන්..
සින්ඩරෙල්ලා කියන්නේ නම් කවුදෝ කුමාරියක් ලු. ඇන්ඩර්සන් කියන්නේ අප්පාගේ නම ලු. අනේ මන්දා.. හැරී ඇන්ඩර්සන්.. ඒ තමයි අපේ පාති කිව විදියට මයේ අප්පාගේ නම.
“ හැරී ඇන්ඩර්සන්.. සින්ඩර්රෙල්ලා ඇන්ඩර්සන්.. ලෙච්චමී සිරිනිවාසන්... “
“ මොකෝ සින්ඩි.. මොනවා ද තනියම කියවන්නේ.. “
ශාස්ත්‍රී එහෙම අහද්දී මට තේරුනේ මම සැහෙන්න වෙලා කල්පනා කොරලා කියලා..
“ මොකුත් නෑ.. මන් යනෝ මාග්‍රට් නැන්දා බලන්න.. “
මම එහෙම කියලා හෙමිහිට කුස්සිය පැත්තට ගෑටුවා.. යශෝදරා නෝනාගේ අප්පා දැන් කොයි ද දන්නේ නැහැ.. ඒත් යශෝදරා නෝනා එයා ව දැකලා හරි තියෙනො නේ.. ඒත් මයේ අප්පාට මාව මතක් වෙන්නේවත් නැත්තේ ඇයි.. හරි පුදුමයි.. එක අතකින් අප්පා කියල කට්ටියක් මොකට මේ ලෝකේ ඉන්නව ද දන්නේ නැහැ.. පිරිමි පුළුටක්වත් නැතිව අපි ගෑනු කට්ටිය අපුරුවට මේ ගෙදර ඉන්නෝ නේ. දෙයියෝ මොකට අප්පා ලවමේ ලෝකේට එව්වා ද.. සමහර විට උන්නැහේටත් දැන් ඒ ම ම හිතෙනෝ ඇති.. මම මොකට පිරිමි කොටහක් මැව්වා ද කියලා.. ඒත් උන්නැහේත් පිරිමියෙක් එහෙම බැලුවොත්. අනේ මන්දා... කොහේ බැලුවත් වංචාකාර පිරිමි යි වැඩකට නැති අප්පා ලයි.. “ අපූ මුරුගා.. ඔයයිට උනත් ඔයිට වැඩිය හිතන්ට තිබ්බා.. “
- අරුණි කළුපහන -
aruni.kalupahana@gmail.com

Published on February 16, 2017 22:39
February 12, 2017
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 4
සුභද්‍රා නෝනායි ශාස්ත්‍රීගේ අම්මායි අද මොකක්දෝ කාන්තා සම්මේලනයකට ගිහින් ලු. වික්ටෝරියා ප්ලේස් එකේ සමහර කට්ටියට ඉතින් අද නිදහස් දිනේ වගේ. සමහරු කිව්වට ඉතින් මහා ගොඩක් නෑනේ. මාග්‍රට් නැන්දායි යශෝදරා නෝනයි තඩි පුසීයි හැරුනාම. යශෝදරා නෝනාත් උදේ ඉදන්ම මොකක් දෝ පොතක් අල්ලගෙන ලියනවා. රිසර්ච් එකක් ද මොකක්දලු.
යශෝදරා නෝනාට යශෝදරා කියන්නේ නැතිව නෝනා කෑල්ලකුත් එක් කරනවා කියලා පහුගිය දවස් දෙක තුනේම මාග්‍රට් නැන්දා වලි. උන්දැ සුභද්‍රා නෝනා එක්කත් රැ තිස්සේ කියනවා ඇහුනා
“ ගෙදර දෝණියන්දෑ වගේ ඉන්න දැරිවි මොන එහෙකට ද නෝනේ එක එක ඈයින්ට බාල්දු වෙන්න අරින්නේ “
කියලා.
“ වගේ නෙවේ මාග්‍රට්.. මේ ගෙදර දෝණි සින්ඩරෙල්ලා තමා. සින්ඩිමනේ යශෝදරාට නමින් කතා කරන්ට අකමැති.. අඩු තරමේ මේ ළමයාට මට නෝනා කියන්න එපා කිව්වත් අහන්නේ නැහැනේ “
මාග්‍රට් නැන්දාට සුභද්‍රා නෝනා ඊළගට එහෙමත් කිව්වා ඇහුනා. අනේ මන්දා නෝනාලාට නෝනා කියන්නේ නැතිව කොහොම නමින් කතා කරන්න ද කියලා මට තේරෙන්නේ නැහැ. මාග්‍රට් නැන්දා කොහොම කිව්වත් යශෝදරා නෝනා වුනත් කැමති නැහැ නොවැ මන් නෝනා කැල්ලක් එක් කරනවා කියලා. ඒත් ඉතින් කවුරු කොහොම වුනත් මන් උනත් එපැයි ඇගිල්ලේ තරමට ඉදිමෙන්න.
ඒත් ඒ වෙච්චි කතා බහෙන් පස්සේ දාසේ ඉදන් මාග්‍රට් නැන්දා සුභද්‍රා නෝනා කිව්වාය කියලා නීති මාලාවක් උස්සගෙන ආවා. ඒ ලිස්ට් එකේ හැටියට ඉතින් මේ ගෙදර නෝනා ලා.. හාමු ලා.. නෑලු. යශෝදරා නෝනාට යශෝදරා කියන්න ලු. බැරිම නම් අක්කේ කෑල්ලක් එක්කාහු කරගත්තට කමක් නැති ලු. මාග්‍රට් නැන්දාට නම් ඕනෑ එකක් ලු. සුභද්‍රා නෝනාට කතා කරන්න ඕනි මමී කියලා ලු. අපෝ මට නම් බැහැ. ඒ උත්තමාවීට නෝනා නොකියා මං කොහොම කියන්න ද.. අනිත් එක සුභද්‍රා නෝනාගේ සනහුරේ කාට හරි ඇහුනෝතින් මට හොදටෝම දෙහි කපාවි. මන් එහෙම එකක් කියන්ට ගියා ම මාග්‍රට් නැන්දා කිව්වේ ඕනා එකයි එපා එකයි හිතන්නට යන්නේ නැතිව ඉන්න ළමයා.. කියලා.
දැන් මට හිතෙන්නේ මාග්‍රට් නැන්දාටත් විකාර කියලා.
ඔය විත්තියක් ගිහින් මන් ශාස්ත්‍රීටයි යශෝදරා නෝනාටයි කිව්වම එයාල කිව්වේත් ඒකෙ වරදක් නෑ ය. මාග්‍රට් නැන්දා කියන දේත් හරිය කියලා.
