Jump to ratings and reviews
Rate this book

අසනග වැසි

Rate this book
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටියා. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිලා බිත්තියට.

399 pages, Hardcover

First published January 1, 2017

4 people are currently reading
139 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
38 (48%)
4 stars
27 (34%)
3 stars
10 (12%)
2 stars
0 (0%)
1 star
3 (3%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Samurdhi.
133 reviews11 followers
October 9, 2019
The story is about an Alaththi Amma who has made her life part and parcel of the Kathargama Devale. The story revolves around her life, the problems she faces and how she overcomes them. The imagery of nature is described well from the beginning itself. Other than that, the rituals of an Alaththi Amma, the history of Ceylon;from the Malaria Fever, Sunflower Movemen to, Trade Union actions in Sri Lanka have been aptly described by the author.

The author's ability to manipulate the language is praiseworthy; she is able to keep you engaged with the story irrespective of whether it's a mouthwatering description of the food or whether it's an explanation of how a patient was taken care of by the protagonist.The imagery of the village life, the superstitions, culture and the beliefs of the village folk are well illustrated by the author. The way that the emotions of Wasundara has been written makes you take the same emotional rollercoaster with her.

The author is able to connect different things which takes place in the protagonist's life together, seamlessly without effort; from the peacock who comes to visit Wasundara, to the suicide of the mother and the story behind it. What I liked about the story is the feminist undertone given by the author. It makes the whole story believable in the Ceylonese context. The independence of the protagonist and the village and the town people being unable to accept it, her acceptance of it and the ability to change herself to suit the society she's in but not willing to forget her past as well as unwilling to be put down because her past made me love the character more.
Profile Image for Dilly.
245 reviews17 followers
October 13, 2019
අසනග වැසි
දර්ශනා ශම්මි විජේතිලක
ප්‍රකාශනය : සුසර

ඇගයීම : තරු 3/5

අසනග වැසි 2018 වසරේ ගොඩගේ සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක යන සම්මාන තුනේ ම අවසන් වටයට නිර්දේශ වූ බව සඳහන් වෙනවා. මේ සමූහයෙත් නිතර කතා කෙරෙන පොතක්. දිනකට සටහන් කිහිපයක් ම ලියවෙනවා මේ පොත ගැන. කියවූ බොහොම දෙනෙක් සුබවාදීව තමයි මේ පොත ගැන කතා කලේ.

කතාවේ ආරම්භය හරිම රසවත්. අපිට නුහුරු නුපුරුදු කතරගම දේවාලයේ ආලත්ති අම්මා කෙනෙක් ගැන තමයි මේ කතාවෙ කියවෙන්නෙ. කොටින්ම ආලත්ති අම්මා කියන තනතුර ගැන මම දැනගත්තෙත් මේ පොතෙන්.

කතාවෙ ආඛ්‍යාන විලාසය හරිම රසවත්. කියවන්නාට සමීප කථන භාෂා ශෛලියකින් තමයි කතාව ලියවිලා තියෙන්නෙ. කතාවෙ පළවෙනි කොටසෙ යම් තරමකට මන්දගාමී විලාසයක් තමයි තියෙන්නෙ. ඒත් කියවීමට ඒක බාධාවක් නැහැ. රසවත් කෑම වට්ටෝරු කිහිපයකුත් හමු වෙනවා කියවගෙන යද්දි.

තවත් මං කැමතිම ගුණයක් තමයි කතුවරිය මානව සම්බන්ධතා පෙන්වලා තියෙන ආකාරය. සමාජයේ එක් එක් මට්ටම් වල අය සමග වසුන්දරා සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නා විදිය අපූරුයි. ප්‍රශ්නයක් විසඳන කොට අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා එයාගේ මානසික තත්ත්වය හොඳින් තේරුම් ගන්නා කෙනෙක් වසුන්දරා. ඒ ගුණය සිත් ගන්නා සුළුයි.

ඒත් මේ කතාවට මං දුන්නෙ තරු 3යි. ඒකට එක් හේතුවක් මෙහි කරුණු නැවත නැවත යෙදීම. එක් වරක් හෝ සංස්කරණය කර නැද්දැයි හැඟෙන විදියට මේ කරුණු නැවත නැවත යෙදී තිබුණා. එය වෙහෙසකරයි.

