Jump to ratings and reviews
Rate this book

හින් දොස් මාලේ

Rate this book

495 pages, Paperback

Published February 1, 2021

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (20%)
4 stars
3 (60%)
3 stars
0 (0%)
2 stars
1 (20%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
March 18, 2024
සේපාලී මායාදුන්නේ ලේඛිකාවට නුවර කලාවියෙ යටගියාව ගැනත්, එහි චාරිත්‍ර වාරිත්‍ර ගැනත්, වන්නි පෙදෙස් වල මිනිසුන්ගේ ආදිතමයින් ගැනත් මනා වැටහීමක් ඇත. ඇය මේ පිළිබඳව නවකතා කිහිපයකම කතා කර ඇති අතර, මා ම කියවා ඇති දෙබෙදුම, අත්තාණි කණු යන නවකතා(1) වලට පදනම් මෙම පෙදෙස් වලින් ම ලබා ගෙන ඇති බවත් ඒ ඇසුරෙන් අප මෙතෙක් නොදැන සිටි අප ඉතිහාසය බැඳි විස්තර දැන ගැනීමට ලැබුණු බවත් සත්තය. එහෙත් නුවර කලාවියේ විනාශ වී ගිය ඔලගම් ආශ්‍රිත වැව්ගම්මාන වල වැසියන්, ඔවුන් ව දීර්ඝ කාලීනව ප්‍රාදේශීය නිලමේ වරුන් පමණක් නොව, මහරජ්ජුරුවන් පවා, තම ඕනෑ එපාකම් වලට පාවිච්චි කර ඉවත දැම්මේ, කරපිංචා කිනිති වලට වඩා වටිනාකමක් නොලැබූවන් ලෙස බව පෙන්වා දෙමින් රචිත දීර්ඝ නවකතාවකි, හින් දොස් මාලේ. එහි මුල් දිග පිටු පන්සියයකට ආසන්නය. ඉන් දුනුකාර මුදියන්සේලාගේ පරම්පරාවක් සෙන්කඩගලින් නුවර කලාවියට ඒමට වූ හේතූන් ද, සැමදා බලය ඇත්තන්ගේ කාමාෂාවන් සන්ත්තෘප්ත ඇතුළු සියළු උවමනාවන් ලබා ගනු වස් මෙම අවශේෂ ජනයා ගේ ජීවිත පවා තඹ දොයිතුවකට මායිම් නොකන බව ද පෙන්වා දෙයි.



"'නාන තොටේදි උඹව කඩු ගාන්ඩෙය කියල කුමාරිහාමි මට අල්ලස් දුන්නා...'

'ඒ අහවල් කාරියකටදැ...?'

'අන්නර පල්ලෑ ගමේ පනික්කි කොලුවව විද මරන්ඩ උඹ මහ අදිකාරමට අත් උදව් දුන්නය කියල...'"
(25 පිටුව)

"'බද්ද රාල නුවර කලාවියෙ මයෙ වැයික්කියෙ නිලමක්කාරයෙක්, උන්නාන්සේ යටතේ උන්නු වැව්ගම්වල පුරුෂයො සිය ගාණකුත් ඔය එක්කම මරණයට පත්වුණා.'

'සටනකදී සෙබළුන් මරණයට පත්වීම සාමාන්‍ය දෙයක්, ඔවුන් මරණයට පත්වුණා කියා අප ඔවුන්ට වන්දි ගෙවිය යුතුයි කියාද මහා දිසාවෙ කියා හිටින්නෙ...'

'තරහ අවසර දේවයන් වහන්ස... හටනකදී සෙබළුන් මරණයට පත්විම සාමාන්‍ය දෙයක්මයි, ඔවුන් වෙනුවෙන් වන්දි ගෙවන්නේ නැහැ. ඔවුන් දාසයන් නෙවැ... මා පවසා සිටින්නේ අප දෙපක්ෂයේම දාසයන් මෙසේ මරණයට පත්වුණා. ඔවුන් මරා දැමුවාට බද්ද රාල වැනි නිලමක්කාරයකුට දඬුවම් පැමිණවීම නොකළ යුතු දෙයක්.'" (430 පිටුව)