අනේ මන්දා මේ නෝනලාගේත් විකාර අදහස් කියල කෑල්ලක් එතනටත් ඇඩ් කරාට කමක් නැතැයි කියලයි මේක අහපු වෙලාවේ ඉදන් මයේ හිත කිවේ. මන් ඒක ඉතින් ආයේ කාටවත් ඇහෙන්නට කියන්න ගියේ නැහැ. හැම එකටම හ්ම්ම් කියලා සද්ද නැතිව බිම් බලාගෙන උන්නා මිසක්කා.
“ ආ සින්ඩි.. “
මෙච්චර වෙලා කාමරේ අස්සට වෙලා ගුලි ගැහීගෙන උන්නු යශෝදරා නෝනා කාමරෙන් එලියට ඇවිදින්.
“ ඇයි නෝනා.. “
“ නෝනා.. කවුද නෝනා.. “
එක පාර යශෝදරා නෝනා මුණ දෙක කරගෙන මයේ දිහාවේ බැලුවේ මන් හරියට මහා වැරද්දක් කරා ය වගේ.
“ වැරදුනා.. කියන්ට යශෝදරා අ.. අක්කේ.. “
“ අන්න එහෙම.. හොද ළමයා.. මන් අහන්න ගියේ මෙන්න මේකයි.. සින්ඩි කොයින් ද සිංහල ඉගෙන ගත්තේ.. “
“ ම්ම්ම්ම් මයේ අම්මාට පුළුවන් නේ.. “
“ අම්මා සිංහල නෙවේ නේද ? “
“ නෑ ඒ උනාට මයේ අම්මා කතා කොරේම සිංහල, අපේ ලෑයින් කාමර වල උන්නු ඈයෝ සිංහල.. එක එක දිහාවෙන් ආපු කට්ටිය නේ. එතකොට සුපිරින්ටැංඩන් බංගලාවේ කාලයක් උන්නා තව නෝනේ කෙනෙක්. එයාගේ ජාතිය සිංහලයි සුදුයි දෙකම ලු.. එයාලා එක්ක තමයි මන් හැදුනේ ඉතින්. “
“ ම්ම්ම්ම් ඒක තමයි.. මන් හිතාන උන්නේ ලැයින් කාමර වල ඉන්නේම ටැමිල් අය කියලා.. “
“ අනේ මන්දා අපේයි නම් එහෙම නැ.. වටෙන් ම ගොඩාක් ම උන්නේ තමිල් අය තමා. ඒත් සිංහල කට්ටියත් උන්නා. “
යශෝදරා නෝනාට එක පාර මයෙන් එහෙම අහන්න හිතුනේ මොකදෝ මන්දා.
“ සින්ඩි දන්නවා ද මන් සින්ඩිගෙන් එහෙම ඇහුවේ ඇයි කියලා. සින්ඩි කතා කරන සිංහල වල හැම පැත්තේම සිංහල තියෙනවා. ඒකයි.. “
“ මක් කිව්වා.. හැම පැත්තේම සිංහල.. ඒ කිවේ ? “
යශෝදරා නෝනා මොනවා කියනව ද මන්දා.
“ ඒ කිව්වේ මේකයි. ලංකාවේ එක එක පැති වල කට්ටිය එක එක විදියට නේ සින්ඩි සිංහල කතා කරන්නේ. ඉතින් ඒ හැමෝම කතා කරන සිංහල ඔක්කොම එකතු කරන් සින්ඩි කතා කරනවා. මන් හිතන්නේ සින්ඩි එක එක පැති වල අයව ආශ්‍රය කරලා තියෙන හින්දා වෙන්න ඇති. එක එක වචන සින්ඩි ඉගෙන ගෙන තියෙන්නේ.. “
“ හ්ම්ම්ම්.. වෙන්නැති “
යශෝදරා නෝනා කිව්වා මෙලෝ මලදානයක් මට තේරුනේ නං නෑ.. මන් එත් වෙන්නති කියලා එහෙම උන්නේ . අර මාග්‍රට් නැන්දා කියනෝ වගේ රෝමේට ගියොත් ඉතින් ඒ වගේ ඉන්නත් එපා යෑ.. නැතිව බෑනේ.. ඒ හින්දා..

Published on February 12, 2017 03:20
February 9, 2017
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 3
අද නම් වික්ටෝරියා ප්ලේස් එකේ පැත්ත පළාතේ මීක් සද්දයක් නෑ.. වෙන මොකුත් හන්දා නෙවෙයි ඉතින්. මාග්‍රට් නැන්දා උදේ ඉදන්ම පරල වෙලා බෙරිහන් දෙන හන්දා.. උදේ පාන්දර ම මාකට් ගිහින් ගෙනාව මාළු මල්ල මාග්‍රට් නැන්දාගේ තඩි පුසී හොරා කාලා. ඒ විතරක් නම් නෙවෙයි තඩි පුසී පස්සෙන් එළවන් යන්න ගිහින් මාග්‍රට් නැන්දාව ලිස්සලා වැටිලා. හොදම වෙලාවට මායි යශෝදරා නෝනයි උදේ පාන්දරම ටොයින් පැත්තේ පැත්තේ ඇවිදින්න ගිහින් එද්දී ඔය සන්තැසි ඔක්කොම සිද්ධ වෙලා අහවරයි.
නැත්තම් ඉතින් පුසී එක්කම දුවන්න වෙන්නේ අපිට. අනික කනක් ඇහිලා ඉන්න වෙන්නෙත් නැහැ නේ.
“ ඕo සින්ඩි, අද නම් විසුමක් වෙන්නේ නැහැ.. “
යශෝදරා නෝනා මට හිමින් සැරේ කියාගෙන ගිහින් කාමරේට රිංග ගත්තා. අමුතුවෙන් කියන්න ඕනි නැති උනත් මෙහෙ හැමෝම දන්නෝ නේ. තඩි පුසීගේ පස්සෙන් එලෝලා එලෝලා ඊළගට මාග්‍රට් නැන්දා එන්නේ යශෝදරා නෝනාට දෙහි කපන්න කියලා.
“ සල්ලි දීලා බෝඩින් වල ඉන්නවා මදිවට වැඩකාරීගෙනුත් ගෑස් බලන්න වෙන එකයි හිතට අමාරු. ඇත්තමයි සින්ඩි සුභද්‍රා ඇන්ටිගේ හොදකමයි ඔයයි නොහිටියා නම් මන් වෙන තැනක් බලලා. “
කියලා මාග්‍රට් නැන්දා නැති තැන් වල යශෝදරා නෝනා හෙමිහිට කිව්වාට මාග්‍රට් නැන්දා ඉන්න තැන් වල දී නම් යශෝදරා නෝනා හ්ම්ම් කියන්නේ නැහැ. ඇයි ඉතීම් ඔව්වට පාර්ට් දාන්න ගියොත් යශෝදරා නෝනාට බඩේ පාර වදිනවනේ.
