Jump to ratings and reviews
Rate this book

අත්තාණි කණු

Rate this book
Veteran Authoress' novel of 2017, about the chieftains who maintained the traditions and culture of the ancient capital of Anuradhapura and the surrounding area - usually referred to as Nuwara Kalaviya.

280 pages, Paperback

Published January 1, 2017

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (33%)
3 stars
1 (33%)
2 stars
1 (33%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
April 18, 2019
"රාජ සම්මතයෙන් පරිහාර දීමේ බලය හෝ විශේෂ වරප්‍රසාද, විශේෂ අයිතිවාසිකම්, ලාභ ප්‍රයෝජන, ගරු බුහුමන් ආදිය සම්බන්ධ සඳහන් ටැම් සෙල්ලිපිවලට වැයවස්ථා පහන්, සංවතා පහන් හෙවත් අත්තාණි කණු යයි කියැවෙයි."


කතුවරිය, කෘතිය ට නම දුන්, අත්තාණි කණු, යනු කවරේ ද යන්න පහදා තම කෘතිය අරඹන්නී, ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයේ නුවර කලාවිය බාර මහ වන්නි උන්නාන්සේ වූ - ( උගුර පාදමින් ), "සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර මුදියන්සේ", ප්‍රමුඛ අනෙක් වන්නි ප්‍රධානිනුත්, ඔවුන් ප්‍රමුඛ වන්නි වාසීන්ගේ "නිවී හැනහිල්ලේ" ජීවත් වීමේ කලාවත් පාදක කරමින්, නවකථාව ඉදිරියට ගෙන යන්නී ය. එහෙත් මෙකී නිවී හැනහිල්ල කෙටි කලකින් ම අභියෝගය ට ලක්වන්නේ ය. ඒ බිරිතානීන් එදවස සෙන්කඩගල අලලා ගැනීමේ ප්‍රයෝගයන් හා යුධයන් නිසාය. පළමු ප්‍රයත්නයේ දි, බිරිතානීන් මහත් වූ පරාජයට ලක් වුව ද, මෙහි ඉතා පැහැදිලිව කියවෙන අයුරින් පුද්ගලික ලාභාපේක්ෂා හේතුවෙන් නිලමේකාරකාදීන් ද, පුද්ගලික කෝන්තර ආදිය හේතුවෙන් සමහර අනෙක් පුද්ගලයන් ද, නිරිඳානන් පාවා දීමත් නවකතාව ට එක්කාසු කොට ඇත.
රජුන්ගේ වැරදි තිබුණා වුව ද, බිරිතානින් හෝ නොසැලකූ අයුරින් රජු ට අඩත්තේට්ටම් කල ස්වදේශිකයන් ගැන අමනාපය ලියැවී ඇත්තේ මෙසේ ය:
"...ආන්නර මැණික් මිලත ගන්ඩ සබරගං ගිය මට්ටයො කියැව්වෙ මහ රජ්ජුරුවන්ඩ පයින් ගහල බිම දැම්මෙව්ව එක්නැලිගොඩ මොහොට්ටාලයෙ පයිං ගැහැව තැනින්ම පය කුණු වෙන්ඩ ඇන්නලු... දැම් උන්ද මරණැ මංචකේ කොරාපු පව් ගෙවනව කියන්නේ... ඒ ඉත්තරකැ... උන්දයෙ පරම්පරාවෙම එවුන්නෙ පය කුණුවෙන රෝගයක් වැලදීලාය කියන්නෙ... " (126 පිටුව )
ඉන් අනතුරුව උඩරට ගිවිසුම යන නමින් හැඳින්වෙන ලියකිවිල්ලේ තීන්ත වේලීමට ප්‍රථමව බිරිතානීන් තම අරමුණ ක්ෂාත් ක්ෂාත් කරලනු වස් ක්‍රමක්‍රමයෙන්, මහවන්නි උන්නාන්සේ ප්‍රමුඛ නායක කාරකාදීන් ගෙන් තම පෙදෙසට ලැබුණු නායකත්වය දුර්වල කිරීමත්, එම පෙදෙස් හි වැසියන් දිනෙන් දින දුක් ගැහැට ම වැඩි වැඩියෙන් අනුභවය ට හේතු වූ අයුරුත් පෙන්වා දී ඇත. දහනව වෙනි සියවසේ මැදබාගය වන විට මේ වන්නි නායකයින්ගේ නායකත්වය නාම මාත්‍රික වූ අයුරුත්, ඔවුන්ගේ ප්‍රවේණි ඉඩම් වල අයිතිය පවා ඛාදනය ට ලක් වූ අයුරු ද මෙහි කියවේ.



