බොද වන්නට මාන බලන හීන


කිලෝමීටර් ගණන් දුර
ගෙවාගෙන ගොස් ඔපිසියට
බැනුම් තොගයක් අසාගෙන
එමි නිවහනට ආයෙම
හෙටත් සුපුරුදු දෙසුම
අසන්නට යන්න බලාගෙන


නැත කිසි හොදක්
කරන්නට ඇත
වැඩ කප්පරක්
කරන කරන වැඩෙහි
ඇත කුමක් හෝ වරදක්


නෙතින් ගලන කදුළට
නැහැ එහි වටිනාකමක්
සිත ගල් කරගත් මිනිසුන් රැසක්
වැඩ වසී රුදුරු සිතින් තවමත්


ගෙවල් කුලිය ගෙවාගන්න
අම්මට බේත් ටික අරගන්න
පොඩි එකට පිටි පෙට්ටියක් ගන්න
උකසට තැබූ ජිවිත රැසක්
එහි කඹුරති දුක් විද විද තවමත්


මහා රුදුරු කොන්ක්‍රීට් වනන්තරේ
විසඝෝර සර්ප විමනෙකි එහෙ
නුඹට බැහැ ගැටෙන්නට ඔහේ
ඇවිත් වැටියන් ගෙපිලේ
පිරිමහගමු අපි කොහොමහරි පුතේ
හිස් අවකාශේ පීරන බරැති සුසුම් දැක
අම්මා මුමුණයි නිතර දෙවේලේ


මට යන්නට නොහැකි වූ දුර
ගෙවා කෙසේ හෝ නුඹ
මගේ පැතුම් ඉටු කල
මගේ අභිමානයයි දුවේ නුඹ
අප්පච්චි තුටින් මුමුණනු
ඇසේ තවමත් දෙසවන් ලග


පොදි බැදගත් උස් අරමුණු
අතහරින්නට ලෝබයි තවම
අප්පච්චිගේ සැනසුම් සිහින
බිද දමන්නටත් දුකයි සිතට


එත් ආයෙම විසඝෝර සර්ප උයනේ
රළු වදන් සිහිව තිගැසෙයි සිත් පතුල
මා එනතුරු පෙර මග බලා හිදින
එරමිණියා පදුරු සිහිවෙනකොට
කුමක් කරන්නද නොතෙරේ තවම මට
                          
1 like ·   •  0 comments  •  flag
Share on Twitter
Published on February 17, 2015 10:03
No comments have been added yet.