නොලියු කවියක්

සද එබෙන විට
තරු දිලෙන විට
වැහි වැටෙන විට
හිත ගැහෙන විට
කවි ලියන පන්හිදක්

ඒ කවි කියවනා
හෙමිහිට සිතින් රසවිදිනා
ප්‍රේමයෙන් තමන්ට අමුණා ලියා කියා
නොලියු කවකට සිත රැවටෙනා
ඉතින් අයිතිවාසිකම් අහනා
හිතුවක්කාර පිරිමි හිතක් දෙකක්

හිත ගැස්සෙනා සැරයක්
පෙම විදිනා මොහොතක්
ඔහුට ලියනා සොදුරු කවක්
හෙළි නොකරනා තාක් අයිතියක්

අකුරක හිමිකරු වු ඔහුත්
අකුරුගින් මුලා වු  ඔවුනුත්
පන්හිදගින් නෙක රටා මවනා ඇයත්
මෙතරම් මායාවක රැදෙනු ඇයි දැයි
විමසනා තවත් එක් හිතක් දෙකක්

#aruni

 •  0 comments  •  flag
Share on Twitter
Published on May 11, 2017 11:26
No comments have been added yet.