ඇහි පිල්ලක් යටින් ජීවිතය ඇහිදිමි


මේ ජිවිතේට දැන් හරි වෙහෙසයි !!

තව කොච්චර දුර යන්න තියෙනවද මන්දා

තව හිතන්නවත් බැරි දුර

කප්පරක් පාලුවෙන්

කොහොම යන්න ද?? 


තනිකම වේදනාව සාංකාව 

හිත යට ගුලි ගැහිලා වේදනා දෙනකොට 

කදුළු බින්දු බින්දු 

හෙමි හෙමින් ඇස් අගින් මතු වෙනකොට 

මේ ජිවිතේට අවසානය ලං වුනා නම් 

කොච්චර හොදද කියලා 

නොහිතෙනවා නෙවේ 


ඒත් මේ ජිවිතේ අතහරින්න තරම් 

හයියක් තවම නැහැ හිතට

හැබැයි යන්න පුළුවන් වුණ 

මොහොතේම මම යනවා

හැබැයි ඒ දවස වෙනතුරුත් 

කිසි කෙනෙක් දැන නොගනී 


මේ සිත නුඹ වෙනුවෙන් 

කෙතරම් කල් මග බලා උන්නා ද 

ඒ නිසා ජීවිතය කෙතරම් 

වැරදුනා ද කියලවත් !!!!


1 like ·   •  0 comments  •  flag
Share on Twitter
Published on April 19, 2015 02:54
No comments have been added yet.