රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 2
නිවාඩු දවස වෙච්චි එකේ අද ශාස්ත්රීයි යශෝදරායි දෙන්නම මෙහෙ ගෙදර. දැන් එන්න එන්න දෙන්නගේ ආස්සරේ වැඩියි කියලයි මාග්රට් නැන්දා නම් කියන්නේ... මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අනික ඉතින් ශාස්ත්රීයි යශෝදරා නෝනයි වැඩිය ආස්සරේ කොරා කියලා මක්ක වෙනවා ද ? එක අතකට මාග්රට් නැන්දාටත් ඕනි නැති දෙයක් නැහැනේ අප්පා.
“ සින්ඩි.. “
ශාස්ත්රී දැන් මට අලුත් නමකුත් දාගෙන. සින්ඩරෙල්ලා කියලා දිගට දිගේ කියනවාට වැඩිය ඒ නම ලේසි යි වගේ ම ලස්සනයිලු. අනේ මන්දා ශාස්ත්රිටත් හිතෙන දේවල්. සුභද්රා නෝනත් ශාස්ත්රීගේ අලුත් නමට හරි කැමතියි. ශාස්ත්රීට හරි සීදේවී කෙල්ල කියලයි සුභද්රා නෝනා නම් කියන්නේ. හැබැයි ඉතින් මාග්රට් නැන්දාට නම් ශාස්ත්රීව විතරක් නෙවෙයි යශෝදරා නෝනාවයි මාවයි දෙන්නවත් පේන්නේ මූ දේවියෝ වගේ ද කියලත් මට හැකයි. නැතිනම් එයා මෙච්චර අපිට ආඩපාලි කියාවියැ.
යශෝදරා නෝනා පත්තරේ මහත්තයෙක් එක්ක කාර් එකේ ඇවිදින් ගේට්ටුව ගාවින් බැස්ස දාසේ ඉඳන් තමයි ඔය ඔක්කොම. ඒත් ඉතින් ඒ පිට කවුරුත් යෑ. එකට වැඩ කරන පත්තරේ මහත්තයෙක්නේ. ඉතින් ඒ එක්ක කාර් එකේ ආවම මොකෝ වෙන්නේ කියලා ඇහුවාම මාග්රට් නැන්දා කිවේ කාර් එකේ ආව එක පැත්තකින් තිබ්බත් ඒ මහත්තයා එක්ක තවත් ගේට්ටුව ගාවට වෙලා කුටු කුටු ගගා උන්නු එක ළමිස්සියකට වටින්නේ නැහැලු.
අනේ මන්දා සුභද්රා නෝනාත් ඔහොම හිතනවා ද කියලා.
යශෝදරා නෝනාගෙන් කවුදෝ මහත්තයෙක් හාද වෙන්න අහලා තිබ්බත් යශෝදරා නෝනා මනාප උනේ නැතිලු. දවසක් යශෝදරා නෝනා එහෙම කිව්වා මට මතකයි. ඒත් ශාස්ත්රී නම් කිවේ පත්තරේ වැඩ කරන මහත්තයායි යශෝදරාගෙන් හාද වෙන්න අහපු මහත්තයයි දෙන්නෙක්ය කියලා. හාද වෙන්න අහපු මහත්තයාට යශෝදරා නෝනා මනාප නොවුණේ ඒ මහත්තයාට සල්ලි වැඩි හින්දාලු.
ඒත් ඉතින් සල්ලි වැඩිවෙන එක ඒ මහත්තයව එපා වෙන්න තරම් හේතුවක් ය කියල මට නම් තේරෙන් නැහැ. සල්ලි තියෙන මහත්තයෙක් ලැබෙනවා කියන්නේ කොයි තරම් දෙයක් ද කියලා මං කිව්වාම ශාස්ත්රී නම් කියන්නේ සල්ලි තියෙනවා කියන්නේ එක අතකින් හෙන සාපයක්ලු. සල්ලි හොයන්න ඕනා දහදුරා වැඩක් කරන්න ඒ මහත්තුරු ලැස්තිලු. ඒ මහත්තුරුන්ට ආදරේ කියන්නෙත් හරියට බිස්නස් එකක් වගේලු.
