Gihan Alwis11 reviews4 followersFollowFollowMarch 6, 2018උපුල් ශාන්ත සන්නස්ගල ගෙම්බා යනු මා පසුගිය කාලයේ කියවූ ඉතාමත් හොඳ ලිපි එකතුවක් ලෙස දැක්විය හැක. එහි දක්වා ඇති අදහස් ප්‍රකාශ කිරීම ඉතාමත් විවෘත ලෙස සිදුකර ඇති බව මට සිතේ.එය විවෘතව කියවන්නේේ නැතිනම් එය ඇතැම් අවස්ථාවලදී ගැටළු සහගත විය හැක.මන්ද ඇතැම් ආගමික මත විවේචනයය කිරීම්ට මෙම කතුවරයා ඇතැම්හ අවස්ථාවලදී කටයුතු කර ඇත.නමුත් මා සිත්න අන්දමට එම විවේචනයන් පදනමක් හා සහිතව කර ඇතිවිවේචනයන් බව සිතාගත හැක. එසේම ව්විධ සාහිත්‍යධරයන්ගේ ප්‍රකාශයක්ද ඔවුන්ගේ නිර්මාණයන් ද සිය විචාරය සඳහා යොදාගෙන ඇත.ඇතැම් සමාජයේ පොදු ප්‍රශ්න දිහා වෙනස්ම ආකාරයකට බැලීම්ට මෙම කතුවරයා විසින් පාඨකයා පොළඹ වන ආකාරය මෙම කෘතිය කියැවීමේදී මනාව පැහැදිලි වෙයි. ජාතිවාදය පිළිබඳව,වැඩවසම් පන්සල් චින්තනය පිළිබඳව මෙම කතුවරයා ඉතා හොඳින් විවේචන දක්වා ඇත.මා සිතන අන්දමට මෙය වෙනස් ආකාරයකින් සමාජ දැකීමට උත්සාහ කරන සියලුම දෙනා කියවිය යුතු පොත්කි.