Jump to ratings and reviews
Rate this book

කන්ද උඩ ගින්දර

Rate this book

422 pages, Paperback

Published January 1, 2020

8 people are currently reading
105 people want to read

About the author

Jackson Anthony

2 books11 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
24 (51%)
4 stars
17 (36%)
3 stars
3 (6%)
2 stars
3 (6%)
1 star
0 (0%)
Displaying 1 - 13 of 13 reviews
Profile Image for Dilushani Jayalath.
1,035 reviews204 followers
August 26, 2020
It's quite unfortunate that I am writing this review in English. It is to help my fellow Goodreads friends to understand this novel better.

During the reign of King Weera Parakrama Narendrasinghe with the background of the infamous love affair of Daskon-Pramila, this novel highlights just the first two years of the young prince since he takes up the crown. The story gives any reader details on the life of royalty and in particular the tribulations the young king faced during this two years. With his bosom companion Daskon, this young king learns that as a monarch, one is not allowed any space for his own sentiments but have to work for the people that has placed their trust and loyalty on him. As any Sri Lankan, we do know the tragic ending Daskon and Pramila faced. We are often reminded of the story that is forever immortalized in many songs and stories of the two of them. The ultimate demise of the Sinhalese monarch starts with this era, a story that we are indoctrinated in school, a sad turn of events in Sri Lankan history. Despite the rumors swirling around, none of us ever would be privy to what eventually happened and thus we are left with nothing but our imagination, to ponder upon what did ultimately happen between the three, Daskon, Pramila and Kundasale Prince.

Sometimes written in the eloquent and elegant words of Kandyan royalty and sometimes in the coarse language of the common, we are quickly transported to a tumultuous era in Sinhalese history, a turning point which led to the ultimate end of a great monarch. We are provided with enough details for our imagination to run wild on the workings of that time. In terms of a historic accuracy, I cannot comment but we are indeed given a look at the past, a kingdom no longer standing but who's husk only remains.

Regardless of it, we are left with a story that would ensure heartache and sympathy for the lonely Queen of Senkadagala, Udumale Devi Queen Pramila.
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
July 11, 2020
ස්පොයිලර්ස් සහිතයි

ජැක්සන් ඇන්තනි මහතා විසින් රචිත මේ පොත මම කියවපු හොඳම පොත් අතර එකක්. ආසන්නයෙන් පරිපූර්ණ එකක්. ඒ අදහස පොත කියවද්දිත් කියවීමෙන් පසුවත් දැනුණ හැඟීම් ටිකත් එක්කත් සම්බන්ධයි. තව අවුරුදු කීපයකින් මේ පොත කියෙව්වොත් මට ඒක දැනෙන විධිය වෙනස් වෙන්න පුළුවන්.

සමහරුන්ට ඇන්තනි මහතා යොදාගෙන තියෙන භාෂාව නිසා පොත රස විඳින්න අපහසු වුණ බවක් කියවන්න ලැබුණා. මට හිතෙන්නෙ ඒකම අභියෝගයක්. පොත ලියවී තියෙන්න‍ෙ අපි නිතර භාවිතා කරන මට්ටමට සුමට වුණ භාෂා විලාසයකින් නොවීම මත මටත් මුලදිම ඒ ප්‍රශ්නෙ ආවා. නමුත් ටික වෙලාවක් කියවගෙන යද්දි ඒ භාෂාවෙ හැඩ සහ වර්ණ තේරෙන්න ගන්නවා. ඒ වචනවල ශක්තිය, රූපමය බව දැනෙන්න ගන්නවා. ඉතින් භාෂා කඩයිම සමත් වීමෙන් පස්සෙ පොත ඉතාම රසවත් වෙනවා නියතයි.

මේ කතාව ජනප්‍රිය කතාවක්. මේක දස්කොන් ප්‍රමිලා පෙම් කතාව කියන එකට අහු වුණොත් මුලදි හිතෙන්නෙ එහෙම. එදා මෙදා තුර දස්කොන් ප්‍රමිලා පලහිලව්ව විවිධ විධිවලින් අපි අහපු කතාවක්. නමුත් කන්ද උඩ ගින්දර කතාව වෙනස් වෙන්නෙ ඒක මේ ප්‍රේමය ගැන කතා කරන්නෙ වෙනස් විදියකට නිසයි. සමහර විට කන්ද උඩ ගින්දර දෙවෙනි කොටසකට ඔබ කැමති වෙන්නත් පුළුවන්.

