Nilakshi Bandara146 reviews16 followersFollowFollowOctober 13, 2017֍֍ කාන්තාරයේ කුසුම ֍֍එඩේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රි හිංසනයට එරෙහිව, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොලු, හිරිහැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහැණියකගේ අනුවේදනීය සත්‍ය කතාව, රැගත් වාරිස් ඩයිරිගේ Desert Flower කෘතියේ පරිවර්තනයයි.֍֍ කාන්තාරයේ දරුවෝ ֍֍ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් කාන්තාරයේ කුසුම සත්‍ය කතාවේ දෙවැනි කොටස වන මෙය ස්ත්‍රි චර්ම ඡේදනය සහ ලිංගික හිංසන ක්‍රියාවන්ට ගොදුරුවන අප්‍රිකානු කාන්තාවන්ගේ චිලාපය චිත්‍රණය කරන වාරිස් ඩයිරිගේ Desert Children කෘතියේ පරිවර්තනයයි
im_just_vidu317 reviews2 followersFollowFollowJune 4, 2021මාධ්‍යවේදිනියක වන සිය මිතුරිය කොරින්නා සමඟ එක්ව වාරිස් ඩයරි, ස්ත්‍රී චර්මඡේදනයට එරෙහිව ගෙන යන සටන පිළිබඳව මෙම ග්‍රන්ථය තුළින් අවධාරණය කෙරේ. "කාන්තාරයේ කුසුම" තරම් මෙය සිත් ගන්නා සුළු නොවීමට හේතුව මෙය සම්පූර්ණයෙන්ම ස්ත්‍රී චර්මඡේදනය කෙරෙහි අවධානය යොමුකර තිබීමය. නමුත් අප්‍රිකාවේ මෙන්ම සමස්ත ලෝකයේම කාන්තා සුභ සිද්ධිය උදෙසා දරන ලද මෙම ප්‍රයත්නය සැබැවින්ම අගය කළ යුතුමය.