ඒ අතින් මාග්‍රට් නැන්දාත් යශෝදරා නෝනාට කොච්චර බැන්නත් උදේටයි හවසටයි දෙන කිරි තේ එකටයි වැඩට යද්දී දෙන බත් මුලෙනුයි කේන්ති පිරිමහන්න ගියේ නම් නැහැ. ඒ විතරක් නම් නෙවෙයි කොච්චර ආඩපාලි කිව්වත් යශෝදරා නෝනා රෑ නිදි මරාගෙන ලියද්දි කිරි කෝපි එකක් හදලා මේසේ උඩින් ගිහින් තියන්නෙත් ඉතින් මාග්‍රට් නැන්දාම තමයි.
අනේ මන්දා.. උන්දැව නම් තේරුම් ගන්නවට වැඩිය ලේසියි චීන අකුරු වලින් පොතක් ලියනවා.
වික්ටෝරියා ප්ලේස් එකේ පුස්තකාලේ තිබ්බ චීන අකුරු වලින් ලියපු පොතක්. අපේ අප්පේ එකේ මෙලෝ දෙයක් තේරුම් ගන්නම බැහැ නොවැ. ආඅ කියන්ට බැරි උනානේ වික්ටෝරියා ප්ලේස් කියන්නේ සුභද්‍රා නෝනාගේ බංගලාවටම තමයි. මාග්‍රට් නැන්දා නක්කලේට මෙහෙට බංගලාව කිව්වාට මේක බංගලාවක් නෙවේ. වික්ටෝරියා කියන්නේ සුභද්‍රා නෝනාගේ ආච්චි අම්මගේ නමලු. උන්දැ ඉන්න කාලේ කාලේ ඉදන් මේ බංගලාව වික්ටෝරියා ප්ලේස් ම තමයි ලු.
ගෙයි සාලේ මැද්දේ තියෙන හෙන රකුසු මුණක් තියෙන ඔසරියක් පටලෝ ගත්තු ගෑනු පරානයක් ඉන්න පින්තුරේ උන්දැගේ වෙන්න ඕනි කියලයි යශෝදරා නෝනා නම් කිව්වේ. අෆ්ෆේ ඒ පින්තුරේ ගැන නම් මතක් කොරලා වැඩක් නෑ. මං නම් ඒ හරියෙන් යන්නෙම ඇස් තදකරලා පියාගෙන. උන්දැගේ තියෙන්නේ ඒ තරම් වස පාටක්.
ශාස්ත්‍රීට හෙන හැකයි ලු හිටපු ගමන් මහා රෑට ඇහෙන අඩි සද්ද උන්දැගේ කියලත්. හැබැයි ඉතින් යශෝදරා නෝනා නම් කිව්වේ මැරිච්ච ආත්ම වලට ඇවිදින්න බැලූ. පාවෙනවා මිසක්. අනේ අම්මේ.. ඒ මොකක් උනත් මන් නම් ඒ ගැන හිතන්නවත් කැමති නැහැ.
ඒත් ඉතින් සුභද්‍රා නෝනාගේ ආච්චම්මා උනත් මෙහෙ රෑට රෑට හරි ඉන්නවා කියන එක නම් මට හරි පුදුමයි. ඇයි ඉතින් මාග්‍රට් නැන්දාගේ කටේ සද්දේ එක්ක රස් පොරෝස් බල බලා උන්දැට උනත් ඉන්න එක ලේසි පාසු දෙයක් වේවි යෑ. මාග්‍රට් නැන්දාගේ කටත් එක්ක ගෙදර අයිතිකාරි වෙච්ච සුභද්‍රා නෝනාත් ඉන්නේ අමාරුවෙන් වෙච්චි කොට. ඒත් සුභද්‍රා නෝනා නම් කියන්නේ “ මාග්‍රට් කොච්චර උනත් හිත හොද ගෑනි “ කියලා. මයේ හිතේ ඒකම තමයි සුභද්‍රා නෝනා මාග්‍රට් නැන්දාට වචනයක්වත් නොකියා ඉන්නේ මොනා කරත්. හැබැයි මාග්‍රට් නැන්දාත් ගෙදර අයිතිකාරි වගේ පෙන්නන් උන්නට මොකෝ සුභද්‍රා නෝනාට නම් හරි බයයි. බයටත් වැඩිය හෙන ආදරෙයි.
ඒ හින්දානේ මාග්‍රට් නැන්දා අනිත් හැමෝටම නැති තැන් වල බැන්නට සුභද්‍රා නෝනාට විතරක් මොකුත් නොකියන්නේ.
කොළඹ හතේ නෝනලාගේ නෙයි නාඩගම් කියලා හවසට හවසට කට්ටිය එකතු වෙලා ටී පාර්ටි දාන ශාස්ත්‍රීගේ අම්මව මාග්‍රට් නැන්දාව පතුරු යැව්වාට මොකෝ ඒවා ම කරන සුභද්‍රා නෝනා ගැන උන්දැ මොකුත් ම නොකියන්නේත් ඒ හන්දානේ.
අනේ මන්දා.. එක අතකින් පිරිමි විතරක් නෙවේ ගෑනු කියන්නේත් තේරුම් ගන්නම බැරි ජීවී කොටහක් ද කොහෙද ? එක අතකින් මට උනත් වික්ටෝරියා ප්ලේස් එකේ ඉන්න ගෑනු තුන් දෙනාවයි තඩි පුසීවයි තේරුම් ගන්නවා ටයි වැඩිය ලේසියි අකුරු අහුලා අහුලා හරි දෙමළ පත්තරේ කියෝනවා.
අනික තඩි පුසී වුනත් ඉතින් පුස් පරාණයක් උනාට ගෑනුනේ. වික්ටෝරියා ප්ලේස් විතරක් නෙවෙයි අෆ්ෆා.. වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා. කොහෙත් ගෑනු එකයි. තේරුම් ගන්නටම බැහැ. කාසි වත්තේ ලෙච්චමී වෙච්ච මයේ අම්ම ව උනත් එක අතකින් ප්‍රශ්න පත්තරයක් වගේ නොවැ හැමෝටම.
ඕක හින්දාම වෙන්න ඕනි කාසි වත්තේ ඉස්සර හිටපු කරුප්පන් මාම මේම කියන්නේ.
“ අඩේ අෆ්ෆා.. ගේනු කියන්නේ ගේනුම තමා.. ඕකිලාව නම් මක්ක කරලවත් ටෙරුම් ගන්න එක යේසිම යේසි නෑ මුරුගා.. “
හැබයි ඉතින් උන්දැ උනත් ඕම කිව්වේ අඩියක් පුඩියක් ගැහුවම මිසක් හොද සිහියකින් ඉන්න වෙලාවක නම් නෙවේ. ඕන් බලමුකෝ ඒකෙත් හැටි.