මට මේක කියවගෙන යද්දි කීප වතාවක්ම හිතුණෙ මේ ජවනිකා සිනමාරූපීව අති විශිෂ්ටයි කියලයි. දස්කොන් නමින් ඇන්තනි මහතාම ලියා අධ්‍යක්ෂණය කරල තියෙන ටෙලි නාට්‍යය මේ පොතමද කියන්න මම දන්නෙ නැහැ. එහෙම ටෙලියක් තියෙනව කියල දැනගත්තෙත් මේ සටහන ලියන්න අමතර කරුණු හොයද්දියි. ඒ නිසා පොත සහ ටෙලිය අතර සම්බන්ධයක් නැහැ කියන අදහසින් තමයි මගේ මේ සටහන ලියවෙන්නේ. ඒ කොහොම වුණත් පොත ලියවෙද්දි ඒකෙ රූපමය අවස්ථා මෙසේ විය යුතුයි කියන අදහස ඇන්තනි මහතාට තිබිල තියෙනව කියල නම් පැහැදිලියි. පරිසරය, ජවනිකා සහ චරිත හිතේ මැවෙන්නම ලියල තියෙන ලිවිල්ල ඒ අතින් උපරිමයි.

ඒ වගේම ජවනිකා ඡේදනය කිරීම ඉහළින්ම සහ සාර්ථකව වෙලා තියෙන වැඩක්. ජවනිකා වෙනස්වීම් රූපමය ඡේදනයන් විදියට හිතේ ඇඳෙන නියම එඩිටිං වැඩක් ඒක. පොත චිත්‍රපටියක් නම් එහි සංස්කරණය විශිෂ්ටම එකක් වෙනව නොඅනුමානයි. නරේන්ද්‍රසිංහ රජු මදේරා බ්‍රැන්ඩි බෝතලයක් අතට අරන් ඒ ගැන කරන කතාව ඡේදනය වෙන්නෙ ප්‍රමිලා දස්කොන්ට පලතුරු යුෂ වත්කරන තැනකට. ඉතාම නාටකීය විදියකින්. ඔය එකක් විතරයි. එහෙම රහ කැපිලි පොතේ හැමතැනම.

සමහර චරිත එක දෙබසකින්ම ගොඩ නැගෙනවා. ඔටුනු පළඳින්න සූදානම් නරේන්ද්‍රසිංහ රජුට චාරිත්‍ර ගැන කියා දෙන අවස්ථාවෙදි රම්මොළක මහාධිකාරමගෙ ගාම්භීරත්වය කියවන්නාට දැනෙන්නෙ රමෝද්ගමනය කරමින්. එහෙම අවස්ථා කීපයක්ම ඔබට දැනෙයි. ඒ විදියට චරිතවලට පලන්දන පෞරාණික උජාරුව නියමයි. එහෙම දෙබස් අස්සෙ හැදෙන ඇතැම් ජවනිකා ඇඟ කිලිපොලන තරම් ත්‍රාසජනකයි, ආස්වාදජනකයි. උදාහරණෙකට යාලේගොඩ අදිකාරම මරණයට පත් කරන අවස්ථාව ලොමුදැහැගැන්වෙන විදියට ලියවුණු සුපිරි අවස්ථාවක්. සිනමාවේදියො ලියපු පොත් හැම එකක්ම මේ තරම් සිනමාත්මකද කියන එක හොයන්න ඕන දෙයක්.

මට විසඳගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලෙදිත් දෙවෙනි රාජසිංහ රජතුමාට කිව්වෙ 'දෙවෙනි රාජසිංහ' කියලද? පොතේ මුලදිම මට ආපු ප්‍රශ්නයක් ඒක. කතාවෙ දෙබස් අස්සෙ 'අපේ දෙවෙනි රාජසිංහ රජතුමාණෝ' වගේ එකක් එන එක ටිකක් අවුල් වගේ. පළමු විමලධර්මසූරිය රජතුමා ජීවත් වෙලා අවුරුදු සීයකට විතර පස්සෙ එතුමාව හැඳින්නුවෙ 'පළවෙනි විමලධරිමසූරිය රජතුමා' කියලද? සමාන නම් තිබුණ රජවරුන්ට අංක දීල හඳුන්වන එක පසුව ඉතිහාසෙ හදාරද්දි පහසුවට කරපු වැඩක් නෙවෙයිද? මොකද රජ කෙනෙක් තමාව ‘රාජසිංහ දෙවැනි‘ හෝ ‘දෙවෙනි විමලධර්මසූරිය‘ විදියට හඳුන්වන එකට කැමති වෙයිද? මොකද රජවරු හුඟ දෙනෙක් අති පණ්ඩිත ආඩම්බරකාරයො කියල තේරෙන නිසා. කොහොම නමුත් ඒ හැඳින්විල්ලෙ මම නොදන්න යමක් ඇති. ඒ වගේ අවස්ථා පොතේ කීප තැනකම තියෙන නිසා වැරදීමක් වෙන්නත් බෑ. ඒ නිසා ඒක විසඳාගත යුතු ප්‍රශ්නයක්. දත්තෙක් පහදා දෙත්වා.

