Nilu621 reviews51 followersFollowFollowDecember 13, 2025නවවන සියවසේ අනුරාධපුර රාජධානියේ රජ කළ දෙවන සේන රජුගේ ධූර කාලයට අයත් ඓතිහාසික නවකතාවකි.මෙතෙක් මා කියවන ලද අනෙකුත් ඓතිහාසික නවකතාවලින් මෙය වෙනස් වනුයේ, මෙය රජකතාවක් හෝ දේශපාලනික කතාවක් නොවී එකල සමාජයෙහි සාමාන්‍ය පුද්ගලයින් තිදෙනෙකු අතර ඇතිවූ තුන් කොන් ප්‍රේම සබඳතාවයක ශෝකී මිහිරක් කැටි වූ නිර්මාණයක් බැවිනි. එම තුන් කොන් ප්‍රේම වෘතන්තය ඉතාමත් ලගන්නා සුලු අයුරින් රචනා කර තිබීම අවධාරණය කරනු කැමැත්තෙමි.කථාවේ ප්‍රධාන චරිත වනුයේ , තිබ්බත රටින් අනුරාධපුරයට ඉගෙනීම සඳහා පැමිණි තරුණ භික්ෂූන් වහන්සේ නමක්, පන්සල ඇසුරෙහි ලිවීමට කියවීමට ඉගෙනගන්නා අතරම කරත්ත රැකියාව කරන තරුණයෙක් , පන්සල් භූමියේ වැඩ සිටින භික්ෂූන් ඇතුලු අනෙකුත් ජනී ජනයාට ආහාර සපයන මුලුතැන්ගෙයෙහි රක්ෂාව කරන කනවැන්දුම් තරුණියක් යන අය වෙති.අසංක රුවන් සාගර කතුතුමා කතාව සඳහා භාවිතා කර ඇති භාෂාව අලංකාරය, සිනමා සිත්තමක් ලෙස චිත්ත රූප මැවෙන සුලුය, කලාත්මක ලෙස ශෘංගාරය දනවන සුලුය.කෙටියෙන් කිවහොත් මාගේ පොත් මිතුරු සියලු දෙනාටම එම ලිවීමේ බුහුටිකම දැනගැනීම පිණිස පොත කියවන්න යයි බල කරන සුලුය.කෙහෙලි ප්‍රකාශණයක් වන මෙම නිර්මාණය 2025 වසරේදී දොරට වැඩි හොඳ පොතක් ලෙස නොපැකිලව සඳහන් කරමි.කතුතුමාගේ අනාගත නිර්මාණ වලට ඉත සිතින් සුබ පතමි.