Error Pop-Up - Close Button Must be signed in and friends with that member to view that page.

ඉබාගාතේ යමු.. ඒත් හරි හැටි දැන.. හරි තැනට....


     සුලගක් වගේ වෙන්න තිබුණා නම්.. ගම් දනව් සිසාරා ඇවිද යන්නට තිබුණා නම් ලෝකේ අපුර්ව තැන් වල කරක් ගසන්නට තිබුණා නම් කියලා හීනයක් ඉස්සර මටත් තිබුණා..

     ලෝකේ අරුම පුදුම තැන් වලට යන්න , කැම්ප් එකක් ගහන්න.. කන්දක් උඩට ගිහිල්ලා ගිනි මැලයක් ගහන්න රෑ එලි වෙනකම් සින්දු කියන්න, නටන්න.. ඒ දකින දේවල් අරගෙන පොත් ලියන්න.. අලුත් අත්දැකීම් හොයන් යන්න.. කදු නගින්න ඔය වගේ ගොඩාක් දේවල්.. කරන්න හීන තිබුණා.. ඒවා සැබෑ කර ගන්න හිතුවා.. සමහර ඒවා සැබෑ කර ගත්තා.. සමහර ඒවා බැරි වුනා..




   අවුරුදු 8 ඉදන් මං මගේ සංචාරක ජිවිතයේ අත්පොත් තිබ්බා.. ඒ අම්මා එක්ක.. පලවෙනි සංචාරය නුවරඑළිය..

   අම්මා අම්මගේ තරුණ කාලේදී ජායාරුප ශිල්පිනියක්.. ගම් දනව් විතරක් නෙවේ රට රට වල සංචාරය කරපු.. අත්දැකීම් ලබපු.. ජායාරුපකරණය හදාරපු..  අම්මට ඕනා වුනේ මං අම්මටත් වඩා ඉහලින් තියන්න.. අම්මට කරන්න බැරි වුන දේවල් කරන්න උගන්නන්න..

   ඉතින් අම්මා අම්මගේ ජිවිතෙන් මට ගොඩක් දේවල් ඉගැන්වුවා..  ජායාරුපකරණයේ මුල අකුරු කියා දුන්නා.. සංචාරය කරන්න, සංචාරක සටහන් එකතු කරලා ඒවා එක්ක තමන්ගේ හීන වලට යන්න ශක්තියක් වෙන්න..

     ජීවිතය කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවේ.. ඒ වගේම කාලය,  අපි ආවා නැතා කාලය ගමන් කරනවා.. දවසින් දවස දුරස් වෙනවා.. ඒ දිහා බලන් ඉන්නේ නැතිව හැම තප්පරයකම ජීවිතය විදින්න ඕනේ.. අපි ජිවත් වෙන්නේ කාලයෙන් වැලි කැටයක් තරම් දුරක්.. ඉතින් ඇයි එක තැනකට වෙලා ඔහේ බලන් ඉන්නේ.. ජිවත් වෙලා ඉන්න කාලේ ජිවිතේ විදින්න.. හැම තැනකම ගිහිල්ලා මේ ලෝකේ බලන්න.. මැරෙන්න මොහොතක් තියලා සතුටු වෙන්න පුළුවන් තරමේ  සතුටක් ජිවිත කාලේදී ලබා ගන්න..  - ඒ මං මගේ අම්මා එක්ක එක්ක ඉගෙන ගත්තු ජිවිත දැක්ම..

      
                                 


    සංචාරකයෙක් ජිවිතේ ලොකු ලොකු අහස අල්ලන්න තරම් බලාපොරොත්තු නැහැ.. තියෙන්නේ සැබෑ කර ගන්න පුළුවන් අරමුණු විතරයි.. ඒ ජිවිතේ සරලයි.. විනෝදජනකයි..  හැබැයි තමන්ගේ අරමුණු වලට යන්න ජිවිතේ සමහර වටිනා දේවල් මග හැර ගන්න වෙනවා.. දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙනවා වගේ..  අම්මා , තාත්තා , යාළුවො , ගෙදර , හුරුපුරුදු පරිසරය වගේ ගොඩක් දේවල් මග හැර  කර ගෙන සංචාරකයෙකුට සංචාරකයෙකුගේ ගමන යන්න වෙනවා..

                 
                              


            එක පාරක් මට අවුරුදු 16දී මගේ යාලුවෙක් එව්ව මැසේජ් එකක මෙහෙම තිබුණා..

                                        පැරිසියට ගිහින් අයිපල් කුලුන පේන මානෙන්
                           කොෆි ෂොප් එකක් හොයන් කොෆි එකක් බිබී
                                        පැරිස් අහසේ වලාකුළු අල්ලන්න
                            පෙම් හීන හොයන පෙම්වතුන්ට හුවක් තියන්න..

                                ජපානේ ගිහින් හනමිචියට යන පාර දිගේ
                                 සකුරා මල් බකට් ගණන් අහුල ගන්න..
                                   ස්ටෝන්හෙජ් ගල් අස්සෙන් ගිහින්
                                     හැංගි මුත්තන් සෙල්ලම් කරන්න..