මේ පොත කියවන්න Jackson Anthony නමින් තියෙන ඔහුගේම යූටියුබ් චැනලයේ ඔහු කරන වීඩියෝ මාලාව රුකුලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටික බැලුවොත් තවත් හොඳින් පොත රස විඳින්න පුළුවන් වෙයි. ඒ නැතත් සාම්ප්‍රදායික විද්‍යුත් මාධ්‍යවලින් ඈත් වෙලා ඉන්න අපි වගේ අන්තර්ජාල යුගයේ මිනිස්සු වෙනුවෙන් ඔහු කරමින් ඉන්න ඒ වැඩේ මරු.

මේ පොත ඇන්තනි මහතාගේ දීර්ඝ සහ ගැඹුරු හැදෑරීම් සහ ඇසුරුකිරීම්වල ප්‍රතිඵලයක් බව පැහැදිලියි. හැබැයි මේක නවකතාවක්. ඓතිහාසික සිදුවීම් සහ චරිත ඇසුරින් යථාර්ථය හෝ සමාන්තර යථාර්ථයක් රචනය කිරීමක්. නමුත් මේ කියවීම් ඔස්සේ ඔබ ප්‍රහර්ෂයට පත්වේවි. ඒ එක්කම ඔබේ අක්මුල් හොයන්න පෙළඹීමකුත් මෙහෙම පොත් නිසා එන්න පුළුවන්. හැබැයි ඉතිහාසය කියන්නෙ ඇත්තම නෙවෙයි. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. නව කතාවක් කියන්නෙ ඊටත් වඩා ඇත්තෙන් බැහැර වෙන එකත්. ඒ නිසා කන්ද උඩ ගින්දර ඒ විදියට විඳලා තව තව හොයන්න පෙළඹෙන එක වඩාත් සුදුසුයි.
Profile Image for Vidura SBP.
17 reviews1 follower
December 6, 2020
It was a good read. The historical accuracy is great and the language pattern is remarkable.

There were some facts which I do not agree with. But they do not pose a significant issue to the story and a typical reader may not even notice them.

Would surely recommend the book to other readers.
Profile Image for Shamila.
96 reviews48 followers
December 28, 2020
Easily one of the best books I've had the pleasure of reading this year. Aptly named for a tale about a kingdom on fire owing to growing political turmoil, a king trapped between his duty to the long-standing tradition of rule and what his heart desires, and his most trusted friend and advisor who would eventually pay for the consequences. The historical accuracy of the events portrayed is up to debate, but given the author's credibility as an explorer/historian (in addition to being an award-winning performer and director) and certain reviews from his peers, the novelization generally receives positive feedback for the balance between facts and creative license.

The poetic and artistic use of language used throughout is a clear highlight, which is inherently imaginative and cinematically descriptive; a trait rarely seen in most literary works from recent times. The scene transitions are in a class of their own, infusing events occurring miles apart with simple yet powerful imagery and allegory, which are very much integrated with the cinematic use of language overall, making the flow of the plot flawless throughout. An editor would have a field day at a point when the story would potentially be adapted to a visual medium (I am yet to see the TV show of the same name, written and directed by the author himself, which apparently predates the publication of the novel and explores more of the actual events that it is based on).