ඉතින් මෙම පිට 500 පුරාවට අපට හමුවන්නේ උක්කුවා නම්, "කිරෙන් බාල වූ" බඩපිස්සෙකු තම වටපිටාව ගැන කියන කතාව ද, තුන්වෙනි පාර්ශ්වයක ආඛ්‍යායනයක් ද මුල් කරගෙන කියන කතාව ද, ඇසුරෙන් ගම්වැද්දන් ලෙස දාස ගනයේ සැලකුණු විශේෂයෙන් සියඹලාව නම් වූ වැව් ගම්මානයේ මිනිස්සුන්ගේ දුක් අඳෝනාවයි. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ වාසගම් පමණක් ම ඔවුනට ඉතුරු වූ තිබුන ද, දකුණු ඉන්දියාවෙන් පැමිණි තවත් නායකයෙක්ගේ ආඥ්ඥාවෙන් ඒවා භාවිතය ද තහනම් විය. ඔවුන්ගේ සියඹලාව ගම පුලියන්කුලම බවට පත්විය. පුල්ලෙයාරේ ට තිබූ තැන තරමක් අයියනාරේ ලැබුණි. ගමේ තරුණ තරුණියෝ නිධන් ලබා ගනු වස් බිළි විනි. ඔවුන ට ලැබුනේ, පරංගි රෝගය පමණි. ඔවුන්ගේ ගම ට ආරක්ෂාව සපයනවා යැයි කියන බද්දෙ රාල වචනයකින් හෝ ඔවුන්ගේ සහයකට ආව අවස්ථාවක් නොමැත.

දුෂ්කර වන්නි ජීවිතයේ අහේනිය එහි වැසියන්ගේ ශරීර සෞඛ්‍යට කල බලපෑම් ගැන සේපාලි කතාකල පළමු අවස්ථාව මෙහි නොවේ. පෙර සඳහන් කල දෙබෙදුම නවකතාවේද ඇය මේ ගැන ඉඟිකලේ එහි එන වර්තමානයට ආසන්න යුගයේ දරුවන් තම දෙමාපිය මී මුත්තන් ට වඩා පෘෂ්ඨිමත්ව වැඩී ඇති බව පවසමනි. මෙහි එන බද්දෙ රාළ උන්නැහේ නිසා සියඹලාව හෙවත් පුලියන්කුලමත් ඊට ආසන්න අන් වැව් ගම්මාන වල ඉතුරු වූ වැසියනුත්, ඒ අවට මුස්ලිම් ගමේ වැසියනුත් ගම් පෙදෙස් අතැර, වවුනියාව, ත්‍රීකුණාමලය, සහ කාත්න්කුඩිය ආදි පෙදෙස් වලට පදිංචියට යති.

නවකතාව අවසන් වන්නේ 'යාල්පාන වාරිත්තම්' නම් වූ කෙටි පටුනෙනි. එහි තමන් ගංවැද්දන් ලෙස ලැබූ අපහාස හා කොන්වීම ගැන අමතක කොට අමිශ්‍ර සිංහලයක් ගැන කතා කරන බවත්, නල්ලූර් රජු හා එම පෙදෙස් වලින් පැවතෙන්නෝ තමන්ගේ සිංහල හා දෙමළ වැසියන් හා බැඳි මූලයන් ගැන කතා නොකිරීම ගැනත්, කාතන්කුඩි වැසියන් වන්නියේ සිංහළුන් හා දෙමළුන් හා සහෝදරත්වයෙන් විසූ පිරිසක් වෙනුවුට අරාබී මූලයන් ආරෝපනයක් ද ඇහිඳගෙන ඇති හෙයින්, නුවර වන්නියේ ඇත්ත ඉතිහාසය මැකී ගොස් ඇති බවක් පෙන්වා දෙයි.


"වන්නි හත්පත්තුවේ මුල් පදිංචිකරුවන් තමුන් කන්ද උඩරටින් පලා ආ ගම්වැද්දන් ලෙසින් කොන් කිරීමකට ලක් වූ ජනතාවක් බව පුරා කතාවෙන් මකා දමා තමුන් කන්ද උඩරට සිංහලයන් යයි කියා සිටියහ. දමිළ, සිංහල සහ මරක්කල සම්මිශ්‍රණයක් වුව ද ඔවුන්ගේ ජාතිය සිංහල යයි ද මහත් අහංකාරකින් කියා තිබුණි.

