Jump to ratings and reviews
Rate this book

කොටියා සහ තවත් කෙටිකතා

Rate this book

118 pages, Paperback

Published January 1, 2015

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
1 (100%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Dilly.
273 reviews15 followers
July 30, 2016
කතුවරයාගෙ වෙනත් කෙටිකතා හෝ නවකතා කිසිවක් මා කියවා නැති අතර ප්‍රථමයෙන් කියවූයේ මේ කෙටිකතා සංග්‍රහයයි.

මෙහි පෙරවදනේ මෙසේ සඳහන්.

"මගේ කෙටිකතා එකතුවෙහි ඇති 'වහලිය' කෙටිකතාව යතුරුලියනය කිරීමට පවා හිරිකිත දනවන තරමේ අසැබි කෙටිකතාවක් බැව් පරිගණක සැකසුමේ යෙදෙන පිරිස් කියා සිටියහ."

එහෙත් ඒ කෙටිකතාව සම්මානිත කෙටිකතාවකි. එහෙයින් මේ කෙටිකතා සංග්‍රහයෙහි ඇති කෙටිකතා තරමක වෙනස් මඟක ගමන් කරන්නක් බව ඔබට වැටහෙනු ඇත.

මේ කෙටිකතා සංග්‍රහය පුරා දිවෙන අමුතු හැඟීම් රාශියකි. වරෙක එක් කතාවක් නොනවත්වා කියවාගෙන යෑමට පොළඹවන සුළු අතර තවත් කතාවක් දුර කියවාගත නොහී අතරමඟ නතර කිරීමට සිතෙයි. වරෙක කියවීම නවත්වා ඉකි බිඳීමට සිතෙයි. වරෙක කණගාටුවක්, පිළිකුලක් දැනෙයි. වරෙක ඒ සිදුවීමට තිබූ හොඳම දේ යැයි සිතෙයි. සෑම කතාවක් අවසානයේම (සමහරවිට අවසානයටත් කලින්) යමක් උගුරේ හිරවූ ගතියක් දැනෙයි. අවට ඇති හැම දෙයක්ම කෙරෙහි අප කෝප ගන්වයි. අවසන හිතේ රික්තයක් ඉතිරි කරයි. ඒ ඉඩ කාලයක් යනතුරු කිසිවකට වෙන් කල නොහැකි යැයි සිතෙයි.

කිහිප වරක් පසෙකින් තබන ලදුව කතුවරයා විසින් කුමක් කියන්නට තනන්නේදැයි ඇතිවූ කුහුල නිසාම කියවා අවසන් කරන ලද්දකි.
Displaying 1 of 1 review