Jump to ratings and reviews
Rate this book

Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

Rate this book
බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.

——————————

ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!

224 pages, Paperback

First published June 1, 2023

53 people are currently reading
461 people want to read

About the author

Charitha Prawardhi Bandara

1 book27 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
103 (55%)
4 stars
55 (29%)
3 stars
16 (8%)
2 stars
5 (2%)
1 star
6 (3%)
Displaying 1 - 26 of 26 reviews
Profile Image for Rashu.
43 reviews18 followers
October 31, 2023
This is totally a different kind of book, I liked it and glad that I read it. Specially, the nature descriptions got me awed.The words have been bound up beautifully, so each page includes at least one quote for you. The ending was quite surprising and unexpected; it got me wanting to read the story all over again while picking up the points I missed.

Finally, I wish I also had a penpal like Olya or Yumi San, to write beautiful letters to and talk about life with. 🍁
Profile Image for Dilly.
249 reviews16 followers
October 31, 2023
ෆොගෙට් මී නොට් මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වෙලා තියෙන පොතක්. ඇත්තටම ලංකාවෙ කතුවරියන් දෙන්නෙක් ලියපු පොතක් ඒවගේ උන්මාදයක් වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි. අපි හැම වෙලාවෙම ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වගේ ප්ලැට්ෆෝම් වල මේ වගේ උන්මාදයක් (viral) වෙච්ච පොත් දකිනවා. ඒත් ඒ හැම එකක්ම වෙනත් රටවල ප්‍රකාශනය වුණ පොත්. ඒ නිසා ලාංකික පොතක් වයිරල් වෙච්ච එක ගැන ඉතාම සතුටුයි.

කතාව ගැන කිව්වොත්, කතාව ගලාගෙන යන්නෙ පෑනේ මිතුරියන් දෙන්නෙක් අතරේ හුවමාරු වෙන ලියුම් වලින්. ඒ අතරෙන් අනාගතය ගැන යම් යම් ඉඟි ත් දකින්න ලැබෙනවා. ඒත් මුලදි ඒවා හරියට තේරෙන්නේ නැහැ. කතාවේ අවසානයට එනකොට තමයි ඒ මොනවද කියල හරියට වටහා ගන්න පුළුවන් වුණේ.

පොත ගැන බොහොම වාද විවාද යන අතරේ පොත කියවලා මට හිතුණ දේ ලියලා තියන්න හිතුවේ මේ පොත කියවනවද නැද්ද කියල තවමත් හිත හිතා ඉන්න අයට උදව්වක් වෙයි කියල හිතලයි.

පොඩි කාලේ පුංචි ගෑණු ළමයින්ගේ කතා වල පරිවර්තන (ඈන්, ලෝරා, හයිඩි වගේ අයගෙ කතා) කියවමින් නම් ඔබේ කියවීම් ජීවිතය පටන් ගත්තේ, මේ කතාව ඔබට සමීප වෙයි. "හැඟීම්" මේ කතාවේ ලොකු කොටසක්. ඒ නිසා පොඩි දෙයටත් හැඟීම්බර වෙන කෙනෙක්ට මේ පොත කියවීම භාවාත්මක කටයුත්තක් වෙයි.

හැබැයි ඔබ කැමති වේගයෙන් සිදුවෙන, යථාර්ථවාදී කතා වලට නම් මේ පොත ඔබට හරියන එකක් නැහැ. ඒ වගේම ඔබේ ප්‍රියතාවය සාහිත්‍යමය අගයක් තියෙන බරසාර කතා වලට නම් ඒත් ඔබට මේ පොත හරියන එකක් නැහැ. ඒත් ඔබ ඒ හැම ශානරයක්ම කියවන කෙනෙක් නම් "හයිප්" වීම යන කාරණය මත පමණක් ම පදනම් වෙලා මේ පොත කියවීම මඟ හැර ගන්න එපා කියලත් කියන්න කැමතියි.