The characters are rich and their development throughout the plot is thoughtfully constructed, each on their own journey within the cental context, though I personally felt like certain parts of Pramila's journey were left unexplored in comparison to those of her peers. The tale depicted here is a prequel/origin story to one of the most well-known unconventional love stories of the historical legend of Sri Lanka, which leaves the reader at a cliffhanger of sorts, or maybe the inception of a potential sequel. It is up to the audience to take it either way; a satisfying ending or a constant yearning for more. I for one, am definitely of the latter.
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
February 26, 2022
බොහෝ කලාවන් හී දක්ෂතා පෙන්වා ඇත්තෙකු ලෙස ජනප්‍රිය, ජැක්සන් ඇන්තනීගේ කර්තෘත්වයෙන් පළ වූ නිසා ම, පළ වූ 2019 වසරේ මහත් කතා බහටත්, බොහෝ අයගේ පැසසුමටත් ලක් වූ කෘතියකි. ( එම කාලයේම දස්කොන්-ප්‍රමිලා ප්‍රේමකතාව ටෙලිනාට්‍යයක් ලෙස පෙන්වා ඇතැයි කියවුන ද, එය අප ඇහැට දැක නැති හෙයින් එය හා මෙය සැසඳීමට අප නොදනී. ) අප මීට පෙර ජැක්සන්ගේ "පනාපුත්‍රගේ කතා වස්තුව" මහත් රස විඳ ඇති හෙයින්, නළුවකු ලෙස වඩා ප්‍රසිද්ධ වුවද, ජැක්සන් ලේඛන කෞශල්‍යයන් ගැන විශ්වාසයෙනි, මෙම පොත ගැන බලාපොරොත්තු තබා ගත්තේ. ඔහු පොත ට දෙන ප්‍රස්ථාවනාවේ, සෑහෙන ශ්‍රමයක් යොදා, ඉතිහාසය විකෘති නොකර, අප ට මගැරුණු අංශ වෙත ප්‍රබන්ධමය දිගැරුමක් ගෙන ඒමේ අදහසින් පොත ලියූ බව පවසයි. "චරිත එකිනෙක ගැටෙන විට ඇති වන අන්තර් සිතුවිලි සහ සංවේදන 'කන්ද උඩ ගින්දර' තුළ අන්වීක්ෂණය කරන්නට උත්සාහ කළෙමි", යැයි පවසයි. ‍මෙම කාරණාවට මූලිකත්වය දෙමින්, කුන්ඩසාලේ කුමාරයාගේ කුමාර කෙළි ලොල් අවධියේ හැසිරීම්, ඔහුගේ කුමාර අවදියේ සිත් ගත් පෙම්බරිය හා ගත කල මිහිරි අවස්ථා ආදිය තිබුන ද, පෙර සිරිත අනුව සෙංකඩගල රජුට රන්දෝළි බිරිඳක් තෝරා ගනීම ඇතුළු බොහෝ කාරණාවන් වලදී, තම අභිමතයනට අනුව පමණක් ක්‍රියා කිරීමේ නිදහසක් නැති අයුරු අප කතුවරයාගේ මූලික විෂය වී ඇති බව පැහැදිලිය. ඒ අනුව ම පෙර රජදරුවන් ඒකාධිපතියන් වීමේ අවකාශයනට සැලකිය යුතු සීමාවක් තිබූ බව පෙන්වීමත්, කතුවරයාගේ ප්‍රමුඛ අභිලාශ අතර වූ බව පැහැදිලිය. හබාඩ් ( ඔහු නොක්ස් හා සමවැසි ඉංග්‍රීසි සිරකරුවෙකි) ලන්දේසි වාර්තාවකට පවසා ඇත්තේ දහතුන් වියේදී ද "Prince full of fire" කියාය. එවිට දහහත් වැනි වියේදී, මෙම පොතේ ආරම්භයේ කියවෙන ප්‍රේමාලිංගනයේ විස්තරය අතිශයෝක්තියක් ලෙස ගත නොහැකි යැයි සිතේ. වැලන්ටින් (Valentyn) ද පවසා ඇත්තේ රජු සතුව "නොදැමුණු චරිත ස්වභාවයක් සහිත භයානක කෲර පාලකයෙක් කියාය ( had a wild disposition and was a dangerous man and a tyrant" )1 .එනුමුදු වැලන්ටින් පවසනා පරිදි භයානක චරිත ලක්ෂණයක් නම් ඇන්තනිගේ නරේන්ද්‍රසිංහ චරිතයේ නැත. අපට හමුවන නරේන්ද්‍රසිංහ චරිතය තමන් ව ඝාතයනයට තැත්කල වූවන් ට ද මරණ දඬුවම පනවන්නේ, රාජ්‍ය නීතියෙන් ඔහුට එය බල කෙරෙන නිසාය. නරේන්ද්‍රසිංහ රජු ට අභිෂේකයෙන් අනතුරුව, මෙම කෘතියේ අවධානය සීමා වූ කාල පරාසයේ තම අභිමතයන් අනුව ක්‍රියා කරලීමේ අවස්ථාවන් ඉතා විරළ බවකි, කතුවරයා පෙන්වා දෙන්නේ. ඔහු තෝරාගත් මුඛ්‍ය කාරණාවන් පෙන්වාදීමේදී, නවකතාවේ කාලපරාසය, නරේන්ද්‍ර්‍රසිංහ රජුගේ රාජ්‍යත්ව කාලයෙන් 1/4ක ට පමණ සීමා කරයි. එනමුදු අප සතු ඉතිහාස කෘති වල පවසන්නේ නරේන්ද්‍රසිංහ රජු තරමක් තම රාජකාරිය පැහැර හැරි රජතුමෙකු ලෙසය. සෙල්ලම් නිරිඳු ලෙස නම් කෙරුණු රජු, මේ නමට ඔබින ලෙස තම මුළු රාජ්‍ය කාලයෙම හැසිරුණාදැයි කීමට තරම් කරුණු කාරණා අප දන්නේ නැත. මෙම නවකතාවේදී, කතුවරයා, ඉතිහාසය පදනම් වූ චිත්‍රපටියකට, නැතිනම්, ටෙලිනාට්‍යයකට උචිත ආකාරයේ හැඟීම්වලට මුල් තැනදෙන අයුරෙන්, අලංකාරෝක්තියෙන් සපිරුණුව, අනේක කවියෙන් සුපෝෂිතව, මෙම නවකතාව ගොතා ඇත. වර්ණනා අධික මාත්‍රාවලින් ඇත. මෙම ලක්ෂණ සමහර පාඨකයන්ගේ අභිරුචිය නොවන්නට ද පුළුවන. එහෙත් සමස්තයක් ලෙස දොසක් කීමට තරම් රචනාවක් ද නොවේ.