Published on February 09, 2017 10:30
January 28, 2017
මල් ආත්ම :)
" ගැහැණු කැමති හුදකලාවට "
මල් විසිරුණු බෝගන්විලා ගස් හෙවණ යට තිබුන ගල් බංකුවේ ඉදගෙන මන් කිව්වා. ඒ ගල් බංකුව තිබුනේ අපේ ගෙදර මිදුලේ කෙලවරක.
" හැම ගෑනිම නෙවෙයි. හුදකලාවට වෛර කරන ගැහැණුත් ඉන්නවා. ඕවා විකාර කතා සාරදා. ඇත්තටම මන් හුදකලාවට ආසයි ගාගෙන හැම තිස්සෙම කොහේ හරි අස්සකට වෙලා රිංගන මන් දන්න එකම ගෑනිත් ඔයා. ඕක මට නම් පිස්සුවක්.. "
ඔහු කිව්වේ ඔලුවට වැටිච්ච බෝගන්විලා මලක් කෝපයෙන් ඇදලා පොඩි කරලා බිමට විසික් කරන ගමන්.
" ඒක පිස්සුවක් නෙවෙයි නාරද. ජීවිතය විදින්න පුළුවන් හුදකලා වෙන තරමට.. "
" එතකොට ඔය අහුමුලු වලට රිංගන් කළුවරේ ලියන එකෙන් ඔයා කරන්නේ ඔය ජීවිතය විදින එක ද ? "
" ඔයාට මාව පෙන්නේ එහෙම ද නාරද ? මන් කැමති තනියම මගේ පාඩුවේ ඉන්න තමයි. හැබැයි මන් ඉන්නේ කළුවරේ නම් නෙවෙයි. "
" අප්‍රබංස කියන්න එපා සාරදා.. මන් යනවා. මට මිටින් එකක් තියෙනවා තව ටිකකින්.. "
" කාත් එක්ක ද ? "
" මිනිස්ටර් එක්ක.. අලුත් බිස්නස් එකේ වැඩ වගයක් ඩිස්කස් කරන්න තියෙනවා. ඇයි ? "
" ඔයාට බිස්නස්, මිනිස්ටර්ලා එක්ක වැඩ, මිටින් හැර වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැද්ද නාරද ? "
" මේ වෙලාවේ මන් කැමති මේවා ගැන හිතන්න තමයි සාරදා. මොකද ඔයා කියන්න යන ජීවිතය විදින කෙහෙල්මල් ගැන හිතන්න පුළුවන් බිස්නස් වලින් ඈත් වෙලා ගෙදරට වෙලා රෙස්ට් කරන්න තරම් වයසකට ආවම,. ඔයාත් දැන් ඉදන්ම ඔය මල විකාර වලින් ඈත් වෙලා කසාදෙ වැඩ වලට ලැස්ති උනොත් හොදයි.. "
" අමුතුවෙන් ලැස්ති වෙන්න දෙයක් නැහැ නේ නාරද.. අම්මලා ඔක්කොම ලැස්ති කරනවනේ. අනික weddingප්ලෑනින් කරන අයත් ඉන්නවනේ. මන් ඊයෙත් ඔයාලගේ අම්මා එක්ක ගියා ඒ වැඩ වලට "
" ඒ උනාට ඔයාගේ උනන්දුව මදි කියලා අපේ අම්ම ඊයේ මට කිව්වා. ඔය පොත් පත්තර ලියන කියන වැඩ වලින් අයින් වෙලා මගේ වයිෆ් වෙන්න දැන් ඉදන්ම ලැස්ති වෙන්න. මොකද මගේ බිස්නස් වලට සපෝර්ට් කරන ගෙදර දොරේ වැඩ ටික කරන වයිෆ් කෙනෙක් මිසක්. මට ඔය පොත් අස්සේ රිංගන් හුදකලාව හොයන ගෑනියෙක් ඕනි නැහැ. "
නාරද කිව්වේ කාර් එකේ යතුරත් අරගෙන ගල් බංකුවෙන් නැගිටින ගමන්.
" එහෙනම් ඉතින් ඔයාට තියෙන්නේ ගෙදර දොරේ වැඩ කරන්න. ස්ර්වර්න්ට් කෙනෙකුයි සෙකට්‍රි කෙනෙකුයි ගන්නනේ. මොකටද මාව බදින්නේ.. "
කියලා මට අහන්න හිතුනත් මම එහෙම ඇහුවේ නැහැ. මන් සද්ද නැතිව ම නාරද යන දිහාවේ බලන් උන්නා. මොකද තර්ක කරන්න පුළුවන් එහෙමත් මිනිහෙක් එක්ක. නාරද එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
“ පුතේ, නාරද ගියාද ? “
නාරදගේ කාර් එක යන සද්දේ ඇහිලාද කොහෙද තාත්තා එලියට ඇවිදින්. තාත්තා නාරදව මග අරින බව මන් දන්නවා. තාත්තාට වැරද්දක් කියන්නත් බැහැ. මගේ දුක්ගන්නාරාළ වුණ තාත්තා මගේ හිත ගැන වගේම නාරදගේ හැටි ගැනත් හොදටම දැනන් උන්නා. නාරදට මවා ගත්ත බොරු හිනාවකින් කතා කරන්න අකැමතිකමට තාත්තා නාරද ඉන්න වෙලාවට කෑම කාමරේට වෙලා පත්තරයක් බලන්න පුරුදු වෙලා හිටියා.
“ හ්ම්ම්ම්.. “
“ මොකද දරුවෝ.. නාරද මොනවද කියන්නේ.. “
“ මොනවා කියන්න ද තාත්තේ.. හැමදාම වගේ බිස්නස් වල ගැන තමයි. වෙඩින් එකට ලැස්ති වෙන්න ලු. එයාගේ යටහත් පහත් සේවක බිරිද වෙන්න කියලා තමයි නොකියා ඉන්නේ. “
“ හ්ම්ම්.. “
තාත්තා බිම වැටුණු බෝගන්විලා මලක් අහුලාගෙන ගල් මෙසේ උඩින් තිබ්බා. කොළ පාට ගල් මේසෙට රෝස පාට බෝගන්විලා මල් ගෙනාවේ අමුතු ලස්සනක්.
