Jump to ratings and reviews
Rate this book

ඩ වින්චි කේතය

Rate this book

592 pages, Paperback

First published September 1, 2017

4 people are currently reading
86 people want to read

About the author

Kumara Siriwardane

31 books10 followers
කුමාර සිරිවර්ධන (Sinhala)

Kumara Siriwardane is a renowned Sri Lankan author, journalist, and editor, celebrated for his contributions to Sinhala literature and media. An alumnus of Ananda College, Colombo, he began his literary journey in school, writing poetry, short stories, and dramas. Over the years, he has held key editorial roles, including as editor of Muthuhara magazine and deputy editor of Silumina newspaper. His literary works include novels, short stories, and translations, with notable titles such as Handa Nihanda, Sasankara, and Bhawanirodha. Siriwardane has received prestigious accolades, including the State Literary Award and the Youth Award, recognizing his influence in literature and the performing arts. He also holds a master's degree in mass communication from the University of Kelaniya.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
26 (72%)
4 stars
6 (16%)
3 stars
4 (11%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Nilakshi Bandara.
146 reviews16 followers
August 1, 2019
ඩාවින්චි කේතය
ඩෑන් බ්‍රවුන් රචනයට ලක් කරන ලද ද ඩාවින්චි කෝඩ් කෘතිය ලොව පුරා ආන්දෝලනයට ලක් කල කෘතියක් වන අතර මෙය 2000 වසරේදී සාහිත්‍ය ලොවට එක් කරන ලදී.මෙම නව කතාවට උපයුක්ත වන තේමාව වනුයේ ප්‍රයෝරි ඔෆ් සයන් හෙවත් පැරණි සහෝදරත්ව සමාජයක් හා ඔපුස් ඩිඅයි නම් කිතුනු නිකාය හා ඇතිවන දරුණු ගැටුමක්ය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් 1099 වසරේදී පිහිටවනු ලැබූ ප්‍රංශය කේන්ද්‍ර කර ගත පැරණි සංසදයක් වන අතර මෙය යුරෝපය වටා පැතිර තිබුණි.මෙම සංගමය පිලිබඳ සිදු කළ සොයා ගැනීම් වලදී පැරිස් නුවර පිහිටි ප්‍රංශ පුස්තකාලයේ තිබී ඩොසියර් සික්‍රට්ස් නම් ලේඛනය සොයා ගැනුණු අතර එහි අන්තර්ගතව තිබී ඇත්තේ මෙම ප්‍රයෝරි සංසදයට ඇතුලත්වුණු පිරිසගේ නම් ලැයිස්තුවයි ..මෙහිදී හඳුනා ගත් පරිදි ලොව සාහිත්‍යට, විද්‍යාවටද විසල් සේවයක් කළ ලෝ පුජිත පුද්ගලයින් රැසක් මෙහි සාමාජිකයින්ව සිටි බව හෙළිවුණ අතර අයිසැක් නිව්ටන්, ලියනාර්ඩෝ ඩාවින්චි, වික්ටර් හියුගෝ මින් කිහිප දෙනෙක් වූ අතර ලියනාඩෝ ඩාවින්චි මෙම සංගමයේ 15010- 1519 අතර කාලයේ නායකයා ලෙසද කටයුතු කර ඇති බව හෙළිදරව් විය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් සංගමයට විරෝධය පෑවේ පල්ලිය ආශ්‍රිත ආගමික නායකයින් වන අතර වතිකානුවේ පල්ලියේ සිටි ආගමික පුජකවරුන් කොටසක් සමුහ කතිකා කොට ප්‍රයෝරි ඔෆ් සයන් සගමයට විරුද්දව ඔපුස් ඩී අයි නම් කතෝලික නිකායක් නිර්මාණය කරන ලදී. බ්‍රේන් වොෂ් හෙවත් මොලය සේදීම, තමන්ටම වද හිංසා පමුණුවා ගැනීම යන කරුණු කාරණා නිසා මෙම නිකාය දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුන බව ප්‍රකට කරුණකි.

ඩෑන් බ්‍රවුන් ඩාවින්චි කේතය කෘතිය සමගින් ලොව සුපතල කතුවරයකු බවට පත්වූ අතර මෙම කතාවේ පිටපත් මිලියන ගණනින් අලෙවි වීමද සුවිශේෂී කරුණකි.

