අමුතු කවියක් !!!!


හිත හරියට දුර යනවා 
ලගින් තියා ගන්න බැහැමයි හිතෙනවා 
නාදුනන හිතක් එක්ක ගනුදෙනුවට 
හරි හරියට මට වද දෙනවා 

ඔහුත් නොදන්නා කතාවක 
ඔහු කොටසක් වෙලා තියෙනවා 
හැම අකුරකම තේරුම් හොයන්නත් 
හරි හරියට වෙහෙස වෙනවා

දුක හිතුනාම අපි තරහත් වෙනවා 
ආයෙත් ඉක්මනට අමතක කරනවා 
විහිළු කතාවක් කියලා 
අපි ආයෙම විකාරත් කියෝනවා 

කතා නොකර ඉන්න බැරිවාට 
මොන මොනවා ගැන හරි 
හැමතිස්සෙම  දොඩමලු වෙනවා 
පාලු කපන්නත් ඔහු හොද හැටි දන්නවා  

නපුරු කතා කියවා කියවා 
හිටපු ගමන් මම කෑ ගහනවා 
කියන ඒවාට මොකුත්ම නොකියා  
ඔහුත් ඉතින් ඔහේ හිනාවෙනවා  

හිතක් හින්දා මට මාවම අමතක වෙනවා 
රැයක් ගානේ විකාර හිත හිතා ලියනවා 
නාදුනන ආදරේක පැටලිලා  
හිතත් ඔහේ එහෙට මෙහෙට ඇදෙනවා 

හැම තිස්සෙම හිනාවෙවී හිටියාට ඔහොම
ආදරේ කරන්නේ ඔහුටම බව දැන ගත්තු දාට   
අවසර නැතිව ආදරේ කරාට 
හිතක් හින්දා මමත් ඉතින් ගුටි කනවා !!! 





 •  0 comments  •  flag
Share on Twitter
Published on April 13, 2015 08:02
No comments have been added yet.