“ ඇයි තාත්තා.. අම්මා මට එහෙම කරන්නේ.. “
“ ඇයි දරුවෝ.. “
“ නාරද එක්ක මට සතුටින් ඉන්න බැරි බව දැන දැනත් ඇයි අම්මා හිතන්නේ නාරද බැන්දායින් පස්සේ වෙනස් වෙයි කියලා. නාරද එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි තාත්තා.. එහෙනම් නාරදගේ දෙමව්පියෝත් වෙනස් වෙන්න එපැයි නේද.. “
“ ඊයේ මොකද උනේ ? “
“ මොනවා වෙන්න ද.. නාරදලාගේ අම්මා එක්ක හෝම් කමින් සාරි එක බලන්න ගියා. තව හොටෙල් එකටත් ගියා. අනේ මන්දා තාත්තේ එයාලගේ පම්පෝරිය තමයි.. ලගදී හොටෙල් එකක අයිතිකාරයෝ වුනාට කතා කරන්නේ අවුරුදු 100ක් තිස්සේ හෝටල් කරා වගේ. “
මං කිව්වේ ඇත්තට ම කළකිරීමකින්.
“ අම්මා ඔයාව අමාරුවේ දාන්න හිතාගෙන නෙවෙයි නේ පුතේ මේ කසාදෙ කරන්නේ.. ඒ දවස් වල ඔයාගෙන් මේ කසාදෙට කැමත්ත අකමැත්ත අහද්දී ඔයා කරේ අනේ මන්දා කියල නිහඩව උන්න එක. ඒක එයා ඔයාගේ කැමත්ත විදියට හිතුවා. මොකද ඔයාට කියලා වෙන සම්බන්ධකම් තිබුනෙත් නැහැ නේ. නාරද මේ ගෙදරට එද්දී යද්දී උනත් ඔයා හිනා වෙලා කතා බහ කරානේ. “
“ ඒ හිතවත්කමට කියලා තාත්තා හොදටම දන්නවනේ. නාරද මේ ගෙදරට ආවේ ගියෙත් සයන්ස් ක්ලාස් එකට නේ. සයන්ස් උගන්වන්න මාවයි නාරදටයි ගෘප් ක්ලාස් එකක් දාන්න ඕනි කියලා නාරද මෙහෙට එව්වෙත් නාරදගේ අම්මමනේ තාත්තේ. “
“ ඒක හරි.. ඒත් ඒ හැම දෙයක්ම එහෙම තියෙද්දී කවදාවත් නාරද ව එපා කියලා කෙලින්ම නැහැ නේ දරුවෝ.. මන් දන්නවා හිතෙන ඔයා අකමැත්තෙන් හිටපු බව. රටේ ලෝකේ කොච්චර රැඩිකල් කතා කිව්වත් වැඩක් නැහැ දරුවෝ. තමන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනි වෙලාවේ දී ඒ රැඩිකල්කමවත් ප්‍රයෝජනෙට ගත්තේ නැතිනම්.. “
“ ඒත් මන් පහුවෙලා හරි ඒ ගැන අම්මට කිව්වනේ තාත්තේ.. වෙඩින් එකට මාස හතරක් පහක් තියලා කිව්වට වැඩක් නැහැ කියල මන් දන්නවා. ඒත්.. “
“ සාරදා.. ඔයාට අත උස්සපු හැම වෙලාවකම ඔයා ඉවසන් උන්නා සද්ද නැතිව ම. ඔයා අඩු තරමේ ඔයාට මෙච්චර ආදරේ කරන ඔයාගේ තාත්තාටවත් කිව්වා ද ? තාත්තේ නාරද මට පොඩ්ඩ බැරිවෙද්දී ගහනවා කියල.. නැහැ පුතේ.. ඔයා කිව්වේ අම්මා ට.. අම්ම හිතුවේ හැමදේටම නිහඩව ඉදලා ඔයාලට විසදගන්න දෙන එක හොදයි කියලා. එයාවත් මට කිව්වේ නැහැ. මන් කලබල වෙන හින්දා. ඊට පස්සේ ඔයාම දවසක අඩාගෙන දුවගෙන ඇවිත් කියනවා අනේ තාත්තේ මාව බේරගන්න මේ කසාදෙන් කියලා.. ඒත් වෙඩින් එකට මාස 6ක් තියලා.. ඒකත් කමක් නැහැ කියලා දෙකින් එකක් බේරන්න ඒ ගෙදරට යන්න යද්දී ඔයාම නේද ආයේ කිව්වේ කමක් නැහැ තාත්තේ නාරද ව මන් බදින්නම් කියලා. රණ්ඩු කරාට නාරද මට ආදරෙයි.. ඒ නිසා මොකුත් කියන්න එපා කියලා.. දැන් ඇයි දරුවෝ මේ ආයේ එහෙට මෙහෙට අදින්නේ.. මොකක්ද මේ වල තේරුම.. “
“ හ්ම්ම්ම් “
මේ කසාදෙ නොකෙරුනොත් නාරදව මාව මරනවා කියලා මන් කොහොමද තාත්තට කියන්නේ. නාරද කිව්වා වගේම ඒ දේත් කරනවා කියලා මන් දන්නවා. කසාද බදින්න බැහැ කියලා කිව්ව හැම වෙලාවේම උනේ නාරදගෙන් ගුටි කන්න කියලා මන් කොහොමද කියන්නේ. මේ කසාදෙ නොකෙරුනොත් තාත්තයි නාරදගේ තාත්තයි එකතු වෙලා පටන් ගත්තු බිස්නස් වැටෙනවා කියලා දැනගෙන මන් කොහොමද ඕවා කියන්නේ දැන්. බිස්නස් එක තාත්තාගේ ජිවිතේ වගේ. හැබැයි එයා අනිත් හැමෝගෙන්ම වෙනස් උනේ. තාත්ත බිස්නස් එකට වැඩිය ගෙදරට මිනිසුන්ට ආදරේ කරපු නිසා. ඒත් අනිත් අයට සල්ලි හම්බවෙද්දී මනුස්සකම අමතක වුනා.
