තනිකම හිත යට
තනියම හඩන කොට
නුඹ උන්නා නම් හිතුණු දවස්
මහා හුගක් තිබුණා
මැදියම් රැයේ හිත ඇහැරී
පසෙකින් නුඹ නැති වග දැනී
ඉකිබිදුමත් මහා වැස්සක් වුණු
දින සති දිගටම ගෙවුණා
ආයෙත් ආයෙත් ඔබ ඒවි ද
පෙර දවසක වාගේ හිනැහීගෙනම
හිත හෙමිහිට අහනවාත්
මොහොතකට මට දැනුණා
ඇය හා නුඹ ගිය දවසේම
නුඹේ මලගම මම සිදුකල වග
සිතටත් අමතකව ඇති බව දැනී
ආයේ ආයේම මට මන් ගැනම
හොදටෝම දුක හිතුණා
අරුණි
Published on July 07, 2017 08:02