Jump to ratings and reviews
Rate this book

කඳුලු මිටියාවතින් නෙලූ කවි

Rate this book

62 pages

First published January 1, 1992

5 people are currently reading
47 people want to read

About the author

Darshana Medis

1 book1 follower

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (66%)
4 stars
2 (22%)
3 stars
1 (11%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
December 24, 2019
උක්ත කාව්‍ය සංග්‍රහය කියවීමි. පළමු වරට 1992 වසරේ ප්‍රකාශ වී ඇති මේ සංග්‍රහය දෙවෙනි වර මුද්‍රණය ලබනුයේ 2018 වසරේදී ය. නිර්ධන පංති විප්ලවය, වාමවාදී දේශපාලනය, විමුක්ති අරගලය ආදී මෑ මූලික් වශයෙන් තම කවි වලට මූලයන් කොට ඇති මේ සංග්‍රහයේ කවි 32 කි. වරෙක ප්‍රචාරාත්මක ලක්ෂණ පෙන්වුව ද, බොහෝ කාව්‍යයෝ සාර්තක නිර්මාණ ය. බොහෝ කාව්‍ය 1992 වසර හා සාපේක්ෂව ප්‍රගතිශීලී කවි පංතියෝය. එතෙක් මෙතෙක් මේ කාව්‍ය සංග්‍රහය බොහෝ විචාරකයින්ගේ සහ සම දේශපාලන මත දරන්නගේ මහත් විමසිල්ලටත්, පැසසුමටත් පත්‍ර වී ඇත. මේ මුද්‍රණයේ කවි පංති 31 අවසානයේ, "විචාරක සහ රසික ප්‍රතිචාර" වෙනුවට පිටු දහයක් වෙන්ව ඇත.

"...කෙතෙරම් පරිහාණි හෝ ජරාජීර්ණ බවක් පෙනුණත් ලෝකය ප්‍රගති ගමනක යෙදී සිටින බව විශ්වාස කරන කවියෙකි...

...බොහෝ රචනා සාම්ප්‍රදායික දෘෂ්ටිවාදවලට එරෙහිව ගසන කැරළි බඳුය"

( ලියනගේ අමරකිර්ති , 1994)

මීට අමතරව සරත් විජේසූරිය, රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආරියවංශ රණවීර, මංජුල වෙඩිවර්ධන, බුද්ධදාස ගලපත්ති, ජයන්ත අමරසිංහ යන අය, මේදිස් ගේ කව් ගැන ප්‍රශංසා මුඛයෙන් කියූ දෑ මෙහි සදහන් ය - ඒ පසුගිය අවුරුදු 27 පුරාවටම ය. මා යම් ගරු කරලිමක් කරනා එක් කියවන්නෙක් මේ පොත ගැන පැවසූ හෙයින් මෙය මිල දී ගෙන කියවීමට සිතුවෙමි. ඉතින් මෙහි එන කවි ගැන මගේ කියවීම මෙසේය;


කවියා තම දේශපාලන මතවාදය ගැන 100% ක්ම සැක නැතිව විශ්වාස කරන්නෙකි. නව මුද්‍රණයට පෙරවදනක් සපයන කවියා මෙසේ කියයි;

"සකල කලාවෙහි මතු නො ව සමස්ත මානව සංහතියෙ හි ද ඉරනම අදටත් රඳා පවතිනුයේ එකී දේශපාලන පක්ශයෙහි ( විප්ලවවාදී ලෝක පක්ශය හෙවත් හතරවෙනි ජාත්‍යන්තරය ) විප්ලවීය ඉදිරි දර්ශනය මත පමනක් ම බව යලිදු ප්‍රතිරාවය කිරිමට මට සිදු වී ඇත."


පළමු කවි පංතිය සමාරාධනා! නමි. එහි ඔහු සියළු ජනයාට තමන් සමඟ එක්වෙන මෙන් පවසන අතර,

"තරුන සොල්දාදුවෙනි, නවතින්න!

පරන පව් ඇලෙන් සෝදා එන්න

සැබෑ සතුරා හැඳිනගෙන ඉන්න

මගේ කවි ගබඩාවෙ

අලුත් අවි තිබේ ඔබ හට දෙන්න",

යැයි පවසයි. මෙම කවි පංතියෙන්ම පාඨක බලාපොරොත්තු කවියාගේ උවමනා දිශාවනට යොමු කිරීම ට හේ සමත් වේ.


කවියා ගම ගැන කාන්සාවන් පිළිබඳ තම මතය මෙසේ ප්‍රකාශ කරයි

"නිදුකින් දිගු කල් රැඳුන ද

හද ලද සතුටක් නැතියෙන

ඉසුරින් පිරි නුවරක් හැර

උපන් දනව්වට ආයෙමි..


...

අපමන යසිසු'රු සොයමින

උපන් පියැසි සුන්බුන් කොට

එබඳු විසල් පුරවර වෙත

නෑ මිතුරන් ඉගිලී ඇත!"

