Jump to ratings and reviews
Rate this book

මාණික්කාවත

Rate this book
පසුගිය කාලයේදී ඉමහත් පාඨක විචාරක අවධානයකට ලක්ව සම්මාන රැසකින් පිදුම් ලැබූ “සෙංකොට්ටං” නව කතාව ලියූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ දෙවන නවකතාව “ මාණික්කාවත” නමින් දැන් නිකුත් වී තිබේ.
ඈත අතීතයේ, වර්ෂ එක්දහස් අටසිය ගණන්වල අග සපරගමුවේ මහා ගන වනමූකලන් එළිපෙහෙළි කොට සිය වාසස්ථාන සහ ගොවි බිම් සකසා ගත් පැරැන්නෝ මහ පොළව සමඟ ගෙවූ ඒ අවිහිංසක ජීවිත අවිනිශ්චිත බවින් පිරී පැවතුනි. සපරගමු කඳු පාමුල පිහිටි අටකළං කොරලයේ මහ පොළොව හා සටන් වැදි මිනිස්සු නිහඬවම ඒ පොළොවටම පස් වූ හ. පසු කළෙක ඒ පොළොවෙන්ම මතු වූ නෙක මිණිකැට හේතුවෙන් නූතන ජීවන චර්යාවන් විපර්යාසයන්ට ලක් වුවද බොහෝ විට ජීවත් වීම උදෙසා අත්‍යාවශ්‍ය වන්නේ මිල මුදලටත්, බලයටත්, ආදරයටත් එහා ගිය දේවල් සමුහයක් බවත්, නම් වශයෙන් නොකියැවෙන ඒ බොහෝ දේවල් සමාජ විපර්යාසයන්ගෙන් නොනැසී වාතලය හා මුසු වී කාලය හරහා ගමන් කරන බවත් “මණික්කාවත” තුළින් නිරූපණය කිරීමට උත්සාහ දරයි. මණික්කාවත සන්ථව ප්‍රකාශණයකි.

165 pages, Paperback

First published August 1, 2015

41 people are currently reading
447 people want to read

About the author

Mahinda Prasad Masimbula

6 books266 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
154 (60%)
4 stars
63 (24%)
3 stars
30 (11%)
2 stars
4 (1%)
1 star
5 (1%)
Displaying 1 - 15 of 15 reviews
Profile Image for Dilly.
241 reviews16 followers
August 5, 2016
මට බාගයක් කියවද්දි එපා වෙලා ආයෙ පැත්තකින් තියලා, ආපහු මේ ළඟදි තමයි කියෙව්වෙ. හදිස්සියෙන් ලියලා තියෙනවා කියන එක පිළිගන්නවා. චරිත ගොඩනැගීම සාර්ථක වුණාට මුල, මැද, අග සම්බන්ධය හරිම දුර්වලයි. සෙංකොට්ටං ඇත්තටම ඔයිට වඩා ගොඩක් ඉහළින් තියෙනවා. ඒත් කතුවරයාගේ මීළඟ පොත කුල ක්‍රමය ගැන නැතුව වෙනත් මාතෘකාවක් ගැන ලිව්වානම් හොඳයි..

මං පෞද්ගලිකව කතුවරයාගෙ කවිපොත් වලට කැමතියි කතා වලට වඩා. කවි වලින් කියන දේ ගොඩක් හිතට වදින විදියට කියන්න පුළුවන් ඔහුට. මාණික්කාවත ආකෘතියට සමානයි කියලා හිතුණා "කාල නදී ගලා බසී.." නෝර්බට් අයගමගේ මහත්මයගෙ පොත. ඒ පොත මීට වඩා රසවත් කියලයි හිතුණෙ.
Profile Image for Ramindu Thivanka.
243 reviews5 followers
September 1, 2019
මහින්ද ප්‍රසාද් ගේ තවත් විශිෂ්ඨ නව කතාවකි. පරම්පරා තුනක විකාශනය. කෙටිහාමි නම් තරුණයා, පිච්චි නම් තරුණිය සමග නවතම ලොවක් තනා ගැනීමට වන මහන්සිය, තමන්ටමයි කියා කිසිදු දෙයක් නොමැති ඔවුන් දෙදෙනා වෙහෙස වී ආරම්භ කරන ජීවිතය ඉතා කටුක, දුෂ්කර එකක් වුවද ඔවුන් පරිසරයට, සතුන්ට, එකිනෙකා ට මහත් සේ ආදරය කලහ. කලින් කලට කෙතරම් බාධක පැමිණියද, සදා නොවෙනස්ව ඔවුන් සතු වූ එකම දෙය නම් ආදරයයි. මිතුරාට, සතුරාට, ගහකොලට, සතා සිවුපාවුන් ට, ඔවුන් අසීමිතව ආදරය කලහ. ඔවුන්ගේ උවමනාවන් සීමිතය.

