Jump to ratings and reviews
Rate this book

අලුත් නගරාධිපති

Rate this book

144 pages, Paperback

Published August 1, 2020

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (12%)
4 stars
5 (62%)
3 stars
1 (12%)
2 stars
1 (12%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Nilu.
622 reviews51 followers
February 11, 2022

කෙටි කතා නවයකින් සමන්විත මෙම කතා එකතුවේ බහුතරයක් ශ්‍රී ලාංකික සන්දර්භය තුල ලියවුන ඒ‌වායි.

එම කතා කිහිපය රචනා කිරීමේදී කතුවර හිමි නම ඉතා අපූරු ලෙස උපමා රූපක භාවිතා කරමින් , වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ වාර්ගික, ආ‌ගමික , පරිපාලනමය සහ දේශපාලනික මුහුණත්වල සැබෑ ස්වරූපය උපහාසාත්මක සහ නිර්මාණශීලී ලෙස සංවාදයකට ලක් කර ඇ‌ත.

එංගලන්තය කේන්ද්‍රීය කො‌ට ලියැවුන 'වහල් දූපත' කෙටි කතාවේදී 'යටත් විජිතවාදය' නිම වූවද තවමත් ශේෂව ඇ‌ති එහි පශ්චාත් ඵලයන් සහ එම ඵලයන් සහමුලින් උපුටා දැමීමට ඉඩ නො‌දෙන වර්තමාන සමාජ වටපිටාව සහ පුද්ගලයන් සංවාදයට බඳුන් කරයි.

ශුන්‍ය සහ ඒ‌රියා 51 යන කෙටි කතා දෙක දර්ශණය සහ විද්‍යා ප්‍රබන්ධ ශානර වල අපූරු සංයෝ‌ගයක් ලෙස නම් කල හැක.

මෙම කෙටි කතා එකතුව 2020 වසරේ හො‌ඳම කෙටි කතා සංග්‍රහය සඳහා පිදෙන රජත පුස්තක සම්මාණයට පාත්‍ර විය. එසේ පිදුම් ලැබීම සර්ව සාධාරණ යයි මෙම කෘතිය කියවන ඔනෑම අයෙකුට පසක් වනවා නො‌අනුමානය.
Profile Image for Dilly.
245 reviews17 followers
February 9, 2023
සම්මානිත නවකතා හා කෙටිකතා රාශියක් ලේඛක භික්ෂූන් වහන්සේ විසින් රචනා කර ඇත. එහෙත් යම්කිසි හේතුවක් මට මට ඒ එක් කෘතියක් වත් කියවීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් මගේ පොත් කියවන මිතුරෙක් ගේ ඉහළ රෙකමදාරුව මත එම ලේඛක භික්ෂූන් වහන්සේ විසින් රචනා කළ පොතක් කියවීමි.

අලුත් නගරාධිපති 2020 වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානය දිනා ගත්තේය.

මෙහි එන කෙටිකතා ලාංකික සමාජය හා එක්සත් රාජධානියේ වෙසෙන ලාංකිකයන් ගේ සමාජය පදනම් කරගෙන ලියවී ඇත. ඒ කෙටිකතා ප්‍රස්තුත සමහරක්, අතීතයේ සිට නැවත නැවත කෙටිකතා වලට පාදක වූ ඒවාය. එහෙත් මෙහි ඒ කෙටිකතා වලට වෙනස් දෘෂ්ටිකෝණයන් භාවිතය, උපමා රූපක භාවිතය යනාදී උපක්‍රම මගින් නැවුම්, වෙනස් මුහුණුවරක් ලබා දී ඇත.


මෙහි එන "කඳුකර කොමළි" එසේ රචනා කර ඇති කෙටිකතාවකි. එහෙත් එම කෙටිකතාව මෙහි ඉදිරිපත් කර ඇති ආකාරය නිසා මෙහි එන කෙටිකතා අතරින් මගේ ප්‍රියතම කෙටිකතාව ද එය වෙයි.

ශුන්‍ය හා ඒරියා 51 විද්‍යා ප්‍රබන්ධයක හැඩතල ඇතුව රචනා කිරීමට උත්සහ කළත් එය එතරම් සාර්ථක වී නැති බව මගේ අදහසයි.

ලේඛක භික්ෂූන් වහන්සේ විසින් රචනා කර ඇති අනෙක් නවකතා හා කෙටිකතා ද සොයාගෙන කියවීමට තරම් උත්තේජනයක් මේ පොතෙන් ලැබුණු බවද කිව යුතු යැයි සිතමි.
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.