( සංක්‍රමනය )


කවියා කිහිප පොළක හණ මිටි අදහස් වලින් සීමාවට පත් වීම ට එරෙහිව තම පද්‍ය යොදා ගනී. "නෑගම් යද්දි" එවන් ස්ථානයකි;

"ලඳුනි මගේ මව් පියෙසට

නුඹ කැන්දාගෙන යන්නෙමි

සොඳින් සිතට ගත යුත්තක්

මෙලෙස මතක් කොට දෙන්නෙමි


නුඹ පිලිගන්නට සැරසෙන

පරම්පරාගත නිවෙසකි

නුඹ වෙනුවෙන් තෑගි ලැබෙන

ඉතා බරැති පෙට්ටගමකි...


...

දූලි වැකුනු එම පොතපත

පෙරලා නොම බැලිය යුතු ය

නුඹෙ මාහැඟි සිතුවිලි පොත

එහි තැන්පත් නො කල යුතු ය!"

"පුත්‍ර ස්නේහය" මෙහි ඉතා මනාව පබැඳුණු, එලෙසම සම්මතය අභියෝගයට ලක් කරනා කවියකි.


"මල් හිනා පිරුනු මුහුනිනි

ගජ ඉලන්දාරි ගමනිනි

ලොකු පුතා ගෙදර එන සැටි

සිත සිතා ඔබ දෙපල ඇති"


එනමුදු පුතු දෙමව්පියන්ගේ සාම්ප්‍රදායික අයුරින් ලේලියක් ගෙන ඒමේ බලාපොරොත්තු අභියෝගයට ලක් කරන්නේ තම තේරීම ගැන බලගතු විශ්වාසයෙනි.


"කල් පමා වුව ද දෙගුරුනි

ඔබෙ දෙපා නමැද පවසමි

කියකියා ඉන්ට බැරි වුනි

හදිසියේ කරුනු සිදු වුනි


...


මට වඩා බිඳක් වයසැති

අඩු කුලේ කියා පවසති

බඳ වටා කසී සලු නැති

සෙනසුරා හතේ වෙන්නැති


වත සිනා එහෙත් අඩු නැති

හිත පුරා මෙලෙක ගති ඇති

ලේලියක කැටුව පැමිනෙමි

කට පුරා දුවේ කිව්වැකි!



වනාතවිල්ලුවේ අසිරි, සම්මුඛ පරීක්ශනයක්, අරුමය, දරු පල නැති ඇගේ කවිය, විවාහප්‍රාප්ත යුවලකගේ පසුවදන, සහෝදරියකගේ වියෝව මෙහි එන අන් මා රසවිඳි කවි පංති කිහිපයකි.


මෙහි එන "උතුරින් දකුනට" කවි පංතිය විශේෂ වන්නේ එය "සබඳ අපි කඳු නො වෙමු" නමින් ගුණදාස කපුගේ ගීතයට නැගීය. එහෙත් එහි සුවිශේෂත්වය වනුයේ මේදිස් කපුගේ වෙත කෙරෙන මෙම චෝදනාව මතය

* මේ කවිය ඇසුරින් සකස් කෙරී, ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නො වීම ගැන මම කම්පා වෙමි - ද. මේ.


කිම ද මේ කව් පංතිය ට මෙම උප මාතෘකාව යොදා ඇත;

"පීඩිත ජාතියෙ පීඩිතයන්ගෙන්

පීඩක ජාතියෙ පීඩිතයන් වෙත"


මේ කවි පොත මා මිලදී ගත්තේ ඊයේ ය. උඩින් පල්ලෙන් බැලීමට රෑ දහයට පමන අතට ගත් මුදු, රෑ දොළහ පමණ වන විට මුළු පොත ම කියවා හමාර කොට ය පොත පසෙක තැබුවේ. ඒ මේදිස් තම දේශපාලන මතවාදය සහ ප්‍රගතශීලීත්වය පිළිබඳ විශ්වාසයෙන් යුතුව මෙහි කවි පබැඳ ඇති හෙයිනි. මෙය මුලින් ලියවුනේ 1992 දීය යන්න සලකද්දීය මෙම සංග්‍රහයේ සුවිශේෂි බව වැටහෙන්නේ. මෙහි දුර්වල කවි නැතුව නොවේ. නිදසුනක් ලෙස "නාඳුනන මිතුරාට" යන කව වචනාර්තයෙන් ගතහොත් තරමක් කෘතීම ය. එලෙසෙ ම පෙර කී "සමාරධනා!" කාව්‍ය ප්‍රචාරකවාදී ය.


එහෙත් සමස්තයක් ලෙස මීට වසර 27 ට පමණ පෙර, අප රට කැරැල්ලක් අවසන් වූ යුගයෙක, මෙවන් කාව්‍ය සංග්‍රහයක් මගින් පරාජයේ අළු පිස ලා අලුත් ගමනක් යෑමට යම් බලාපොරොත්තුවක් දුන් බව සිතා ගත හැක. මේ සංග්‍රහය අද වන විට, එදාට සාපේක්ෂව කල් පිනූ බවක් සිතිය හැකි මුත් එය සමස්ත වශයෙන් සත්‍ය නොවන්නේ මෙහි එන ප්‍රගතිශීලිත්වයේ බලාපොරොත්තු අද ට ද අදාළ බැවිනි. හැකිනම් සොයාගෙන කියවන්න නිර්දේශ කරමි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.