...

සදට යන්න ඕනේමයි කියලා
තනිකම විතරක් හිත යට
සගයෙක් කරලා
සද යන්න ගියා
ජීවිතේම දුක් සයුරක් කරලා

මහා මේරුවටත් එහායින්
හිත පුරා මව් සෙනෙහෙ
මහා ගොඩක් දීලා
දන්නවා ද ඔබ
යන්න ගිය හැටි
හරිම නපුරයි කියා

දරන්නට නොහැකි තරම්
දුක් ගොඩක් හිත යට
තාමත් හිත රිද්දනවා
මහා බරැති කදුලක්
හිමිහිට ඇසක් ලග
තනියට එහා මෙහා ඇදෙනවා

මහා ගොඩක් වගකීම් දරා
ඒ ගමන් මා රැක බලා
ඔහේ රස්තියාදුවේ ගිය
සිතුවිලි වලට එක හීනයක්
ගෙනවිත් දුන්නා

හීන හැබෑ කරන්
මම කිරුළු පළදින කොට
නුඹ නැහැ අද
මගේ සතුට බෙදා ගන්නට
නුඹ යන්න ගිහින් හිමිහිට
මතකය විතරක් මට දීලා

එකම එක පාරක් හරි
එනවා නම් ආයෙම නුඹ
සත්තයි මම යන්න
නොදීම තියා ගන්නවා
මුළු ලොවම හරි නුඹ
වෙනුවට දීලා

සද නැතිව තරු පොකුරු
මහා හයියෙන් ඉකි ගහනවා
නුඹ ආ ගිය තැන්
දකින මොහොතක් ගානේ
තාමත් තදින් හිත රිදෙනවා
ඒ තැන් ඇස නොගැටි
පිට පාරෙන් මම තාමත් යනවා

නුඹ වෙනුවෙන්
කවි අකුරක් නොලියමි
නුඹ ගිය දා මම හිතුවා
අද නුඹ වෙනුවෙන්
එකම එක කවි පෙළක්
මම මෙලෙස ලියමි

දුක මකාලන්නට නොව
අද ඔබ වෙනුවෙන්
එක අකුරක් ලියන්නට
බැරි වුනොතින්
මගේ කවි කමින්
පලක් නැති නිසාවට

ආදරෙයි හැමදාමත්
ඔබේ සෙනෙහට තාමත්
දෙවෙනි මවයි ඔබ හැමදාම
තුන් ලෝකෙදීම මේ මට

එළඹෙන හැම මතු භවයකම
මා ලගින්ම රැදෙන්න
හැකිනම් එක මොහොතකට
නුඹ විත් මේ භවයේදී
මා අසලින් ඇවිද යන්න එනවා ද

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 15, 2015 10:38
No comments have been added yet.