අහස උසට කවි පබදින
හීන ගොතන වැහි අදුර
නුඹ හෙමි හෙමින් ඇවිදින් යන්නට
එනවා ද ආයෙම දවසක
මට අලුත් පෙම් කවක් ගොතන්නට
කවි මුමුණන හිතට
පාලුයි හොදටෝම
මන්දාරම් වැහි අදුර
නුඹ ලග නැතිවද කොහෙද
හීන වලට පාට දෙන්න
හිත යට ගැස්සෙන සිතුවිල්ලකට
අත්තටු දෙන්න
කාලය සදිසිය ආයෙම
වැහි අදුර නුඹ හෙමි හෙමින්
පිය මනින්න හිරිපොද වැස්සත්
එකතු කරගෙනම
අපි ලියමු අලුත් කවක්
ධරණී තලය පුරාවට
රැව් දෙන්න..
Published on March 09, 2015 12:22