මෙහි එන සුවිශේෂී සිද්ධියක් ලෙස මා දුටුවේ, රාජ්‍යත්වයට නරේන්ද්‍රසිංහ රජුගේ නම යෝජනා කෙරෙන අවස්ථාවයි. ඒ මහ නිලමක්කාර වරුන්ගේ රැස්වීමේ විස්තර විචිත්‍රවත් ලෙස ජැක්සන් මවා ඇත්තේ, එම කාලයට ගැලපෙන වාංමාලාවලකින් සුපෝෂිතව, පාඨක විශ්වාසය රැකගන්නා ගමන් ය. පට්ටියෙ බණ්ඩාර ගෙන් මෙවන් අභියෝගයක් ආ බවක් මා අසා තිබූනේ නැත. එවිට අප හැරෙන්නේ ඉතිහාස පොත් වෙතටය. මේ උක්ත කාලය ගැන ලියැවුණු මා සතු පොත් දෙකක් වනුයේ, නැසී ගිය ලෝනා දේවරාජා මැතිණියගේ "The Kandyan Kingdom of Sri Lanka - 1707-1782" සහ මන්දාරම්නුවර චන්දානන්ද හිමියන් විසින් සංස්කරණය කල "මන්දාරම්පුර පුවත" ය. මෙම අවස්ථාව එම පොත් දෙකේ සඳහන් නොවේ - එය ඓතිහාසික ලේඛනයකින් සොයාගත්තක්දැයි නොදනිමි.

දස්කොන් හෙවත් ගැස්කන්ට්, මෙම නවකතාවේ සැලකිය යුතු තරමේ චරිතයකි. මහ රජුගේ හොඳම මිතුරා වන ඔහු ට දෙවෙනි අධිකාරම් තැන ලැබෙන්නේ, මහරජුගේ දිවිආරක්ෂාවට කෙතෙරම් සේවයක් කල ද ඔහුගේ සිතැඟි පිළිබද යම් අදහසක් රජුට තිබීම නිසා ම, ලෙව්කේ නොදීම නිසාය. මෙයත්, රදළයන් අතර වූ බෙදීම හා තරඟයත්, රජුගේ, ඔහුගේ නෑයන්ගේ, රැජිණන් ගේ සිත් වල ගිනි එක්කාසුව, කන්ද උඩ ගින්දරක් ලෙස ය අප කතුවරයා පෙන්වා දෙන්නේ. දස්කොන්-ප්‍රෙමිලා සබඳතාවක විභවයක් ඉතා පැහැදිලිව මෙහි දැක ගත හැකි වුවත්, එය මෙම නවකතාව අවදානය යොමු කරනා කාල පරාසයෙන් ඔබ්බේය. එනුමුදු, ඉතා පැහැදිලි ලෙස ඊට කරුණු කාරණා යෙදෙන විදිහ පෙන්වා දෙයි.

2019 ප්‍රකාශ වූ නවකතා දහසයක් (!!?) කියවීමට තෝරගතිමි. දැන් දැන් මගේ ඉලක්කය සපිරීමට ලඟාවන්නේ, මේ දහහතර වැන්න නිසාය. (මින් මෙපිටට මෙතරම් නවකතා ගණණක් කියවීමෙන් වැලකි සිටීමේ වැදගත්කම දිනෙන් දින තහවුරු වේ). මෙම නවකතාව ඒ කතා දහහතරේ මධ්‍ය ස්ථානයක ට පමණ පෙළ ගැස්වීමට තරම් සාර්ථක රචනයක් ලෙස දකිමි.

