Dilly255 reviews16 followersFollowFollowJanuary 4, 2021පොත් කියවීම නැත්තටම නැති වෙලා ගියපු කාලෙකට පස්සෙ කියවපු මුල්ම පොත තමයි මේ. විවිධ පොත් කිහිපයක් පටන් ගෙන කියවීම අතරමැද නවත්තල තියෙන වෙලාවක සුපුරුදු කියවීමේ රිද්මයට අනුගත වෙන්න දරපු උත්සාහයක් වුණා ඉසුරු චාමර සෝමවීර ගෙ කෙටිකතා එකතුව. මෙහි කෙටිකතා 7ක් අඩංගු වෙනවා. ඒවා සියල්ලටම ප්‍රස්තුත වෙලා තියෙන්නෙ සමාජයේ අඩු වැඩි වශයෙන් තියෙන සිදුවීම්. කතුවරයා ඒවා ගැන කතා කරන්න යොදාගන්නෙ සරල වැඩි ආටෝප නැති භාෂාවක්. ඒත් ඒ භාෂාවෙන් ඔහු ඒ එක් එක් සිදුවීම් ගැන ගැඹුරු ලෙස කතා කරනවා. මේ කෙටිකතා බොහොමයක චරිත සමාජයේ සම්මත වෙලා තියෙන රාමු වලට කොටු වීම නිසා පීඩාවෙන් ඉන්න අය. ඒ හැම චරිතයක්ම තමන්ගෙ සැබෑ ස්වරූපය එළි දැක්වුවොත් ඔවුන්ව සමාජයේ නින්දා අපහාස වලට ලක් වෙනවා. ඒ නිසා ඔවුන්ට සිදු වෙනවා ඒ සමාජ සම්මත රාමුවට වෙලා ඉන්න. ඒත් ඔවුන් ඒ ඉන්නෙ සතුටෙන් නෙවෙයි. ඒ ජීවිත වල අංශු මාත්‍රයක් ඉතා සාර්ථකව සාකච්ඡා කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. මං මේ කෙටිකතා කිහිපයෙන් කැමතිම කෙටිකතාව පෙරේරා මහත්මිය. අවසානය අනපේක්ෂිත නොවුනත් කතාව පුරාම තිබ්බ කුතුහලය සහ තිගැස්ම නැවුම් අත්දැකීමක් වුණා. ඒ කතාව පොතේ පටුනට ඇතුළත් වෙලා නැහැ. එය සංස්කරණ දෝෂයක් වෙන්න ඕනෙ. කතුවරයා ට සාහිත්‍ය ලෝකයේ දිගු ගමනක් යන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Pabodha Weerasinghe7 reviewsFollowFollowNovember 23, 2021ගැහැණු පිරිමී මල් පලතුරු අදඳුනගන්නේ ෆේස්බුක් එකේ තිබුණු රිවීව් එකකින්, වැඩ අස්සේ කියවන එක දිගටම කරගෙන යන්නත් ඕනේ හින්ද කෙටි කථා කියවන්න යොමු උනා. ඇත්තටම දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා කියවද්දී තිබුන රසයට සමාන රසයක් මේ පොතෙත් තිබුනා, වෙනස් විදිහේ මාතෘකා කිහිපයක් ආශ්‍රයෙන් කෙටි කථා ගොඩ නගල තියෙනවා. වෙනස් විදිහේ කියන්නේ අපි ඇත්තටම හිතන්නේ නැති ඒත් මානසික, සමාජීය විදිහට වර්තමානයේ ලොකු බලපෑමක් කරන මාතෘකා කිහිපයක් මත තමා ගොඩනැගිල තියෙන්නේ. ඇත්තටම රස විඳපු හොඳ කෙටිකථා සමුහයක්.