නමුත් සිය දරුවන්, මුණුබුරන් ඒ ලෝකයෙන් ඈත් වී, කෙටිහාමි සෑදූ, ආදරය කල ඒ ලෝකය විනාස කරන්නේ සිතක්, පපුවක් නැති නොමිනිසුන් ලෙසය.
නමුත් තිලකරත්න, කෙටිහාමිගේ ඔඩොක්කුවේ නැලවුණු ඒ සිඟිත්තා කෙටිහාමිගේ ඒ සොඳුරු ලෝකය, ඒ ආදරය එලෙසම සිතේ දරාගෙන ජීවිත් වන අතර, සෙනෙහෙලතා සමග නවතම ලොවක් තනා ගැනීමට බලාපොරොත්තු සහිතව කෙටිහාමි හා පිච්චි වසර ගණනාවකට පෙර පැමිණි අයුරින් ම නික්ම යන්නේ අනාගත පරපුරට යහ බලාපොරොත්තු ඉතිරි කරමින් ය.
Profile Image for Udara Madushanka.
38 reviews
November 10, 2020
ආදි කාලීන ලක් පුරවැසියාගේ ජීවන සටන සහ මිනිසා, පරිසරය සහ මිනිස් අවශ්‍යතා අතර පැවතියා වූ දයාව පෙරදැරි කරගත් සම්බන්ධතාවය මැනවින් විග්‍රහ කරන ග්‍රන්ථයක්. බලවතාගේ හස්තයට යටවූ සාමාන්‍ය වැසියා ජීවිතය ගැටගසා ගැනීම සඳහා කල සටන සහ ඔවුන් පරිසරය කෙරෙහි දැක්වූ ලෙන්ගතු ආකල්ප ඉතාමත් අලංකාරව විස්තර කෙරෙනවා. වැවිලි කර්මාන්තය හා බෙදාහදා ගැනීම නැමති සංකල්ප වල සිට පතල් කර්මාන්තය සහ මුදල් පසුපස හඹායාම දක්වා මිනිසාගේ වෙනස්වීම මනාව ගෙනහැර දක්වන ග්‍රන්ථයක් 
Profile Image for Shamila.
95 reviews48 followers
November 6, 2016
A heartwarming tale of courage, determination and humane values that are being lost from the society with each day that passes. Also affiliated with the author's award-winning bestseller සෙංකොට්ටං which I absolutely loved, and in comparison, it feels like this could have been better. A great literary work, nonetheless.
Profile Image for Prabhani.
244 reviews11 followers
July 25, 2020
Beautiful Read. I love this book more than Senkottan. The writer has a unique style, a beautifully written masterpiece.
Profile Image for Shanika Upamali.
38 reviews35 followers
October 2, 2022
The author had me at the dedication.

The story begins from a couple who lived in Sri Lanka in the late 1800s. They built everything from scratch with the help of the nature and lived with the nature itself, being empathetic to all human beings around them.

People begin to gather around them for survival, and the couple, Ketihami and Pichchi continued to give what little they had earned.


With the passage of time, the higher ranking officers elected by the English Government appeared from time to time and abused the powers vested in them, ruthlessly acquiring what little the people had earned for themselves. The people, not knowing or being unable to stand up for themselves are left helpless. But time and time again, they learn to just go with the flow in order to survive.

The story goes on between happy and devastating events, much as life does.

The characters are beautifully narrated and the language used couldn't have done more justice to the plot.

A beautiful, yet heartbreaking story. ♥️
This entire review has been hidden because of spoilers.
Profile Image for Vishmi.
195 reviews1 follower
August 23, 2022
Very few books have made me feel the way I did when I read Manikkawatha.
This is a beautiful story, a story so close to my heart, my childhood, and the people I grew up with. There are only a handful of writers in Sri Lanka who can convey ideas as beautifully as Masimbula does. He's just beyond amazing, and I love everything he has written so far.