මෙම කතාවේ ප්‍රධාන චරිතයන් ලෙස ජැක් සෙනියරේ මහාචාර්ය රොබට් ලැන්ඩන් සහ සොෆී නෙවෙයු වන අතර ප්‍රංශයේ පැරිස් ලුවර් කෞතුකාගාරයේ භාරකරු වන්නේ ජැක් ය. දිනක් මොහු රොබට් සහ සොෆි ව හමුවන්නට නියමිතව තිබියදී අත්භූත ප්‍රහාරයකින් මිය ගොස් තිබුණි.නමුදු මිය යන්නට ප්‍රථම ඔහු විසින් සංකේත භාවිතා කරමින් තම සිරුර අසල පණිවිඩයක් තබා තිබුණු අතර එහි අවසානයේ පවසා තිබුනේ රොබට් ලැන්ඩන් ව හමුවන ලෙසටයි.ඒ ඔස්සේ විවිධ අභියෝගයන්ට ලක් වෙමින් ප්‍රංශ පොලිස් නිලධාරි ෆාචේ ඇතුළු පිරිසගෙන් සැඟව යමින් සෙනියෙරේ ගේ මිනිපිරිය වූ සොෆි හා එක් වී රොබට් එම කේත පල්ලි ඇතුළු සොහොන් ගැබ් ඇතුළු විවිධ ස්ථාන වලට ගොස් පරික්ෂා කරමින් කේත වල අන්තර්ගතයන් නිරීක්ෂණය කරමින් එම පණිවිඩ විශ්ලේෂණයට බඳුන් කරමින් මුළු කතාව පුරාම ගවේෂණය කරයි.

මෙම කතාව ත්‍රිලර් හෙවත් ත්‍රස්තජනක කතා කොටසට අයත් වන අතර ලියනාඩෝ ඩාවින්චි විසින් චිත්‍රණයට පාත්‍ර කරන ලද නිර්මාණයන් සහ සංකේතයන් පිලිබඳ පුළුල් විග්‍රහයක් සහිතව මෙම කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂිත්වයයි.එම කළා නිර්මාණයන් ඔස්සේ අර්ථයන් සඟවන ලද සංකේත මගින් පණිවිඩ ලබා දීම මෙහිදී නිරතුරුවම කුතුහලය පාඨක මනසේ රඳවමින් තිබීම දක්නට ලැබේ.එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරමින් මෙම සිතුවම් සහ නිර්මාණ පිලිබඳ විස්තර සෙවීමෙහි යෙදෙන්නට පුළුවන් නම් මෙම කතාව තවත් කුතුහලය දනවමින් රසවත්ව විඳින්නට හැකි අපුරුවතම කෘතියක් බවයි මාගේ හැඟීම.

ලාංකීය සාහිත්‍ය කලාවට මහඟු සේවයක් සිදු කරමින් සිටින කුමාර සිරිවර්ධන මහතා විසින් ඩෑන් බ්‍රවුන් විසින් රචිත ද ඩාවින්චි කෝඩ් කෘතිය ඩාවින්චි කේතය නමින් මුල් කෘතියේ රසවත් බව, කුතුහලය දනවන හැඟීම් එලෙසින්ම පවත්වාගනු ලබමින් මුල් කෘතියටකිසිදු හානියක් නොකරමින් ලාංකීය පාඨක ජනයා වෙත ගෙන ඒමේ පුරෝගාමිත්වය ලැබුවේය.

නිලක්ෂි බණ්ඩාර
13/06/2019
Profile Image for Yohan.
11 reviews
June 4, 2020
Very last sentence thrilled me !!!
1 review
October 10, 2020
good
This entire review has been hidden because of spoilers.
May 16, 2022
පොතේ අඩංගු මතවාද ගැන කිසිවක් නොපවසමි. නමුත්, ප්‍රබන්ධ කතාවක් ලෙස අතිශය සාර්ථක නවකතාවක් බව පැවසිය යුතු ය. කුතුහලය දනවන අයුරින් මනා ලෙස සිද්ධීන් දාමය එකිනෙකට ගලපා අබිරහස් විසඳමින් හා වරෙක බලාපොරොත්තු නොවූ අවස්ථාවන් එකතු කරමින් විශිෂ්ට ලෙස කෘතිය නිමවා ඇත. සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මෙහි ඇති මතවාදයන් කතාව හට ලබාදෙන්නේ අතිශය අපූර්ව පන්නරයකි. විවෘත මනසකින් කියවන්නේ නම් වචනයේ අර්ථයෙන් ම සාර්ථක රසවත් නවකතාවකි.
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.