Jump to ratings and reviews
Rate this book

සාපේක්ෂනී 2

Rate this book

First published January 1, 1992

1 person is currently reading
11 people want to read

About the author

(English: Simon Navagattegama)

1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. වන්නිකරයේ බස් වහර නිර්මාණශීලී ලෙසින් තම ලේඛනයට යොදා ගත් නවගත්තේගමයන් ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘ඔහුගේ කතාව‘ 1961 දී පළ කරනු ලබන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස උගන්නා අවධියේදී ය. බටහිර සාහිත්‍යයේ ප්‍රචලිත ව තිබූ අධි යථාර්ථවාදී රීතිය සිංහල පාඨකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ නවගත්තේගමයන් ය. ඔහුගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නම් කෙටිකතා සංග්‍රහය බොහෝ විචාරකයන් හැඳින්වූයේ පශ්චාත් නූතනවාදී සංකල්පයේ මූලික ම අවස්ථාවක් ලෙසයි. සමකාලීන සමාජ සිදුවීම් පාදක කොට ගනිමින් 1992 දී නිර්මාණය කළ ‘භාවනාව‘ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර 1999 දී රචිත ‘සංසාරණ්‍ය අසබඩ’ නවකතාවට ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ’සුබ සහ යස’, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍ය අසබඩ, සාපේක්‍ෂණී, ක්‍ෂීර සාගරය කැලඹිණ, සුද්දිලාගේ කතාව, සාරදාගේ මංගල්‍යය, අර්ජුන කුමාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා, සාහිත්‍ය සමාජ වාදය හා කලා විචාරය ඔහු විසින් රචිත කෘති අතර වේ. 1980 දශකයේ අවසන් භාගයේ මෙරට ඇතිවූ දේශපාලන කැලැඹීම් හා අවිනිශ්චිතභාවයන් සිය නිර්මාණ කෙරෙහි අපූර්ව ලෙසින් යොදා ගත් නවගත්තේගමයන් 2005 ඔක්තෝබර් 11 වැනිදා දැයෙන් සමුගත්තේ ය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (66%)
4 stars
3 (33%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.