කාතන්කුඩි පදිංචි මරක්කල ජනතාව ද තමුන් අරාබි දේශයේ සිට ජම්බුද්දීපයට සපැමිණ එතැනින් මෙරටට ගොඩබට අමිශ්‍ර මුස්ලිම් ජනතාවක් යයි පවසා සිටියෝය.

වවුනියා සහ වන්නි හත්පත්තුව ඇතුළත් දේශයේ බෙදීම සිංහල, දමිළ හෝ මරක්කල ලෙස නොව නිලමක්කාරයින් සහ දුක් විඳි ජනතාව ලෙස වග ඉතිහාස පිටුවල සඳහන් නොවූ හෙයින් ම තමුන් ජම්බුද්දීපයට හෝ සම්බන්ධ නොවූ අමිශ්‍ර දමිළ ජනතාවක් යයි ද කියා සිටියහ." (494 පිටුව)

කාලය ඇත්තෙකු අත මෙම නවකතාව වඩා සාවදාවනව කියවීමක ට ලක් ව, මෙම ප්‍රදේශයේ ඉතිහාසයේ උපමාතෘකා ගැන හැදෑරීමට අවකාශ ඇති බවකි අප ගේ අදහස. ලේඛිකාව ඊට අවශ්‍ය පදනම හොඳින් සපයා ඇත (අවාසනාවකට පෙර කලෙක කලා මෙන්ම, එක් කෘතියක් කියවා, ඉන් කුකුස ඇවිස්සුණු විට එය තව පොත් කියවීමට ඇති දොළක් ලෙස ජනිත වීම, පෞද්ගලිකව සිතා මතා ම මොට කර ජීවත වන හෙයින්, මෙහි එන අපූරු උපමාතෘකා වල කුකුස මෙම පිටු 500න් ම අහවර වනු ඇත).

ඉවසිලිවන්තව, සෙමින්, කියවන්නියට මහත් ආස්වාදයකු, ඉතිහාස දැනුමකුත් ගෙන ඒමට විභවයක් ඇති නවකතාවකි, මෙය.

ශ්‍රේණිය: ****
නිර්දේශ - 2021 වසරේ හොඳම නවකතාව - අවසන් වටය ( රාජ්‍ය සාහිත්‍ය; විද්‍යෝදය; ස්වර්ණපුස්තක) - අවසන් පූර්ව වටය ( ගොඩගේ)
ප්‍රකාශනය - Muses Books
(1)
දෙබෙදුම: https://me-and-err.blogspot.com/2023/...
අත්තාණි කණු: https://me-and-err.blogspot.com/2019/...



Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
January 27, 2026
උඩරට රාජ පාලන සමයේ, දුනුකාර පරම්පරාව ක් යුධ ගැටුම් වලින් හෙම්බත්ව පහතරට දුෂ්කර පළාතකට සංක්‍රමණය වන අතර ඔවුන් ගේ ග්‍රාමීය පාලනය බද්ද රාල අතින් සිදුවෙයි. යටත් වැසියන් වන ඔවුන්ට කොහේ සිටියත් සිදු වන්නේ කාට හෝ නිලමක්කාරයෙකුගේ අණට යටත්ව පීඩීත ජීවිතය කට උරුමකම් කීමටය. ඔවුන්ගේ ජීවිත තඹයකට මායම් නොකරන පාලනය, සිය වැසියන්ට අමානුෂික ව සලකන අයුරුත් ඔවුන්ගේ ආත්මාර්ථය උදෙසා ගනු ලබන තීරණ වලට වන්දි ගෙවන්නේ මේ ග්‍රාමීය ජනතාව ය.
තමන්ගේ මහන්සිය, දක්ෂ තාවයට කිසිදු ඇගයීමක්, සැලකීමක් නොලබන ඔවුන් ගේ ඉරණම.
රචකයා ආවේණික භාෂාකරණය තවත් සිත් ගන්නා එකකි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.