                                  ඇලවෙච්ච පීසා කුලුන කෙලින්
                                     කරන්න සපෝර්ට් කරන්න..
                                     ලෝකේ වටේ සවාරියකට
                                   අපි දෙන්නත් මංගච්චමුද බන්
                             මේ අ.පො.ස සාපෙන් ඔලුව ගලෝ ගන්න..


          ඒ සාමන්‍ය පෙළ ට පාඩම් කරන කාලේ..  ජිවිත කාලේ හම්බුනු තවත් එක විභාග බරක් ඔලුව උඩින් තියන් උන්නු කාලේ... ඒ කාලේ විභාගේ පස්සේ දුවනවා මිසක් මොන සංචාර ද.. ශිශයත්වෙන් පස්සේ සාපෙ ඊට පස්සේ උපේ.. ඔය සේරම ඉවර වෙද්දී අවුරුදු 20ක් 25ක්වත් වෙනවා.. ජිවිතෙන් 4න් 1ක් ඉවරයි..

       අවුරුදු 20ක් වෙද්දී ඔහොම නම් තව කොච්චර කාලයක් හීන පස්සේ දුවන්න වෙයි ද දන්නේ නැහැ.. ඊළගට කසාද බදින්න වෙනවා.. ඊලගට පරපුර ගෙනියන්න දරුවෝ හදන්න වඩන්න ඕනේ.. ඊට පස්සේ ගෙදරට වෙලා බත් තම්බන්න වෙනවා තව අවුරුදු 50ක් විතර..  ඊට පස්සේ පොලවට බරක් වෙලා දුක් විදලා ටික දවසකින් දුවිලි වෙලා පොලවට එකතු වෙනවා.. ඕක තමා ජිවිතේ.. එතකොට අවුරුදු 20ක් වෙනකම් ඉගෙන ගෙන ටිකෙන් ටික ගොඩ නගපු හීන වලට මොකද වෙන්නේ.. ඒ සේරම එතනින් ඉවර ද ??? ඒ හැම හීනයක්ම එතැනින්දී බොද වෙන්න දීලා බලන් ඉන්න ඕනේ ද ??

     අවුරුදු 20 තමා ජිවිතේ හැරවුම් ලක්ෂය.. එහෙම නැත්තම් ජිවිතේ හම්බෙන හතර මං හන්දිය.. මෙච්චර කල් ආපු පාරේම යනවා ද ?? නැත්තම් දෙපැත්තේ පාරවල් වලින් හැරෙනවා ද ??  අභියෝගය තියෙන්නේ එතැන..  හීනය ද නැත්තම් සම්ප්‍රදායික ජිවිතේ ද ??

     මටත් දැන් අවුරුදු 20ක්..  මං පෙර පාසල් යන්න ගත්තේ අවුරුදු 4 දී.. මං ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 16 දී.. එතකොට අම්මා තාත්තා ලග හුරතල් වේවි අවුරුදු 4ක් ඉදලා.. ඉතුරු අවුරුදු 16 අධ්‍යාපනයට වෙන් කරලා.. ඒ අතරම අවුරුදු 4ක් ආදරේ කරලා.. ඊළගට මං කොතැනට ද යන්න ඕනේ ?? සමාජය කියන විදියට විවාහයට ද නැත්තම් මගේ හීන වලට ද ??

              




     අවශ්‍යම කරන දේවල් ටිකක් දා ගත්තු ටිකක් දා ගත්තු බෑග් එක කරේ එල්ලන් කැමරාව හිත මිතුරා කරගෙන මට මගේ ගමන යන්න කාලේ හරි..  පලවෙනි අභියෝගය තමා පටන් ගැන්ම.. හීන ජිවත් කරන්න ඕනේ නම් කොහෙන් හරි පටන් ගන්නම වෙනවා.. මගේ තේරීම මගේ හීන.. ඒවා කොයි කවුරුත් කියන විදියට වෙනස් කරන්න බැහැ..

    අර කිව්වත් වගේ පැරිස් ගිහින් ආදරේ නගරේ සැරිසරන්න.. ජපන් සකුරා මල් වල අසිරිය විදින්න.. ඇලවෙච්ච පීසා කුලුන කෙලින් කරන්න නෙවේ ලගින් ඉදන් සිරි නරඹන්න.. මහා රෑ ටත් සීතලේ පාරවල් දිගේ ඇවිද යන්න.. හිම වැටෙන නත්තලේ හිම බෝල එක්ක සෙල්ලන් කරන්න.. අහසට  උසට නැගුනු කදු තරණය කරන්න..  මහා රෑට ඇහැරගෙන ගිනි මැලයක් ලග ඉදන් අහසේ තරු රටා ගනින්න.. මේ තමා හොදම කාලේ.. තාරුණ්‍යට අරුතක් දෙන්න.. 

  


    ඒ සංචාරය කරන හැම තැනක්ම පුළු පුළුවන් හැටියට සටහන් තියන්නයි මගේ සුදානම.. ඉතින් මොනරිත් එක්ක ඒ සංචාරක සටහන් කියවන්න ඔයාලටත් එන්න පුළුවනි ඉස්සරහට...
 •  0 comments  •  flag
Share on Twitter
Published on July 16, 2014 19:30
No comments have been added yet.