ඒ වගේම කතාවෙ චරිත ඉතාමත් පැතලියි. මං පෞද්ගලිකව ඒ වගේ තනි සුදු චරිත ඉන්න කතා වලට අකමැතියි.

ඒ වගේම කතාවේ යම් යම් දෝෂ කිහිපයක් නිසා කියවගෙන යද්දී යම් පැටලීම් ඇති වුණා. උදාහරණයක් විදියට පටබැදිගේ දොන් වසුන්දරා සීතාදේවි (පිටුව 82), වීරවිල මහවිදානේලාගෙ වාසුලාදේවී වසුන්දරා (පිටුව 270) වුනේ කොහොමද කියන එක ගැටලුවක් වුණා. ඒ වගේම 289 පිටුවෙ දරුවන් ගැන විස්තරයේ රේමන්ඩ් කියල කෙනෙක් ගැන සඳහනක් නැති නිසා කතාවෙ අවසාන භාගෙ තැන් කිහිපයක සඳහන් වෙන රේමන්ඩ් කවුද කියල ගැටලුවක් ආවා.

ඒ වගේම කතාවෙ නම කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලත් මට පැහැදිලි වුනේ නැහැ. ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මං අහල තියෙන සමදරා වැව තියෙන්නෙ වයඹ පළාතෙ. කතරගම ඒ නමින් යුතු වැවක් තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. ඒ නිසා කතාවෙ විශ්වසනීයභාවයට යම් බාධාවක් ඇති වුණා කියල හිතනවා. කතරගම ප්‍රදේශයේ ඒ නමින් යුතු වැවක් තියෙනවා නම් මාව නිවැරැදි කරන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
Profile Image for Himahansi Fernando.
7 reviews1 follower
September 29, 2019
It’s a great book. Incredible and heart warming storyline . Made me cry while reading the ending. I love the way writer describe Sri Lankan heritage, believes and how it modeled human nature to bear the challenges life throws at them.
The only thing is writer takes a long time to build the characters, it bored the readers of waiting something interesting to happen.
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
April 12, 2019


ඇතුවත් බැරි, නැතුවත් බැරි බැඳීම්... එහෙම කීවට, ඇත්තම කියනවා නම්, මට නම් කවමදාවත් බැඳීම් නැති වීම සැපක් කියලා තවම හිතිලා නෑ, ....


"තරුණ කාලෙම බැඳීම් ඇලීම්වලින් අයින්වෙලා තනියම වෙදහෙදකම් කරගෙන ගමේ මිනිස්සුන්ගෙ හිත දිනාගෙන කාටවත් කරදයක් නැතුව ඉඳලා කරදරයක් නැතුව මැරුණ. තමුන්ටත් ගත කරන්න තිබුණෙ එහෙම ජීවිතයක්. තමුන්ටත් එහෙම ජීවිතයක් ලැබුණ. ඒත් ඒ සේරම අතැර දමල බැඳීමක් පසුපස්සෙ ඇවිත් බැඳීම් ගොඩක් ඇතිකරගත්ත. ගැලවෙන්න බැරි තරමට ඒ බැඳීම් වැඩිකරගත්තෙ තමුන්මයි." ( 354 පිටුව )


කතරගම ආලත්ති අම්මා කෙනෙකු ලෙස හද්දා පිටිසර අභිමානවත් දිවියක් ගත කල වසුන්දරාවන්ගේ කතාන්දරයයි මේ. මේ නවකථාව සාර්ථක වීමට හේතු වූයේ, ලේඛිකාව එම චරිතය ගොඩනගා ඇති අයුරුය.. එහි "සුදු" පැත්ත බහුල බව සැබෑවකි. මිට පෙර යුගයක. 1920 දශකයේ පමණ, ආගමික වටපිටාවකින් බිහිවන්නි, එවන් සුචරිතයට බර වීම අවිශ්වාසදායි නොවේ. නුමුත්, ඈ සිත් ගත් පිරිමියා ඉදිරියේ, තමන් මෙතෙක් කල් ඇදහූ සම්මතයන්, සම්ප්‍රදායන් වලට පිටු පා, තම සිතට නතු වීම මගින් එම චරිතය ට ඇවැසි ස්වභාවිකත්වය සහ විශ්වාසනීයත්වය ගෙන දේ. ඒ විශ්වාසිබව හේතුවෙන්, විටෙක එම චරිතය හින්දී සෝප් ඔපෙරාවක චරිත ලක්ෂණ පෙන්නුම් කල ද, පාඨකයා ට ඒ චරිතය ගැන වෙසෙස් අවිශ්වාසයක් හට නොගැනේ. කතුවරිය අර්නස්ට් කරල්ලියද්ද ,බ්‍රයන් ආදි සෙසු චරිත ද සාර්ථකව ගොඩ නගා ඇත. කෙසේ ද කිවහොත්, රතු මහත්තයා ද, තරමක් සෙල්ලක්කාර වුව ද කළු චරිතයක් නොකිරීමට තරම් මැදහත් සිතකින් කතුවරිය චරිත නිමවා ඇත.


