Ramindu Thivanka252 reviews6 followersFollowFollowJuly 1, 2018වර්තමානයේ ලාංකීය නර්තන කලාවට අත් වූ ඉරණම කිවිඳාගේත් වන්නාගේත් චරිත හරහා ගෙන දක්වයි. නර්තන හැකියාවන් නොමැති නාගරීක මිනිසුන් ගම්බද පාරම්පරික නැටුම් වෙන්දේසි කරන අයුරුත්, අවසානයේ ඒ සෑම දෙයකින්ම හෙම්බත් වන නැට්ටුවා පුහු ආටෝප පසෙකලා සැනසීම සොයා යයි. වන්නා, සියලු බාධක හමුවේ සිය අරමුණ කරා යන දිරිය ගැහැණියකි. නමුත් සිය ජයග්‍රහණය ළඟා කර දුන්නේ කිවිඳා බව සිය ගමනේ අතරමග ඇයට අමතක වී යයි.