Jump to ratings and reviews
Rate this book

දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්

Rate this book
Author's second Short Story collection

75 pages, Paperback

Published January 1, 2019

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (25%)
3 stars
3 (75%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
October 15, 2020
ලේඛකයා 2019 ලියා ප්‍රකාශ කල, ඔහු ගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. ඔහුගේ ප්‍රියතම විෂයක් යැයි සිතිය හැකි මනෝ විද්‍යාව, සහ පුද්ගල මනෝභාවයන් පාදමක් ලෙස ගෙන බිහි වූ කෙටි කතා හතකින් පෝෂිතය. අයෙකු ට, මෙය "අප්පච්චි ඇවිත්" තරමට පෝෂණය නොවූ, කීට අවස්තාවේ නතර වූ රචනා හතකින් සපිරි බව සිතුනහොත්, පුදුමයට පත නොවෙමි. ඇත්තෙන් ම පියෙකුගේ සංඥ්ඥාව, ‍රෝගියෙක් වෙත පියෙකුගේ ආගමනයක් ලෙස පැමිණීම මෙහි ද එක් කෙටි කතාවක හමුවන්නේ ( පිවිතුරු උරුමය), අප්පච්චි ඇවිත් මතකයට නැගීමෙනි. ස්ත්‍රී ලක්ෂණයන් දිහා පහත් අයුරින් බැලීමේ ස්වභාවය කතාවට මුල් වූ ප්‍රමුඛ කාරණාවකි - මෙහි වඩා පරිපූර්ණ නිර්මාණයකට සාධක ඇති බවට හැඟෙයි. එහෙත්, වික්‍රමාරච්චි ගේ රචනා පිළිබඳ ඇති සැකයක් නම්, තම නිර්මාණ පරිපූර්ණ බවට පරිවර්තනය වීමට, පරිණත වීමට ඉඩ දෙන්නේ දයි යන්නයි.

මෙම සංග්‍රහයේ මා වඩාත් රස විඳි කෙටිකතාව හඹායෑමයි. මෙහි එන සමහර කෙටි කතා වලට වඩා තරමක පරිපූර්ණ බවක් එහි දැක ගත හැකිය. ලුහුබඳිනා මරණය පිළිබඳ බිය ඒත්තු ගැන්වීමට කතුවරයා එහි දී සමත් වී ඇත.

ඔහුගේ ආඛ්‍යාන රටාව, විෂය ආදියට කැමති කියවන්නියකට මෙහි රස විඳිය හැකි නිර්මාණ හමු වෙනු නියතය. එනම් ගුප්ත බව, අපට නොපෙනෙන කෙනෙකුගේ මනෝභාවයන් හි ව්‍යාකූලතාවන් පමණක් නොව, ශිෂ්ඨබව යනු කුමක්දැයි ප්‍රශ්ණ කෙරෙනාකාරයේ නිර්මාණ ද මෙහි හමු වේ ( කෝම්බි ). එහෙත්, කෙටි කතාව යන කලා කෘතියේ පරිපූර්ණත්වය විඳින කියවන්නියකට, වික්‍රමාරච්චිගේ සරල භාෂා ව්‍යවහාරය, තරමක හදිසියක් ඉඟිකරනා ආඛ්‍යායන රටාව, "එකම ආම්පාන්න භාවිත කොට ටිකක් වෙනස් නිර්මාණ තැනීමේ" ආර පවා ගෝචර නොවීමට ඉඩ ඇත. මට පෞද්ගලිකව, කෙටිකතා කිහිපයක් ආකර්ශනීය වුවද, කතුවරයා ට මෙම නිර්මාණ මීට වඩා පරිණත, පරිපූර්ණතවයකට පෝෂණය වන තුරු ගොඩ නොනැගීමට තිබූනේයැයි සිතුණි. දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් හි ආකෘති හරඹයේ ආකර්ශනය හැරුණුකොට, විශාල කම්පනයක් ගෙන ආවේ නැත. කෙසේ වුව, ත්‍රාසජනක අත්දැකීමකින් පසුව,

"ඇයි මහත්තයා මොකද වුණේ? කාර් එක ගෙනිච්චා නේද?",

යන වදන් වලින්, වැඩි විස්තර නැතුව ( එක් අදියරක්) අවසන් කිරීමේ ආකර්ශනයක් ඇත.

මුව දඩයම කෙටිකතාවේ ආකර්ශනය වනුයේ, දඩයක්කාරයා ගේ පරාජිත මානසිකත්වය, තම ගොදුරේ ඔච්චම්කිරීමක් මගින් ඉඟි කිරීම යැයි සිතමි.

කතුවරයාගේ හදිසියේ පිළිඹිබු වන අවස්ථාවක් ලෙස සුපීන කෙටිකතාව දැක්විය හැකිය. එහි පාර්ශව දෙකේ දෙබස් විටෙක එක පෙළට තැබීමෙන්, එහි පරිපූර්ණත්වයට හානි සිදුවන්නේ යැයි සිතමි. නාන කාමරේ කෙටි කතාවේ ද, සාර්ථක නිර්මාණයක බීජ අවස්ථාවක් දකිය හැකි මුත්, එහි අවසන යම් හදිසියකින් වූවා සේ පාඨකයාට හැඟී යයි.

සමස්ත ලෙස මට හැඟෙනුයේ, කතුවරයා ඔහු කැමති ම විෂය හා බැඳි සමහර ව්‍යාකූලතා ලක්ෂණ, සහ ආකෘති ( model යන අදහසින් ) පිළිඹිබුවට තම ප්‍රබන්ධ නිර්මාණ භාවිතා කරන බවකි. ඇත්තෙන්ම, සමහර පාර්ශව මෙම විවේචනය ඔහුගේ සම්මානනීය "අප්පච්චි ඇවිත්" කෘතියට ද යොමු කලේ ය. විෂයක් වශයෙන් සිංහල සාහිත්‍යයට එහි යම් නව්‍යතාවක් ගෙන ඒම හේතුවෙන්, එහි යම් ධනාත්මක ප්‍රවණතාවක් එහි ඇති බව මම එතැනදි පිළිගතිමි. එහෙත් ඔහු තව දුරටත්, එම විෂය ම මූලික කොට නිර්මාණකරනයේ යෙදෙන්නේ නම්, තම නිර්මාණ වල කලාත්මකභාවය පිළිබඳ පාඨක අපේක්ෂාවන් වටහා ගත යුතුව තිබෙන බව සිතමි.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.