රසවින්දනය කියන්නේ ඉතාම පෞද්ගලික දෙයක් කියල මම විශ්වාස කරනවා. කෙනෙක්ට මෙලෝ රහක් නැති වෙච්ච පොතක් තව කෙනෙක්ට මේ ලෝකයේ තියෙන රහම පොත වෙන්න පුළුවන්. මේ රසවින්දනය ගොඩ නැඟෙන්නේ බොහොමයක් කරුණු මත පදනම් වෙලා. ඒ තමන්ගෙ ජීවිතයේ අත්දැකීම්, තමන්ගේ කියවීම් ඉතිහාසය වගේම වයස, ස්ත්‍රී පුරුෂ භාවය වගේ විශාල පරාසයක විහිදෙන කරුණු මත වෙන්න පුළුවන්. ඒ නිසා පොත කියවල ලියන සාධනීය අදහස් දැක්වීම් කිසිවක් "ඒ අදහස තමන්ගේ අදහසට වෙනස් වූ පමණින්" නිෂ්ප්‍රභ කිරීම සාධාරණ නැහැ.

මට හැඟුණ විදියට මේ පොත එක දිගට කියවාගෙන යා හැකි රසවත් පොතක්. හැඟීම්බර ලිවීමක්. කතාවෙන් අවධානය යොමු කරවන්න හදන කරුණු, ඉදිරිපත් කරලා තියෙන විදියට මම කැමතියි.

ඒත් ඒ අධික හැඟීම්බර වීම හමුවේ කතුවරියන්ට අවසානයේ දෙන්න ඕනෙ වෙලා තිබුණ පණිවිඩය දෙන්න හැකි වුණා ද කියල සැකයක් එනවා.

කොහොම වුණත්, ගොඩක් කාලෙකට පස්සේ අපේ බාල මහළු හැම කෙනාටම හොයන්න, කියවන්න, කියවලා වශී වෙන්න හරි බනින්න හරි හිතෙන අන්දමේ "හිට්" එකක් ලිවීම ගැන කතුවරියන් දෙන්නාට මගේ සුබ පැතුම්!
Profile Image for Chanuki Ranasinghe.
219 reviews42 followers
October 20, 2023
Cute story between two pen pals writing to each other from mountains & sea. It talks about depression, love and mental illnesses. Kinda felt Olya is too much into overthinking. The descriptions in the first 80-100 pages were a little boring. However the story picks up after awhile. The ending is sweet.
Profile Image for Ruchini ˙⋆✮ .
11 reviews11 followers
January 10, 2024
Noticed this book when it went viral on insta and ticktok ,i was quiet surprised to see a book becoming a trend within the Sri Lankan social media community.So i was tempted to read it, and i am glad that i picked this book to read.It was my first time reading a story constructed by two individuals.The whole time i read the book, i felt like i was trapped within an enchanting painting which consists of a mountain landscape and a seashore in either sides of the painting which i can cross freely while reading Olya's and Yumi san's accounts.Each and every phrase was infused with visual and tactile imageries .After reading half of the book, i went back to the beginning and started reading it all over again to get a better view of the characters presented in an indirect manner.At the end of each and every account, i'm left startled ,thinking to myself how two young adults most importantly debut authors could be so creative.I kinda enjoyed Yumi san's accounts more and the romantic tale of Yumi san and Luka.But we must not forget the underlying message in the story, about the struggle carried on silently by the victims of depression.The story ends in a way that readers least expected and it was an unforeseen yet a fascinating ending.So definitely this book was a 5 star read for me.I would like to end my review with the most beautiful idea caught in the book,

"Olya, i believe that at the end of the universe , there are Cherry trees that blossom in the spring, and a few Maple trees that shed their leaves in the autumn.No one will be harmed by such a belief, no matter what the season is, there might be very beautiful things there."
Profile Image for Chapa Priyadarshani.
44 reviews
January 15, 2024
It is just like a watching a movie, full of visuals and magical. Not only that gives attention to very important psychological aspects of today’s world. I love this book ❤️❤️
Profile Image for Ruvi Perera.
170 reviews1 follower
January 22, 2024
Well this is basically a story about two girls who live away from each other and they are pen pals.

