Prasad PolwatteAuthor 5 books14 followersFollowFollowMay 3, 2022ඈනා කෑරනිනා - ලියෝ ටොල්ස්ටෝයිඅනුවාදක - මුනිදාස සෙනරත් යාපාඈනා කෑරනිනා (1877) රුසියානු ලේඛක ලියෝ ටොල්ස්ටෝයිගේ හොඳම කෘතින් වලින් එකක් වන අතර එය විශ්ව සාහිත්ය කෘතින් අතරින්ද ප්‍රමුඛ ස්තානයක් ගත් නවකතාවකි.සිද්දි දාමයක් ගොනුකරගෙන නවකතා බහුතරයක කතාව ගොඩනෑඟි ඈති අතර ඈනා කෑරනීනාහී විශේශත්වය වන්නේ චරිතවල මනොභාවයන්ට අනුකුලවු ක්‍රියාවන් ඔස්සේ කතාව ගොඩනෑඟිමයි.ලෝක පුජිත ප්‍රන්ස ගත්කරුවකුවු ගුස්ටාව් ෆ්ලොබෙයාර්ගේ එමා බොවාරි (1856) නවකතාවද මනොවිද්යාත්මක පදනමක් මත ගොඩනෑඟුනු කතාවකි.ශ්‍රි ලන්කාවේ සම්මානනීය ගත්කතුවරයකුවන ජී බී සේනානායකගේ නවකතා චරිතවල සිත ක්‍රියාකරන ආකාරය සහ මනොභාවයන් මුලික කරගෙන සිදුවු ක්‍රියාවන් වලින් ගොඩනඟාඈත.ඈනා කෑරනිනා ඉතා රුමත්, සමාජශීලි, බලවත් රදල පවුලකට සම්බන්ද නිදහස් ජීවිතය්ක් ගතකරන කාන්තාවකි. ඈය තමාට වඩා වයස අවුරුදු 20 කටත් වෑඩි, රජයේ ඉහල තනතුරක්දරන, රදල සමාජයේ ඉහලින් පිලිගත් ඈලෙක්සි ඈලෙක්සෑන්රොවිච් සමඟ අතෘප්තිමත් විවාහයක බෑඳිසිටියාය.රොන්ස්කි නෑමති තරුන කඩවසම් හමුදා නිලධාරියා සමඟ ඈනාගේ ප්‍රේම සම්බන්දතාවක් ගොඩනෑඟුනු අතර එය ඈනා ඈසුරුකරන රදල සමාජයේ කාන්තාවන්ගේ ඔපදුප මතෘකාවක්වුයේය. මෙම සම්බන්දතාවය නවතන ලෙසට ඈලෙක්සි ඈනාහට අවවාද කලමුත් මුරන්ඩු සිතක් ඈති ඈනා තම ස්වාමියා සමඟ උරනවී ඔහුගේ නිවසේම ජීවත්වෙමින් තම ප්‍රේම සම්බන්දතාවය පවත්වාගෙන ගියාය.සම්බන්දතාවයේ තීරනාතමක අවස්තාව එලඹුනේ ඈනා දරුවකු පිලිසිඳ ගෑනීමෙනි. එවකට රුසියාවේ දික්කසාද නීතියේ ඈති අවහිරතාවන් සහ ඈනාගේ දරුවාගේ හිමිකාරිත්වයේ අහිමිවීම නිසා ඈනා මානසික පීඩනයකට ලක්වී වසබී දිවිනසාගෑනීමට උත්සාහගත්තාය.කෙසේ වෙතත් ඈනා සුවපත්වු අතර ඈය දික්කසාද නොවී රොන්ස්කි සමඟ වෙනම ජීවත්වුවාය. මොවුන් රදල සමාජයේ විවේචනයවු අතර නෑයින්ගෙන්ද ප්‍රතික්ශේපවුයේය. මෙම පීඩනයන් නිසා ඈනා නිතර කෝපවෙමින් රොන්ස්කි සමඟ රන්ඩුවට පෑටලුනාය. තම ජීවිතයගෑන කලකිරුනු ඈනා දුම්‍රියට පෑන දිවිනසාගත්තාය.මෙම කතාවේ සෑම ක්‍රියාවකටම මුලිකවු මනොභාවයන් විස්තකර ඈති බෑවින් ඔවුන්ගේ ක්‍රියාවන් යම් ප්‍රමානයකට සාධාරණීකරනයවේ. හොඳ චරිත නරක චරිත යනුවෙන් ප්‍රබේද නෑත.ඈලෙක්සි තරුනවිය ඉක්මවු, රාජකාරි බහුල පුද්ගලය්කුවීම නිසා ඔහුගෙන් තම පවුලට නිසි කාලය වෑය කිරීමක් හො බෑඳීමක් නොතිබීමනිසා සහ ඉතා තරුන වයසේදී අවබොදයකින් තොරව දෙමාපිය වුවමනාවට විවාහවු ඈනා හට කාලයක් ගතවීමෙදී තරුන සොල්දාදුවාවෙත සිත් බෑඳිමක් සිදුවීම ඈයගේ සොහොයුරා ඔබ්ලොන්ස්කි සාධාරනීකරනය කලේය.රොන්ස්කි කඩවසම් තරුනයකුවුවත් ඔහු අවස්තාවෙන් ප්‍රයොජනගෙන ඈනා අතරමන්කිරීමට උත්සාහ නොගත්තේය. ඈනා හට රොන්ස්කිගේ රෑකවරනය ලෑබුන නමුත් උසස් සමාජයේ සම්බන්දකම් රෑක ගෑනීම සඳහා ඔහු හට උත්සව, රාත්‍රි භොජන සන්ග්‍රහ වලට සහභාගීවීම කලයුතුවී තිබුනි. නමුත් සමාජයෙන් කොන්වීම නිසා ඈනා මෙම උත්සව ප්‍රතික්ශප කලාය.ඈනාගෙන් ආදරය පෑතුවේ රොන්ස්කිය පසුව ඈය ඔහුට අවනතවුවාය. සමාජයෙන් ප්‍රතික්ශෙපවීම් පෑමිනෙනවිට එහි වෑරදිකරුලෙස ඈනා දුටුවේ රොන්ස්කිය. ඈය සිතුවේ මෙම තත්වයට පත්වුයේ සහ වගකිවයුත්තේ රොන්ස්කි බවයා. එබෑවීන් ඈනා රොන්ස්කිව නොරිස්සුවාය.රදල සමාජයේ ප්‍රත්ක්ශේපවීමත් රොන්ස්කි සමඟ ඈතිවු මත ඝට්ටනත් නිසා ඈය ජීවිතයෙන් කලකිරුනාය.