“ සාරදා.. “
“ ඇයි තාත්තේ.. “
“ මට මේක කියන්න.. ඔයා කාට හරි ආදරේ කරනවා ද ? “
“ නැහැ තාත්තා.. “
“ එහෙනම් කවුරු හරි හිතේ ඉන්නවා ද? “
“ දන්නේ නැහැ.. දන්නා තරමට හිතට එච්චර ලග කෙනෙක් නැහැ.. අනේ මන්දා.. හැබැයි මට නදීකව නම් එපා.. “
“ එහෙනම් මේ කසාදෙ නතර කරමු.. වැඩේ ඉවරයි නේ.. මොකද කසාදෙ නතර කෙරුවා කියලා වෙඩිසිංහගෙයි මගෙයි බිස්නස් වලට මහා ලොකු අලාභයක් වෙන්නේ නැහැ. “
“ ඒත් නාරද මේ කසාදෙ නතර කරනවාට කැමති නැහැ නේ තාත්තේ.. “
“ ඌගෙ කැමැත්තෙන් මට වැඩක් නැහැ. මම නාරදගේ තාත්තා එක්ක කතා කරන්නම්.. “
“ එපා තාත්තේ. වෙඩිසිංහ අන්කල් උනත් මුලින්ම හිතන්නේ නාරද ගැන. මං තව ටිකක් හිතලා කියන්නම් තාත්තාට.. “
“ එපා කියනවා. බදින්නම් කියනවා.මොනවද තේරුම.. හැමදාම ඔයා ඔහොම හිත හිතා ඉන්න.. අන්තිමට හිතල හිතල නුල් බෝලයක් වගේ පැටලුනු දාට හැමදේම ලිහලා පිළිවලක් කරන්න අමාරුයි කියලත් තේරුම් ගනින්.. “
තාත්තාත් එහෙම කියාගෙන යන්න ගියා. අද බෝගන්විලා ගහ යටට එන හැමෝම යන්නේ කේන්තියෙන්. බෝගන්විලා මල් නම් මට වැඩිය නිදහසේ ජිවත් වෙනව් . පිපිලා ටික දවසක් ලෝකේ ලස්සන කරලා පර වෙලා යනවා. කොච්චර ලෝකේ ලස්සන කරත් බිමට වැටුණු දවසක තමන් ව මිනිස්සු පාගනවා කියලවත් හිතෙන්නේ නැතිව ඔහේ ඉන්නවා.
බෝගන්විලා මලක් වගේ වෙන්න තිබුනා නම් කොච්චර හොදද.. ඊටත් වඩා බෝගන්විලා ගහට කතා කරන්න පුළුවන් උනා නම් කොච්චර හොදද.. අම්මගේ යාළුවගේ පුතා වෙච්ච නාරද ගැන බෝගන්විලා ගහත් මන් තරමට දන්නවා. කතා කරන්න බැරි උනත්. බෝගන්විලා ගහට කතා කරන්න පුළුවන් උනා නම් මට හැම දෙයක් ම එයා එක්ක කියල උපදෙසක් ගන්න තිබ්බ.
“ එක අතකට ඔයා මොනවා කරන්න ද බෝගන්විලා .. හැමදේම අවුල් කරගත්තේ මම නේ. ඔයා හැමදේම හැම කතාවක් ම අහගෙන උන්නට ඔයාට ඒවාට ලෝකේ ඉස්සර සාක්ෂි දරන්න බැරිව අසරණ විත්තිය මන් දන්නවා. එක අතකින් කොයි මිනිහව බැන්දාත් වෙන්නේ එකම දේ නේ. එයාගේ කීකරු බිරිද වෙලා පරම්පරාව ගෙනියන්න දරුවෝ වදලා හදලා දෙන එක නේ.. හැම දෙයක් ඉස්සර නිහඩව බලන් ඉදලා හෙමිහිට පැත්තට ගුලිගැහිලා ඇකිලීල යන එකනේ.. එහෙම නේද බෝගන්විලා.. ඔයාත් එහෙම නේද.. “
මම ඔහේ බෝගන්විලා ගහ එක්ක කියෙව්වා.. කවුරු හරි දැක්ක නම් මට පිස්සු කියල හිතාවි. ඉස්සර ඕලෙවල් කරද්දී මන් කරේ අම්මා හදලා දෙන මයිලෝ කිරි එකයි ඉගුරු බිස්කට් එකයි අරගෙන අරගෙන ඇවිත් බෝගන්විලා ගහ එක්ක හිතින් කියෝන එක. ඊට පස්සේ ගහ වටේම බිම වැටිලා තියෙන මල් ටික එකතු කරලා ගහ මුලට දාන එක. එතකොට එයාල ආයේ දවසක මල් ආත්ම වෙලා ගහ දිගේ උඩටම නැගලා ආයෙත් ලස්සනට පිපිලා හිනැහෙවී නේ.. මන් ඔය වගේ කතා අනුරාධ එක්ක කියවද්දී එයා කරේ මට හිනා වෙන එක. හැබැයි කොහොම හිනා උනත් එයා ඒ කතා අහන්න ආස කරා. ජපුරේ ඕපන් එකට තේ බොන්න යන හැම වෙලාවකම අනුරාධ මං කියෝන ඔය වගේ විකාර කතා අහන් උන්නා. හැබයි හිනා වේවි. වැඩියෙන් ම එයා හිනා උනේ මන් කියන කතන්දර වලට වැඩිය ඕපන් එකට යන පාර දිගේ වැටිලා තිබ්බ අරලිය මල් පෑගෙයි කියලා මන් උඩින් උඩින් අඩි තියෙන එකටයි. ඒ මල් අහුලලා ගස් මුලට දාන එකටයි.. හැබැයි කොච්චර හිනා උනත් එයත් මල් අහුලන්න මන් එක්ක එකතු උනා.
දැන් අහන්න එපා අනුරාධ කියන්නේ කවුද කියලා. මට මහන්සියි. මන් පස්සේ දවසක එයා ගැන ආයෙම ඩයරි එකේ ලියන්නම්කො.

Published on January 28, 2017 06:39
January 27, 2017
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 2
නිවාඩු දවස වෙච්චි එකේ අද ශාස්ත්‍රීයි යශෝදරායි දෙන්නම මෙහෙ ගෙදර. දැන් එන්න එන්න දෙන්නගේ ආස්සරේ වැඩියි කියලයි මාග්‍රට් නැන්දා නම් කියන්නේ... මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අනික ඉතින් ශාස්ත්‍රීයි යශෝදරා නෝනයි වැඩිය ආස්සරේ කොරා කියලා මක්ක වෙනවා ද ? එක අතකට මාග්‍රට් නැන්දාටත් ඕනි නැති දෙයක් නැහැනේ අප්පා.
“ සින්ඩි.. “
ශාස්ත්‍රී දැන් මට අලුත් නමකුත් දාගෙන. සින්ඩරෙල්ලා කියලා දිගට දිගේ කියනවාට වැඩිය ඒ නම ලේසි යි වගේ ම ලස්සනයිලු. අනේ මන්දා ශාස්ත්‍රිටත් හිතෙන දේවල්. සුභද්‍රා නෝනත් ශාස්ත්‍රීගේ අලුත් නමට හරි කැමතියි. ශාස්ත්‍රීට හරි සීදේවී කෙල්ල කියලයි සුභද්‍රා නෝනා නම් කියන්නේ. හැබැයි ඉතින් මාග්‍රට් නැන්දාට නම් ශාස්ත්‍රීව විතරක් නෙවෙයි යශෝදරා නෝනාවයි මාවයි දෙන්නවත් පේන්නේ මූ දේවියෝ වගේ ද කියලත් මට හැකයි. නැතිනම් එයා මෙච්චර අපිට ආඩපාලි කියාවියැ.