2019 ප්‍රකාශ වූ නවකතා කියවීම -14
ශ්‍රේණිය: ****



1 page 74; ( ch. 4 Narendrasimha and his nobles 1707-1739) The Kandyan Kingdom of Sri Lanka 1707-1782: Lorna Dewaraja




Profile Image for Amna  the_book_witch_of_hogwarts.
120 reviews26 followers
June 21, 2021
ලක්දිව අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ඔහු මිත්‍ර ප්‍රංශ ජාතික දස්කොන් (පේද්‍රෝ දි ගැස්කන්ට් ) , අග බිසව ප්‍රමිලා සහ යකඩ දෝලිය මොණරවිල කුමාරිහාමි යන සිව් චරිත මූලික කොටගෙන ඔවුන් වටා ගෙතුණු රසවත් වෘත්තාන්තයකි 'කන්ද උඩ ගින්දර'.

(පළමුව මාගේ භාෂා හැසිරවීමේ අඩුපාඩුවක් වී නම් එයට සමාව අයැද සිටිමි )මෙම ග්‍රන්ථය පළමුවර කියවන්නට ගත්කල දෙවන පිටුවෙන් අතහැර දැමුවේ භාෂාව වෙනස් යැයි දැණුන නිසාවෙන්ය. නමුත් නැවත මා හරි බරි ගැසී වාඩි වූයේ ඉතිහාසය උගනීමට, ඒ පිළිබඳව කියවීමට මා තුල ඇති බලවත් ආශාව සහ කන්ද උඩරට ඉතිහාසය පිළිබඳව මා දක්වන ඇල්මත් හේතුකොටගෙනය.පළමුවර කියවීමේදී මට ගැටළුවක් වූ භාෂාව පළමු පරිච්ඡේදය අවසානයේ තවදුරටත් ගැටළුවක් නොවීය. මා සිංහල නවකතා කිහිපයක් මීට පෙර කියවා ඇති අතර ඉතිහාසය අලලා ලියැවුණු නවකතා කිහිපයක්ද කියවා ඇත්තෙමි. ඒ අතරින් හදවතට දැනෙන අයුරින් භාෂාව හසුරුවා තිබූ එක් පොතක් ලෙස 'කන්ද උඩ ගින්දර' හැඳින්වුවහොත් මා නිවැරදිය.
ප්‍රේමය, වියෝව, ශෘංගාරය, රාජ තන්ත්‍ර යනාදී සියල්ල කැටිකොට ලියා ඇති මෙම ග්‍රන්ථය පාඨකයාගේ වින්දනය උපරිම තලයක තැබීමට සමත් වී ඇත.

මෙම කතාවෙහි මා සිත්ගත් පළමු අංගය වූයේ කතාව ගලා යන්නාක් මෙන් ලියා ඇති ආකාරයයි. එනම්, ස්ථාන දෙකක සිදුවන ජවනිකා දෙකක් එකට එක ගලප්පා පාඨකයාගේ රස වින්දනයට, එසේත් නැතිනම් පොතට සමවැදී සිටින අයගේ භාවනාවට කරදරයක් නොවන අයුරින් සුමටව ලියා ඇති අයුරු අපූරුය.

"....... එකෙනෙහි වලව්වට කිට්ටු සමීප වෘක්ෂයක සිටි මොනර කුරුල්ලෙකු මහ හඬින් කෑ ගෑවේය.

    සෙංකඩගල මාලිගාව ක්ෂණයෙන් කම්පිත විය. මොනර හඬක් බඳු තාර්කවකින් යුතු, මින් පෙර කිසිදු දිනෙක අසා නොතිබුණු අකාරයේ තීව්‍ර වියෝලා වාදනයක් මගුල් මඩුව දෙසින් වාදනය වූවේය."

ඒ මොණරවිල වලව් අඩවියේ මොනර කෑ ගැසීමත්, සෙංකඩගල රජ මාලිගාවේ වියෝලා වාදනයත් සම්බන්ද වූ අයුරුයි. මේ ආකරයෙන් නාට්‍යයක්, චිත්‍රපටියක් නරඹනවා යන හැඟීම මුලු පොත පුරාවටම දැණුනි.

දෙවනුව මා සිත් ගත්තේ කතාවේ එන චරිත වලට පණ පොවා ඇති අයුරුයි. වචනවලින් රූප මැවිය හැක්කේ ඉන්ද්‍රජාලිකයෙකුටම පමණි. කියවන විට සියලු චරිත ජීවමානව පාඨකයාගේ මනසට කතා කරන ලෙස ලියැවී තිබුණි. කවි පද වේවා, දෙබස් වේවා සියල්ල ලුණු ඇඹුල් අඩු නැතිව එක්කර ලියා ඇත.

