Jump to ratings and reviews
Rate this book

වන වැදුණු දොස්තර

Rate this book

343 pages, Paperback

Published January 17, 2001

1 person is currently reading
18 people want to read

About the author

Christine Spittel-Wilson

16 books11 followers
Christine Spittel-Wilson (b. 1913) was a Sri Lanken writer and artist.

Coming from a family of doctors, artists and writers, she was active as a writer and an artist until comparatively recently. She published her autobiography, Christine, in 2007, and gave an exhibition of her paintings and ceramic art in 2009.

She was the author of three novels (The Bitter Berry, The Mountain Road and I Am The Wings), a biography of her father, Dr. R. L. Spittel, (Surgeon of the Wilderness), a cookery book (Secrets of Eastern Cooking), and a number of travel and assorted articles. She was a Fellow of the Royal Geographical Society.

As a young woman, she accompanied her father into the jungles of Sri Lanka, to gain an understanding of the ancient ways of the Veddhas. In 2008, a delegation of Veddhas made a special trip to Colombo to pay tribute to her. The visit was covered by both TV and print media.

Mrs. Spittel-Wilson spent her childhood and early adult years at Wycherley, the family home on Old Buller’s Road, and studied at the private girls’ school Roedean, in England. Her husband, Major Alistair McNeil-Wilson, passed away in June 2007.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
12 (66%)
4 stars
4 (22%)
3 stars
2 (11%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Ramindu Thivanka.
255 reviews6 followers
December 8, 2020
මානව සංහතිය, සත්ව සංහතිය, වන සංහතිය, කොටින්ම කියතොත් සමස්ත හෙට දවස වෙනුවෙන් සිය කාර්යය භාර්ය නොපිරිහෙලා ඉටුකරන ලද උදාර මිනිසෙකි. ශාරීරික දුබලතා, සමාජ ආර්ථික දේශපාලනික ගැටලු සියල්ලට එරෙහිව තම අරමුණ වෙනුවෙන්ම දායක වූ අවංක මිනිසෙකි. සිය බිරිඳ, සිය දියණියද එයට මහගු ලෙස දායක විය.
ලාංකීය මෙන්ම මානව සංහතියටම වැදගත් ආදී වාසී වැද්දන් රැක ගැනීමට ඔහු නොපසුබට උත්සාහය ක නිරත විය.

ලෝකයට ණය නැති මිනිසෙකි.
සත්‍ය සිද්ධින් අල්ලා ලියැවුණ විශිෂ්ට නව කතාවක්.
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
July 6, 2024
Surgeon of the Wildness - Christeen Wilson
පරිවර්තනය - වන වැදුණු දොස්තර - ප්‍රේමචන්ද්‍ර අල්විස් (1998)

වයිද්‍ය R L ස්පිට්ල් චරිතාපදානය

දොස්තර ස්පිට්ල් ලංකාවේ ඉතා දක්ෂ ශල්‍ය වයිද්‍යවරයකු ලෙසට ප්‍රසිද්දියක් ඉසිලුවේය. ඔහු වයිද්‍යවිද්‍යාවේ නව ප්‍රවණතා හැදෑරීමට එංගලන්තයට ගියේය. ලංකාවේ ප්‍රථම පුද්ගලික සාත්තු නිවාසය ආරම්භකළේය. ඔහුගේ බිරිඳ ක්ලේබර් වැන් ඩොට් ධනවත් රදල පවුලක සාමාජිකාවක් විය. ඇයද වයිද්‍යවරියක් විය. ස්පිට්ල් ගේ ශල්‍යකර්ම වලදී රෝගීන් නිර්වින්දනය කලේ ඇයයි.

ඔහු ශල්‍යකර්ම කල කාලයේදී දොස්තරවරු රබර් අත්වැසුම් භාවිතා නොකළ බැවින් ඔවුන්ගේ අත්වල තුවාල සිදුවීමෙන් විෂබිජ ආසාදනයන් සිදුවිය. ප්‍රතිජීවක භාවිතයක් තිබුනේ නැත. නිර්වින්දක ලෙස භාවිතාවුයේ ක්ලෝරෆෝම් පමණි. නිර්වින්දන තත්වයේ රෝගියකු තබාගැනීමට පුළුවන් වුයේ පැයක් පමණි. එබැවින් ශල්‍යකර්ම කඩිසරව, නිවැරදිව, ඉක්මනින් අවසන් කලයුතු විය.

ස්පිට්ල් විසින් ලංකාවේ ප්‍රථම කශේරුකා බද්ධය, චර්ම බද්ධය, රුධිර පාරවිලයනය සිදුකරන ලද්දේය. දුප්පත් අහිංසක රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කලේය. අනිකුත් රෝගීන්ගෙන් ලොකු සැත්කමක් සඳහා රු 20ක් ද වෙනත් සැත්කමක් සඳහා රු 6ක් ද අය කළේය.