යශෝදරා නෝනා පත්තරේ මහත්තයෙක් එක්ක කාර් එකේ ඇවිදින් ගේට්ටුව ගාවින් බැස්ස දාසේ ඉඳන් තමයි ඔය ඔක්කොම. ඒත් ඉතින් ඒ පිට කවුරුත් යෑ. එකට වැඩ කරන පත්තරේ මහත්තයෙක්නේ. ඉතින් ඒ එක්ක කාර් එකේ ආවම මොකෝ වෙන්නේ කියලා ඇහුවාම මාග්‍රට් නැන්දා කිවේ කාර් එකේ ආව එක පැත්තකින් තිබ්බත් ඒ මහත්තයා එක්ක තවත් ගේට්ටුව ගාවට වෙලා කුටු කුටු ගගා උන්නු එක ළමිස්සියකට වටින්නේ නැහැලු.
අනේ මන්දා සුභද්‍රා නෝනාත් ඔහොම හිතනවා ද කියලා.
යශෝදරා නෝනාගෙන් කවුදෝ මහත්තයෙක් හාද වෙන්න අහලා තිබ්බත් යශෝදරා නෝනා මනාප උනේ නැතිලු. දවසක් යශෝදරා නෝනා එහෙම කිව්වා මට මතකයි. ඒත් ශාස්ත්‍රී නම් කිවේ පත්තරේ වැඩ කරන මහත්තයායි යශෝදරාගෙන් හාද වෙන්න අහපු මහත්තයයි දෙන්නෙක්ය කියලා. හාද වෙන්න අහපු මහත්තයාට යශෝදරා නෝනා මනාප නොවුණේ ඒ මහත්තයාට සල්ලි වැඩි හින්දාලු.
ඒත් ඉතින් සල්ලි වැඩිවෙන එක ඒ මහත්තයව එපා වෙන්න තරම් හේතුවක් ය කියල මට නම් තේරෙන් නැහැ. සල්ලි තියෙන මහත්තයෙක් ලැබෙනවා කියන්නේ කොයි තරම් දෙයක් ද කියලා මං කිව්වාම ශාස්ත්‍රී නම් කියන්නේ සල්ලි තියෙනවා කියන්නේ එක අතකින් හෙන සාපයක්ලු. සල්ලි හොයන්න ඕනා දහදුරා වැඩක් කරන්න ඒ මහත්තුරු ලැස්තිලු. ඒ මහත්තුරුන්ට ආදරේ කියන්නෙත් හරියට බිස්නස් එකක් වගේලු.
බිස්නස් එකක් කියන්නේ මොකක්ද ඇහුවාම ශාස්ත්‍රී කිවේ ඒ සල්ලි හොයන්න කරපු පොඩි සෙල්ලමක් කියලා. අනේ මන්දා.. සල්ලි ! බිස්නස් ! ආදරේ ! හරි අමුතු වචන. ඒත් ඉතින් කාසි ! සෙල්ලම් ! කාදල් කියන තරම් ඔය එකක්වත් මට දැයෙන්නේ නැහැ.
ඒත් ඉතින් දැන් පුරුදු වෙන්න ඕනි කාසි වත්තේ විදියට නෙවේ කුරුඳුවත්තේ තාලේට නොවෑ. ඒත් ඉතින් යශෝදරා නෝනාත් කාසි වත්තේ ඈයෙක් වුණා නම් ආයේ දෙකක් නැහැ උන්දෑ සල්ලි තියෙන මහත්තයාට මනාප වෙලා. යශෝදරා නෝනාට තේරෙන්නේ නැහැ. සල්ලි තියෙන මහත්තුරු කරන සෙල්ලම් ගැන ඔය හැටි වද වෙන්නේ මක්කට යෑ. එහෙම බැලුවොත් කාසි වත්තේ සුපිරින්ටැංඩන් බංගලාවේ තියෙන සෙල්ලම් ඔයිට හපන් නොවෑ.
මයේ අම්මා නම් ඒ දවස්වල කිවේ ම සල්ලි තියේ නම් කවුරුත් යටයි කියලා. ඒක හැබෑව. සල්ලි තියේ නම් කාසි වත්තේ ගෑනුන්ට වුණත් මහත්තුරු ඉස්සරහ චීත්ත උස්සන්න ඕනි නැහැනේ. මං ඒ විත්තියක් කියන්ට ගියාම යශෝදරා නෝනා කිවේ සල්ලිකාර මහත්තුරුන්ට ගෑනු මහා ගොඩක් ඉන්න විත්තිය හැබෑවලු. ඒත් ඉතින් දැන දැන ම ගින්දර එක්ක සෙල්ලම් කරන්ට ගිහින් අත පුච්චගන්ට ඕනි නෑනේ සින්ඩි කියලා.
වෙලාවකට යශෝදරා නෝනා හරි අමුතුයි. ශාස්ත්‍රී වගේ නෙවෙයි යශෝදරා නෝනා තේරුම් ගන්ට ම අමාරු දේවල් කියනවා. සුභද්‍රා නෝනා නම් කියන්නේ ගෑනු වුණාම යශෝදරා වගේ බරපතලේට හිතුවේ නැති නම් ජීවත් වෙන්ට අමාරුයි සින්ඩි ඕං කියලා. ඒත් මාග්‍රට් නැන්දා නම් ඒ ගැන කිවේ නටන්න ඕනි බෙරපද ඔක්කොම නටලා දැන් බණ කියාගන්න තියා ගන්න එක ගෑනු ගතියක්ලු.
අනේ මන්දා. ඒත් ඒක හැබෑව නම් මට තියෙන පුරස්නේ මාග්‍රට් නැන්දා නටපු බෙරපදේ මොකක්ද කියලා. වෙන මොකටවත් නෙවෙයි ඉතින්. බණ කියන සාස්තරේ ඔය කාටත් වැඩියෙන් ම කරන්නේ මාග්‍රට් නැන්දාමනේ. ඒ හින්දා.