මසිතට තදින්ම දැණුනු චරිතය වූයේ දස්කොන්ගේ චරිතයයි. කඩවසම් කවිකාර සිතැති ඔහුව එතැකින් නොනැවතී වීරයෙකු ගෙන් අධිකාරම් වරයෙකු වන තෙක්ම විස්තර කර තිබූ අයුරු විශිෂ්ඨය. ඔහු මෙරට වැසියෙක් වී නමුත් මෙරට වැසියන්ගේ දෑසින් ඔහු තමන්ව දුටු අයුරු කියවූ විට මා සිත පෑරී ගියේය.

"එහෙනං ඔබතුමා කීවෙ ඔබතුමාගේ රට මේ රටමයි කියා."

'ඔව් මම එහෙම තමයි හිතන්නේ. ඒත් මේ රට එහෙම හිතන්නේ නෑ. මේක මගේ උපන් රට, මගේ ජාත භූමිය. ජාත භූමියයි ජාන භූමියයි එකක් වුණු මිනිස්සුන්ට නං තමන්ගේ මාතෘ භූමිය හොයා ගන්න එක ලේසියි.' .............

'ආඬවනේ... මට තේරෙන්නෙ නෑ. ජාත භූමි, ජාන භූමි, මාතෘ භූමි. මාතෘ භූමි නං දන්නවා. අනිත් භූමි දෙක?'

'ජාත කියන්නෙ උපත. ජාත භූමි කියන්නේ උපන් බිම.  ජාන භූමි කියන්නෙ කෙනෙක්ගේ ලේ පරම්පරාව ජීවත් වන භූමිය. අපි දෙන්නගෙම ලේ පරම්පරාවල් ජීවත් වෙන්නෙ මේ  රටේ නෙවෙයි. හැබයි මේක මගේ ජාත භූමිය. මං ඉපදුනේ මෙහේ. තාත්තා ප්‍රන්ස. අම්මා පෘතුගීසි. ඉතිං මගේ මාතෘ භූමිය මේ රටයි කියා මට කියන්න පුළුවන්ද?' "
ප්‍රමිලා දේවිය පිලිබඳව සිතේ පහල වූයේ කණගාටුවක්. දස්කොන් ප්‍රමිලා පෙම් වෘත්තාන්තය අපිට අළුත් කතාවක් නොවේ, නමුත් මෙහි අපට හමු වන දස්කොන් සහ ප්‍රමිලා ගේ කතාව ප්‍රේමයෙන් එහා ගිය ගැඹුරු බැඳීමක්  ලෙස සටහන් කර තිබීම විශේෂ දෙයක්. මෙහි දෙවන කොටස කියවීමට කැමැත්තක් නැතුවාම නොවේ.

පොත කියවීමෙදී මට හැඟුණු තව දෙයක් වූයේ මෙහි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හට 'සෙල්ලං නිරිඳු' යන පටබැඳි නාමය අභිබවා ගෞරවයක් අත්කර දීමක් සිදුවූ බවයි. ඉතිහාසය උගනීමේදී සිංහලේ සිහසුන නායක්කර්වරුන්ට ලැබීමට හේතු වූ රජ යන්නෙන් හඳුනා ගන්නා නරේන්ද්‍රසිංහ රජු දෙස සානුකම්පිතව බැලීමට උත්සහයක් දරා ඇති අයුරු මට දැණුනි. තම පියාගේ හදිසි මරණය, රාජ්‍යත්වයේ භාරදූරත්වය, තමා පෙම් කල යුවතිය වෙනුවට තවත් යුවතියක අග බිසව ලෙස සරණ පාවා ගැනීමට සිදුවීම, තම සහෝදරයා තමා මැරීමට තැත් කිරීම සහ තමන් රජකමට සුදුස්සෙකි යන්න තම රටවැසියා හට ඔප්පු කිරීමට සිදුවීම යන සියල්ලටම රජ වී කෙටි කලකින් ම මුහුණ දීමට සිදුවීම ඔහු පිළිබඳව අනුකම්පා සිතක් පහල වීමට නිසැකයෙන් හේතු වනු ඇත.
 ඉතිහාස පොත්වල සියලු රජවරුන් ව හැඳින්වූයේ ඒකාධිපති පාලකයන් ලෙසයි. නමුත් රාජ්‍ය නීති, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් හමුවේ රජු ඇත්තටම ඒකාධිපතියෙකුද? පොතෙහි අන්තර්ගතය අනුව ඉතිහාසය පිළිබඳව සොයා බැලීම් රැසක් කර ඇති බව කිසිදු සැකයක් නොමැත. එසේ නම් ඇත්තෙන්ම එකල රජවරුන්ට තම සිතැඟි ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොතිබී ඇතිද?