I am somebody who finishes books no matter what, but I really couldn't convince myself to finish this one. What I noticed throughout the story is how the authors have tried to imitate the styles of the translators who translated some famous novels that really made an impact on Sri Lankan readers, which I believe is the same reason I would consider this book a failure. It has Japanese names, it has Russian names and at the same time it has Little House vibes and so many unnecessary parables. So all this is really confusing to the reader. They try to explain the sceneries in great detail as we see in the Little House books but then, here and there they're using a couple of English words which destroys the whole vibe. To be honest, it was overwhelming and I feel like the book was overhyped by the marketing team (Well done)
This entire review has been hidden because of spoilers.
Profile Image for Rash J.
258 reviews1 follower
March 4, 2024
Beautiful writing by 2 new authors. Story is about 2 pen pals one from the hill side of the country & the other from coastal area. They share their lives with each others via these intimate letters. Central theme is on mental health, about "broken" people & Love.
Profile Image for Shalini Samarasinghe.
21 reviews1 follower
April 13, 2024
Start of the story was not exactly up to the hype.. but once you passed those pages this book will definitely make you hooked.
A different storyline and a book that will interest many who love poetry and coffee..
Profile Image for Tara Mallikage.
49 reviews
January 18, 2026
Forget Me Not was one of the most talked about Sinhala novels of 2024 and before picking it up, I came across a mix of opinions; praise,criticism and everything in between. But after finishing it, I can say that I loved this book.

The story carried a gentle, emotional tone that reminded me of an Emily Henry novel; only shorter, quieter and more restrained. I believe the story could have reached even more readers if certain moments were expanded. Yet, there is also something beautiful about how the authors chose restraint, leaving space for the reader to pause, reflect and connect the dots on their own.

What stood out most was how delicately the novel touches on deeply human themes: mental health, childhood trauma, gender orientation, friendship, memories and love. None of these are forced; instead, they unfold naturally, wrapped in a soft, almost vintage atmosphere that lingers long after the last page.

I was especially mesmerized by the friendship between Yumi Sun and Olya; a bond filled with warmth, understanding and quiet strength. The love stories too felt sincere and tender: Yumi Sun and Luka, Olya and Pierre. These relationships were written with subtlety rather than drama, making them feel real and deeply moving.

Forget Me Not is not a loud novel; it whispers. And if you’re willing to listen, it leaves you with emotions to carry, questions to ponder and memories that stay. For me, that made it a deeply satisfying read.
Profile Image for Thilini  Kasthuri.
49 reviews2 followers
April 18, 2025
"ඔයා ජීවත් වෙන්නේ කුමන ඍතුවේද කියන එක වැදගත් නෑ. ඔයාට පුලුවන් ඊලග වසන්ත කාලයේදී පැල කරන්න හීන එකතු කරන්න!
ජීවිතර අත නෑර ඉන්න"
- Forget me not -

සුන්දර කදුකර තරුණිය ඕල්යා, මූදූකරයේ කපුරු සුවදැති මිතුරිය යූමී සං, දගකාර විහිලුකාරයා ලුකා එ��්ක පිටු 223 ක් දිග ගමනක් යන්න ආස අයට මේ පොත කියවන්නම හිතෙයි. කදුකරයේ පිපෙන ෆොගෙට් මී නොට් මල් එක්ක, පරණ පොත් සුවද එක්ක, කම්මැලි පූස් පැටවූ එක්ක, කාලෙන් කාලෙට තමුන්ගේම පොතු හලා ගන්න දේදුනු යුකටලිප්ටස් ගස් එක්ක, ගොඩක් මල් ඉර දිහා බලන් සුවද විහිදුවනකොට පොලවට සුවද ලබා දෙන සුරගන හොරණෑ මල් එක්ක අතරමං වෙන්න ඕනී නම් මේ පොත කදිමයි. ඒ ඇතුලේ තියෙන්නේම එක එක ඍතු පහු කරන මිනිස්සුන්ගේ ජීවිත කතා.

මිනිස්සූ තමන්ගේ ජීවිත ඇතුලත එක එක ඍතු පහු කරමින් ඉද්දී කාටත් හුරු පුරුදු පසුබෑම් ජීවිතේ එක එක කාලවලදී එන එක වලක්කන්න පුලුවන් දෙයක් නෙමේ. සමහර පසුබෑම් වලට පස්සේ අපි නගින ඊලග හෙල නැගලා පහල බලද්දී තේරෙන්නේ ඒ ප්‍රාපාතය කොයි තරම් අගේ ද ලස්සනද කියලා. මිනිස්සුන්ට ජීවිතේ ලොකු පසුබෑමක් එන්නම වෙනවා සමහර වෙලාවට ආපහු නැගිටින්න. ඊට පස්සේ මිනිස්සු තේරුම් ගන්නවා තරගේට හැල්මේ දුවන එකෙන් මොකක්ද ඇති වැඩේ කියලා. ඊට පස්සෙයි මිනිස්සු ජීවිතයේ සැබෑ හැඩතල අදුනා ගන්නේ.

