Naleendra Weerapitiya309 reviews32 followersFollowFollowDecember 19, 2017මෙතෙක් මේ පොත කියවාපු අයවළුන්ගෙන් මේ පොත ට ගුණ වැනුනේ නම් ඒ ඉතා අල්ප ලෙසිනි. "මේ පොත හරිම කම්මැලියි", "හරිම පැටලිලි සහගතයි" ආදිය මේ පොත ගැන නිතර කියවුණු අදහස්ය. මේ පොත, වෙසෙසින් එහි තුන්වැනි කොටස පැඨකයා ට පොත කියව යෑමට අලස ගතියක් ඇති කරවන වග සත්‍යයකි. එහෙත් මෙහි ඇති පටලැලි සහගත ගතියක් නම් නැත. පොත කොටස් තුනකින් හෙබිය. පළමු කොටසේ වසන්ත කුමාර නම් චරිතය දිගහැරීම මුල් කරගෙන ලියැවී ඇත. වසන්ත කුමාර යනු ව්‍යාජය තම ජීවන දර්ශන්ය කොටගත්, ඉන් තමාම ද රැවටුණු, දැඩි ආත්මාර්ථ්කාමි, එතරම් දක්ෂ නොවන, අමණකම් ප්‍රදර්ශනය කරන සරසවි සිසුවෙකි. උසස් පෙල කරනා කල විද්‍යා පරීක්ෂණයක් සඳහා අන් අයට වඩා ලොකු සතෙකු ගෙන යාමේ පිපාසයෙන්, තම මව අපහසුතාවට පත් වන අයුරින් ගං ගෙයකින් කුකුළු නාම්බෙක් බසයේ දමාගෙන් යෑමේ සිද්ධිය, වසන්ත කුමාර යනු කවරාකර පුද්ගලයකු දැයි පෙන්වීමට කතුවරයා ගත් වෑයමකි. මට නම් හැඟුණේ එය සාරථක ව්‍යායාමයක් බවයි. වසන්ත කුමාරගේ චරිතය තුල අන් අය තම ලාභය උදෙසා "වැය කිරීමට" පසු බට නොවන, අන් අයගේ ජීවිතාපෙක්ෂා නොවැදගත් යැයි සිතනා නරුමයෙකු වෙසෙයි . මෙලොව බොහෝ ලෙස සාර්ථක වූ මිනිසුන් තුලද මේ නරුමයා වෙසෙත්. එහෙත් එක් වෙනසක් වෙයි. ඒ බොහෝ අය අන් අය පරදුවට තබා, අන් අය කැප කොට ළඟා කර ගන්නා යම් පදවියක්, මට්ටමක් ඇත. එනම් ඒ පදවිය ළඟා කර ගැනීමට ඔවුන් සමත් කම් දැක්වීමය. අප කථා නායකා ඊට වෙනස්ය. අන් අය "කැප කොට" ඔහු කිසිවක් දිනා ගැනීමට සමත් කමක්ද නොදක්වන අදක්ෂයෙකු වීමයි.පළමු කොටසේ සමස්තයක් වශයෙන් වසන්ත කුමාර නම්, සාමාන්‍ය කුසලතා ඇති, ව්‍යාජ, ආත්මාර්ථකාමි චරිතය දිග හැර පෙන්වීමට අප කතුවරයා සමත්ව ඇත.පොතේ මට වඩාත් ප්‍රිය දෙවෙනි කොටසයි .