Prabudda Quotes

Quotes tagged as "prabudda" Showing 1-1 of 1
මහගම සේකර
“සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව.

මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපිගොනු අතර මැද-
හාන පෝරුගාන වී වපුරන වෙල්යායක-
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිරවීගෙන
උදේ සවස වැඩට යනෙන කෝච්චියක
දෙනෝදාහක් සෙනග අතර-
බුදු වීමට;
තනියම නොව
දෙනෝදාහක් සෙනග එක්ක
අපි ඔක්කොම එකට බුදු වීමට.”
මහගම සේකර, ප්‍රබුද්ධ