නෙක තාරකාවන් මැද්දේ
ලය ඉරා දුන් තරුවක් වේ නම්
ඉරබටු මනමාල තරුව මිස
වෙන කවුරුන් ද
මදු මිවතට දුම් වලා පුරවන
කවි නිමිති වූ හිතක් එක්ක
සද එලිය යට දොඩමලු වන
රාත්රීන් දැක්කේ ඉරබටුව මිස
වෙන කවුරුන් ද
නොහික්මුණු රළු හිතක් කියූ ආදරයේ ඒ මතක පද
සිත කොනිත්තන විට තවම
කවි අකුරු ගෙන අදුරේ රැදෙන්නට
කියා දුන්නේ ඉරබටුව මිස
වෙන කවුරුන්ද
රාත්රිය පවා උදුරා ගෙන
සදට කවි කියන්නට හුරු කර
හිතට හොරෙන් හිතත් රැගෙන
නික්මුණ ඒ නොසන්ඩාල කවිය
යලි එනතුරු නිදිවරා හිදින්න
යැයි මට කියන්නේ ද
ඒ ඉරබටු මනමාල තරුවම මිස
වෙන කවුරුන් ද
Published on March 12, 2017 05:13