Prasad PolwatteAuthor 5 books14 followersFollowFollowNovember 27, 2022Seeing Ceylon - R L Brohier (1967)පරිවර්තනය - බ්‍රෝහියර් දුටු ලංකාව - අභය හේවාවසම් (1997)ආචාර්ය R L බ්‍රෝහියර් 1892 ලංකාවේ උපත ලබා 1980 මියගියේය. ලංකාවේ ජීවත්වූ ප්‍රංශ සම්භවයක් ඇති පවුලකින් පැවතුන, වෘතියෙන් මිනින්දෝරුවකු වූ බ්‍රෝහියර් ඉතිහාසය සහ භූගෝලය පිළිඹඳව ප්‍රාමාණික විද්වතෙකි. 1910 මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තවූ ඔහු 1933 දී එහි ප්‍රධානියා විය. මිනින්දෝරුවකු ලෙස ඔහු තියෝදල්යිට්ටුව සහ මිනුම් පටිය රැගෙන ලංකාවේ සියලු අස්සක් මුල්ලකම වසර 40 තිස්සේ කෙරුණ චාරිකා වල අත්දැකීම් මෙම පොතෙහි විස්තර කර ඇත.විසල් ගසින් සැදී හිරු එලිය බිම නොපතිත වන වනාන්තරවල, හිරු රසින් දැවී පිලිස්සිගිය හේන් යාය වලද, ඇට මිදුළු විනිවිද යන සීතලෙන් යුත් කඳුකරයේත් කරන ලද නිල චාරිකා වල අත්දැකීම් මේ පොතෙහි විස්තර වී ඇත. මෙහි අඩංගු බොහෝ කතා ප්‍රකාශ කර ඇත්තේ ගම්වල සිටි නුගත්, අහිංසක ගැමියන්ය.මෙම පොත කියවීමේදී කතුවරයා ලංකාව පිළිඹඳව ඇති භක්තිය, ගෞරවය, ඉතිහාසයට සහ සංස්කෘතියට ඇති ගෞරවය පිළිඹිඹු වේ.මාර්ටින් වික්‍රමසිංහ ගේ කළුනික සෙවීම (1951) වැනි පොතකට අමතරව ලංකාවේ පරිසරය සහ ඉතිහාසය ගැන ගවේශනාත්මක කෘතීන් සිංහල ලේකඛයන් අතින් බිහිවීම ඉතා දුර්ලභය.