Ramindu Thivanka252 reviews6 followersFollowFollowAugust 19, 2025ඇගේ තවත් එක් විශිෂ්ඨ නව කතාවකි. ග්‍රාමීය පවුලක්, සැමියා වෙන් ව ගිය දරුවන් පස් දෙනෙක් සමග ඉතිරිව දිවි ය රැක ගැනීමට වෙර දරණ දිරිය කතක්. දුප්පත්කම වෙලා ගෙන ජීවත් වෙන මේ දරුවන්ට සෑම වෙලාවකම ඇසෙන එකම එක මධුර මන්තරය නම් "හොඳට ඉගෙන ගෙන මේ වලෙන් ගොඩට යන්න", සිය අම්මා අනේක දුක් විඳගෙන දරන උත්සාහය සිය දරුවන් එතෙර කිරීම.ඇයට, ඇගේ දරුවන්ට අපහාස, උපහාස, තාඩන, පීඩන පමණක් උරුම කරන සමාජ යක, සිය ජීවිත මුහුණ දෙන ඒ සියලු දුක් ගැහැට අවිය ක් කර ගන්නා ඔවුන් ජීවිතය ජය ගන්න දරණ වෙහෙස. අම්මා උදේ, හවස කියන ඒ මධුර මන්තරය උඹලා හොඳට ඉගෙන ගනිල්ලා, මයේ පුතේ, ඔය එක එකා කියන ඒවා ගනං ගන්න එපා,