මා ප්‍රිය කල තවත් අංගයක් වූයේ කථාවේ හමුවන සියලුම චරිත අවසානය තෙක් පැමිණ ගමන නිමා කිරීමයි. එනම්, බකිනි, පළිඟු, සරප්පු, සුරගුණයා යනාදී ලෙසින් එක් එක් චරිත අවසානයේ යා දිශාව පෙන්නුම් කොට දී ඉතිරිය පාඨකයාගේ සිතුවිලි වල මවා ගැන්මට ඉඩ තබා කතුවරයා 'කන්ද උඩ ගින්දර' හි නිමාව සටහන් කරන්නේය.

අවසානයේ පොත කියවා හමාර කල විට මගේ සිත රිදුම් දෙමින් තිබුණේය. නමුත් මසිත තෘප්තිමත්ය.

'කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත. සියල්ල සැම විටම සිදු වෙමින් පවතින්නේය. "

Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
March 18, 2021
කන්ද උඩරට රාජධානියේ දෙවන විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු රජ වන අතර, පසුව රාජධානියේ ඇතිවන ගැටලු, රාජ්‍යත්වයේ ඇති දුෂ්කර කම්, ඔහුගේ ධූර කාලයේ මුල් වසර කීපය තුල සිදුවන සංස්කෘතික වෙනස්‌කම්, පිලිබද රචකයා ඉතිහාසාත්මක ගවේෂණය ක යෙදෙන අතර අපි නොදන්නා පුරාණ ලාංකීය සමාජීය සංස්කෘතිය පිලිබදව ද අප දැනුවත් කරන අතර අවසානයේ ඔබට ඉතිරිවන එකම ගැටලුව නම් රජ කෙනෙකු ඇත්තටම ඒකාධිපතියකුද ?
Profile Image for Milush Randima.
4 reviews
August 31, 2020
කන්ද උඩ ගින්දර

ජැක්සන් ඇන්තනි මහතා රචනා කරපු මේ පොත 2020 අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වෙලා, අවසන් කෘති 12 දක්වාම ඉදිරියට ඇවිත් තියෙන්නේ ඒ තරමටම අනර්ඝ පොතක් නිසා.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ‍රජතුමාගේ ජීවිතය පාදක කරගෙන ඇති මේ කෘතිය රචනා කිරීමට පෙර කතුවරයා ඉතිහාස බොහොම පරිස්සමට ගවේශනය කරපු බවක් පේන්න තියෙනව. එක අතකට ජැක්සන් ඇන්තනි කියන්නේ කොහොමත් ඉතිහාස ගවේශ්කයෙක් නිසා අමුතුවෙන් කරන්න ගවේශනයකුත් තියෙන්න නැතුව ඇති. ඒ කියන්නේ ඔහු සතු මහා ඉතිහාස දැණුම ආශ්‍රයෙන් මේ ඓතිහාසික නවකතාව රචනා වුනා වෙන්න පුළුවන්.

මහනුවර යුගයේ සම්ප්‍රදායන් සහ බස් වහර යොදාගෙන රචනා කර ඇති මේ නව කතාව කියැවීම තුලින් මහනුවර යුගය ගැන දළ අවබෝධයක් ගන්න පුලුවන්. බස් වහර ගැන කියනවා නම් ඓතිහාසික බව රැකෙන විදියටත් පාඨකයාට ඒකාකාරී නොවන ආකාරයටත් යොදාගෙන තියෙනවා.

මා විසින් කියවා ඇති පොත් කිහිපය අතරේ ඉහලින් තැබිය හැකි අනර්ඝ කෘතියක්.

- ජැක්සන් ඇන්තනී
- කන්ද උඩ ගින්දර
- ගුනසේන සමාගම
- රු. 700.00
Profile Image for Avishka Laknath.
101 reviews2 followers
December 14, 2020
Looking back in our history, this book explores the lifestyles of our kings, queens, and conspiracy schemes. I enjoyed reading this book thoroughly.
Profile Image for Dulawin Pitipana.
2 reviews16 followers
April 1, 2022
හරිම පරිස්සමට, පර්යේෂණ එක්ක ගොඩක් ලස්සනට ලියපු පොතක්. සෙන්කඩගල ජීවත් වුනා වගේ..
Displaying 1 - 13 of 13 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.