කතුවරිය යම් යම් ආකෘතික හරඹ භාවිත කොට ඇති බව සැබවි. මෙහි සෑම පරිච්ඡේදයක් ම ඇරඹෙන්නේ ප්‍රාදේශීය විශ්වාස අනුව එන දේව හෝ යක්ෂ හෝ හැසිරීම් ගැන සඳහනකිනි. ඒ අනුව අයියනායක, ඔඩ්ඩි, කඩවර, මහසෝන්, පුල්ලෙයාර් ආදීන් ගෙන්, ඒ කාලයේ ප්‍රදේශයට ඇති වන හොඳ නරක ඉඟිකිරීමක් සිදු ව ඇත. මේ දේව-යක්ෂ අවතාර ගැන වැඩි විස්තර ඇතුලත් නොවේ. ආකෘතික මෝස්තරයක් විනා, ඉන් නිර්මාණට දැනෙන යමක් එක්කාසු වුණා දැයි සැක සහිතය.


අනෙක් ආකෘතික හරඹය වනා හි, කෘතියේ මුල් කොටස නයිදප්පු තම ලාබාළ පුතුට කියනා 'කටාන්දර' ( කට+අන්දර ), ලෙසටත්, දෙවෙනි කොටස ඒ පුතු වූ ළමාප්පු විසින් තම වියපත් පියාණන් වෙත කියනා කටාන්දරත් වීමයි. නයිදප්පු මහ වන්නි උන්නාන්සේ ට බොහෝ පක්ෂපාතී වෙතත්, ළමාප්පුගේ පක්ෂපාතීත්වයේ කොහේ ද යන්න ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වේ.


ඉතින් මේ සෑම පරිඡ්චේදයක් පුරා දිගැරෙන කටාන්දර, ඒ ඒ කාලයේ කළුවර වන්නි පලාතේ වැසියන් මුහුණ දුන් අනේක විධ අත්දැකීම් ගැන කියා පෑමට ය. එම විස්තර වේගයෙන් කියවාගෙන යාම එතරම් පහසු නැත - එහෙත් එහි ඉතිහාසාත්මක රසයක් ඇත. ඒ, අපේ රටේ මිනිසුන් මුහුණ දුන් අත්දැකීම් මොනවාදැයි, අවබෝධ කරගනුවස් ය. වන්නිකරයට ගවරමේන්තුවෙන් නිලධාරීන් පත්කරද්දි, ස්වදේශීය බාසා කතා කිරීමේ දි, දෙමළ පමණක් හැසිරවීමට හැකි වීම, අසාධාරණ බදු ක්‍රමය සහ ලයිසොං ක්‍රමය - මරාල බද්ද, කරත්ත බද්ද, හේන් ඉඩම් සීමා කිරීම ආදිය නිසා වන්නි වැසියන් මහත් අහේමයන්ට මුහුණ දීමට සිදු වේ. දෙමළ වන්නියත් එක්කලැ තිබ්බ බැඳීම් ලිහිල් වනවාත් සමඟ මෙතෙක් කල් දෙමළ දත් වන්නිවරුන් ට දෙමළ අතැරීම, වෙදා මහත්තයා වෙනුවට ඉංගිරිසින් ම කියලා ගෙන්නා ගත් ලෙඩ වලට එම දොස්තරලා ම බෙහෙත් නියම කර රෝගීන්ගේ විශ්වාසය දිනා ගැනීම, සහ සැලසුම්සහගත ලෙස මහ වන්නිවරුන්ගේ නායකත්වය ට සියුම් ව පහර දී විනාශ කර දැමීම මෙහි එන විස්තර මගින් හෙළි වේ.


"... මොකදෑ මේ තරමට අහේමෙං...

කියා කියා සහකාර ඒජන්ත උන්නාන්සේත් කම්මුලේ අත ගහාන විස්සෝප වෙනවාත් පෙනුණි. වැව කඩාන ගොහිං වගත් අයේ හදාන හොරොව් කටවල් දාගෙන කුඹුරු ගොයිතැනට බහින්ඩ සේනාවක් නැත. හැම ගමක් ම වල් වැදීගෙන ඔළගං වෙන්ඩැ ඇවදින් ය.

...ගං සබා අහෝසි වෙච්චයිං මනුස්සයින්ඩ ගොයිතැං වැඩත් නැත්තටම නැතිවුණා... හේං කෑල්ලටත් ලයිසොමක් ගන්ඩ කාසි කොයින්දෑ...