This is right up there with Senkottan for me.
Profile Image for Lihini.
1 review1 follower
June 1, 2020
The story is based on the earliest Sri Lankan society which depended on cultivation and it shows social transformation from generation to generation,Specially during the time of the British occupation. This story shows us dedication and commitment of a person (KETI HAMI) and emotional and physical battles faced in his life.
Profile Image for Amila Hewagama.
2 reviews
January 1, 2024
"Manikkawatha" is a captivating literary journey that skillfully spans several generations, offering readers a well-explained and immersive cultural exploration. What sets this book apart is its ability to seamlessly blend the richness of cultural nuances with the adrenaline-pumping experience of a thrilling action movie.
June 27, 2022
වසර සියයක කාල පරාසයක් තුළ මෙරට සිදු වූ සාමාජික, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික වෙනස්වීම් විවරණය කෙරෙන ප්‍රබන්ධ කෘතියක් රචනා කිරීමට යොමු වීම ම කතුවරයා විසින් භාරගෙන ඇති අභියෝගයකි. එකී අභියෝගයට සාධාරණය ඉටු කරමින් තමන්ට ම ආවේණික වූ අපූරු භාෂා ශෛලිය ඔස්සේ පාඨකයා කෘතිය වෙත ඇද බැඳ තබා ගැනීමට මස්ඉඹුල මහතා නැවතත් සමත් වෙයි. ඉහත කී තේමාවන්ට අමතරව මිනිස් සන්තානයේ සැඟවුණු තැන් ස්පර්ශ කරමින් පාඨක හද අමතා හැඟීම් ඔස්සේ සංවේදී අවස්ථාවන් මතු කිරීම කතුවරයා සතු දස්කමකි. එමෙන් ම අතීතයේ මෙරට විසූ ජනයාගේ බස්වහර, හැසිරීම්, චර්යා රටාවන් මෙන් ම, පාරම්පරික දැනුම විග්‍රහ කිරීමෙහිලා හැඟී යන කරුණක් වන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා කාල තරණය කළ පුද්ගලයෙකු බවයි!
Profile Image for Zaid Rishard.
54 reviews4 followers
August 21, 2023
This book dives into life's twists with crazy-good storytelling. From ups to downs, it's a rollercoaster you won't wanna get off. Solid five-star material if you're up for a wild ride!
825 reviews
March 9, 2017
This book's story is a prequel to සෙංකොට්ටං . And also very addictive as සෙංකොට්ටං .The story tells a struggle of early settlers in today's province called "Sabaragamuwa" in Sri Lanka.

Despite the facts of poverty,lack of resources this story depicts the conflict,imbalance of power and what that power can do to rule over the working class of the society. But the common mans' (main character KETIHAAMI) own intuitions were neglected by the power and his next generation.

As far as the story finishes.... our hearts are heavy-weighted about the incidents happened allover and yet we forget we are also a part of this type of conflict.....

Its a great read :) !!!
14 reviews
December 11, 2017
Simply the BEST Sinhalese book I have read so far. The writer has amazingly woven the story to reflect the man in early 19s in Sri Lanka, his life style and utmost kindness extended towards the fellow human beings and nature as a result of his simple life style which was influenced by Buddhism.
Bravo!

අතීත මිනිසා තුල වු සරල දිවි පෙවත නොදියුනු හා ප්‍රාථමික ලෙස දකින ,ඔවුන් සතුවු ස්වභාවධර්මයා සහ සෙසු මිනිස්වර්ගයා වෙත තිබූ අසීමිත දයාව තඹයකටවත් මායිම් නොකරන, තමන්ගේ හෙට දවස පමණක් සුඛිථ මුදිත කරගැනීමට වෙහෙසෙන අන්තිම ආත්මාර්ථකාමී සමාජයක සිට කියවූ 'මාණික්කාවත' වූ කලී තමන්ම තනා ගත් සංකීර්ණ ප්‍රශ්ණ වල හිර වී දුක් විදින වත්මන් සමාජයේ ඇස් පෑදීමට ගත් අපූර්වතම වෑයමකි...
Displaying 1 - 15 of 15 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.