ඒ විශාඛාගේ පවුලේ හා වසන්ත කුමාරගේ පවුලේ මුත්තන් වන ගිරිං හා යහෝනිස්ගේ ජීවිත කාලය පිළිබඳවත්, එක්තරා යුගයෙක අප රට ධනවත් පංතියක් නිර්මාණය වූ අයුරුත් කියාපාන කොටසයි. තවද ඒ යුගයේ එම ගම්මානයේ විස්තර කියවෙන්නේ ඉතා අලංකාර ලෙසිනි. කොටින්ම කීවොත්, පොත හරහා කැළෑ ගඳ වහනය වන ලෙසට එහි විස්තර මට මිහිරිය. ගිරිං ප්‍රේම තරඟයෙන් පරාද වද්දි, ඔහුගේ ගජමිතුරු යහෝනිස් ගිරිංට සිදු වූ දේ ට හේතුව "කාසි නැති බව" පසක් කරගනී. ගිරිං කොළු කමට පන්දම් පහණක් පත්තු කරද්දි, යහෝනිස් වන ලැහැබකට වැද ආත්ම ගවේෂණයක යෙදී නින්දකට යයි. ඔහු අවදි වන්නේ සිවලකුගේ ඉව ඇල්ලීම් සමඟය. ඔහු අවදි වූ ගමන් බලන්නේ සිවලාගේ කුයිල ඔහු වෙතින් එන්නේ දැයි කියා ය. මෙතන ලේඛක තෙමේ යම් රූපකයක් යොදා ගන්නා සේය. කිමද මේ අවස්ථාවෙන් පසුවය, යහෝනිස් "හිවල්" මාන්සිකත්වයෙන් අන් අය පරදුවට තබා තම උන්නතිය ගැන පමණක් සිතා වෙහෙසෙන්නේ.පළමු, දෙවෙනි කොටස් හරහා අප රට මෑත ධනවත් පංතියක ආගමනය ගැන ඉඟි කල නවකථාව, තෙවෙනි කොටසේදි, දිශානතිය මාරු කරයි. ( දෙවෙනි කොටස, මට කඩුල්ල නාට්‍යයේ තිර රචනය මතක් කලේ ය ). තෙවෙනි කොටස නවකථාවේ ගලා යාම අඩාල කරයි. රසවත් බව හීන වෙයි.ඇත්තෙන්ම ලේඛකයාට ම තම නවකථාවේ අරමුණ අමතක වීදෝ යැයි මට විටෙක සිතිණි. වසන්ත කුමාර, නවකථාවේ එක්තරා සිද්ධියකින් පසුව තම ව්‍යාජ රඟපෑම් අතහැර වෙනස් වීමට යත්න දරයි. අහෝ! ඔහු ප්‍රමාද වැඩිය - ව්‍යාජ රඟපෑම් හේතුවෙන් ඔහුට උපරිම වන්දියක් ගෙවන්න සිදුවන සේ ය.පොත අවසන් කිරීමට පිටු 30ක් පමණ ඉතිරි වී තිබියදී ද, නවකථාව කිසිදු ආවේගයක්, ජවයක්, පාඨකයා ඇඳ-බැඳ තබා ගන්නා සුළු තත්ත්වයක්, නිර්මාණය කිරීමට අසමත් වුණි. අවසන අයාලේ වැණි වැණි ගොසින් නැවතුමකට එන්නේ, පාඨකයාට "ඉතින් ඔච්චර ද ?" යන ප්‍රශ්නය අසනා තැනක තබා ය. පිටු 372 පමණ දුරක් ගෙවා ආවේ ඕකට ද ආදි ප්‍රශ්ණ නිරාසායෙන් පාඨක මනසේ ඇතිවේ. මට නම් යම් බලාපොරොත්තු ඇති කොට, ඒවා කඩාකප්පල් කල, නවකථාවකි. උත්ප්‍රාසය විදහා දැක්වීම කෙතෙක් ලේඛක මනසේ ක්‍රියා කලේ දැයි මට වරෙක සිතුණි. විටෙක මිලාන් කුන්දෙරාගේ "The Joke" නවකථාව ද මට මතක් වුණි.මෙතෙක් ස්වර්ණ පුස්තක සම්මානය දිණූ කෘති අතරින් අනෙක්වාට සාපේක්ෂව දුර්වල කෘතියකැයි සිතිණි.