නවකථාව ඇරඹෙන්න මද වේගයිනි. පිටු සියයක් පමණ වන තෙක් කතරගම දේවාලයේ ආලත්ති අම්මෙකුගේ වතාවත් පිළිබඳවත්, ඒ ප්‍රදේශය ට වෙසෙසින් ආවේණික කෑම වට්ටෝරුවේ විස්තරත් ය. මෙහි පළමු පිටු දෙසීය - දෙසීය පණහ පමණ කියවිමට සෑහෙන කාලයක් ගත විය. ඒ එය රසවත් බවින් තොර වීම නිසා නොව - ආඛ්‍යානය දිගැරෙන වේගය, සීමිත කාලයක් ඇතිව කියවීමේ යෙදෙන අප හට තරමක් නොපෑහෙන ගතියක් ඉඟි කරන නිසා ය. එහි දොස අපේ ද, ලේඛිකාව ගේ ද යන්න පිළිබඳ මට විශ්වාසයක් නැත. එහෙත් මෙහි එන කථා නායිකාවගේ විවාහයෙන් පසු යුගය, සාපෙක්ෂ වශයෙන් වේගයෙන් දිගැරෙයි. ඊට තත්කාලීන රටේ දේශපාලනය සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආභාෂය ලත් වැවිලිකරු ජීවිතය ද ඇතුලත් ය. පෙර කී කතරගම ආලත්ති අම්මාගේ ජීවන වටපිටාව මෙන්ම, ඔහියේ වතු හිමියන්ගේ ජීවන වටපිටාව ද ලේඛිකාව හොඳින් නිරූපනය කර ඇත.


නවකථාවට සබැඳි එහෙත් තරමක් බාහිර අදහස් කිහිපයකට යොමු වෙමි;


ආගමික ලබ්ධිය හා මිනිසුන් ඒ කෙරෙහි ඇති බැඳිම් සිව් ආකාර යැයි සිතමි. එකක්, එය මෝස්තරයක් කරගෙන අන් අයට ද කරදයක් වන ලෙස ආගම අදහන අයයි. දෙවෙනි කොටස ආගමික පසුබිමක හැදී වැඩී ඉන් යම් ආභාෂයක් ඇතුව තමන් ගේ විශ්වාසය මත දිවිය තමනට තේරෙන ආකාරයෙන් නිවැරදිව ගත කිරීමට යත්න දරන්නෝ ය. තෙවැන්න ආගමක් නො ඇදහුව ද ඒ පිළිබඳ පම්පෝරි නොගසන අන් අයගේ විශ්වාසයන් ගැන වද නොවෙන ඇත්තොය. ඔවුහු අනාගමික වුව ද හර පද්ධතියක ට නතු වූවෝ ය; සිව්වැන්න පෙර කී පළමු කොටසේ පරස්පරය ලෙස තමන් ආගමක් නො අදහන බව අන් අයට ඇහැට ඇන කියා පාමින් කර��ර කරන්නෝ ය. මෙහි එන ආලත්ති අම්මලා අයත් වන්නේ මෙහි දෙවෙනි කොටසට ය. ඉතින් ඒ ආගමික සංවරය තම දිවිය හරහා බැබලීම යුතියුක්තය ( මෙය ලබ්ධිය සත්‍ය අසත්‍යබාවය ගැන විවාදයක් නොවේ - මෙය එතනට තැන ද නොවේ ).