ඕල්යාටත්, යූමී සං ටත් , ලුකා ටත්, ඉවාන් ටත් සිද්ධ උනේ ඒකම වෙන්න බැරිද? ඔවුන් සොයා ගත්තේ අලුත්ම ඍතුවක් අපේ ජීවිත කතා ඇතුලේ තියෙන බවයි. ඒ පස් වෙනි ඍතුව ෆොගෙට් මී නොට්.
Profile Image for Ashinsa Unawatuna.
18 reviews
January 1, 2024
සාත්තු නිවාසයේ සිනිදු මිතුරියට මුනගැහෙන සදාකාලික ප්‍රශ්න අසන්නියක්. ඔවුන් හා පෙමින් වෙලෙන තරුණ කතාන්දර කියන්නෙක් හා ශෝකජනක දෑසකට පෙමින් බැදුන තරුනයෙක්. කදුකරයේ ඕල්යා සහ මුහුදුකරයේ යුමි සං අතර ඇතිවන නොදුටු පෑනේ මිතුදමක්. විශාදය සහ අනෙකුත් මානසික රෝග වලින්, නිහඩව සැගවී පීඩා විදින සුන්දර මිනිසුන් පිලිබදව අපූරුවට ගැලපූ සුන්දර කතාන්දරයක්.

“ඒත් යුමි සං, සමහර වෙලාවට අපිට ඕනෙ කරන්නේ රස්නේ වචන ටිකක් විතරයි. මේ බිලියන ගණනක් මිනිස්සු ඉන්න ලෝකෙන් එකම එක මනුස්සයෙක් හරි අපි වෙනුවෙන් අපේ පැත්තේ කිසිම පැකිලීමකින් තොරව හිටගන්නවා කියන හැගීම විතරයි!”

“යුමි සං, ආදරේ කියන්නේ ආදරේට! ආදරේ සදාකාලිකයි. දෙන්නෙක් වෙන් වෙනවා කියන්නේ ආදරේ අතුරුදන් වෙනවා කියන එකට සමාන පදයක් නෙවෙයි. වේදනාකාරි මතක දහස් ගාණක් ජීවිත කාලෙම අරන් යන්න වෙන වග දැන දැනම, වෙන පාරවල් වල වෙනම ඇවිදගෙන යන එකටයි…”

“සියල්ලම අවසානයෙදි පවා තවදුරටත් ප්‍රේමය විශ්වාස කරන්නට තෝරා ගන්නා මිනිසුන් කොතරම් වාසනාවන්තදැයි ඔවුන් කිසිදා දැනගන්නේ නෑ යුමි සං. අවාසනාවකට මම ඉන්නේ ඒ අතරේ නෙවෙයි. මට තවදුරටත් ප්‍රේමයවත්, ආදරයවත් විශ්වාස කරන්න බැහැ. ඒ නිසා කරුණාකරලා, ආදරය විශ්වාස කරන්නැයි මගෙන් ඉල්ලන්න එපා.”
This entire review has been hidden because of spoilers.
Profile Image for Udari Perera.
8 reviews14 followers
March 20, 2025
I recently bought this book due to the huge hype around it. At first, the story seemed unclear, and it was difficult to keep my interest. However, the phase of the story became better with the pen pals' letters. The intermediate stories such as "Soft friend at the medical centre" or "the young storyteller" were hard to grasp or connect with the letters until the end of the story. Authors’ language sound similar to the tone used by English to Sinhala translators for popular children's books like Anneandlittle house series. While this might bring nostalgia to some readers, I have mixed feelings about it. It would be better for authors to use their own style to tell this story rather than mimicking an old, familiar one. Also, certain parts of book felt overly romanticized, with somewhat like childish spirit (maybe it is the point of this book ). Overall, I like the story and how authors link all the small details at the end.
Profile Image for Ravisha Nuwandi.
7 reviews1 follower
March 5, 2025
I was fortunate to read this book before it became widely popular, which meant I wasn’t spoiled or expecting a grand plot. My initial curiosity was sparked by the striking cover and the unusual title. I ended up enjoying every part of it, especially because it resonated with the phase of life I was in at the time. I found myself revisiting its most beautiful passages again and again. Even now, I keep this book close by for those moments when I need a little reminder of its warmth and wisdom.