බිස්නස් එකක් කියන්නේ මොකක්ද ඇහුවාම ශාස්ත්රී කිවේ ඒ සල්ලි හොයන්න කරපු පොඩි සෙල්ලමක් කියලා. අනේ මන්දා.. සල්ලි ! බිස්නස් ! ආදරේ ! හරි අමුතු වචන. ඒත් ඉතින් කාසි ! සෙල්ලම් ! කාදල් කියන තරම් ඔය එකක්වත් මට දැයෙන්නේ නැහැ.
ඒත් ඉතින් දැන් පුරුදු වෙන්න ඕනි කාසි වත්තේ විදියට නෙවේ කුරුඳුවත්තේ තාලේට නොවෑ. ඒත් ඉතින් යශෝදරා නෝනාත් කාසි වත්තේ ඈයෙක් වුණා නම් ආයේ දෙකක් නැහැ උන්දෑ සල්ලි තියෙන මහත්තයාට මනාප වෙලා. යශෝදරා නෝනාට තේරෙන්නේ නැහැ. සල්ලි තියෙන මහත්තුරු කරන සෙල්ලම් ගැන ඔය හැටි වද වෙන්නේ මක්කට යෑ. එහෙම බැලුවොත් කාසි වත්තේ සුපිරින්ටැංඩන් බංගලාවේ තියෙන සෙල්ලම් ඔයිට හපන් නොවෑ.
මයේ අම්මා නම් ඒ දවස්වල කිවේ ම සල්ලි තියේ නම් කවුරුත් යටයි කියලා. ඒක හැබෑව. සල්ලි තියේ නම් කාසි වත්තේ ගෑනුන්ට වුණත් මහත්තුරු ඉස්සරහ චීත්ත උස්සන්න ඕනි නැහැනේ. මං ඒ විත්තියක් කියන්ට ගියාම යශෝදරා නෝනා කිවේ සල්ලිකාර මහත්තුරුන්ට ගෑනු මහා ගොඩක් ඉන්න විත්තිය හැබෑවලු. ඒත් ඉතින් දැන දැන ම ගින්දර එක්ක සෙල්ලම් කරන්ට ගිහින් අත පුච්චගන්ට ඕනි නෑනේ සින්ඩි කියලා.
වෙලාවකට යශෝදරා නෝනා හරි අමුතුයි. ශාස්ත්රී වගේ නෙවෙයි යශෝදරා නෝනා තේරුම් ගන්ට ම අමාරු දේවල් කියනවා. සුභද්රා නෝනා නම් කියන්නේ ගෑනු වුණාම යශෝදරා වගේ බරපතලේට හිතුවේ නැති නම් ජීවත් වෙන්ට අමාරුයි සින්ඩි ඕං කියලා. ඒත් මාග්රට් නැන්දා නම් ඒ ගැන කිවේ නටන්න ඕනි බෙරපද ඔක්කොම නටලා දැන් බණ කියාගන්න තියා ගන්න එක ගෑනු ගතියක්ලු.
අනේ මන්දා. ඒත් ඒක හැබෑව නම් මට තියෙන පුරස්නේ මාග්රට් නැන්දා නටපු බෙරපදේ මොකක්ද කියලා. වෙන මොකටවත් නෙවෙයි ඉතින්. බණ කියන සාස්තරේ ඔය කාටත් වැඩියෙන් ම කරන්නේ මාග්රට් නැන්දාමනේ. ඒ හින්දා.
අරුණි කළුපහන
aruni.kalupahana@gmail.com

Published on January 27, 2017 20:49
No comments have been added yet.