අරුණි කළුපහන

Published on January 27, 2017 20:49
හිත
රිදෙන බව දැනරිදවන හිත
රිදවන බව දැන
රිදවගන්නා හිත
නොලැබෙන බව දැන
පෙම් කරන හිත
පෙම් බැදෙන බව දැන
මග හරින හිත
නොලිය යුතු බව දැන
ලියවෙන හිත
ලියන බව දැන
නොබලන හිත
යා යුතු බව දැන
අදිමදි කරන හිත
හුස්ම ගත යුතු තැන
හෙමිහිට මියැදෙන හිත
අකීකරුව තව තවත්
රස්තියාදු වන හිත
හෙමි හෙමින් විත්
ආයෙම නුඹවම හොයන
ඒ මුරණ්ඩු හිත
රිදවන බව දැන
රිදවගන්නා හිත
නොලැබෙන බව දැන
පෙම් කරන හිත
පෙම් බැදෙන බව දැන
මග හරින හිත
නොලිය යුතු බව දැන
ලියවෙන හිත
ලියන බව දැන
නොබලන හිත
යා යුතු බව දැන
අදිමදි කරන හිත
හුස්ම ගත යුතු තැන
හෙමිහිට මියැදෙන හිත
අකීකරුව තව තවත්
රස්තියාදු වන හිත
හෙමි හෙමින් විත්
ආයෙම නුඹවම හොයන
ඒ මුරණ්ඩු හිත

Published on January 27, 2017 20:27
January 14, 2017
කුමන ප්‍රේමයක් ද මේ
මම ආවොත්
ඔබ නික්මෙන
ඔබ ආවොත්
මම නික්මෙන
කුමන ප්‍රේමයක් ද මේ
හිත් දෙකක් අස්සේ නලියන
සමුගන්නට අවැසි
සමුගන්නත් බැරි
හිත් දෙකක් අරගල කර
තනි අයිතියක් ඉල්ලන
කුමන ප්‍රේමයක් ද මේ
එක්තැන් වෙන්නට
උවමනාවකුත් නැති
ඔබ නික්මෙන
ඔබ ආවොත්
මම නික්මෙන
කුමන ප්‍රේමයක් ද මේ
හිත් දෙකක් අස්සේ නලියන
සමුගන්නට අවැසි
සමුගන්නත් බැරි
හිත් දෙකක් අරගල කර
තනි අයිතියක් ඉල්ලන
කුමන ප්‍රේමයක් ද මේ
එක්තැන් වෙන්නට
උවමනාවකුත් නැති
Published on January 14, 2017 10:08
January 12, 2017
මායම්කාර කිවිදිය මම
" කවි කියන්නේ විකාරයක්
මායම්කාර ගෑනුන්ට
කවියක් කියන්නේම
පිරිමි හිත් රිද්දන
අමාරුවේ දාන පොටක් "
අවේලාවේ ලියවෙන
ඔබේ හිත ගස්සන
ටිකක් සැරට වැදෙන
මම ඔබට ලියන
කවි ගැන ඔබ කියන්නේ එහෙම
" කවියක් කියන්නේම වන්දනාවක්
ප්‍රේමයෙන් උපදින රිදුමක්
පිරිමි හිතකට පුද දෙන තත්පරයක්,
කවියක් කියන්නේම
ගැහැණියකගේ වේදනාව
මුතු බෙල්ලෙකුගේ කදුලූ කැට
එකිනෙක හමුවන මොහොතක් "
ඔබ අකැමැත්තෙන් කියවන
ඔබ ගැන ලියවෙතැයි
ඔබ තුන් තිස් පැයේ බිය වෙන
නමුත් ඔබටම ලියන
කවි ගැන මම කියන්නේ එහෙම
" කිවිදියකට පෙම් කිරිම
ඉවරයක් නැති කරුමයක්
මුණට නොකියන වචන
කවි අතරින් පෙනෙනකොට
මට දැන් හරි විකාරයක්
රෑ දෙගොඩ යාමේ
ඔබ ලියන වචන ගැන
හෙවිල්ලේන් ඉදලාම
නැහැ මට හරි නින්දක් "
කවියක් අස්සේ රහසින්
ලෝකෙන් හංගපු ආදරයක්
අහසට ඉගිලෙතැයි බියකින්
අවලාද නගමින්
රෑ මැදියමේ මතුරන
ලියන ලියවෙන කවි කියවා
මඳ සිනා නගන පින්තාරුවක්.
" වැඩි කලක් ඔබ ගැනම
නොලියන කවියක් ගැන
ඇයි ඔබ වදවෙන්නේ ඔහොම
මැරෙන උපදින හිතක් ලග
නික්මීම ද අත වනන වග
ඔබ දන්නෙ නැති එකයි පුදුම "
ඔව්! කිවිදියක් කියන්නේම
මායම්කාර ගැහැණියක්
ඔබ නොදන්නවට
කිවිදියක් කියන්නේම
සාපලත් ජිවිතයක්
වේදනා කදුලක්
නෙතගින් පිසදා
මද සිනහා උපද්දන
සිතුවමක් !
කළු ගලක් යට
හුස්ම හිරවුණු
මහා මෙරක් බර හදවතක්..
#AK
මායම්කාර ගෑනුන්ට
කවියක් කියන්නේම
පිරිමි හිත් රිද්දන
අමාරුවේ දාන පොටක් "
අවේලාවේ ලියවෙන
ඔබේ හිත ගස්සන
ටිකක් සැරට වැදෙන
මම ඔබට ලියන
කවි ගැන ඔබ කියන්නේ එහෙම
" කවියක් කියන්නේම වන්දනාවක්
ප්‍රේමයෙන් උපදින රිදුමක්
පිරිමි හිතකට පුද දෙන තත්පරයක්,
කවියක් කියන්නේම
ගැහැණියකගේ වේදනාව
මුතු බෙල්ලෙකුගේ කදුලූ කැට
එකිනෙක හමුවන මොහොතක් "
ඔබ අකැමැත්තෙන් කියවන
ඔබ ගැන ලියවෙතැයි
ඔබ තුන් තිස් පැයේ බිය වෙන
නමුත් ඔබටම ලියන
කවි ගැන මම කියන්නේ එහෙම
" කිවිදියකට පෙම් කිරිම
ඉවරයක් නැති කරුමයක්
මුණට නොකියන වචන
කවි අතරින් පෙනෙනකොට
මට දැන් හරි විකාරයක්
රෑ දෙගොඩ යාමේ
ඔබ ලියන වචන ගැන
හෙවිල්ලේන් ඉදලාම
නැහැ මට හරි නින්දක් "
කවියක් අස්සේ රහසින්
ලෝකෙන් හංගපු ආදරයක්
අහසට ඉගිලෙතැයි බියකින්
අවලාද නගමින්
රෑ මැදියමේ මතුරන
ලියන ලියවෙන කවි කියවා
මඳ සිනා නගන පින්තාරුවක්.
" වැඩි කලක් ඔබ ගැනම
නොලියන කවියක් ගැන
ඇයි ඔබ වදවෙන්නේ ඔහොම
මැරෙන උපදින හිතක් ලග
නික්මීම ද අත වනන වග
ඔබ දන්නෙ නැති එකයි පුදුම "
ඔව්! කිවිදියක් කියන්නේම
මායම්කාර ගැහැණියක්
ඔබ නොදන්නවට
කිවිදියක් කියන්නේම
සාපලත් ජිවිතයක්
වේදනා කදුලක්
නෙතගින් පිසදා
මද සිනහා උපද්දන
සිතුවමක් !
කළු ගලක් යට
හුස්ම හිරවුණු
මහා මෙරක් බර හදවතක්..
#AK

Published on January 12, 2017 08:41