Profile Image for Vishmi.
222 reviews1 follower
May 1, 2025
I read Forget Me Not while going through the worst heartbreak of my life.

The book really helped me see the beauty of life, its moments, its people. The story is fiction but non-fiction at the same time, and it’s written in a way that evokes strong emotions in the reader. I was ugly-crying at some passages because I related so much to them. The prose is beautiful, almost poetic at times.

Forget Me Not will teach you that every moment is worth something. That the state of being alive is a miracle in itself.

⭐⭐⭐⭐⭐/5
Profile Image for Isuru Weeraddana.
2 reviews
September 7, 2025
ආදර්ණීය ඕල්යා සහ යුමි සං,
ඔයාව​ කියවන, දකින වාරයක් වාරයක් පාසා මට හිතෙන්නෙම, දැනෙන්නෙම මම ජීවත්වෙනවා කියලා.
ජීවිතේ අඩියටම වැටිලා ඉන්න අයට​ ආයෙත් ජීවත්වෙන්න​ අවස්ථාවක් හොයලා දෙන්න ගත්ත මේ මහන්සියට ඔයාලා දෙන්නටම පින්.

ජීවිතේ ලස්සනම කාර්තුවක් නුඹ එනතුරා මග බලමින්
කටුකම කාර්තුව දරාගමු අපි ශක්‍තිමත්ව​ සෙමින්
අතීතය හෝ අනාගතය ගැන නොසිතමින්
ජීවිතයට ගලා යන්න දෙමු මේ මොහොතේ ජීවත් වෙමින්.!

ඉතින් ආදරෙයි‍! 🤍✨
Profile Image for Rashmi Tharuka.
12 reviews
June 1, 2024
Well I thought it was overrated even before reading the book itself but turns out to be it’s totally worth the hype.
Profile Image for Nimmi Piumali.
29 reviews1 follower
December 4, 2025
Forget Me Not is a beautiful and heart-touching story collection that teaches meaningful lessons about kindness, love, friendship, and gratitude.
Profile Image for Asitha Warnakulasooriya.
15 reviews
January 16, 2026
Amazing ending 🌿

I didn't want to read 'Forget Me Not' because it was popular, but glad I did! Confusing at first, but the ending was WOW 😍. I had to reread some points to connect the dots.
Profile Image for Shenu.
40 reviews
February 25, 2024
Different story line between two penpals. Just wish if the first 100 pages could have been a lesser and the ending to bit more..
Profile Image for Pudasara Ariyasinghe.
15 reviews1 follower
July 9, 2024
🪻🪻🪻ඇයි සර්ව සුභවාදී කැලෑ පාත්තයා යුමී සංට මෙහෙම දෙයක් කරේ මට ඒක දරාගන්න බෑ පව් එයා.පොත ගැන නම් කිව්වොත් හරීම ලස්සන පොතක් මට ආපු විවිධ කරදර නිසා මේ පොත පටන් ගත්තට පස්සේ කියවන්න ගොඩක් අතපසු උනා මීට කලින් කියවලා ඉවර කරපු පොත මේ අතර මැද්දෙදි මං කියෙව්වා.ඒත් ඒක මගේ වැරැද්දක් මිසක් මේ පොතේ වැරැද්දක් නෙමෙයි. පොත නම් ඉතාමත් ලස්සනයි,විස්තර කරන්න වචන නෑ මට.චරිතා අක්කා සහ චතුරි අක්කා එකතු වෙලා මේ පොත හරිම ලස්සනට ලියලා තියෙනවා.අපිට ජීවි���ේ හමුවෙන පුංචි පුංචි දේවල් අපි වැඩක් නෑ කියලා මග ඇරගන්න දේවල් දිහා ලස්සනට බලන්න මේ පොත හින්දා මමත් හුරු වුනා.forget me not කියන පස්වෙනි ඍතුවේ අපේ මතකයෙන් ගිලිහෙන දේවල් තියෙනවා කියන එක මමත් විශ්වාස කරන්න පටන් ගත්තා.ඉතින් කඳුකරේ ජීවත්වෙන ආදරණීය පියානෝ සොනාටාව ඕලියා,කළු කුහරයක් දිගේ අලුත් මන්දාකිණියක් සොයාගෙන යන ආදරණීය මූදුකරේ කෙල්ල යුමී සං,මෙච්චර දුර ගමනක් මාත් එක්ක ඇවිත් මගේ ජීවිතේ ලස්සන කලාට ඔයාලට ගොඩාක් ස්තූතියි......💙✨️

