Jump to ratings and reviews
Rate this book

රිදී කාසි

Rate this book
සිය ප්‍රථම නවකතාව වන "දියට හඬන කැඳැත්තෝ" ලියා 1989 වසරේ ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනාගත් පියදාස රන්පත්විලයන්ගේ සිව්වැනි නවකතාව "රිදී කාසි" නම් වේ.

233 pages, Paperback

First published August 1, 2013

1 person want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
1 (100%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
July 2, 2020
රිදී කාසි - පියදාස රන්පත්විල

මේ පොත ගන්න හේතුව වෙන්න ඇත්තෙ පියදාස රන්පත්විල මහතාගෙ 'කොහොඹ යක්කු' කෙටිකතා පොත කියවා තිබීම වෙන්න ඕන. සමහර විට පිටුවක් දෙකක් කියවද්දි තේරුණ ඉතිහාසමය ගතියත් ඒකට හේතු වෙන්න ඇති.

රිදී කාසි නවකතාව මහනුවර රාජධානිය සමයේ මාතලේ සහ දඹුල්ල අවට ගම් කීපයක සිදුවන මනඃකල්පිත සිදුවීම් කීපයක් ඇසුරින් ලියවුණ එකක්. සෙංකඩගල රජු ලෙස හඳුන්වන්නේ දෙවන රාජසිංහ රජු වෙන්න ඇති. ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ.

යක්ෂ, භූත, ප්‍රේත විශ්වාසත්, කුල භේදයත් කතාවේ ප්‍රධාන මාතෘකාවක්. සාමාන්‍ය සමාජය වගේම සංඝ සමාජයත් කුල භේදයට ලක් වීම අතීතයේ අදට වඩා දරුණුවට වෙලා තියෙන්න ඇති. ඒ වගේම රාජ්‍ය පාලනයට 'ආගම' වගේ මිනිස්සුන්ට සංවේදී කාරණා අද වගේම එදත් යොදාගන්න ඇති.

පාලනාධිකාරියේ ඉහල ඉඳන් පහලට සියලු දෙනාම සාමාන්‍ය මිනිස්සුන්ව පෙලන්නත් ඇති. විශේෂයෙන් ධූරාවලියේ මැද සහ අග හිටපු, සාමාන්‍ය ජනතාවත් එක්ක කෙලින්ම ගැටුණු නිලධාරීන් ජනතාවට මළ කරදරයක් වෙන්න ඇති.

කතාවේ යටිපෙලින් කියවගන්න ලැබුනෙ එහෙම අදහසක්. ඒ වුණත් මට මේ පොත මදි. චරිත සහ සිදුවීම් ඉබාගාතේ යන ගතියක් දැණුනා. චරිත විස්තර වීම ප්‍රමාණවත් නැති බවත්, චරිතවල වෙනස් වීම් විශ්වසනීය බවින් අඩු බවත් තේරුණා. මුලු පොතම මංමුලා වෙලා වගේ.

හැබැයි පොතක් ලියන එකම වැඩක්. සහ මේ පොත මනඃකල්පිතයක්. ඔය කාරණා දෙකම ඔලුවෙ තියන් පොත කියවගෙන යද්දි අපට අදට වඩා එදා හොඳයිද කියන කාරණේ හිතන්න පුලුවන්. ඉතිහාසය ඇත්තටම සිද්ධ වුණේ ඒ විධියට වෙන්න පුලුවන්. එහෙම නැත්නම් පියදාස රන්පත්විල මහත්තයා වර්තමානය අතීතයට ප්‍රක්ෂේපණය කරලා පොත ලිව්වා වෙන්නත් පුලුවන්.

අදාල යුගය, ජන වහර, පැරණි සිරිත්විරිත් සහ සමාජ ක්‍රමය වගේ දේවල් ගැන ප්‍රමාණවත් හැදෑරීමක් නැතිව මෙහෙම පොතක් ලියන්න අමාරුයි. රන්පත්විල මහතා වෙහෙසක් නොගෙන කියවගෙන යන්න පුලුවන් විධියට රචනා කරල තියෙන විධියත් හොඳයි.

සරලව කියවන්නත්, ඉතිහාසෙත් දෙකම ඕන අයට නියම පොතක්.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.