Prasad PolwatteAuthor 5 books14 followersFollowFollowMay 8, 2022බල්ලෝ බත් කති - සුගතපාල ද සිල්වා - 1997අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලැබීමට දශක කිහිපයකට පෙර සහ එයට පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන සහ සාමාජිය ප්‍රවනතා අලලා රචිත ආකර්ශනිය සාහිත්‍ය ප්‍රභන්දයකි. මෙම නවකතාව සුගතපාල ද සිල්වා විසින් කාල වකවානු සඳහනක් නැතිව එවකට පවතී දේශපාලන පක්ෂ සහ දේශපාලන චරිත සඳහනක් නැතිව ප්‍රභන්ධයක් ලෙසට නිර්මාණය කර ඇත. මෙය අප රටේ දේශපාලනය ගැන අවබෝධයක් ඇති පාඨකයාට රටේ පවතී දේශපාලන සන්ධිස්ථාන සහ මෙම නිර්මාණයේ සිදුවීම් අතර සමපාතවිම අවභෝධ කරගෙන රසවිඳිය හැක.නිදහස ලැබීමට පෙර අප රටේ දේශපාලන බල අරගලය පැවතුනේ ධනපති පක්ෂයක් (UNP) සහ වාමාංශික පක්ෂයක් (සමසමාජ/ කොමිනියුස්ට්) අතරය. මුලදී ධනපති පක්ෂයේ ආධිපත්‍ය රඳා පැවතුනේ උඩරට රදල පරපුර අතර වුවද පසුව එය ක්‍රමයෙන් වියාපාරික ප්‍රජාවේ බලපෑමට නතුවුයේය. මුලදී සමස්ත නිර්ධන පන්තිය වාමාංශික නායකන් අතරේ ඒකාරාශි වූ නමුත් ක්‍රමයෙන් වතු කම්කරුවන් සහ දිළිඳු ද්‍රවිඩ ප්‍රජාව ද්‍රවිඩ කම්කරු නායකයන් වටා ඒකාරාශී විය.ධනපති පක්ෂයේ නායකත්වය පවුලකට සීමාවීම නිසා එහි ජනප්‍රිය දෙවන පෙළ නායකයෙක් සිහල ජාතිය මුලික කරගෙන නව දේශපාලන පක්ෂයක් බිහිකරන ලදී. මෙම පක්ෂයට ම්ද්යම පන්තික සිංහල ප්‍රජාව ආකර්ෂණය විය. මෙම සිදුවීම බණ්ඩාරනායකගේ දේශපාලන මැදිහත්වීම නිරුපනය කරයි.මෙම ප්‍රබන්දයට අනුව ඉතිහාසය පුරා දේශපාලකයන් සිදුකර ඇත්තේ සමාජ පන්තිය, ජාතිය, කුලය මුලික කරගෙන චන්ද පදනම බෙදා ගැනීම සහ රටේ සම්පත් සුරා කෑමයි. ඔවුන්ගෙන් සිදුවුණ ස්ථිරසාර සංවර්ධනයක් නොවිය.මෙම සාහිත්‍ය ප්‍රබන්ධය 75 වසරක ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය දේශපාලන සංසිද්ධීන් හා සමපාතවේ.
Ramindu Thivanka257 reviews6 followersFollowFollowSeptember 15, 2024ධනවාදය, වාමාංශික දේශපාලනය සහ ආදරය. චරිත එකකට එකක් සම්බන්ධ කරමින්, එක දිගට ගලා යන ලෙස රචනා කරන ලද තවත් විශිෂ්ට නව කතාවක්.පක්ෂ දේශපාලනය, පුද්ගල දේශපාලනය සමට ගැටෙන වාමාංශික ව්‍යාපාරය. බලලෝභී දේශපාලනය ඕනෑම වෙසක් ගෙන සමාජය පීඩා කිරීමට එලඹෙන්නේ තමාගේ අනාගත පැවැත්ම උදෙසාය. එයට උඩ ගෙඩි දෙන්නේ ධනවාදය යි. දාමයක් වැනි, ධනවාදයය, සිල්ලර බඩු කඩයේ සිට මහා කම්හල් දක්වා එකක් පොදුය. සූරාකෑම, පීඩාව. එකම බලාපොරොත්තුව, දුර නොදකින, චින්තන යක් නැති, පඹයන් වැනි මිනිසුන් පාලනය යි.මේ සෑම දෙයකම අවසානයේ ඇත්තේ පන්ති අරගලය යි. පීඩිතයා සහ පීඩකයා. පීඩිතයා නැගිටින දිනට පීඩකයා ගේ සාදය හමාර කල හැක