(මගේ මතකයේ රැඳී තිබෙන තාක් කල් ඔය දෙන්න මට කිසිදා අමතක වෙන්නෙ නෑ.බැරිවෙලාවත් එහෙම අමතක වුනොත් ෆොගෙට් මී නොට් කියන පස්වෙනි ඍතුවෙන් මම ආපහු ඔයාලා හොයා ගන්නවා)......🪻🍂
මීට,
"තත්පර තුනෙන් ආදරෙන් බැඳෙන ඕල්යා සහ ජීවිත කාලයම ලූකා වෙනුවෙන් බලාගෙන හිටපු විකාර කෙල්ලො දෙන්නෙක්ගේ කතාවකට පිස්සු වැටුණු මම" 🩷💫
April 14, 2024
මල් කිණිත්තක පුරාවෘත්තය - Forget me not - මා අමතක කරන්න, එපා : Charitha Prawardhi Bandara / Chathuri Damayanthi : A public phenomenon

මා මෙම කෘතිය කියවුයේ නොවැම්බර් 12 වැනි දින 2023ය. එම සමයෙදී අතිශය ජනප්‍රිය වූ මෙම කෘතිය මා මිලදී ගත්තේ නැත. මාගේ කාර්යාලයේ ( බැංකුවේ ) සේවය කළ ලේකම්වරියකුගෙන් ඉල්ලගෙන කියෙව්වෙමි. එම මුද්‍රණයේ ඇතුළත වර්ණ මුද්‍රණ තිබුණු අතර පොතට සහයක් ලෙස 2024 අප්‍රේල් සරසවි වෙබ් අඩවියෙන් මෙය මිලදීගෙන ඇතුළත තිබුණේ කළු සුදු මුද්‍රණයක්ය. නමුත් Goodreads හි පැවති පිටු ගණන 224 නිසා මා එතරම් වෙනසක් නොවී ඇතැයි සිතමි.

මා වැනි මැදිවියට පාතබන අහුවෙන පොතක් කිසිදු ශානරිය වෙන්කිරිමකින් තොරව කියවන පොත් එකතුකරන පිස්සකුට මෙය නැවුම් කියවීම් අත්දැකීමක් විය. ( මාගේ වයස අවුරුදු තිස් තුනකි.) මා වැනි අධික ලෙස මානසික ආතතිය නිසා බැට කැමට ලක්ව වෘත්තීය ජීවිතය පවා අසාර්ථක කර ගත් පුද්ගලයකුට මෙය ඉතාමත් හොඳ කියවීම් අත්දැකීමක් විය.

මෙම බ්ලොග් පෝස්ටුව මෙම ග්‍රන්ථයට සහයෝගයක් ලෙස ලියා තබමි.

'Forget Me Not' was a public phenomenon in Sri Lanka. And it touches many modern trends in the world and analyses them in a simple manner which is a good thing for young readers.

I highly recommend this book for Sri Lankan Sinhalese book lovers.
30 reviews3 followers
October 9, 2024
This Sinhala novel stands out with its exceptional storytelling, captivating readers from the beginning to the end. With beautifully crafted graphics and a compelling storyline, it transports readers beyond Sri Lankan borders, immersing them in a strange unknown land. Notably, its exploration of mental health adds depth to the narrative which should be appreciated. I feel that it has been drawing inspiration from quality books, movies and TV series and the authors have been able to present a unique story that delights readers. Overall, this novel is a truly enjoyable read.
Profile Image for Thilina Medagama.
14 reviews
January 19, 2026
This book is build upon letters exchanged between two unseen friends who shares their life experiences and life stories . Story ends with a sad ending. but throughout this book has a cozy and a happy vibe. Story is great. It has all those classical oldish background. Coffee, flowers, bookshops, sea , love, romance etc.. story builds up very well and surprise the reader with the plot twist at the end. overall its a good read
Displaying 1 - 26 of 26 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.