Jump to ratings and reviews
Rate this book

මතකයේ රැඳි පිය සටහන්

Rate this book
Sinhala translation of the best-selling novel 'A Walk to Remember' by Nicholas Sparks.

සෑම අප්‍රේල් මසකම, ලිලැක් මල් සුවඳ මුසු වූ මුහුදු සුළඟ හමනා විට, ලැන්ඩන් කාටර් හට තමා බියුෆොර්ට් උසස් විද්‍යාලයේ ගත කළ අවසන් වසර සිහිපත් වේ. 1958 වසරේ දහ හත් හැවිරිදි වියේ පසු වූ ඔහු ගත කළේ කෙළිලොල් දිවියකි. නගරයේ බෞතීස්ම පල්ලියේ දේවගැතිවරයාගේ දියණිය වූ ජෙමී සුලිවාන් කෙරෙහි ඔහුගේ අවධානයක් යොමු නොවූ තරම් ය. තමා යන සෑම තැනකම බයිබලය රැගෙන ගිය නිහඬ යුවතියක වූ ඇය, අනෙකුත් තරුණ වියේ පසු වූවන්ට වඩා වෙනස් දිවි පෙවෙතක් ගත කළාය. අසරණ සතුන්ට පිහිට වෙමින්, අනාථ නිවාසයක ළමුන් හට උදව් කරමින්, ඇය සිය පියාගේ සෙවණේ ජීවත් වූවාය. කිසිදු පිරිමි ළමයෙකු කිසි දා ඇයට ගෙදරින් පිටතට යෑමට ඇරයුම් කර නැත. ලැන්ඩන් එවැන්නක් පිළිබඳව සිහිනෙකිනුදු සිතා තිබුණේ නැත. එනමුදු දෛවයේ සරදමකට මෙන් විදුහලේ නර්තන සාදයේදී ඔහුගේ සහකාරිය වන්නේ ඇයයි. එයින් පසුව ලැන්ඩන් කාටර්ගේ ජීවිතය ලක් වන්නේ පුදුමාකාර වෙනසකටය. මිනිස් හදවතේ ගැඹුර හඳුනාගන්නා ඔහු, මිනිසෙකු බවට පත් වීමේ මාවතට පා තබන්නේ අප සැවොම පුදුමයට පත් කරවන තීරණයකට එළැඹෙමිනි...

200 pages, Paperback

Published April 1, 2015

1 person is currently reading
9 people want to read

About the author

Muditha Lakmini Vandebona

5 books28 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (33%)
4 stars
1 (33%)
3 stars
1 (33%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Dilly.
245 reviews17 followers
September 1, 2020
මේ අපි ඔක්කොම බලපු ෆිල්ම් එකක්. ඇත්තටම කියනවා නම් මේ ෆිල්ම් එක නොබලපු කෙනෙක් නැතුව ඇති. ඉතින් ඔයා ෆිල්ම් එක බලල ඒකෙ පොත කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ ඒ ගැනයි දැනුවත් කිරීම.

මේ දවස්වල නිකුත් වෙන පරිවර්තන ගැන තියෙන්නෙ එතරම් සුබදායි ආකල්පයක් නෙවෙයි. ඒ සමහර පරිවර්තකයන් විසින් වචනයෙන් වචනය පරිවර්තනය කරල මුල් පොතේ රසය මරල දාන නිසා. ඒත් මේ පරිවර්තනය නම් එහෙම හිතේ සැකෙන් බයෙන් කියවන්න දෙයක් නැහැ. මුල් පොත වගේම රසයක් ලබාදෙන්න පුළුවන් මේ පරිවර්තනයට.

පළවෙනි පරිච්ඡේදය ටිකක් විස්තර වැඩියි වගේ තියෙන නිසා සමහරවිට කම්මැලි හිතෙන්නත් පුළුවන්. ඒත් දිගට කියවගෙන යනකොට නම් කිසිම කම්මැලිකමක් නැතුව ගොඩක් ආසාවෙන් කියවගෙන යන්න පුළුවන් පරිවර්තනයක්.

ෆිල්ම් එකට වඩා කතාව පොඩ්ඩක් වෙනස්. ඒත් පොතේ කතාවත් කියවද්දි ඇඬෙන හරිම සංවේදී කතාවක්. පොත කියවල අන්තිමට ඔයාලට ෆිල්ම් එක ආයෙමත් පාරක් බලන්න හිතෙන්නත් පුළුවන්. (මට වුණා වගේ)

කාලෙකට පස්සෙ හොඳ පරිවර්තනයක් කියෙව්වා කියන හැඟීම දෙන්න පුලුවන් වුණ පරිවර්තනයක් කරපු පරිවර්තිකාවට බොහෝම ස්තුතියි.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.