1760 දී පළමුවැනි ස්පිට්ල් වරයා ඕලන්දයේ සිට නැගෙනහිර ඉන්දියා සමාගමේ නැවකින් ලංකාවට පැමිණියේය. ඔවුන් තංගල්ලේ පොල් ඉඩමක පදිංචි වුහ. රිචඩ් ගේ පියා ෆෙඩ්රික් ස්පිට්ල් වයිද්‍ය වරයකු විය. රිචඩ් දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනියා විය.

ස්පිට්ල් තම වෙදකමට අමතරව වැද්දන් ගැන තොරතුරු සෙවීමටත්, ඔවුන්ගේ කරදර වලට පිහිටවීමටත් කාලය යෙදෙව්වේය. ස්පිට්ල් හට වැද්දන් හමුවූ මුල් කාලයේ ඔවුන් ශිෂ්ඨ සමාජයෙන් බොහෝ ඇත්ව වනයේ ගල්ගුහාවල වෙසෙන වන සතුන්සේම කුලෑටි සත්ව කොටසක් වුහ, ඔවුහු කෑම සොයන්නන් ගේ යුගයේ ම ජිවත්වුහ.

ස්පිට්ල් වැද්දන් ගේ පැල්පත් වල ඔවුන් සමඟ ලැගීම නිසා ඔහුගේ ඇඳුම් වලට රිංගාගත් මකුණන් ඔහුගේ කොළඹ නිවාසයේ නිදන කාමර ආක්‍රමණය කළේය. ස්පිට්ල් හට මැලේරියා ආසාදනය විය, උණ අංශක 103 දක්වා ඉහල නැගීම නිසා ඔත්පල විය. පෙනහළු ඉදිමීමේ රෝගයෙන් පිඩා වින්දේය. ලංකාවේ වැද්දන් වෙසෙන පොල්ලේ බැද්ද වැනි පළාත්වල වසරකට දෙවරක් වත් යාමේ පුරුද්දක් ඇති කරගත්තේය. එම ගමන් වලදී ඔහු නවතින මහා ඔය තානායමට "සුදු හුරා" ගේ පැමිණීම ආරන්චිවිමෙන් වැද්දෝ පැමිණියහ.
ලංකාවේ ආදිවාසින් වන වැද්දෝ එහි මුල් පදිංචිකරුවෝ ය. ප්‍රාග් අය්තිහාසික සංචාරක නොමෑඩ් වරුන්ගෙන් කොටසකි. ඔස්ට්‍ර්ලොයිඩ් වරුන්ගෙන් ඔස්ට්‍රේලියාව බලා ඇදීගිය මධ්‍යධරණී හා නෙග්රිටෝ වාර්ගිකයන්ගේ සම්මිශ්‍රණයකි.

ලංකාවේ වැද්දන් පිළිඹඳව අධිකාරි දැනුමක් ඇති එකම විද්වතා ස්පිට්ල් විය. ඔහුගේ මුලිකත්වයෙන් වන සත්ව ආරක්ෂක පනත, වනජීවී දෙපාර්තමේන්තුව හා උපදේශක මණ්ඩලය ස්ථාපිත විය.

පසු කාලයකදී ස්පිට්ල් වැද්දන් හමුවූ විට ඔවුන් සිංහලයන් හා මිශ්‍රවී සිටියහ. ඔවුන්ගේ කොණ්ඩා කැපී තිබිණ, අමුඩකෙටි වෙනුවට සරොම් ඇඳගෙන සිටියහ. ඔවුන් හේන් ගොවිතැන, කුඹුරුවල හෝ රජයේ වියපෘති වල රැකියා කරන්නෝ වුහ. ප්‍රාග් අයිතිහාසික යුගයේ සිට වසර දහස් ගණනක් තිස්සේ පැවත ආ ජිවන ක්‍රියාවලිය අවුරුදු කිහිපයක කෙටි කාලයක දී අහෝසි වී ඇතිබව ස්පිට්ල් අවබෝධ කරගත්තේය.

ස්පිට්ල් ගේ මරණය ආරන්චිවිමෙන් පසු සිය කුඩා පොරව උරහිසේ දරාගෙන මහ වනයේ සිට කොළඹ බලා ගමන්ගත් පොරමොලා නම් මහලු වැද්දා සිය කම්මුල් දිගේ බේරෙන කඳුළු වැල් ඇතිව "විචර්ලි" මන්දිරයට ඇතුළු විය.

Merged review:

Profile Image for Asanka.
31 reviews18 followers
October 28, 2016
A story of a true Sri Lankan. Christine has done a great job to explain her fathers amazing life story. I knew about R. L. Spittel but didn't know that he has walked an extra mile to help his fellow Sri Lankans (Ceylonese people).

While reading about the days before our independence and the time after the independence, I got a feeling like we have moved backwards as a society. It's not that I'm against our independence. But I think we have failed to move forward in development as a free nation.
Displaying 1 - 3 of 3 reviews