මෙහි මා වඩාත් සිත් ගත් තැනක් නම්, බිරිඳක් තම සැමියා වරදෙහි බැඳීම ගැන සමාව දීමට උත්සාහ කල ද, ප්‍රායෝගිකව ඒ මානසික ස්ථානයට ඒමට සාර්ථකව හැකි වී ද යන්න, සහ, අනතුරුව එම සැමියගේ ඇවෑමෙන් ඔවුන් ගත කල ප්‍රීතිමත් කාලය මතක් කරලමින් වැලපීම. මෑතක හරාරි ගේ සේපියන්ස් කෘතිය කියවද්දී ද, මිනිසුන් හා ගැහැණුන් පතීව්‍රතාව රැකීමේ හැකියාව වැඩි වන අයුරින් ජාන සකස් කරලීමේ උවමනාවක් ගැන කියවිණි. මිනිසුන් හා ගැහැණුන් තමන්ගේ සහකාරියගෙන් හෝ සහකාරයාගෙන් හෝ පිට බැඳීම නො ඉවසීමේ මූලය ඇත්තේ ඊරිසාවද ? එය ඉවසීමේ හෝ නො ඉවසීමේ සීමාව කොතැනක ද ? පෙර කී බිරිඳ සැමියාගේ ඇවෑමෙන් පතන්නේ එන ජන්මයේ ද එම සැමියා ම ලැබේවා යැයි කියා ය. එනම් මිනිසුන් හෝ ගැහැණුන් ලෙස කුමන වරදක් තිබුන ද එහි සත්‍ය ප්‍රේමයක් තිබූ බවක් නො ඇඟවේ ද?


නවකථාව අහවරවන්නේ, බැඳීම් ගෙනෙනා වේදනාව හේතුවෙන් ඒවා නොපතන තැනෙක සිට, නැවත බැඳිම් නිසා ම දිවියට අරුතක් ද ගෙන දෙන බවක් අඟවමිනි.


"බැඳීම් ඇලීම්වලින් වෙන්වෙනවා කියලා හිතුවත් අන්තිමට වසුන්දරා ප්‍රාර්ථනා කළෙ ආයෙම සංසාරෙ දවසක එකට එකතු වෙන්න. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත."
( 399 පිටුව ).


2017 වසරේ ප්‍රකාශිත පොත් අතරින් වඩාත් සාර්ථක, පරිපූර්ණත්වයට තරමක් ආසන්න නවකථාවකි. මෙය බොහෝ සම්මානයන් හි අවසන් වටයට තේරීම යුක්තියුක්තය. ඉන් එකක් හෝ ජයග්‍රහණය කලා නම් එහි ද දොසක් මම නොදකිමි.
78 reviews
January 12, 2019
Read this in a day. Loved it. It’s not a classical masterpiece , but a heartwarming beautiful narrative.
It flows through an era of consecutive changes in the country, and captures this within the weave of the story easily. There’s sometimes a repetitive style seen in folk tales, that doesn’t add to, or take away from the story. A romantic fiction, a historical romance.
Great stress reliever. Will read more books from the author.
Profile Image for Avishka Laknath.
101 reviews2 followers
May 15, 2021
"අසනග වැසි" by Darshana Shammi Wijethilaka

📍 2021 වසරේ කියවූ 16වැනි කෘතිය.
📍කියැවීමට ගතවු කාලය පැය 9කුත් විනාඩි 38ක්
📍කියවීමේ අවස්ථා 29ක්

ආලත්ති අම්මා, ෙසන්ද අම්මා, මට මේවා අලුත් නම්. කතාව සරලයි. ලොකු ගැඹුරක්, පොඩ්ඩක් හුස්මක් අරං නැවතිලා, හිතලා, ඊලඟ කොටස කියවන්න තරමට පේන්න ලොකු ආකෘතියක් නොතිබුනත්, කියවන්න උවමනාවක් ඇති කලා.සාර්ථක කෘතියක්.

#AsanagaWasi #Instabooks #AvishkaReads
Profile Image for Ramindu Thivanka.
250 reviews5 followers
March 7, 2019
ආලත්ති අම්මා නොහොත් වසුන්දරා, ජීවිතයේ මහා අසනග වැසි මැද්දේ නොසැලී, නොබියව මුහුණ දෙන දිරිය ගැහැණියක්. සංසාරගත පුරුද්දකට සිදුවන සිදුවීම්, ඔබට වෙනස් කල නොහැකි වුවත් එයින් ඔබගේ ජීවිතය අකා මකා නොදී මැදිහත් සිතින් හෙට දවස වැලඳ ගනී.
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනාගනු ලැබූ පොතට වඩා වටිනා පොතක් යැයි හැඟේ.
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.