රළ නගන සයුර වගෙයි ඔබ
සංයමක් ඇතිවාම නෙවෙයි
ඉලන්දාරි ඇස් දෙක අස්සේ
හංගපු දගකාරකම් හරි රළුයි
වචන අස්සේ ආදරේ තවරපු
මනමාල හිතක් ද ඔය
සියපතින් සියපතට දිවයන
තවත් එක බඹරෙක් ද ඔබ
කාලයක් අරන් හෙමිහිට
ඇවිත් ළං උනාට
සංසාර පුරුද්දක් කියා
කියන්නද යන්නේ ඔය
නුඹත් බොරුවට
හිත කැළඹීන් සැරින් සැරේ
හැගුමන් ලග දඟකාර රටා පෑවට
රළ නගන සයුර වගේමයි ඔබ
අහංකාරකමත් හරි උසයි
Published on September 12, 2016 13:34