Kasun6 reviews1 followerFollowFollowDecember 19, 2017කීර්ති වැලිසරගේ විසින් ලියන ලද කාල සර්ප නම් ස්වර්ණ පුස්තකය කියවීමි. මා එය කියවූයේ ද එය ස්වර්ණ පුස්තකයක් ලෙස නම් කරන ලද නිසාය. නමුත් එය මාහට එතරම් රසයක් හෝ ඥානනයක් මතු නො කරන ලද බව කිව යුතුය.නමුත් ගිරිං හා වසන්ත කුමාර කුමාර ඔස්සේ රචකයා කියන්න උත්සහ කරන්නේ සමාජ යතාර්තය නොවේද? එනම් මිනි මරන සොරකම් කරන අය සදා යහමින් වැජබෙන බවත් අහිංසකයන් පීඩාවට පත්වන බවත් නොවේද?sinhala-novels
Sanduni34 reviews34 followersFollowFollowDecember 19, 2017ස්වර්ණ පුස්තකයක් නිසාම මීට වඩා යමක් අපේක්ෂා කලෙමි. කතාවට කොටස් තුනකි. පළමු කොටසින් වසන්ත කුමාර ත් විශාඛා ත් යන චරිත දෙක හා ඒ දෙදෙනා යා කරන චාරුණී ගැනය. දෙවන කොටස වසන්තගේත් විශාඛාගේත් මුතුන් මිත්තන් ගැන හා දෙදෙනාගේ වත්මන් ඉරණමට බලපාන අතීත සිදුවීම් ගැනය. කතාවේ රසවත්ම මෙම කොටස යයි සිතමි. දෙවන කොටසින් ලංකාවේ වැවිලි කර්මාන්තය ඇති වීම සමග අලුත් ධනවත් පරම්පරාවක් ඇති වීම ගැන සටහන් වේ. තෙවන කොටසින් 88 විප්ලවය, මර්දනය සහ වසන්තගේත් විශාඛාගේත් පවුල් වලට එහි බලපෑමේ වෙනස් කම ගැන කියවේ. නමුත් තෙවන කොටසෙහි රසය හීන බවක් හැඟුණි. වසන්ත කුමාර සිය ප්‍රෝඩාකාරී ජීවිතය වෙනස් කර ගැනීමට පෙළඹීම විශ්වාස කිරීමට අපහසුය. අවසානයේ හැඟීම "Is that it?" විය.
Ramindu Thivanka250 reviews6 followersFollowFollowJuly 23, 2017පරම්පරා දෙකක් අතර නිවෙස් දෙකක සම්බන්ධය. සමාජයේ අද දිනයේ දක්නට ලැබෙන යථාර්ථය එමගින් සංකේතවත් කිරීමට උත්සාහ කරයි
Amith Jayasekara7 reviews1 followerFollowFollowDecember 19, 2017why this won "swarna pusthaka" award in 2013 ? It should goes to "senkottan"
Buddi21 reviewsFollowFollowNovember 10, 2014For me this was good novel. not a great novel you want to read again and again. the plot of the novel and the story looks predictable , but writer was able to make it worth to read.
Dilly245 reviews18 followersFollowFollowDecember 27, 2017මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 3ක් ඇත. පළවෙනි කොටස කියවාගෙන යන විට පැමිණි ගැටලුව නම් එතරම් සෘණාත්මක විචාර ලැබීමට හේතුව කුමක්ද යන්නයි. වසන්ත කුමාර ගේ චරිතය ගොඩනැගීම එතරම් තාත්ත්වික ව සිදු කොට තිබූ බැවිනි. ඒ මගේ විශ්වවි��්‍යාල ජීවිතයේදී හමු වූ එක්තරා වසන්ත කුමාර කෙනෙකුගේත් මේ වසන්ත කුමාරගේත් චරිතය 80% ක් පමණ සර්වසම වූ බැවිනි.වඩාත්ම සිත් ඇදගත් කොටස වූයේ මෙහි දෙවනි කොටසයි. එහි යහෝනිස් හා ගිරිං ගේ චරිත දෙක ලක්වන වෙනස දක්වා ඇති ආකාරය අපූරුය. විශේෂයෙන්ම යහෝනිස් මුල සිටම කටයුතු කර ඇත්තේ ඉතා විශාල සැලසුමක් හිතේ තබාගෙන වීම අප මුල සිටම දැනගෙන සිටියත් එය යම් තරමකට හෝ පාඨකයා විස්මයට පත් කරවයි.අවසන් කොටසෙන් බලාපොරොත්තු කඩවීමකට මුහුණ දෙන්නේ වසන්ත කුමාර ගේ පරිවර්තනය අප අපේක්ෂා නොකරන බැවිනි. ඒ නිසා තුන්වන කොටස පළවෙනි කොටස් දෙක තරම් සිත් ගන්නා සුළු නැත.මෙම නවකතාව රචනා වී ඇති ශෛලියේ යම් කියවාගෙන යාමට අපහසු ගතියක් ඇත. එය කතුවරයාගේ "දැදුරු ගිරිකුළු" කෘතියේ ද දුටු බැවින් එය ඔහුගේ රචනා ශෛලිය යැයි කීමට හැක. ඊට අමතරව කතාවේ අවසන් කොටසේදි "අයියෝ මෙච්චර කියෙව්වෙ මේකටදැයි" සිතීම ද වැලැක්විය නොහැක. ඒ ඇරුණුකොට කියවීම රසවත් අත්දැකීමක් වූ කෘතියකි.