හිතක් ලග නතර ව
කවක් ගෙතු හින්දා
දුකක් ඇත මුහු ව
අහිමි තාරුණය ගැනද මන්දා
රන් හුයෙන් දැහැගිලි බන්දා
පෝරු මස්තක මත නංවා
ජය මංගලම් කියූ හින්දා
නලවමින කවි ගී කියමින් බිලින්දා
බෝතලයත් තුරුළු කරන්
ගෙට ගොඩ වෙන නිරින්දා
වළං පිගන් අහසේ පා කරනා
මදි හරියට ඇයවත් තලු මරනා
හිතේ හැටියට ගොරවා ගොරවා
රැයක් හිමිහිට පහන් කරනා
කිරි සුදු කමිසෙට
ටයි පටියත් ගෙලලා
උදේම කලඑළි බසින්නා
නිවන් යන්නට පෙරුම් පුරන ලෙසා
ඔහුමය ඇය හිමි වුණු රජින්දා
රැයක් තිස්සේ දගලා ඔට්ටු වෙනා
මදි හරියට ගුටි බැටත් ලැබෙනා
ඉදහිට හඩන බිලිදුටත් තන පුඩු පොවනා
ආයෙමත් රාස්සිටත් කලියෙන් සුමේ කරන්නා
ඇයමය දුක දරන යශෝදරා
එක එක වැඩ ඉවරයක් නැතිවා
හැඩ වැඩ කරන්න කාලයක් නැතිවා
ගිලිහුණු කාලය ගැන හිතන්න බැරිවා
යෙහෙලියන් වා සිටි දොරටු තුලින්
ඉගිලෙනු දැක සුසුමක් හෙලනා
ඇයම මේ සියලු දුක් දරනා
- අරුණි කළුපහන -
Published on September 05, 2014 10:50