හැම තැනකම මොකක්දෝ වැරැද්දක් වීලා ඇති වගක් මහ වන්නිය නැත්තටම නතිවීලා ගොහිං වගක් දෑහැ ඉස්සරහදී ම පෙනෙන්ඩ තිබුණේය."( 243-244 පිටු )


මෙහි ඉතිහාස කතා කියවන ක්‍රමයේ, ඇගේ අග්‍රකෘතිය ලෙස සැලකෙන "මහාසාමි" හි ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් පෙන්නුම් කරයි. එහෙත් මෙය මා මහාසාමි තරමින් නම් රසවින්ඳේ නැත. එහි ආකෘතික හරඹ යම් ආයාසමය කියවීමක් ජනිත කරනවා මෙන්ම, එහි සියුම් යාන්ත්‍රික බවක් ද ඇත. ඉතින් ඉන් රසවින්දනයට යම් බාධාවක් ඇති වේ. එහෙත් මෙය නොකියවා මගැරිය යුතු තරමේ කෘතියක් ද නොවේ. අයෙකුට මෙය කියවීමට කාලය සොයා ගත හැකි නම්, ඉන් යම් ඉතිහාස කථා රසය මුසු පෞරාණික පරිසරයක් තුල ජීවත්කරවන ස්වභාවයක් ද ඇත.


අප රට වන්නි රජුන් පිළිබඳ දැන ගැනිමට ඇති ප්‍රමුඛත ම කෘතියක් ලෙස මෙය පත් වී දෝ ඇද්දැයි මට කුකුසක් ඇති වී ඇත. වෙසෙසින් බුලන්කුලම පරම්පරාවේ යටගියාව සහ ඔවුන් එම පෙදෙස ට සහස්‍රයකට වැඩි කාලයක් තිස්සේ කල සේවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමටත්, එම වන්නි රජවරුන් ප්‍රාදේශීය දේශපාලනයෙන් ඈත් කරවීමත්, පක්ෂ දේශපාලනය යටතේ ඉන් ඈත් වීමත් මෙහි නිරූපනය වෙයි. මා අවුරුදු දහහතරක පහළොවක කාලයේ බුලන්කුලම නම එවකට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ සංචාරරක එංගලන්ත "ඇ" කණ්ඩායමක ට එදිරිව හෝ ක්‍රීඩා කල බවක මතකයක් ඇති නැති ගාණය. ඊට අමතරව, එප්පාවල නඩුව - "බුලන්කුලම හා තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය" නමින් වූ හෙයින්, එම පරම්පරාවේ යම් දායකත්වයක් මෑතක් වන තුරුම පැවති බවට හැඟේ. අවම තරමින්, මීළඟ අනුරාධපුර ගමනේ දී, අවසන් නිල මහ වන්නි නායකයාගේ සොහොන් කොත හෝ නැරඹීමේ කුකුසින් කෘතිය කියවා හමාර කලෙමි. නවකතාවක් ලෙස විටෙක කියවීම එතරම් පහසු නොවුන ද, ඉතිහාසයට කැමති අය කියවිය යුතු ම කෘතියක් ලෙස හඳුන්වමි.
Profile Image for Kasuni Dissanayake.
20 reviews3 followers
November 9, 2020
නුවරකලාවියත්, එහි විසූ මහ වන්නි උන්නාසේලාත් ඇසුරේ ගත කල කාලය නවමු අත්දැකීමකි. මින් පෙර පොත පතෙන් එම අවදිය ගැන කියැවූ බවක් මතකයට නොඒ.
පොත කොටස් දෙකකින් යුක්තය. දෙවෙනි කොටස වඩාත් සිත් ඇදගන්නාසුලු යැයි සිතේ. එසේ වන්නේ පළමු කොටසට වඩා දෙවෙනි කොටසේ සිදුවීම් වේගයෙන් ගළායන නිසා යැයි සිතමි.
කතුතුමියගේ මින්පෙර කියැවූ නවකතා හා සසදා බලනවිට මෙය රසවත් බවින් හීන යැයි සිතේ. ඉතිහාස කතා වලට ඇල්මක් ඇති අයෙකුට වීනා වෙන අයෙකුට නම් මෙය රසවත් නොවනු ඇත.
කලකට පෙර කියවූ ඉතාම රසවත් පොතක් වූ උතුරුමැද පළාත ආශ්‍රිතව ලියැවුනු "හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ" නැවත් කියවන්නටද සිත්විය.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.