හිම කන්දේ නොසැඟවුණු මිතුදම් Quotes
හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
by
Ama H. Vanniarachchy1 rating, 5.00 average rating, 0 reviews
හිම කන්දේ නොසැඟවුණු මිතුදම් Quotes
Showing 1-4 of 4
“මල්ලි මෙයා උරගයෙක්."
"එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?"
"තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය."
"ඩයනොසර් වර්ගයක්."
"නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."
" එහෙනම් මකර පැටියෙක්? "
"වෙන්න බෑනේ...”
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
"එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?"
"තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය."
"ඩයනොසර් වර්ගයක්."
"නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."
" එහෙනම් මකර පැටියෙක්? "
"වෙන්න බෑනේ...”
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
“එහෙත් මේ කිසිවක් නොදත් , සෑහෙන කාලයක් රවිඳු හා ඇලඩින් සමඟ මේ කාමරයේ රහසේ දිවි ගෙවූ අසරණ සත්ත්වයා හුදෙකලාව මහා සයුර මතින් තමාගේ මවු රට බලා පියාසලනවා ඇත. විඩාබර වූ කල්හි, කුසගිනි දැනුණ විටදී තවත් රටක, කඳු මුදුනක ලැගුම් ගැනීමට පැංචාට සිදු වනවා ඇත. නැවත නැවතත් බොහෝ කාලයක් තිස්සේ මේ ගමන යාමට පැංචාට සිදු වේ. මවගේත් ස්වකීය වර්ගයාගේත් උණුසුම සොයා ඒ ගමන ධෛර්යවන්තව යා යුතුමය.”
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
“දෙව්ලොව මෙන් අසිරිමත් එවැනි පරිසරයක සිටින ඕනෑම කෙනකේ එම සුන්දරත්වයෙන් වශී නොවුණහොත් එය පුදුමයකි. සුද පාට හිම කැරලි තුරු මුදුන් වසාගෙනය. ජිවිතයේ පළමු වරට හිම දුටු රවිඳුට තමා කොහි සිටිත්දැයි පවා අමතක විය. හුදෙකලා බව අමතක විය. ගුහා වලට යන අඩි පාර ඔහුට අරාධනා කරන්නාක් මෙනි. කුතුහලයෙන් මඩනා ලද දරුවා කෙළින්ම ගමන් කරන්නට විය. ගලින් ගලට පැන පැන යන ගමන සෙල්ලම් ගමනක් විය. ගුහා බිත්තය පෙඳ පාසි වලින් වැසී තිබුණි. ඒ අතරින් පතර දිස් වූයේ ඈත යුගයක මිනිසුන් විසින් අඳින ලද සිත්තම් පෙළකි. ඒවා නොනැසී මේ මහා වනය තුළ හුදෙකලාවම රැකී තිබුණි.”
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
“එය ගුවනින් යන ගමනකි. අඩි දහස් ගණනක් ඉහලින් වළාකුළු හරහා නිල් ගුවනේ සැරිසැරීමකි. හරියට යෝධ මකරෙක් වගේ... නිදැල්ලේ හා හුදෙකලාවේ නිල් ගුවන සිසාරා සීමා බැඳීම් නොමැතිව සිය යෝධ තටු ගසමින් පියාසලන තේජවන්ත මකරෙක් විලසට. අවශ්‍ය වූ විට ගිනි දැල්ලක් පිටකර කරණම් ගැසිය හැක. කුඩා රවිඳු තම මකර සිහිනය තුල අතරමන් වූවේය.”
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
― හිම කන්දේ නොසැඟවුණු මිතුදම්
