MudithaAuthor 5 books28 followersFollowFollowMay 10, 2020සසර ගමනේ අප හොඳින්ම දන්නේ අවසන් නැවැතුමේ සිට අප මෙතෙක් ආ ගමන් මඟේ තොරතුරු පමණි. නමුත් එම ගමනේ ආරම්භයේ පටන් අප ගෙවා විත් ඇති දුර බොහෝය. එම ගමනේදී අපට හමු වූ අය, අප ආදරය කළ, අපට ආදරය කළ අය බොහෝ ය. අද ඔවුන් කොහිද?ඔවුන් තවමත් අප අතරම සිටිනා බව 'සසර සහකරුවෝ' කියැවූ විට ඔබ ද විශ්වාස කරනු ඇත. එය මෙතෙක් ඔබට නොවැටහුණේ ඒ ඔවුන්ම බව හඳුනාගැනීමට ඔබ අපොහොසත් වූ නිසා වන්නට ඇත. ඔහුගේ හෝ ඇයගේ මුහුණේ දැක පුරුදු බව, සිනහවේ සිත්ගන්නා බව, ඔබේ යටි සිත ඔබට සිහිපත් කර දුන්නද, ඔබේ මොළය ඉන් ඔබ්බට සිතන්නට ඔබට ඉඩ නොදෙන්නට ඇත.මනෝ විද්‍යාවට, මෝහන ප්‍රතිකර්මයට අදාළ බොහෝ ගැඹුරු කාරණා ඇතුළත් වුවද මෙම කෘතිය තුළින් දිග හැරෙන්නේ විචිත්‍රවත් සුන්දර නවකතාවකි. වෛද්‍ය රාජා ගුණතිලක එංගලන්තයේ විසූ ශ්‍රී ලාංකික මනෝ විද්‍යාඥයෙකි. ශ්‍රී ලංකාවේ වෙසෙන ගනේෂ් පොන්නම්බලම් ඔහුගේ මිතුරෙකුගේ පුත්‍රයෙකි. කතාන්දරය දිගහැරෙන්නේ වෛද්‍යවරයා ගනේෂ් වෙත එවූ වෛද්‍ය වාර්තා ඇතුළත් ලිපි ගොනුවක් සමගිනි. කතාන්දරය කියවා අවසානයේ, වෛද්‍යවරයා ගනේෂ් වෙත එවූ ලිපිය යළිත් කියවා බලන්නට ඔබට නොසිතෙන්නේනම් එය පුදුමයකි. කලෙකින් කියවා බොහෝ සෙයින් රසවිඳි වෙනස් ආරක පර්යේෂණාත්මක නවකතාවකි.